ජ.පුර සරසවිය තුල මහින්ද රාජපක්ෂගේ සෙල්ලම්

මහින්ද රාජපක්ෂ තමාගේ විධායක බලතල භාවිතාකරගෙන රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති ආයතන වල ක්‍රියාකාරීත්වය තමාගේ ඥාතීන්-හිතවතුන් වෙත ලබාදි ඇති අතර එ නිසාම මෙතෙක් කල් එම ආයතන පවත්වාගෙන ආ විධිමත් සම්ප්‍රධාය බිදවැටි ඒවා අවුල් වියැවුල් බවට පත්වි ඇති බව අපට පෙනියන්නේ එක් ආයතනයක දෙකක නොවුවද විශ්වවිද්‍යාල තුල මහින්දගේ දේශපාලන සෙල්ලම් තුලින් එය වඩාත් හොදින් පෙනියයි.

ජයවර්ධන පුර සරසවියද මෙ දිනවල ලක්වෙමින් පවතින්නේ ද මහින්දගේ අයුතු දේශපාලන බලපැමේ ප්‍රතිඵලයන්ට බව පහුගිය කාළවකවානුව දෙස බැලූ විට පෙනියයි. මහින්ද ජ.පුරට කරනලද විශලම විනාශය වන්නේ සුදුසු කම් ඇති පුද්ගලයන් රැසක් සිටිද්දි ඒ සදහා කිසිදු සුදුසු කමක් සපුරා නොතිබූ පුද්ගලයකුට හුදෙක් තමාගේ දේශපාලන හිතවතෙකු විම සුදුසු කමක් ලෙස සලකා ජයවර්ධන පුර සරසවියේ උප කුලපති ධූරය ලබා දිමයි.

දේශපාලන බලයෙන් උප කුලපති බවට පත්වූ මොහු දැනට වසර ගණනාවක් (මිට පෙර සිටි උප කුලපති තුමන්ගේ කාළය) ඉතා සාමකාමිව පැවති ජපුර සරසවිය අවුල් වියවුල් ජාලාවක් බවට පත්කරමින් සිටින්නේ තමා එම තනතුරට පත් කළ එවු‍න්ගේ ඕනැ එපාකම් ඉටු කරන්නට යාම නිසා බව විශ්ව විද්‍යාල සිසුන් , ආචාර්ය වරුන්ට පමණක් නොව එහි සේවය කරන ඉහල සිට පහලම මට්ටමේ අනධ්‍යයන සේවකයාට පවා දැන් තේරුම් ගොස් හමාරය. නමුත් කිසිවෙකුටත් කරන්නට දෙයක් නැත. තිබෙන්නේ බලා සිටින්නට පමණි. එයට එරෙහිව හඩ නගන්නන් පන්ති තහනමට ලක්වේ.එසේත් නැත්නම් ඔහුගේ මැරයන්ගෙන් සම්බුව ලැබේ. අචාර්ය වරයෙකුනම් ඔහු අනෙකුත් පිරිස ඉදිරියේම අවමානයට පත් කර පාගා දමනු ලබයි. මෙ නිසා මහින්දගේ පවර් පෙන්නන උප කුලපතිතුමා කරන කියන නටන සියළු දේ දෙස බලා මෙතෙක් කල් නිහඩව බලා සිටියත් මෙසේ සිටිය හැකි සිමාවක් ඇත. දැන් දැන් උදාවන්නේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන හයිය කරට අරගෙන ජපුරේ පිස්සු නටන පිස්සු කරූ ගේ පිස්සු වැඩ නිසා සාමකාමිව පැවති විශ්ව විදයාලය නැවතත් පරිහානියට පත්වෙන තත්වයකි.

This entry was posted on Thursday at 8:03 PM and is filed under , . You can follow any responses to this entry through the comments feed .

10 comments

උප කුලපති දේශපාලකයන්ට අවශ්‍ය ලෙස පත් කල හැකි යයි කීම අතේ පැල වෙන බොරුවකි. උප කුලපති පත් වන්නේ ඡන්දයෙනි. එයට ඡන්දය දෙන්නේ විශ්ව විද්‍යාල සනාතන මණ්ඩලයයි. එහි පිටස්තර පුද්ගලයන්ට ඇත්තේ ආසන 2ක් පමණි.

නමුත් පත් වූ උපකුලපති පසුව දේශපාලන බලු ගැත්තකු වීමට ඇති හැකියාව මින් නිශේධ නොවේ.

October 16, 2009 1:24 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය..

October 16, 2009 7:12 AM

විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටය. සනාතන මණ්ඩලයට කළ හැක්කේ ජනාධිපති වරයා වෙත නමක් හෝ නම් කීපයක් යෝජනා කිරීම පමණි. ඡන්දයක් පැවැත්වෙන්නේ එසේ යෝජනා කරන්නේ කාවදැයි තීරණය කිරීමට පමණි. එහෙත් එම යෝජනා බැහැර කර තමන්ගේ අභිමතය පරිදි උපකුලපතිවරයෙකු පත් කිරීමට ජනාධිපති වරයාට හැකිය. මෑත කාලයේ එවැනි සිදුවීමකට උදාහරණයකි යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට මහාචාර්ය රත්නජීවන් හූල් පත් කිරීම.

නමුත් ජපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ පත්වීම එසේ ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව සිදු කළ එකක් නොවේ. ජපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට සමහර පිරිස් විරුද්ධ වන්නේ ඔහු නවකවධය හා ශිෂ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කරන බැවිනි. ඔවුන්ට අනුව ශිෂ්‍ය ත්‍රස්තවාදීන්ට කැමති විදිහට නටන්න ඉඩ දෙන උපකුලපත්පති වරුන් හොඳය. එහෙම නැති අය නරකය.

October 16, 2009 9:41 AM
Anonymous  

president can do anything. He can decide & appoint VC. Aho Mahinda Chinthanaya.

October 16, 2009 10:45 AM
අන්තරේ  

මේ වියවුල් පටන් ගැනීමේ මුල ශිෂ්‍යයො දෙන්නෙක්ගේ පංති තහනම් කිරීම. උන් ගේ පන්ති තහනම් කරන්න හේතුව නවකවධය දෙන තැනකට උපකුලපතිවරයා පැමිණ ඊට විරෝධය දක්වද්දී මේ කියන සිසුන් දෙදෙනා සියලු සිසුන් ඉදිරිපිට උපකුලපතිවරයාට තිත්ත කුණුහරුපයෙන් බැනවැදීම.

ඒක හරි යි කියලද කියන්නේ?

October 16, 2009 10:34 PM
Anonymous  

මෙය තවත් පිස්සෙකුගේ වැඩකට නැති ලියවිල්ලකි.නවක වදය දෙන මෝඩයන් උන්‍ගේ සැබෑ පියා කවුරුන්ද කියාවත් හරි හැටි නොදනියි..........

October 17, 2009 2:38 AM

නාමිකව යෝජනා චෝදනා ඉදිරිපත් කළ සැමට ස්තූතියි. නමුත් පසුගිය දිනවල පැවති තත්වය නිසාවෙන් ඔබ සමග සජීවීව සම්බන්ද වී පිළිතුරු සැපයීමට නොහැකි වීම පිලිබදව කණගාටුව පළකරසිටිමි.

October 19, 2009 4:32 AM

@ අන්තරේ

ඔබගේ කථාව වැරදියි. ඒක එක සිදුවිමයි විතරයි. මෙහි අභයන්තරව පවතින අර්බුදය ඊට වඩා වෙනස් වූවක්.

මෙ සිදූවිම් ජාලයට සෘජුවම දේශපාලන බලපෑම් තියෙනවා ඒ වගේම දේශපාලන න්‍යය පත්‍රයකට අනුවයි ඒවා සිදුවන්නේ.

October 19, 2009 4:40 AM
Wasabha  

j'pura gindara...........

December 2, 2009 12:22 AM
Wasabha  

boru kiyanna epa ban.uba kiyana dewalin ube politics penawa.campus eka kewe kawda kiyala hemomo dannawa.

December 2, 2009 12:26 AM

Post a Comment