මහින්ද සන්තක ප්‍රවාහන සේවයෙන් ගාලුනගරයට නොමිලයේ
අද දවසේ ගාළු දිස්ත්‍රික්කයේ සියළුම C.T.B බස් එක දිශාවක් කරා ගමන් කරනු උදෑසන සිට දක්නට ඇති අතර පාසල් ළමුන් , රාජ්‍ය සේවකයන් ඇතුළු සියළුම දෙනා යායුතු වන්නේ තමන් යන්නට පැමිණි ගමන නොව එම බස් ගමන් කරන දිශාවට පමණක් වන අතර එසේ යන්නන්ට නොමිලයේම ගමනාන්තය කරා යා හැකි වන්නේය. මෙම තිරණය ගෙන ඇත්තේ ජනතා සන්තක ප්‍රවාහන සේවයේ වර්තමාන හිමිකරු විසිනි. අයිති කරු ගත් තීරණය නිසා මහජනතාව වූ අපහට සිදු වූයේ කැමතිනම් ගාල්ල බළා යාමට හෝ නැතිනම් මහ පාරේ පැය ගනන් රස්තියාදු වන්නටය.
මෙයට හේතුව වන්නේ අද දින ජනතා සන්තක ප්‍රවාහන සේවයේ වර්ථමාන හිමිකරු අපගේ මහින්ද මහා රාජෝත්තමයාණන් වහන්සේ ගාල්ල නගරයට සැපත් විමට නියමිත බැවින් එතුමානන්ගේ සතුට පතා දකුණේ යටත් වැසියන් සියල්ලෝම තම එදිනෙදා ජිවිතයේ සියළුම දෛනික කටයුතු හැරදමා එතුමාණන් ඉදිරියේ ප්‍රදර්ශනය විය යුතුයැයි උන්වහන්සේ තීරණය කර ඇති බැවිනුත් එම තීරණයට විරුද්ධවුවහොත් සිදුවන දේ දන්නා නිසාත් මෙසේ නිහඩව එය අනුමත කරමින් ඔබද මෙය දැනගත්තත් නොදන්නා සේ නිහඩව සිටින ලෙස ඉල්ලා සිටිමු.