Saturday

ජාතික හෙළ උරුමයේ අවස්ථාවාදී දේශප්රේවමීත්වය


-->
ජාතික හෙළ උරුමයේ අවස්ථාවාදී දේශප්‍රේමීත්වය



-->
ජාතික හෙළ උරුමයට නැවතත් ලංකාවේ බුදුසසුන අනතුරේ වැටී ඇති බව මතක් වී ඇත. බුදු සසුන අන්‍යාගමික මූලධර්මවාදීන් හමුවේ අනතුරකට පත්වි ඇති බව සැබෑ කරුනකි. ඒ පිළිබදව තර්කයක් නැත. මෙහි පුදුම සහගත සිදුවීම වන්නේ හෙළ උරුමයට මෙය මතක් වන්නේ එක් කාළයකට පමණක්ම වීමය.ඒ ඡන්ද කාළයට පමණක් වීමය. අතුරලියේ රතනහමිටත් චම්පික රණවකටත් අනුව මෙතෙක් කල් ලංකාවේ සර්ව ආගමික රාජ්‍යකි. එනිසාය බුදුධ සාසන අමාත්‍යංශය පවා අහෝසි කරදමන්නට මහින්දට උපදෙස් දී මහින්දව පාප් වහන්සේ ලගට බලෙන්ම යවා ලංකාවට කාදිනල් කෙනෙකු කෙසේ හෝ පත් කරන ලෙස අයැද සිටින්නටත් රතන ,චම්පික හවුල ක්‍රියාකලේ එනිසාය.
පසුගියදා හෙළ උරුමය එන ඡන්දය කුමක් වුවත් ඒ සදහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කලේය. ඒ කොස්වත්තෙන්ය. කොස්වත්ත පල්ලියේ ෆාස්ටර්ගේ යාඥාවට ගිය අහිසක බෞද්ධයන් මිය ගිය පුවත ඇසූ රතන හිමිගේ හදවත ජාත්‍යාලයෙන් ශාසනාලයෙන් පිරී ඉතිරී ගියේ දෙවියන් වහන්සේ විසින් එන ඡන්දයෙන් ‍ගොඩ යන්නට තමාට අවස්තාවක් ලබාදී ඇතිබව දැක විය හැකිය. ඒ නිසා රතන හිමි දෙවියන් වහන්සේගේ නියමය පරිදි වහාම ක්‍රියාත්මක වීය. උත්සාහය සාර්ථක විය. රතන හිමි ගොඩය. නමුත් ඡන්දයක් දිනන්න තරම් එය ප්‍රභල නොවූ බව දත් රතන හිමි දෙවියන් වහන්සේගෙන් ඊලගට ලබාගන්නා වරම අපට ඉදිරියේදී දත හැකිය.
මොවුන් මේ කරනුයේ අවස්ථාවාදී ලෙස තම පුද්ගලික දේශපාලන අවශ්‍යතා සදහා ලංකාවේ බුද්ධ සාසනය දං ගෙඩියට තැබීමකි.
දැනට වසර ගණනාවක සිට කොස්වත්ත ෆාස්ටර් බෞද්ධයන් රවටා අන්‍යාගම් කරණය සිදු කරන ලදී , එසේම දැනට වසර ගණනාවක පටන් අදටත් ලංකාවේ බෝහෝ ප්‍රදේශවල යාඥාවෙන් ලෙඩ සුව කරන්නට ගොසින් අසරණ මිනිසුන් මිය යති. එය රතන හිමියන්ද හොදින්ම දන්නා බව විස්වාසය. එසේම දිවයින පුරා සෑම ප්‍රදේශයකම මෙම ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ‍බෞද්ධයන්-හින්දූන් බිලීබාගන්නා බවත් රතන චම්පික ගම්මන්පිළ නොදන්නවා විය නොහැක. තත්වය මෙසේ වුවද මොවුන් කරන්නේ ඔව්න්ට අවශ්‍ය කාළයට පමණක් මෙම ප්‍රශ්නය මතුකර ඉන් දේශපාලන වාසිලබා තම තමන්ගේ මල්ල තරකර ගැනීම පමනි.

අපට හොරා විකිණෙන අපේ කම.


-->
අපට හොරා විකිණෙන අපේ කම.
සිංහලයා අපේ කම‍ ගැන කථාකරන්න කැමති ජාතියකි. උඩරට මිනිසා අපි උඩරට මිනිස්සු යැයි කියන විට දකුණේ මිනිසා තමන් දකුණේ බව පවසන්නේ මහත් උජාරුවෙනි. රජ රට මිනිසාත් එසේමය. ලෝකය තුළද අපි සිංහලයෝ බව කියාගන්නේ කෙතරම් ආඩම්බරයෙන්ද , ඒ තමයි අපේ කමට තියෙන ලැදියාව.ඒක තමයි අපේ අනන්‍යතාවය.අද අපිට අපේ කම ගැන කථාකරන්න පුළුවන් වෙළා තියෙන්නේ එදා පුරන් අප්පුලා ගොන්ගාලේ ගොඩ බණ්ඩලා අනගාරික ධර්මපාල තුමා වගේ ජන නායකයන් අපි වෙනුවෙන් සටන් කළ නිසාය.එදා ඒ මිනිසුන් අපේ කම රැකගන්නට ඉගැන්වූයේ පාලකයා අයුක්තියෙන් අසාධාරණයෙන් අපේ රට හුරාගෙන කන විට දිවි හිමියෙන් එයට එරෙහිව සටන් වදින්නටය.
එදා මල් වට්ටියත් රැගෙන පන්සලක් පන්සලක් ගානේ යනකොට ධර්මපාල තුමා කියපු දියසෙන් කුමරා නැවත පහළ වෙළා යයි සිතූ අප ඔහු ලංකාවේ පළමු පුරවැසියා බවට පත් කළේ ඒකමතිකවය.ඒත් ඡන්දෙන් පස්සේ පල්ලියක් පල්ලියක් ගානේ යන කොට ඒ ජනාධිපති කම නිසා වෙන්නට ඇති කියා අප හිත හදාගත්තත් වතිකානුවේ පාප් වහන්සේට ලංකාවට කාදිනල් කෙනෙකු පත්කර එවන ලෙස ඇවිටිලි කරන්නේ අපේ කමට සියදිවි නසාගන්නා ලෙස දන්වමින්ය.
එදා විජාතික n.g.o බලවේගයන්ට එරෙහිව කේසර සිංහනාද නැගූ ගම්මන්පිල අද ඇමෙරිකාවට සිංහරාජයේ ජාන මංකොල්ල කැමට අවසර දෙනවිට, සිංහරාජය මැද n.g.o ගොඩනැගිලි ඉදිකරන විට එය අනුමත කරන්නේ ඉන් අපේ කමට සෙතක් වෙන නිසාද නැතිනම් මන්ත්‍රී කම නැතිවෙන
-->
නිසාදැයි සිතාගත නොහැකි වුවත් චම්පිකට නම් අපේ කමට වඩා ඇමති කම වටින බවක් ඔහුගේ කෙරුම් වලින් පෙනි යයි.
වෙලාව අවේලාව නොබලා අයුක්තිය, අසාධාරණය ගැන ලිප්ටන් වටරවුමේ වාතලය මුසපත් කළ විමල් ට අද සිදුවන වංචා දූශණ නොපෙනෙන්නේ ඔහු ගේ පාට මාරු වු නිසාද නැතිනම් අපේ කම කුමක්දැයි රජ සැප ඉදිරියේ දියවී ගිය නිසාදැයි සිතාගන්නට අමාරුය.
සෝම හාමුදුරුවන්ගේ ශ්‍රී නාමයේ ආනුභාවයෙන් පාර්ලීමේන්තුවට වැඩමකළ අපේ හාමුදුරුවන් වහන්සේලා අන්‍යාගම්කරණ පනත විසිකරන විට අහක බලාගත්තේ අපේ දුප්පත් දාන වේලට වඩා අරලිය ගහ මන්දීරයේ ෆ්‍රයිඩ් රයිස් රසවත් නිසා වෙන්නට ඇත. එසේත් නැතිනම් ඊලග මැතිවරණයකදී නැවතත් සෝම හිමි විකුණන්නට පුළුවන්යැයි සිතාගෙනය.
අප බලා සිටින්නේ ඔව්න් අපේ කම වෙනුවෙන් හඩනගන තුරුය.නමුත් දැන් ඔව්න්ගේ සිත් වල අපවෙනුවෙන් ඉඩක් නැත.දුශණය වංචාව නැති පවුල් වාද නැති යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජිවත්වන රටක් ඔව්න්ට අවශ්‍ය නැත. දැන් ඔව්න්ගේ බැංකු ගිණුම් පිරෙමින් පවතින යුගයයි. බඩ කට නිකම්ම පිරෙන කාළයයි.
අප සිහින මැව්වේ , වෙහෙසුනේ අපේ කම හදුනන මිනිසෙකු ජනපති කරන්නටය. එසේම ඔහු එම තත්වයට ගෙන එන්න අප පෙළපාලි උද්ඝෝෂණ , පිකටින්, වර්ජන කලේ කදුළු ගෑස් රබර් උණ්ඩ වලින් පෙර පව් ගෙවමිනි. පාප්ප පෝස්ටර් කටව්ට් කොඩිවැල් අපගේ ජීවිතය කර ගත්තේ අපේ රට ජාතිය හුරාගෙන කන්නැති අවංක මිනිසෙකු පත් කරන්නටය. නමුත් සිදුවූයේ අනෙකකි. අපේ කරමතින් ඉහළට ගිය එවුන් අපේ කම බල්ලාට දැමීමකි.
එදා ඔවුන් අපට ඉගැන්වූ අපේ කම අද තෙලෙන් කා කිරෙන් අත සෝදන අපේ දියසෙන් කුමාරවරු අපට කියන්නේ අයුක්තියේදී අසාධාරණයේදී නිහඩව සිටින්නය. රටට ජාතියට කුමක් වුවත් නිහඩව සිටින්නය. ජාතියේ නාමයෙන් ජාතියේ විනාසය බළා සිටින්නට‍ය. අප නායකයන් බවට ඔව්න් ඔසවා තැබුවෙමු. ඔව්න් අපගේ රටේ ජාතියේ ගැලවුම් කරුවා වන තෙක් බලා සිටිද්දී ඔව්න් අපටත් හොරා අපව පාවා දී ඇති බව නොදැනෙන්නේ ඔව්න් තවමත් ජාතික වීරයින් සේ අප සිතා සිටින නිසාවෙනි.

තවමත් ශ්රීව ලංකාව සිංහල බෞද්ධ රටයි.



-->
තවමත් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටයි.
ශ්‍රී ලංකාව බහු ජාතික,ආගමික,සංස්කෘතික රටක්ද මැයෙන් ලිපියක් පසුගියදා බ්ලෝග් අවකාශයේ පළවී තිබෙනු දුටු නමුත්( http://kandyroad.blogspot.com/2010/02/blog-post_8658.html )ඒ සදහා අදහස් පළකිරීමට ඉඩ කඩක් නොලැබුනු නමුත් ඒම මතය පිළිබදව යම් අදහසක් දක්වන්නට අවශ්‍ය බැවින් බොහෝ කාළයකට පසු උරුමය මෙසේ දක්වා සිටිමි.
ලංකාව බහු ජාතික රටක් බව සමාජගත කිරීමට පසුගිය කාළයේ විවිධ රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලයින් ආදී විශාල පිරිසක් නොයෙකුත් මාධ්‍යයන් හරහා නොයෙකුත් අසාර්ථක උත්සාහ ගන්නා ලද අතරම අදටත් එය නොනැවතී ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් එය කිසිදිනෙක සත්‍යක් බවට පත්කළ නොහැකි කරුණ වන්නේ ශ්‍රී ලංකාව සිංහල ජාතියේ ලේ වලින් ප්‍රභවය වූත් , සිංහල ජාතියේ මාතෘ භූමිය ලංකාද්වීපය බවට හෙළ දෙරණ සාක්ෂි දරණ නිසාවෙන්ය. ලංකාව නම් වූ මාතෘ භූමියේ උරුමකරුවන් සිංහල ජාතිය වුවත් සිංහලයන් ලංකාවේ අන්‍යජාතින්ගේ ජීවක්වීමේ අයිතිය හෝ අනිකුත් මූලික අයිතින් බලහත් කාරයෙන් පැහැරගැනීමට හෝ සීමා කිරීමට කෙදිනකවත් උත්සාහ නොගත් අතර ඒ නිසාම ලංකාව තුල විවිධ උප සංස්කෘතීන් බිහි විමට අවස්ථාව ලැබී ඇත.
වතිකානුව ක්‍රිස්තියානීන්ගේ රාජ්‍යය වන්නාසේම,අරාබිය මුස්ලිම්වරුන්ගේ රාජ්‍යය වන්නාසේම, ඉන්දියාව හින්දූන්ගේ රාජ්‍යය වන්නාසේම ලංකාව ද බෞද්ධයන්ගේ රාජ්‍යය විය යුතුය. ක්‍රිස්තියානින්ට,මුසල්මානුවන්ට ලෝකය තුල ඇති අයිතිය බෞද්ධයන්ටද හිමිවිය යුතුය. එසේ නැතිනම් එය අසාධාරණ ආත්මාර්ථකාමී අවස්ථාවාදී චින්තනයකි.
මා මීට පෙරද ලංකාවේ බහු කථාව ගැන ලියූ ලිපියක් ද ඇත.
නමුත් අද වන විට දක්නට ඇති කණගාටු දායක කරුණ වන්නේ සිංහල බෞද්ධ ජාතික මතවාදය හුදෙක් දේශපාලන අවස්ථාවාදින්ගේ අතකොළුවක් පමණක්ම බවට පත්වීමයි. තමන්ට ජයග්‍රහනය සදහා සිංහල බෞද්ධ ඡන්ද බහුතරය ලබා ගැනිමට දේශපාලන වේදිකා අලංකාරය පිණිස සිංහල ජාතිය, බුද්ධ සාසනය, මාතෘ භූමිය,දේශ ප්‍රේමය ආදී වචන යොදාගෙන සිංහල බෞද්ධයන්ගේ ජාතිකත්වය අවුස්සා තමන්ගේ අවස්ථාවාදී දේශපාලනය ස්ථාවර කරගැනිමට පමණක්ම සිංහල ජාතියත් බුදු සසුනත් දැන දැනම භාවිතා කිරිම අද වනවිට සිංහලයා තමන්ගේ අනාගත පැවැත්ම තුල මුහුණදී ඇති භයානකම තත්වය වේ.