Thursday

සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව

සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව

අද වනවිට ඒ කියන්නේ විසිඑක්වෙනි සියවසේදී සිංහලයා තමනුත් , තමන්ගේ ආගම,ජාතිය පිළිබදවත් සිතන්නේත් , කටයුතු කරන්නේත් මහත්වූ හීන මානයකිනි. ඒත් ඔව්න් දන්නේ නැහැ ලොකයේ අනෙකුත්මහා ශිෂ්ඨාචාර වලට වගේම අපටත් ඒ මහා ශිෂ්ඨාචාර වලට නොදෙවෙනි වූ අනන්‍යතාවයක් තිබෙන බව. අපි ඒ ගැන ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතුනා, සිංහලයාට අද ඉංග්‍රීසි බේත් නැතුවම බැරිය . කෑම බීම වලටත් වඩා බෙහෙත් පෙති වලට ඇබ්බැහි වෙච්ච ඒත් හැමදාම ලෙඩින් ඉන්න ලංකාවේ මිනිස්සු සිංහල වෙදකම අමතක කර දැමිමේ විපාක විදිමින් සිටිති.ලෝකය තුල මහා ශිෂ්ඨාචාර ගොඩනැගූ සැම ජාතියකටම තමන්ට අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් තිබිණ.

උ.ඉන්දියානු ශිෂ්ඨාචාරය - ආයුර්වේද වෛද්‍ය ක්‍රමය

ද.ඉන්දියානු ශිෂ්ඨාචාරය - සිද්ධායුර්වේද වෛද්‍ය ක්‍රමය

මැදපෙරදිග මුස්ලිම් ශිෂ්ඨාචාරය - යුනානි වෛද්‍ය ක්‍රමය

චීන ශිෂ්ඨාචාරය - චීන කටු චිකිත්සාව

යුරෝපා ශිෂ්ඨාචාරය - ඇලොපති වෛද්‍ය ක්‍රමය

හොමියෝපති වෛද්‍ය ක්‍රමය

හෙලදිව ශිෂ්ඨාචාරය - සිංහල වෙදකම

“සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි . ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ ,

“සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ලග පාතකනැහැ.හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000 දහසකට පමණ පෙරය.ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ . මොකද ඔය කාලයේ තමයි සුර - අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය

ඒ රාවණ රාජ සමය තුලදීය . රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ.මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත.

“සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.

ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

1.ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්‍රය”

2.නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුන “නාඩි ප්‍රකාශයත්

ඔහු අතින් ලියවුන බව සදහන් වේ .

3. එසේම අර්ක ප්‍රකාශයේ” පරිච්චේද අවසන් වන්නේ පහත වැකියෙනි.

“ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”

4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්තය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “ උද්දීය තන්ත්‍රය” වෙයි.

“ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත.........”

හිතාගන්නත් අමාරුයි නේද , මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා , අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ඨාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම.

මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි.

“රාවණ අති ප්‍රාඥ විශිෂ්ඨ වෛද්‍ය වරයකු , මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”.

අදින් අවුරුදු 2000 කටත් පෙර ලංකාවේ දරු ප්‍රසූතිකාගාර තිබුනායැයි නූතන අපට සිතන්නට පුළුවන්ද , මහාවංශයේ පැහැදිළිවම සටහන්වෙනවා උන්මාදචිත්‍රාව දරු ප්‍රසූතිය සදහා ප්‍රසූතිකාගාරයට ඇතුළු වූ බව.

“කාලය පැමිණි කල්හි චිත්‍රා කුමරි ප්‍රසවය සදහා වැදුම් ගෙටද ඇතුළු වූවාය”

මින් පෙනෙන්නේ ශිෂ්ඨාචාරයක උපරිම සභ්‍යත්වයකට සිංහලයා මීට වසරදහස් ගණනකට පෙර ලගාවි ඇතිබව නොවේද?

මේ අයුරින් පරම්පරාවෙන් පරම්පරාවට පෝෂණය වූ සිංහල වෙදකම මහින්දාගමනයෙන් පසුව ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍ර සමග සම් මිශ්‍රණය වී ඇත. මේ නිසා පුරාණ සිංහලවෛද්‍යවරුන් සාම්ප්‍රදායික වෙදකමත් ,

ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍රයන් සහ බුදු දහමේ ආභාසයද එකට මුසු කර සිංහල වෙදකම පිළිබදව “මහා සම්ප්‍රදායක්” ගොඩනගන්නට ඇත. මෙම මහා සමුප්‍රදාය තුල සෞක්‍ය සංරක්ෂණ ක්‍රමයන් සදහා මූලිකත්වය දෙන්නට ඇත. ඒ වගේම වෙදකම එක් පංතියකට හෝ කුලයකට සිමාවීමක් හෙල ශිෂ්ඨාචාරය තුල දැකගත නොහැක. එය පාලකයාගේ සිට පහල සමාජය දක්වා ගමන් ගමන්නේ නිරායාසයෙන්මය .ඒ බව සද්ධර්මාලංකාරයේ සදහන් පහත පුවතින් දැකගත හැක.

“කාවන්තිස්ස රජු විහාරමහා දේවිය සමග තිස්සමහා වෙහෙරට ගොස් ගිලනුන් වහන්සේට බෙහෙත් පිළියෙල කරමින් ..........”

සිංහල වෙදකම පිළිබද වැදගත් මූලාශ්‍ර රැසක් හමුවන්නේ ක්‍රි‍‍:ව 341-370 අතර කාලයේදී ලංකාවේ රජ කල බුද්ධදාස රජුගේ කාලයේදීය. මෙතුමාගේ වෛද්‍ය දැනුම සහ සුවකරණ ලද ලෙඩරෝග පිළිබදව සදහන් කරන්නට ගියහෝත් මෙම ලිපිය ලියානිමකිරීමට මා හට දින දෙකතුනක්වත් ගතවෙනු නියතය. මෙනිසා කෙටියෙන් සදහන් කරතොත් වාත රෝග, ලාදුරු ආදී සුවකිරිමට අපහසු රෝගයන්ටද , මානසික රෝගීන්ටද ඉතා සාර්ථකව වෙදකම් කල මෙතුමා විසින් කරන ලද සැත්කම් වල ස්වභාවය නිසා විශේෂඥ ශල්‍ය‍‍වෛද්‍ය වරයෙක් ලෙසද හැදින්විය හැකිය.මින්සුන්ට පමණක් නොව සතුන්ටද වෙදකම් කරතිබීමෙන් පෙනීයන්නේ හෙල වෙදකම කෙතරම් දුරට සංවිධානය වී තිබුනාද යන්නයි.

මෙතුමා විසින් රචනාකර ඇති “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථය තුලින් අදට වසර 2000 කට පෙර තිබූ සිංහලයාගේ වෛද්‍ය දැනුමේ තරම සිතාගත හැකිය.

බුද්ධදාස රජු සාමාන්‍ය ජනතාවගේත් අවට පරිසරයේ ජිවත් වන සතුන්ගේ සෞකය ආරක්ෂාව සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යොදවා ඇති අතර එම වෛද්‍යවරුන්ට වැටුප් සදහා ගම් 10 ක ආදායම යොදවාඇති බවත් වංශකථාවල සදහන් වේ.

මින් පෙනෙන්නේ සිංහලයාගේ සැගවුනු ශිෂ්ඨාචාරයේ සභ්‍යත්‍වයයි. මෙතුමා ඖෂධ සහ ශෛල්‍ය උපකරණ ගෙන මහ මග සැරිසරමින් රෝගීන්ට වෙදකම් කළ රජෙක් ලෙස ජනප්‍රවාදයේ සදහන් වේ .

සෞක්‍ය සංරක්ෂණ ක්‍රම ගොඩනැගීම පාලකයන්ගේ අනිවාර්ය රාජකාරියක් ලෙස දැකිය හැක.

මෙ නිසා නගර වල ගම් වල වෙදහල් පිහිටුවීම පිළිබද සාක්ෂි ඉතිහාසය තුල අනන්තවත් හමුවේ .

උපතිස්ස රජු ගැබිණි මව්වරුන්ට , අන්ධයින්ට බෙහෙත් ශාලාද, දන්ත ශාලාවක්ද ඉදිකරවූ බවත් චූල වංසයේ සදහන් වේ.

2 වන සේන රජු , 5 කාශ්‍යප මේ ආදී වසයෙන් සැම පාලකයකුම මෙ සදහා විශේෂ උනන්දුවක් දක්වා ඇති බව පැහැදිලිය.

සිංහල වෙදකම ගැන කථාකරනවිට පරාක්‍රමබාහු රජසමයද ඉතා වැදගත් වේ.

මෙතුමාගේ චරපුරුෂ සේවයේ යෙදවූ අය අතර ගම් නියම් ගම් සැරිසරමින් විවිධ රෝග වලට පිළියම් කළ වෛද්‍යවරුද වී ඇත.

රජතුමා සියගනන් රෝගීන්ගේ වයසට සුදුසු වූ මහා වෛද්‍යශාලාවක් නගරයේ තනවා එහි සියළු උපභෝග පරිභෝග වස්තු තැබවූ බව සදහන් වේ .එසේම සියළු රෝගීන්ට දිවා රෑ දෙකෙහි අවශ්‍ය බෙහෙත් වර්ග ආහාර පාන සපයා ඒවා පිළිබද කටයුතු කිරීමට දැසි දස්සන් යෙදවූ බව සදහන් වේ.

පෝය හතරටම පෙහෙවස් සමාදන් වූ පරාක්‍රමබාහු රජු අමාත්‍යවරුන් සමග රෝහල් වලට ගොස් රෝග විනිශ්චයේ සහ ප්‍රතිකාර ක්‍රමයේ යෙදුනු බව මහාවංශයේ 73 පරිච්ඡේදයේ සදහන් වේ .

වෙද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා “මහ වෙදනා” නමින් හදුන්වාඇත.රෝහල්වල සිටින සෑම රෝගියෙකුටම සේවිකාවක් බැගින් වූ බව සදහන් වේ .

මේ අපි කථාකරන්නේ ඇමෙරිකාවේවත් , එංගලන්තයේවත් , ඉන්දියාවේවත්, සිදුවෙච්ච දෙයක් ගැන නෙමෙයි. මේ කථාකරන්නේ හදිසියකට තුවාලයකටවත් දාන්න බෙහෙත් නැතිවෙන , ඒත් ඇදවල් යටත් නිදාගන්න පොරකන තරම් ලෙඩ්ඩු ඉන්න , තමන් ලගට බේත්ගන්න එන ස්ත්‍රිය දූශනය කරලා බැල්කනියෙන් පහලට තල්ලුකරනත් , තම පංතියේ එවුන් කරන හොද නරක දෙකම සාධාරනීය කිරීමට ඕනෑම මොහොතක ලෙඩ්ඩු බිල්ලට දීලා වැඩවර්ජනය කරන්නට සැදීපැහැදී සිටින වෛද්‍යවරු ඉන්න මේ ශ්‍රී ලංකාවේම අතීතයේ සිදුවු වෛද්‍ය සංරක්ෂණය පිළිබදවයි.

මහා පැරකුම්බා රාජ සමය දේශිය වෛද්‍ය ක්‍රමය සෑම අංශයකින්ම දියුණුව පෙන්වන යුගයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අදහසයි. මෙයට හේතු වන්නේ මහා පැරකුම්බා රජු විසින් කරන ලද විදේශ ආක්‍රමණ වලදී යොදාගන්නා ලද වෛද්‍ය ශිල්ප ක්‍රම නිසාවෙනි. ලංකාවෙන් රාමඤ්ඤ දේශයට යැවූ යුද්ධ සේනාව සමග තියුණු බුද්ධිය ඇති වෙදුන්ද , හෙදියන්ද , සාත්තු කිරීම සදහා දැසි දස්සන්ද ගිය බවත් ඉතා දරුණු විශ පෙවූ ඊතල වලින් ඇතිවන තියුණු වන සුව කිරිමට අවශය බෙහෙත් රැගෙන ගිය බවද සදහන් වීමෙන් පෙනි යන්නේ එකල දේශිය වෙදකම මනාව සංවිධානය වූවක් බවය . මෙසේ හෙල ශිෂ්ඨාචාරය පුරාවට ගොඩනැගුණු සිංහල වෙදකම සෑම විටකම පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් , නිරෝගී භාවය වෙනුවෙන් කටයුතු කරන්නට විය.

මේ බව ‍ඓතිහාසික සාධක තුලින් පැහැදිලි වෙනවා. පණ්ඩුකාභය රජුගේ නගර සංවර්ධන සැලැසුම තුල කැලි කසල ඉවත් කිරීමට සැඩොල් කුලයේ අය 200 කුද ,මෟත ශරීර ඉවත්කිරිමට සහ සොහොන් බිම් මුර කිරිම සදහා තවත් 250 ක්ද යෙදවූ බව සදහන්වේ.

මීට සමකාලිනව භාරතයේද මීට සමාන සෞක්‍ය සංරක්ෂණ ක්‍රම භාවිතා වී ඇති බව පැහැදිලිය.

යමෙක් වීදියට කුණු කසල දමයිද ඔහු කාසි අටෙන් එකක දඩයකට යටත් වේ .එසේම වීදියකට කසල හෝ ජලය රැස්වන්නට හැරියහොත් ඔහු කාසි ¼ ක දඩයකට යටත් වේ යැයිද ...” ආදී වසයෙන් පනවන ලද මේ නිති ජනතාවගේ සෞක්‍ය සංරක්ෂණය උදෙසා යොදාගන්නට ඇත.

සිංහල වෙදකම පිළිබදව කථා කරන විට එහි වර්ධනයට බුදු දහමින් ලද දායකත්වයද ඉතා වැදගත් වේ . බුදු දහම තුල සෞක්‍යට ඉතා වැදගත් තැනක් ලබා දෙන අතරම සෞක්‍ය සංරක්ෂණ කටයුතු වලදී මනා පිළිවෙලක්ද අපේක්ෂා කරන ලදී . විනය පිටකයේ ඖෂධ කණ්ඩකයේ මේ පිළිබදව සදහන් වේ .

බුදු දහම තුල ‍ලෙඩුන්ට උවැටැන් කරන්නන් සතුවිය යුතු මූලික ගුනාංගයන් කිහිපයක් අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ දක්වා ඇත.

01. බෙහෙත් නියම කිරීමට හැකිවීම

02.ලෙඩාට ඒ ඒ අවස්ථාවේ දිය යුත්තේ කුමක්ද නොදිය යුත්තේ කුමක්ද නිශ්චිතලෙස දැනගැනීමට හැකිවීම.

03.තණ්හාව නොව හුදු දයාව , කරුණාව පෙරටු කොට ගෙන සේවය කිරීම .

04.රෝගියාගේ මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේදි පිළිකුලි සහගත නොවීම.

05.වරින් වර රෝගියාට අවශ්‍ය ආගමික අවවාද අනුසාසනා කිරීම .

සිංහල වෙදකමේ හැටියට නිරෝගිබව නැති වීමට බලපාන කරුණු විවිධාකාරය’ පිටතින් පැමිණෙන යක්ෂ,භූත ආදීහු ශරීරයට පිවිසීම’ වා,පිත්,සෙම් යන තුන්දොස් කිපීම’තමන්ට බලපාන ග්‍රහයන්ගේ අනිෂ්ඨ විපාක’ යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් සිදුවන ප්‍රතිඵල’පෙර කර්මයෙන් සිදුවන දේආදී වසයෙන් බොහෝ කරුණු මෙයට අදාල වේ.මේ නිසා වෛද්‍ය වරයා , නක්ශ්‍රත්‍ර කරුවා යන තිදෙනාගේම කාර්යන් සිංහලයාට වැදගත් විය.

ඒ වගේම ප්‍රතිකාර සදහා ඒඒ රෝග වලට විශේෂඥයන්ද ගම්වල ජීවත්ව ඇත.සර්වාංග වෙදකම,කැඩුම් බිදුම් වෙදකම , වන, ගෙඩි , පිළිකා වෙදකම,විදුම් පිළිස්සීම් උපයෝගී කොටගෙන කෙරෙන වෙදකම,අලි වෙදකම, හරක් වෙදකම ආදී වසයෙන් සාම්ප්‍රදායික වෛද්‍ය ශ්‍රාස්ත්‍රය සෑම ගමකම ස්ථාපනය වී තිබින.

මෙය ඔව්න් ලබන පුහුණුව අනුවද වර්ගීකරනයකට ලක්කිරීම පහසුය.

ගමේ වෙද මහත්තයා

වට්ටෝරු වෛද්‍ය වරයා

භූත වෛද්‍ය වරයා

පාරම් පරික වෛද්‍ය වරයා මෙ ආදී වසයෙන් සිංහල ජන සමාජය වෛද්‍ය වරයාගේ විශේෂඥ භාවයට වැඩි තැනක් ලබා දී ඇති බව පෙනේ .

සිංහල වෛද්‍ය ක්‍රමයට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම රැසක් අදත් ශේෂව පවති .ඒ අතර

සර්ප විෂ වෙදකම , අලර්ක (ජල භිතීකා) විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම,කැඩුම් බිදුම් වෙදකම, කෞමාරභෘත්‍යය(ළදරු රෝග) වෙද කම ආදිය ඉන් ස්වල්පයකි.

සිංහල වෙදකමේදී යොදාගන්නා ඖෂධ සංයෝග නුතනයේත් නොමැති තරම්ය. ගුලි,කල්ක,චූර්ණ,ලේහ,ආලේප,කායන්,කසාය,අරිෂ්ඨ, ආසව,තෛල,ආදී ලෙස රැසකි.නාධි ශ්‍රාස්ත්‍රය තුලින් ‍රෝග විනිශ්චය කිරීමද දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම නිල අල්ලා රෝග සුව කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවට අදද සොයාගත නොහැකි වී ඇත.මෙහිදී ශිරෝ රෝග, වාත රෝග, චක්ඛු (ඇස්)රෝග ආදියට සිරුරේ නිල තෙරපීම මගින් ප්‍රතිකාර කරනු ලබයි.මෙ ආදී වසයෙන් සිංහලයා හෙල ශිෂ්ඨාචාරය ගොඩනැගීමේදී නීරෝගී භාවය උදෙසා තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් ගෙඩනගාගත් අතර ඔව්න් එහි ප්‍රතිපත්තින් තම ජීවිතයත් සමග මුසුකරගෙන නිරෝගී ජිවිතයක් ගතකරන්නට ඇත.

නමුත් අද එම සියල්ල අමතක කරදමා නූතන තාක්ෂණයේ පිහිට සොයන්නට ගොස්,නූතන තාක්ෂණය විසින් සියල්ල කරදෙන තෙක් බලාසිටීම නිසා ඔබත් මමත් සියල්ලෝම සදාකාලික රෝගීන් වී ඇත. මේ අයුරින් අතිත සිංහල ජාතිය වෛද්‍ය සංරක්ෂන ක්‍රම භාවිත කරමින් ඉතා නිරෝගි ජිවිතයක් ගතකර ඇතිමුත් අද සිංහලයා දන්න කියන සියළුම බෙහෙත් වර්ග බීලත් හැමදාම ලෙඩින් ,

සිංහලයන් කෙතරම් නිරෝගි ජාතියක්ද කිවහොත් සමකාලීන යුරෝපීය ශිෂ්ඨාචාරයන් පුදුමයට පත්කර ඇති බවට සාක්ෂි අනන්තවත් දක්නට ඇත.

මිට අවුරුදු දෙදහසකට(2000) පෙර ලතින් බසින් ලියැවුනු “ ඩී මොරිබස් බ්රැක් මැනෝරම්” නැමැති පොතේ සිංහලයාගේ නිරෝගිකම පිළිබදව සදහන්වන්නේ මෙසේය.

“ලංකාවේ වැසියන් “මැක්‍රෝබයි’ යන නමින් හදුන්වනු ලැබූහයි ‘ස්කොලැවිස්කාස්’ නම්වූ තීබ්ස්හි පඩිවරයකුගෙන් තමාට අසන්නට ලැබිණු බවත් එම නම ඔව්න්ට ලැබි ඇත්තේ , එරට දේශගුණයේ සුබදායක බව නිසා එහි වැසියන්ගේ ආයු කාලය අවුරුදු 150 ක් පමණ වන බැවිනි.”

“අම්බ්‍රෝස්’ නැමැති ලේඛකයෙකු විසින් ලියා ඇති ඉහත වාර්ථාව තුලින් පෙනේන්නේ එදා ලංකාවේ මින්සුන් කොතරම් නිරෝගීව ජීවත් වන්නට ඇද්දැයි කියා නොවේද?

ක්‍රි:පුර්‍ව 1 සියවසේ සිසිලියානු ජාතික “දියෝදරස් සිකියුලස්” නම් ඉතිහාසඥයා සිංහලයා පිළිබදව වාර්ථාකර ඇත්තේ මෙසේය,

“මෙරට වැසියෝ දීර්ඝායු වලදිති.ඔව්න්ට ලෙඩදුක් අඩුය...........”

ලෝක ඉතිහාසය තුල සිංහලයා පිළිබදව සදහන් වන්නේ එලෙසිනි.

අද සිංහලයෝ සිතන්නේ ලොව තිබෙන හොදම ක්‍රමය තියෙන්නේ යුරෝපය ඇතුළු බටහිර රටවල කියාය . එසේ සිතා සිංහලයා තමා පාරම්පරිකව ගෙනා සිංහල වෙදකම සම්පූර්නයෙන්ම අමතකකර දමා ඇත.බටහිර වෛද්‍යක්‍රමය නරකනැත .නූතන සමාජය තුල ඇති චින්තන රටාවට හා තාවකාලික ජීවිතවලට අනුව එය හොදය , නමුත් අප කළයුත්තේ සිංහල බෙහෙත් වට්ටෝරු කුණු කූඩයට දැමීම නොව , එම බෙහෙත් වට්ටෝරු නුතන තාක්ෂනය සමග මුසුකළයුතුයි,එවිට බටහිර ඇලොපති , හෝමියෝපති ක්‍රම වලට වඩා උසස් වෛද්‍ය ක්‍රමයක් පෙරදිගින් සොයාගත හැකිවෙවි.

Monday

බුලත් විට කෑම හොදද? නරකද?

බුලත්විට කෑම හොදද? නරකද ?

බුලත්විට සැපිම පිළිකා ඇති කිරීමට දායකවනවායයි ලෝක සෞක්‍ය සංවිධානය නිවේදනය කරතිබෙන බව පවසමින් අපේ මාධ්‍යයන් විශාල ප්‍රචාරයක් පසුගිය දිනවල විශාල ප්‍රචාරයක් ගෙනගිය අතර මෙය කාගේ උවමනාවකට සිදුවූවක්දැයි මටනම් වැටහීමක් නැත , මෙලනින්අඩංගු නිශ්පාදන මොනවාද කියාවත් සෟජුව කියන්න අකැමැති අපේ ජනමාධ්‍ය , ඍජු පිළිකාකාරක අඩංගු කෘතීම ආහාර ගැන වචනයක්වත් කතානොකරන අපේ සමහර බටහිර වෛද්‍යවරු , බුලත් විට ගැනම කතා කරන්නේ මේ සදහා ඔව්න්ට දුම්කොළ සමාගමෙන්වත් අවවාදයක් ලැබිලාදැයි මට නම් පොඩි සැකයක් ඇතිවෙනවා.මොකද මිනිස්සු සිගරට් බීමනම් අඩුකරලයි කියලා මට දැනෙනවා;

බුලත් විට කෑමමෙහි නිවැරදි වහර බුලත් විට සැපීමලෙස විය යුතුයි. පෙරදිග ශිෂ්ඨාචාරය තුල බුලත් විට සැපීමයනු විශේෂ වැදගත්වු සිරිතකි.බුලත් විට සදහා අන්තර් ගත වූයේ බුලත්’ ‘පුවක්’ ‘හුණුදුම්කොළසංයෝගයයි.මෙම සංයෝගයේ ප්‍රමාණයන් පිළිබදවද අතීතයේ අවධානය යොමුකර ඇති බව පෙනී යන්නේ විද්‍යාචක්‍රවර්තීන්ගේ කියමනක් තුලින්ය.

මද නොකොට , අධික නොකොට පමණ දැන සුණු කෑ කල්හි යෙදෙන බුලතක් සේ

මෙයින් පෙනෙන්නේ අතීතයේ සිට ක්‍රමවත්වත්ව මෙය භාවිත කර ඇතිබවය.

මෙය වඩා රසවත් කර ගැනීම සදහා කරාබු නැටි’ ‘එනසාල්’ ‘ඉගුරු පියලි’ ‘සාදික්කා වසාවාසි’ ‘අරළුආදිය අමතරව යොදාගනු ලබති. මෙය ලංකාව , ඉන්දියාව , නේපාලය , ටිබේටය ආදී විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින්නාවූ මෙම බුලත් විට සැපීමතුල ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකවද , සමාජ විද්‍යාත්මකවද , විශාල වටිනාකම් රැසක් අන්තර්ගතව ඇත. නමුත් අදවන විට බුලත් විට සැපීමසමාජය තුලින් යම් තරමකට ඈත් වී ඇත; මෙ යට හේතුව බුලත් විට සැපීම පිළිකා කාරකයක් යයි පිළිගැනීම නිසානම් නොව : බුලත් විට සැපීමට වෙනත් ආදේශකයක් පැමිනීමය නිසාය ; ඒ දුම් බීමය. එය නම්බු කාරය , එය වංශක්කාරය මේ නිසා අපේ ලොකු මිනිස්සු බුලත් විට අතහැරලා පයිප්ප උරන්නට විය . ඒක අනුකරණය කරපු අපේ සාමාන්‍ය මිනිස්සු පයිප්පය මිල අධික නිසා සුරුට්ටු උරන්නට විය . සුරුට්ටුව - බීඩි - සිගරට් - එතනින් නොනැවති ගංජා සුරුට්ටුව දක්වාද එහි ප්‍රවීනත්වය ගැනීමට අබිං”, “හෙරොයින්” , දක්වාද ගමන් කරමින් පවතී.

හෙළ ශිශ්ඨාචාරය තුල බුලත් විටට ඇත්තේ වැදගත් තැනකි . අදද ඇතැම් වැදගත් නිවෙස්වල, නිවසට අමුත්තෙකු පැමිණි විට මුලින්ම සංග්‍රහ කරනුයේ බුලත් විටකිනි. මෙම බුලත් විට සැපීම සිගරට් බීම වගේ කිසිදු අර්ථයකින් තොරව සිදුවූවක් නොව;මෙතුලින් විශේෂ ප්‍රතිඵල කිහිපයක් අපේක්ෂා කලහ. ඒ අතර

ආහාර දිරවීමේ පහසුව ,

දන්තා බාධයන්ගෙන් වැලකීම ,

සෙම් දොස් නැසීම ,ප්‍රධාන ලෙස දැකියහැකි අතර එයට අමතරව ආහාර අනුභවයෙන් පසුව

මුඛයෙහි ඇතිවන අරුචි සවභාවය දුරුකර ගැනීම ,

මුඛයෙහි ඇතිවන දුර්ගන්ධය දුරුකර ගැනීම,

මෙම ප්‍රථිපල අපේක්ෂාවෙන් අතීත සමාජය තුල බුලත් විට සැපීමසිදුවී ඇති බවට සිංහලයන් තුල තිබියයුතුවූ පිරිසිදුකම ගැන අදහස් මාත්‍රයක් සොයාගත හැකි වූ බුත්සරණින් වැදගත් සාක්ෂියක් හමුවේ.

එක දවසක් නොනෑව , එක දවසක් නො ඉලුව , එක දවසක් දත් නොමැද්ද , පැයක් බුලත් නොකෑව , තෙමේ ම තමන් හට ............

(බුත්සරණ)

මේ තුලින් පෙනී යන්නේ සිංහලයා පෙර සිටම සෞක්‍ය නිරෝගීව පවත්වාගෙන යාම සදහා බුලත් විට සැපීමඅනිවාර්ය පුරුද්දක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි.

මෙයට අමතරව තවත් ප්‍රයෝජන සදහා ද බුලත් විට සැපීමයොදාගෙන ඇත. විශේෂයෙන් ම කාම සූත්‍රයේ මේ පිළිබදව සදහන් කර තිබීම වැදගත් වේ .

ලොකාස්වාද සම්භෝගයෙන් පසු ද බුලත් කෑ යුතු ය

වාත්ස්‍යායනගේ කාම සූත්‍රයේ විශේෂ කොට ඇත

ආයුර්වේද වෛද්‍ය ශ්‍රාස්ත්‍රය ගොඩනගන ලද මහර්ෂින් විසින් බුලත් විට පිළිබදවද ආයුර්වේද ග්‍රන්තවල දක්වා ඇත.

බුලත් වල ගුණ 13 ක් පිළිබදව සෘෂිවරයෙක් දක්වා ඇත්තේ මෙසේය.

බුලත් කටුක , තිත්ත , උෂ්ණ , මධුර , ක්ෂාර , කසට යන රසයන් ගෙන් යුක්තය .එමෙන්ම වාතය හා සෙමද , පණු දොස්ද , මුඛ දුර්ගන්ධයද නැති කරයි. මුඛයට ආභරණයෙකි.මල සුද්ධ කෙරෙයි.කාමාග්නිය දල්වයි...........

මේ අයුරින් පෙරදිග ශිෂ්ඨාය තුල බුලත් විට ඖෂධයක් , චාරිත්‍රයක් පුරුද්දක් ලෙස ලොකු කුඩා සෑම සමාජයක්ම සාජානුයෝජනය කිරිම සදහා වැදගත් සාධකයක් බවට පත්වී ඇත.

අතීතය එසේ වුවත් අදවන විට පෙරදිග ශිෂ්ඨාචාරය බුලත් විට සැපීම තුලින් ඈත්වෙමින් පවතී . මෙය ඉබේම සිදුවූවක් නොව අධිරාජ්‍යවාදීන් තමන්ගේ වෙලද පළ සකස් කර ගැනීම සදහා පෙරදිග වැසියා බුලත් විටෙන් ඈත් කරලීම සදහා නොගත් ප්‍රයත්නයක් නැත. එහි ප්‍රතිඵලයක් ලෙසයි අපේ කොල්ලෝ කෙල්ලෝ සිගරට්ටුව උරන ජේම්ස් බොන්ඩ්” ‘ගාමිණී ෆොන්සේකාවීරයෙක් ලෙස දැකලා බුලත් විට කාපු තමන්ගේ තාත්තව ගොඩයෙක් විදිහට දකින්නට ගත්තේ. ඊට පස්සේ බුලත් විටක් එහෙම කාලා ගමේ සිංහයෙක් වගේ ජීවත්වෙච්ච තමන්ගේ පියා ට වඩා රිදී තිරේ කාඩ්බෝර්ඩ් වීරයා වගේ වෙන්න සිගරට් බොන්න පටන් ගත්ත අපේ උන් ඊටත් පස්සේ බොබ් මාලි වගේ විප්ලවවාදී වෙන්න ගංජා ගහන්න ගත්තා; අද ලංකාවෙ තරුණයන් අතර තියෙන්නේ ගංජා සංස්කෘතියක් උනත් ඔව්න් එයද වේගයෙන් පසුකරමින් අතිසාර්ථකව අළුත් ආදේශකයන් කරා ජාත්‍යන්තරේ සහයෝගයද ඇතුව ‍යොමුවෙමින් පවතී.විශාල ගුණ රැසක් අඩංගු බුලත් විට කාපු මිනිස්සුන්ට කට කොනින් හිනාවෙලා ඔය ජාත්‍යන්තර සංවිධානවලට ඕන ඕන විදියට හැඩගැහෙන්න සැදී පැහැදී සිටින අපේ ජීවිත වල තිබෙන අරමුණ කුමක්ද?

පිළිකා වලින් වැලකීමද ?

එම සංවිධාන වල එකම අරමුණ අපේ ජීවිත පිළිකාවලින් බේරාගැනීමමද?

Thursday

ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ.

ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ.

උපතින් ඇගපතින් ලංකාවේ ජීවත් උනත් සිතින් යුරෝපයේ ජීවත්වන මගේ යාළුවෙක් ඉන්නවා ,ඒත් කවදාවත් මිනිහා යුරෝපයට තියා මාලදිවයිනටවත් ගිහිල්ලා නැති වුනත් නිතරම කථාකරන්නේ බහු වචන වලින්;මිනිහාට විතරක් නෙමෙයි N.G.O කාරයන්ගේ ලනුකාපු අපේ රටේ ඇතැම් සිංහලයන්ට මේ රට බහු ජාතික බහු ආගමික රටක් කියල කියන කොට මොකක් හරි වාසියක් ලැ‍බෙනවද දනනෑ ; ඒත් මේ ටික ඔව්න් තේරුම් ගත්තොත් හොදයි

කොටි සංවිධානය පරාජයෙන් බේරා ගැනීම සදහා ඉන්දියානු දේශපාලනය දරණ උත්සාහය තුලින් ඔව්න් අකැමැත්තෙන් වුවත් පිළිගතයුතු කරුණක් ඇත. ඒ කොටි සංවිධානය ත්‍රස්ත්‍රවාදීන් උනත්, මීනීමරුවන් වුනත්,තිරිසන්නු වුනත් උන් ‍වෙනුවෙන් කතාකරන්නට ,උන්ව බේරා‍ගන්නට තවත් පිරිසක් මේ ලොකයේ සිටින බවයි. ඒ හින්දූන් හෝ මුස්ලිම් එහෙමත් නැත්නම් යුරෝපීය ජාතියක් නොව දෙමළ ජනයායි. ඔව්න් ‍ලංකාවේ , ඉන්දියාවේ , කැනඩාවේ හෝ ලොව කොතැනක සිටියත් ඊලම වෙනුවෙන් පෙනී සිටියි.

ඒ ඇයි ? සිංහලයන් බහු ජාතියක් ගැන කථාකරන විට ඔව්න් ඊලම වෙනුවෙන් පෙනීසිටින්නේ ඇයි .

ලංකාව බහු ජාතික නම් ඒ බහු ගණයට වැටෙන සෑම ජන වර්ගයක්ම ඒ රටට ආදරය කල යුතුයි .

දෙමල ජාතිකයන් ආදරය කරන්නේ ලංකාවටද ? නැත ඔව්න් ආදරය කරන්නේ ඊලාමයටයි , ඒ කියන්නේ දේශසීමා මායිම් වලින් බෙදීගිය වෙනමම රටකටයි. ඒ නිසයි ඔව්න් ප්‍රභාකරන් කියන මිනීමරු ත්‍රස්ත්‍රවාදියා ආරක්ෂාකරන්නේ ඔහුට සුදු හුණු ගාන්නේ.

ලංකාවට ආදරයක් තියෙන ජාතියක් නම් මේ රට විනාසකරපු ප්‍රභාකරන්ට එරෙහිව කරන යුද්ධයට කවදාකවත් එරෙහි වන්නේ නැත. නමුත් ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින දෙමළ ඇමතිවරයා (චන්ද්‍රසේකරන්)පවා ඉන්දියානු මැදිහත් වීම සාධාරණීකරනය කරන්නේ ඇයි.

මෙහි තේරුම මෙයයි.

ලංකාව ගැනවත් එහි ජීවත් වන මිනිස්සු ගැනවත් ඔව්න්ට ආදරයක් නැත.

ඔව්න්ට අවශ්‍යව ඇත්තේ රට හදන්නට නොව රට කඩන්නටය .

ඔව්න්ට අවශ්‍යව ඇත්තේ ‍ලංකාව තුල වෙනම රටක් ගොඩනගන්නටය.

ඒ තුල වෙනමම වූ දෙමල ජාතික රාජ්‍යක් ගොඩනගන්නටය.

එනම් ලංකාව බහු ජාතික රටක්ද කියන එක ඔව්න්ට වැදගත් නොවේ. ලංකාව බහු රටක් කියමින් ඇවිදින සිංහලයන් මේ ගැන ටිකක් කල්පනාකාරී වන්නේනම් හොදයි.

ඔව්න් ලංකාවට යම් තරමින් හෝ ආදරයක් දක්වන්නේ නම් එය පෙන්වීමට ඹව්න්ට අවස්ථාව පැමිණ ඇත.

රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකට බලපෑම් කරන ඉන්දියාවට එයින් ඉවත්වන ලෙස බලකරමින් ලංකාවෙ ජීවත්වන දෙමළ ජනයා එයට තමන්ගේ විරෝධය පෙන්විය යුතුයි.ඔව්න් ලංකාවට යම් තරමින් හෝ ආදරයක් තිබේනම් එය කල යුතුයි.

මොන ප්‍රශ්න තිබුනත් අද වෙනතෙක්ම ඉන්දියානු බලපෑමට එරෙහිව වචනයක් හෝ කථා කලේ ජනතා විමුක්ති පෙරමුණ , හෙල උරුමය , ජාතික නිදහස් පෙරමුණ ආදී දේශපාලන පක්ෂත් බොදු බල සේනා ‍සංවිධානය හා දේශ හිතෛශි ජාතික සංවිධානය යන සිංහල සංවිධානත් පමණි. ඔව්න්ටද තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න පුළුවන් , ඒත් ඔව්න්ට එහෙම අහක බලාගෙන ඉන්න බෑ මොකද මේ රට ගැන ඔව්න්ගේ හිත් වල ආදරයක් තියෙනවා.ඒ නිසයි තමන්ගේ රටට ප්‍රශ්නයක් වෙනකොට රට බේරගන්න ඕන කියලා පාරට බහින්නේ.ඒ ඇයි ? ලංකාව ගැන කැක්කුමක් තියෙන්නේ සිංහලයන්ට විතරක් නිසයි. සිංහලයන්ට විතරයි ලංකාවේ වටින කම හදවතට දැනෙන්නේ. එසේ නොවී ලංකාව ගැන අනිකුත් ජාතීනුත් බහු හැගීමෙන් කටයුතු කරනවානම් නම් දෙමළ ජනයා සහා මුස්ලිම් ජනයා ලංකාවට ඉන්දියාව විසින් කරනු ලබන අනිසි බලපෑමට එරේහි විය යුතුය.

ලංකාව බහු රටක් කියන අපේ ඇත්තෝ “හකීම්” මහත්තයයි , “පේරියල් අශ්රොෆ්” මැතිනියයි හමුවෙලා ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතෙනවා . මොකද ඔව්න් ඉන්දියානු බලපෑම ගැන නොදන්නවා වෙන්නත් පුළුවන් ; ඇයි ඔව්න් නිහඩ ; ඇයි ඔව්න් මේ ගැන තමන්ගේ විරෝධය ඉන්දියා‍වට ප්‍රකාශනොකර සිටින්නේ; ඒ ලංකාව ගැන හෝ ඔය කියන බහු ජාතියෙන් ඔව්න්ට වැඩක් නැති හින්දයි.ඔව්න්ටත් ඕන ලංකාව හූරගෙන කන්න විතරයි. ලංකාව දෙකට නෙමෙයි තුනකට හතරකට කැඩිල ගියත් ඔව්න්ට ප්‍රශ්නයක් නැතිව නින්ද යන්නේ ඒ නිසයි