“අපට දෙදහස් පන්සිය වසරක පෞඪ ඉතිහාසයක් තිබුනා. අපේ මුතුන් මිත්තන් කළ කී දෑ  අපේ අභිමානයයි. පුරන්අප්පුලා ගොන්ගාලේගොඩ බණ්ඩලා‍ ජීවිතය පුදලා සුද්දගෙන් මේ රට රැක ගත්තේ .ඒ විතරක් නෙමෙයි අපේ වාරි තාක්ෂණයට ගහන්න පුළුවන් දැනුමක් ලෝකේ කොහේද තියෙන්නේ. අපේ ජාතිය බේරගන්න අපි ජීවිතේ උනත් පුදන්න සූදානම්. හම්බයෝ අපේ රට අල්ලනවා, සුද්දෝ අපේ සිංහල බෞද්ධයන්ව ක්‍රිස්තියනි ආගමට හරව ගන්නවා.  නිවටයෝ වගේ ඉන්නැතිව වරෙව් අපිත් එක්ක. අපි මරාගෙන මැරෙමු.”   මේ වැනි ජාත්‍යානුරාගය වඩන වදන් වලින් ෆේස්බුක් ෆොප්‍රයිල්   අලංකාරවෙමින්, තමන් සිංහල ජාතිකවාදීන් බව ඕව්න්ම කියාගනිමින් ජාතිය ගොඩනගනු වස් සටන්කිරීමට සිංහලයන්ට ආරධනා කරති.  එය ඉතා හොදය. සිංහල ජාතිය ගැන සිංහලයන් කතා නොකොට කවුරු කතා කරන්නද? ජාතික වසයෙන් සමස්ථ සමාජයම අර්බුදයකට ලක්ව ඇති යුගයක ඒ පිළිබද සංවාදයකට පැමිනෙන්නේනම් එයම බොහෝ වැදගත්ය. 

ෆේස්බුකියේත් සමස්තයක් ලෙස දේශප්‍රේමීන් යැයි හදුන්වාගන්නවුන්ටත් අධිරාජ්‍යවාදීන්, නවයටත්විජිතවාදීන්, ඊනියා ක්‍රිස්තියානි NGOකාරයින්ට අමතරව අළුත් අභියෝගයක් ලැබී ඇත. ඒ හම්බයෝය. තම තමන්ගේ පුද්ගලික අරමුණු මුදුන්පත් කරගැනීම උදේසා භාවිත කළ හැකි පහසුම උපක්‍රමය ජාතිය හා ආගම වෙන්දේසියේ දැමීම බව මෑත කාලීන සිංහල සමාජය සාක්ෂි දරණ බව අමුතුවෙන් කීමට අවශ්‍යනැත. (විමල් සහෝදරයා ලෝක බැංකුවේ නව යටත්විජිතවාදී ග්‍රහණයෙන් ජාතිය ගලවාගැනීම උදෙසා ජනතාව අවදිකරන්නට වේදිකාවල බල්ටි ගහන විට චම්පික අයියා  ඊනියා ක්‍රිස්තියානි කාරයන්ගෙන් ආගම රැකගැනීම උදෙසා ධර්ම රාජ්‍යක් පිහිටුවන්නට පාරමිතා පිරූ හැටි අපගේ මතකයෙන් ඈත් වෙමින් ඇතත්  උදාහරණයක් ලෙසවත් මතකයට ගැනීම වැදගත්ය. අද මේ දෙදෙනාම ආණ්ඩුවේ ප්‍රභලතම අමාත්‍යවරුන් දෙපලකි.)
 
ෆේස්බුක් සිංහලයන්ට අනුව ජාතියක් වසයෙන් සිංහලයාට ඇති එකම අර්බුදය ජනගහණය ප්‍රතිශතයක් ලෙස අඩුවීමයි. මෙයට හේතුව ලෙස ඔව්න් දකින්නේ සිංහල පවුල් දරුවන් හැදීම සීමා කිරීම නිසා බවයි. දරුවන් අඩුවෙන් හදන්නේ ඇයි යන්න විමසූවිට ඔව්න්ගේ පිළිතුර ඉතාමත් නිර්මාණශීලිය.  

“කිසිම ජාතික හැගිමක් නැති නිසා අපේ උන් වැඩිපුර ළමයි හදන්නේ නෑ”  
 “උන් ළමයෙක් දෙන්නෙක් හදල ආතල් එකේ ඉන්නවා”  
“අපේ ආච්චිල සීයල එහෙමද එක පවුලේ ළමයි 10යි 12යි.”
“එදා කරානම් අද බැරි ඇයි”
“නිවටයෝ වගේ ඉන්නැතුව ළමයි හදපන්, නැත්නම් තම්බි අපේ රට අල්ලනවා”

මේ කතා වල පිළගත නොහැකි දෙයක් නැත. නමුත් ඔව්න් පිළි නොගන්නා දෙයක් ඇත.  ළමයි හදන්න සල්ලි කෝ ඇසූවිට ඔව්න්ගේ ප්‍රශ්නය ළමයි හදන්න සල්ලි ඕනද ? යන්නය. එයත් සැබෑවකි.  ළමයි හදන්න සල්ලි මොකටද? ....  ළමයෙක්  ජීවත් කරවන්න කොයිතරම් මුදලක්  ඕනද කියල ඔවුන්ට වැදගත් නෑ? ළමයි තුන්හතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙක වියදම මොන වගේ වෙන්න ඇත්ද? ඊට සාපේක්ෂව ඔව්න්ගේ ආදායම් තත්වය ගැන තක්සේරුවක් කරන්න ඔව්න්ට අවශ්‍යනෑ. බහුතර සිංහල ජනතාව ජීවත් වෙන්නට දරන වෑයම ඔව්න්ට වැදගත් නැත. ඔව්න්ට අනුව එවැනි අර්බුද සිංහල සමාජය අපකීර්තියට පත් කරන්නට ජාතිය විනාශකරන්නට පහල වූවන් හිතා මතා මවන ඒවාය. 

Z අවුල නිසා අනාත වන්නේ සිංහල දරුවන් බව හෝ එය සිංහල ජාතියේ අනාගතයට බලපෑමක් සිදුවන බවක් ඔව්න්ට නොදැනේ. සරසවි වසා දැමීමෙන් නාස්ති වන්නේ සිංහල තරුණ තරුණියන්ගේ ජීවීත බවට ඔව්න්ට තැකීමක් නැත. ප්‍රාදේශීය දේශපාලකයන් සිදුකරන දූශණ ළමා අපචාර නිසාවෙන් විනාශවන්නේ සිංහලයාගේ උදාර සදාචාරය බවට පිළිගන්නට අකමැති ඇයි. වංචාව දූශණය සොරකම අගයන සිංහල ආණ්ඩුවක් තුළින් සිංහල සංස්කෟතිය පරිහානියට දරණ දායකත්වය ඔව්න්ට නොදැනේද? මේ සියල්ල නොදැනෙන්න තරම් මොවුන් මොඩයන් යැයි සිතිය නොහැක.

සිංහල ජාතිය ගොඩගැනීම උදෙසා  කල යුත්තේ තම්බින්ට බැන බැන සිටීම නොව, සිංහල මිනිසාට නිදහසේ නිවහල්ව ජීවත් වීමට අවශ්‍ය සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික පසුබිමක් ලබාදීමයී. ඒ සදහා සටන් කිරීමයි. තම්බි එක්ක මරාගෙන මැරෙනවා කිව්වට, අතීත ශ්‍රී විභූතිය ගැන මහා උජාරුවෙන් කතා කළාට සිංහල ජාතියට මේ සිටින වලෙන් අඩියක්වත් උඩට එන්නට නොහැකි බව ඔවුන් තේරුම්ගතහොත් වැදගත්ය.

සත්‍ය ලෙසම සිංහල ජාතියේ පරිහානියට වගකිව යුත්තේ සුද්දොද, දෙමළුද, හම්බයෝද, නැතිනම් සිංහලයන්මද යන්න අපි නැවත විමසා බැලිය යුතුය.


ගෞරවනීය මහා සංඝරත්නය හා පක්ෂ දේශපාලනය
සියලු සත්වයෝ
සිහිමද වෙත්වා!    ජන්දය දෙත්වා!     මනාප දෙත්වා!  ෴  ( මුරගල 2 කලාපය :පි.2; සංස්කරණය: ගුණදාස අමර සේකර).
මේ නිර්මාණශීලී වැකිය, භික්ෂූන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත් වූ 2004 වසරේදී දේශප්‍රේමී, දේශහිතෛශී, රාජපාක්ෂික ආචාර්ය වරයෙකු වූ ගුණදාස අමරසේකර මහතාගේ සංස්කරණයෙන් නිකුත් වූ මුරගල සගරාවේ පළවූවකි.  මීට වඩා ඉතා රසවත් නිර්මාණ 2004 මහ මැතිවරණ සමයේ මැතිවරණ වේදිකාවල එමට දක්නට ලැබුනත් කාළයත් සමග ඒවා අමතක වෙමින් පවතී. වරෙක රාජපක්ෂ උන්නැහේලාගේ පක්ෂයේ මන්ත්‍රී වරයෙක් අලංකාර උපමාවක් ගෙන හැර පෑවේ මෙසේය.

 දවසක් ලොකු හාමුදුරු නමකුයි පොඩි නමකුයි ගමනක් වැඩියලු. පොඩි එකෙක් ඉදගෙන මෙහෙම කියනවලු; අන්න අන්න හක්ගෙඩියකුයි සිප්පි කට්ටකුයි වඩිනවා.
හෙළ උරුමයේ නායක හාමුදුරුවරු හක්ගෙඩි වලටත් පොඩි හාමුදුරුවරුන් සිප්පිකටු වලටත්  උපමාකරමින් ඇමතිවරයා මහා සංඝරත්නය ඇමතිය යුතු ආකාරය පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීමට සමත් විය.  මෑතක් වන තුරුම ඉද හිට වයසක හිමිවරු දකින විට අන්න හක්ගෙඩියක් වඩිනවා, පොඩි හාමුදුරුවරු දකින විට සිප්පිකට්ටක් වඩිනවා යැයි කොල්ලෝ කුරුට්ටෝ,  පවසන්නේ මහත් උජාරුවෙන් විය. 




අමිහිරි වුනත් මෙවැනි කථා බහ ඕනෑ තරම් ඒ දිනවල අපට අහන්නට දකින්නට ලැබිණ. ඒ එකක්වත් ඊනියා ක්‍රිස්තියානිකාරයන්ගේ හෝ අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණ නොවිණ. සියල්ලම පිං බේරෙන අපේ දේශප්‍රේමී බෞද්ධයන් විසින්ම සිදුකරන ලද්දේ විය. ඒ තමන්ගේ බඩගොස්තරවාදී දේශපාලන පැවැත්ම උදෙසා ආගම ජාතිය වෛශ්‍යාවකට නොදෙවෙනි අයුරින් භාවිතා කරන්නන් විසිනි. 
මහා සංඝරත්නය පක්ෂ දේශපාලනයට පැමිණිමත් සමග  2004 මැතිවරණ සමයේ බුදුදහමට සිදුවූ අපහාසයේ තරම් හානියක් සුද්දො ලංකාව පාලනය කළ කාළයේදීවත් සිදු වී නැත. එහිම ප්‍රතිඵලයක් ලෙස ලංකා බෞද්ධ ඉතිහාසය තුළ නැවත ගොඩනැගිය නොහැකි අන්දමින් බුදුදහම පරිහානිකරණයකට පත්වෙමින් පවතී. මන්ද අතීතයේ බුදු දහම පරිහානියට පත්කෙරුනේ සතුරන් අතිනි. එනිසා සතුරු උවදුරු දුරුවු විගස මිනිසුන් විසින් බුදු දහම ප්‍රතිශ්ඨාපනය කරගැනීම සිදුවිය. අද සිදුවන්නේ සාසනය තුළ සිටින භික්ෂූන් වහන්සේලා විසින්ම සාසනය පරිහානියට ඇද දැමීමයි. 
පක්ෂ දේශපාලනයේ ආරම්ක 1940දශකයේ පටන් 2012 දක්වා අතර කාළයේ විවිධ අවස්ථාවළදී භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනය වෙත යොමු වී ඇත. ඉන් 1956දී බණ්ඩාරනායක මහාතාට බලය ලබාදීම සදහා භික්ෂූන් වහන්සේලා යොමු වීම අවසාන වූයේ මැකිය නොහැකි කැළලක් ලංකා ඉතිහාසයට එක් කරමිනි. එයින් ඇරඹුනු භික්ෂු දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතා ඵලදායිව භාවිතයට ගන්නා ලදී. එහි අවසාන අවස්ථාව වූයේ සොම හිමිගේ මළකද වෙන්දේසි දැමීමෙන් ජනනයවූ හෙළ උරුමයේ භික්ෂු දේශපාලනයයි. මෙයට පෙර ‍පක්ෂ දේශපාලනයට පිවිසි භික්ෂුන් යම් රාමුවක් තුළ කටයුතු කළද මොවුන්ට එසේ නොවින. මොවුන් තමන්ගේ පාරලීමේන්තු ආසනය සුරක්ෂිත කරගනු  පිණිස බුදුන් වහන්සේ පවා විකුණන තරමට ම්ලේඡ්ඡ වී ඇත්තේ ඇයි ද යන්න බෞද්ධ උපාසක උපාසිකාවන්ට ගැටළුවක් නොවුනත් එය බුදු දහමේ පැවැත්මට අභියෝගයකි. මන්ද මහා සංඝරත්නය බුදු දහම ආරක්ෂාකිරීමේ වගකීම අමතක කරදමා තමන්ගේ දේශපාලන පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරීම නිසා බුදු දහම බණ පොත් වලට පමණක් සීමා වීමත් ඒ හරහා ශාසනික පරිහානියක් ඇතීවීමය.
එය දැනුවත්වම හෝ නොදැනුවත්ව සිදුවෙමින් පවතී. භික්ෂු විනය මෙන්ම භික්ෂුව හා ගිහියා අතර ඇති සම්බන්ධයද බුදු දහමේ පැවැත්මට වැදගත් සාධකයකි. භික්ෂූව නැමැති චරිතය බෞද්ධ සමාජය තුළ විශේෂ කාර්ය භාරයක් නියෝජනය කරයි. ඒ සදහා ඔහුට නීතිමය වසයෙන් පැවරූ බලයක් නොවුනද සමාජය විසින් ලබාදී ඇති ගෞරව සම්ප්‍රයුක්ත බලය වෙනත් ආගම් හා සමාන කළ නොහැකි තරමේ එකකි. මෙම බලය ලබාදී ඇත්තේ ගිහිබෞද්ධ සමාජය විසිනි. විශේෂයෙන්ම මෙම තත්වය එනම් ගිහි-පැවිදි සම්බන්ධතාවය සීග්‍ර වෙනසකට පත්ව ඇත. මෙය බොහෝවිට ගිහියන් හා සමවීමට භික්ෂූන් දරණ උත්සාහයේ අනිටු විපාකයකි. ගිහියන් හා පොර බදිමින් බල දේශපාලනයේ යෙදීමෙන් සාසනයට සිදුව ඇති හානිය මිස සෙත කුමක්ද? 
  භික්ෂූන් වහන්සේලා මූලිකත්වය ගත යුත්තේ ධර්මය ආරක්ෂා කිරීමටය. එවිට සාසනයත් රටත් ජාතියත් ආරක්ෂා වීම නිරායාසයෙන්ම සිදුවේ.



ආණ්ඩුවට විරුද්ධ අදහස් පලකරන්නන් දේශද්‍රෝහීන් වන්නා සේම; භික්ෂුවිනය පිළිබද ක්‍රියාවෙන් පෙන්නුම් කරන භික්ෂුන් වහන්සේලා ඊනියා ක්‍රිස්තියානිකාරයන් වන්නාසේම; භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනයේ නියැලීමට එරෙහිව කථා කරන්නන් NGO කාරයන් බවට පත්වන සූත්‍රය මෙයට නොදමා පුද්ගලික වාසි නොතකා බුදු දහමේ අනාගත පැවැත්ම පිළිබදව සිතා තීන්දු තීරණ ගන්නවානම් ඉතා අගනේය.

එක්නැලිගොඩ මහතා රට වෙනුවෙන් යුක්තිය,සාධාරනත්වය වෙනුවෙන් ඉදිරිපත්වීම තම පරම යුතුකම වගකීමක් සේ සලකා කටයුතු කළ මිනිසෙකි. රට,ජාතිය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකරණ ලද ඔහු වෙනුවෙන් මවු බිම, ජාතිය, සකල මිනිස් වර්ගයා සහ අප ඔහුට ලබා දුන්නේ කුමක්ද?

මා දේශද්‍රෝහියෙකු වූ හැටි.

අද ලංකාව දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහින් ලෙස පැහැදිලිව බෙදා වෙන්කරන ලද මිනිසුන් දෙකොටසක් වෙසෙන රාජ්‍යක් බවට පත්ව ඇති අතර අප අයත් වන කොටස තිරණය වන්නාවූ ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ වචනාර්ථය නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන අප දරණ මතය වීම අදහා ගත නොහැකිය. මා අවසානයට ලියූ http://manojcola.blogspot.com/2009/08/blog-post.html මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වර්ථමාන ක්‍රියාවලිය පිළිබද ලිපියට මා වෙත එවූ ප්‍රතිචාර තුලින් මා දේශද්‍රෝහියෙකු බවට චෝදනාකර ඇති අතර මෙසේ මා එවැනි වරදකට ලක්වූයේ ඇයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මා දේශද්‍රෝහියෙකු වූයේ මාහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කිරීම නිසාවෙන් නම් එය මා බාරගැනිමට සුදානම්ය.

නමුත් මා දරණ මතය කුමක්දැයි යන්න මාගේ එක ලිපියක්වත් කියවූ අයෙකුට හදුනාගැනිමට එතරම් අපහසුවක් නොමැති වේයැයි මා සිතන අතර මා කවුද , මෙනවද කරන්නේ යන්න දන්නෝ දනිති. නමුත් මේ අයුරින් අප වැන්නන් දේශද්‍රෝහින් ලෙසට දැන් චෝදනා කරන එවුන් ඇත්තටම දේශප්‍රේමින් ද ?

අංගම් පොර සටන් කළාව නැවතත් කරළියට

සිංහලයා සියවස් දහස් ගණනනක් තිස්සේ තමන් සමාජයෙන් ලද අද්දැකීම් තම බුද්ධියත් සමග මුසු කරමින් ගොඩ නගාගන්නා අංගම්පොර නම් වූ මෙම ආද්‍යාත්මික සටන් කළාව අදිරාජ්‍යසවාදින්ගේ බයිනෙත්තුවේ බලය නිසාවෙන් කාලයේ මතකයෙන් ඈත්වි තිබුනද අප බොහො දෙනා උපකල්පන ගොඩනැගුවේ එය අප අතරට යළි කෙදිනකවත් නොඑන,සිංහලයාට යළි නොලැබෙන සටන් කළාවක් ලෙසයි.නමුත් සිංහලයා යනු අප සිතන තරම්ම අවාසනාවන්ත ජාතියක් නොවේ.වසර දහස් ගනනක් පැරණි අංගම් පොර ක්‍රීඩාවට විවිධ බාධක මැද පාරම්පරිකව රැකගෙන විත් සිංහල ජාතියට ඒ දැවැන්ත සටන් කළාවේ සුවය යළිත් ලබාදීමට කරුණාපාල ගුරුන්නාන්සේ හෙළ අංගම් සටන් කළායතනය තුළින් ඉදිරිපත්ව ඇත.

ඒ සමගම මෙතෙක් කල් කරාටේ ,ජූඩෝ ,කුංෆූ , ටයිකොන්ඩෝ ආදී විදේශිය සටන් කළා හැදෑරූ තරුණයන් පමණක් නොව එවා ඉගැන්වූ මාස්ටර්ලාද විශාල වසයෙන් තමන්ට උරුම දේශීය සටන් කළාව ඉගෙන ගැනීම සදහා විශේෂ උනන්දුවක් දක්වයි. එහි ඇති විශේෂත්වය වන්නේ අංගම් සටන් හරඹය දැනට ලංකාවේ උගන්වන සි‍යළු සටන්කළාවන් අභිබවා බොහෝ දියුනු තත්වයක පවතින්නක් වන නිසාම වෙති.

මේ ගැන තවත් විස්තර


http://manojcola.blogspot.com/2008/11/blog-post_23.html

http://angampora.blogspot.com/

අතීත දේශපාලන තීරකයන්ගේ වැරදීම් නිසාවෙන් අද පරපුරට හිමිවැඇති අධම යුද්ධයේ අවසානය තවත් අනාගත පරපුරකට කැප නොකර සියැසින් දකිනුවස් රිසියෙන් ඒ වෙනුවෙන් තම ජීවිතයෙන් කරන ලද අසීමිත වූ කැප කීරීම් නිසාවෙන් විදින්නට ලැබූ ජීවිතයන් විදවන්නට සිදුවූ සිංහල දෙමල මිනිසුන් ප්‍රමානයෙන් මැනිය නොහැකි තරමටම විශාල වන්නාසේම අද ලංකාවේ ජිවත්වන සිංහල දෙමළ බහුතරයක් මෙම යුද්ධයේ අවසානයක් සියැසින් දකින්නට රූපවාහිනිය දෙස නෙත් නොහෙලා බළා සිටී.නමුත් සැබෑ ලෙසම යුධබිමේ තීරකයන් වන රණ විරුවන් උවත් මිනිසුන් තම සිහිනය සැබෑකරගනු වස් විස්වාසය තබා ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලකයන් වෙතමය.

ලංකාවේ දේශපාලකයන් යනු ධනයට බලයට තම වැදූ මව වුවත් පාවාදීමට සූදානමින් සිටින සිවුපාවුන් පිරිසක් වන අතරම යුද්ධයේ අවසානය දකින්නට දේශපාලකයන් මතම විස්වාසය තබා ජීවත් වීම කොතෙක් දුරට ප්‍රයෝගිකද නැද්ද යන්න අපට තවත් සුළු කාලයක් තුල සියැසින් දැකගත හැකිවනු ඇත.

"මහින්ද,විමල්,චම්පික,රනිල්,ටිල්වින් ආදී සියල්ලෝම දේශපාලඥයෝ වෙති.මොවුන්ගේ ජීවන පැවැත්ම රැදී ඇත්තේ මහජන මතය අනුව බැවින් මහජනතාව සමග පහසුවෙන් ගනුදෙනු කළ හැකි යුද්ධය වැනි සරල පහසු ලාභදායී දේ ඇතැහැර දමා තම පැවැත්මට ,බලයට අභියෝගයක් ඇතිකරගනීයැයි සිතිය නොහැක.යුද්ධය නොමැති රටක දේශපාලකයන්ට ව්‍යවස්ථාවෙන් පිටත ක්‍රියාකරකම් වල නියැලීමට ඇති අවස්ථාව අතිශයින් සීමා සහිත වන අතර එවැනි තත්වයකට පත්වීමකින් තොරව තම පන්තියේ පැවැත්ම ආරක්ෂාකරගනු වස් ඔව්න් විසින් යම් තරමකට යුද්ධය පවත්වාගෙන යාමට නිතැනින්ම අවස්ථාව සලසා ගනු ඇත.අපගේ සිහින කුමරා මහින්ද රාජපක්ෂද අයත්වන්නේ මෙම පන්තියටම බැවින් ඔහුදට තම පන්තිය රැකගනු වස් යම් තරමකින් හෝ යුද්ධය පවත්වාගෙන යන්නට සිදුවනු ඇත. තම පන්තියේ තබා තමාගේ පැවැත්ම ස්ථාවරකර ගැනීමටද මහින්දට තවත් බොහෝකලක් යුද්ධය නිමා නොකර පවත්වාගෙන යා යුතුය.
මහින්දට නිදහසේ ජනාධිපති පදවියේ සැබෑ සුවය විදින්නටනම් ඌව-දකුණ පළාත් සභාඡන්දය,මහ මැතිවරණය,පළාත් පාලන මැතිවරණය,ජනාධිපතිවරණය යන ඡන්ද ජයග්‍රහණය කිරීමට සිදුවේ.ජනතාවගෙන් හිකා නොකා ඡන්ද දිනන්නටනම් යුද්ධය තිබීම අත්‍යාවශ්‍ය බව මෙවර පළාත්සභා මැතිවරනයේ ප්‍රතිඵල තුලින් පෙන්වා දී ඇති අතර මෙනිසා මහින්ද මෙතෙක් කල් කරගෙන ආ යුද්ධය තම ධූරයේ අවසන් ඡන්දය දක්වා පවත්වාගෙන යාමට ඇති අවස්ථාව ඔහු කෙසේ හෝ ලබාගන්නා බවනම් සහතිකය"

එසේම ඒ සදහා ජනාතාව වයින් කරමින් මහින්ද අවරණය කරමින් තම පන්තියේ පැවැත්ම තහවුරුකරගැනීම උදෙසා අනෙකුත් දේශපාලඥයින් පක්ෂ පාට භේද නොසලකා අනිවාර්යයෙන්ම එකතුවන අතර ජනතාව වූ අප ඔව්නට එහෙයි කියමින් ඔව්න්ගේ පැවැත්ම සහතික කරන්නට බදුගෙවමින් සිහිනය සැබෑවනතුරු රූපවාහිනිය දෙස බලා උපන්‍යාස ගොඩනගමු.

බුදු දහම පටැලැවීම  

Posted by Manoj colambage in ,

බුදු දහම පටැලැවීම

සිංහල බ්ලොග් අවකාශය ඇතැම් පුද්ගලයින් බුද දහම අපකීර්තියට පත්කිරීමේ පාරාදීසයක් බවට පත්කරගෙන ඇත. මුන්ට දේශගුණික විපර්යාස පවා පේන්නේ බෞද්ධයා නිසා සිදුවූවක් ලෙසය.එකෙකුට අනුව ලංකාවේ සිදුවන්නාවූ සියළුම පාහර වැඩ සිදුකරනුයේ සිල් ගන්නා බෞද්ධයන් විසින්ය.හොරකම්, මංකොල්ල කෑම්,ස්ත්‍රී දූශන,වංචා ආදී මෙකී නොකී ලංකාවේ සිදුවන්නාවූ සියළු අපරාධ සිදුවන්නේ සිල් ගන්නා උවැසි උවැසියන් අතිනි. පාර්ලීමේන්තුගොස් බලු වැඩ කරන්නෝද, මිනිසුන් සමුහ ඝාතනයට ලක්කරමින් උතුරේ හමුදාව සමග යුද්ධ කරන්නෝද සියල්ලෝම බෞද්ධයෝ වෙති.කොටින්ම කියතොත් අද ලංකාවට මේ තත්වය උදාවී ඇත්තේ සිල් ගන්නා බෞද්ධයන් ගේ නොමනා හැසිරීම නිසාවෙනි.

ඔහුගේම වචන වලින්ම කියතොත් “ මේ පිටතින් සුදු අඳිනා හොරුන්ගේ රටයි. හක්කේ බුදුරැස් ද බොක්කේ දඩමස් ද ඇති උපාසක දිවයිනයි.”

ලංකාවේ ජීවත්වන මුස්ලිම්, ක්‍රිස්තියානි, කතොලික, මේ දෙකටම අයත් නොවනවා කියන මුඩුක්කු ක්‍රිස්තියානි ආදී ආගම් අදහන්නන් ආදී වෙනත් සියළුම ආගම් අදහන සියල්ලෝම කුරා කුහුඹියෙකුටවත් හිංසාවක් නොකරන අන්ත අවිහිංසා වාදියෝ වෙති. එසේම ඔව්න් සියල්ලෝම ලංකාවට තම පණටත් වඩා ආදරය කරන්නාවූ අතර සත පහක තරම්වත් සොරකමක් වංචාවක් නොකරන්නාවූ තම තමන්ගේ ධර්මයන් අකුරටම තිතටම පිළිපදින්නාවූ අති පාරිශුද්ධ මිනිසුන් කොට්ඨාසයකි.

සිතා මතාම බුදු දහමට පහර ගසන මෙවැනි එවුන්ගේ කටවල් වැසීමට හෝ එළව එළවා පහර දීමට අපහට අවශ්‍ය නොවේ . සත්‍ය කුමක්දැයි මිනිසුන් කෙදිනක හෝ තේරුම් ගනු ඇත.

නමුත් ඔව්න් මෙය හෝ පිළිගන්නවානම් ඉතා යහපති. මෙසේ එළව එළවා බුදු දහමට පහර දීමට ඔබලා වැනි අයහට අවස්ථාව ලැබී ඇත්තේද බෞද්ධ සමාජ පසුබිම නිසාවෙනි. අරාබියේ මුස්ලිම් ආගම හෝ නොර්වේහි ක්‍රිස්තියානිය මෙන් ලංකාවේ බෞද්ධයා ද ක්‍රියාකරන්නේනම් ඔබලා වැන්නන් හට සිදුවිය යුතුදේ සිදුවී දැනට බොහෝකල්ය.