Tuesday

ධර්මය සැගවීම


අද බොහෝ භික්ෂූන් වහන්සේලා බුදු දහම පන්සිල් පද වලට පමණක් සීමාකරමින් පවතී , ධර්මය සාකච්චා කිරීමක් දකින්නට නැතිතරම්ය . අභිධර්මය පිළිබද දේශනා පොත් වලටම සීමාවෙමින් පවතී . නමුත් එය බුද්ධවචනය පිළිපැදීමක් නොව .


Sunday

දෙමළ මිනිසාගේ නිජබිම .

දෙමළ මිනිසාගේ නිජබිම

මේ පිළිබද සොයන්නට අදහස පහල වූයේ අමල් මහතා ගේ (http://amalishantha.blogspot.com/)බ්ලොග් එකේ යොමුවූ “දෙමළ ජනතාවගේ ප්‍රශ්නය හා යුද්ධය” නැමැති සංවාදයට නිලන්ත පියසිරි විසින් කරන ලද යොමු කරණ ලද ‍වැදගත් ප්‍රශ්නයක් නිසාවෙනි.

දෙමල ජනයා දකුණු ඉන්දියාව තම නිවහන කරගෙන සිටින අතරම ලෝකය පුරා බොහෝ

රටවල ආගන්තුකයන් ලෙස ජීවත්වෙති . ලොව පුරා විශාල ජනගහණයක් සිටියද ඔව්න්ට තමන්ටම කියා රටක් නැත . මෙනිසා ඔව්න් අද ලොකය තුල අනාතවූ ජාතියක් බවට පත්වී ඇති අතර තවදුරටත් ඔවින්ට එසේ සිටිය නොහැක . මෙනිසා ඔව්න් තමන්ගේ නිජබිම සොයා කරලියට පැමිණි නමුත් ඔව්න්ට තම මුල් නිජබිම වෙත දැන් යා නොහැකිය . එය අද ඉතා ප්‍රභල ජාතියක් විසින් පාලනය කරනු ලබයි. ඒ සිංහලයන් නොව හින්දූන්ය . දෙමල මිනිසාගේ මුල් බිම උතුරු ඉන්දියාවයි. ඉන්දියානු ශිෂ්ඨාචාරය ගොඩනගනු ලබන්නේ දෙමළුන් විසිනි.දෙමල මිනිසා අවුරුදු දහස්ගණනක උත්සාහයෙන් ගොඩනගනු ලබන ශිෂ්ඨාචාරය ලෝක ඉතිහාසයේ යම් දිනකදී හින්දූ ජාතිකයන්ට හිමිවේ .එතැන් පටන් දෙමල මිනිසා යනු හින්දුන්ගේ යටහත් පහත් සෙවකයායි. අදද එය එසේමය .මෙසේ හින්දුන්ගේ සවාමීත්වයට ගරුකරන දෙමල මිනිසා අදද තමන්ගේ උපන්බිම ගැන කථාකරන්නට අදිමදිකරයි.මේ දීන කම නිසාම දෝ ඔව්න් තමන්ගේ පෞඩ වූ ඉතිහාසය විකෘති කරදමා දෙමල ජාතියේ උපතට , සභ්‍යත්වයට , පැවත්මට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති ලංකාවේ දෙමල නිජබිමක් පිළිබදව කථාකරති.

ලංකාවේ ඊලමක් පිළබදව LTTE ය දක්වන මතවාදයන් හුදු මවාපෑමක් මිස කිසිදු පිළිගත හැකි එකදු සාක්ෂියක්වත් සාධකයක්වත් ඔව්න් සතුව නැත . සාක්ෂි තිබෙන්නටනම් ඉතිහාසයේ කෙදිනක හෝ එය සිදුවිය යුතුය . දෙමල ජාතිය හා ලංකාව අතර තිබී ඇත්තේ එකම එක බැදීමක් පමණි ඒ වරින්වර ලංකාව ආක්‍රමණය කිරීම පමනි .එය අතීතයට මෙන්ම අදටත් වලංගුය. ලංකාවේ දෙමල නිජබිම වැනි හිතළුවක් පිළිබදව කථාකරන්නට කාළය වැයකිරීම අපරාධයකි.

ඒ වගේම LTTE ය ලංකාව දෙමල ජාතියේ නිජබිම කරන්නට යාමේන් දෙමළ ජාතියට ද සිදුවන්නේ තමන්ගේ අවුරුදු දහස් ගණනක් පැරණි පුරා විද්‍යාත්මක සාක්ෂි සහිත පෞඩ ඉතිහාසයද ඔව්න්ට නැතිවීම පමණය .

ලංකාවේ ජීවත්වන දෙමල මිනිසුන් ඔව්න්ගේ නිජබිම පිළිබද‍ව හෝ ඉතිහාසය පිළිබදව නිවැරදිව දන්නවායැයි සිතන්නටනම් අපහසුය . මොකද ලංකාවේ දෙමල ජනයා කළයුතුදේ-නොකළ යුතුදේ , ඉගෙන ගතයුතුදේ -නොගත යුතු‍දේ තීරණය කරනුයේ ලංකාවේ දෙමල දේශපාලඥයන්ට සහ LTTE යට කාලීනව මතුවන අවශ්‍යතා විසින්ය.

දෙමළුන් නොදත් දෙමළුන්ගේ ඉතිහාස කථාව සිදුවන්නේ මෙසේය.

පරම්පරා සිය දහස්ගණනක මතකයෙන් වැලලීගිය මෙම දෙමල ශිෂ්ඨාචාරය නැවතත් ඉන්දු නිම්නයෙන් 1922 දී සොයාගනු ලබන්නේ ඉන්දියානු ඉතිහාසයේ හිස්තැන් මෙන්ම ලෝක ඉතිහාසයේ හිඩැස් වලටද පිළිතුරු සපයමින්ය. මෙම ශිෂ්ඨාචාරය ලෝකයේ අනෙකුත් මහා ශිෂ්ඨාචාර වලටද නො‍දෙවෙනි ලෙස නිර්මාණය වී ඇති අතර ඒවාට සමකාලීන වේ .මෙහි විශාලත්වය කෙතරම්ද කියතොත් වර්ග සැතපුම් 1200 *700 පමණ ප්‍රදේශයකම පැතිරීගෙස් ඇති අතර මෙය අප කවුරුත් දන්නා මොහෝන්දෝජාරෝ - හරප්පා ශිෂ්ඨාචාරයන්ය.

කැණීම් වලදි මෙහිදී ප්‍රධාන වසයෙන් හදුනාගත් ප්‍රදේශ ලෙස

ඉන්දු නදී ඉවුරේ - මෝහොන්දොජාරෝ

රාවි නදී ඉව්රේ - හරප්පා

කතියවාර් වෙරලේ - ලෝතාල් හදුනාගෙන ඇත

නමුත් මෙම මොහෝන්ජෝදාරෝ - හරප්පා ශිෂ්ඨාචාර 1922 සොයාගන්නාතෙක් දෙමළ ජාතිකයන් දැන සිටියේ නැහැ(බොහෝ දෙමල මිනිසුන් අදද නොදනී ) ඔව්න්ට මෙතරම් පැරණි ඉතිහාසයක් තිබෙනබව.ඔව්න් පමනක් නොව ඉන්දියානුවන් ද දැනසිටියේ නැහැ ඉන්දියානු ඉතිහාසයේ තරම

මෙම මොහෝන්ජෝදාරෝ - හරප්පා ශිෂ්ඨාචාර සොයා ගැනීමෙන් අනතුරුව ‍ලෝක පුරාවිද්‍යාඥයන්ගේ උත්සාහය වූයේ මෙම දැවැන්ත ශිෂ්ඨාචාරයේ නිජබිම් කරුවන් ; උරුමක්කරුවන් කවුරුන්දැයි සොයායන්නටය . මෙම රහස සොයාගැනීම සදහා ලෝක විද්වතුන් අවුරුදු ගණනාවක් නොයෙකුත් පර්යේෂණ කරණලදී.

මේ පිළිබදව බී . වී රාවෝ මහතා World history කෘතියේ දක්වාසිටින්නේ මෙ අයුරිනි,

“ අපගේ අධ්‍යනයේදී නිරතුරුවම ඉදිරිපත්වන ඉතාම වැදගත් ගැටළුව වන්නේ මෙම ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරු කවරහුද යන්න නිගමනය කිරීමය . ඔව්න් විදේශිකයන් කොටසක් වූයේද නැතහොත් ආර්යයන් හෝ දෙමළුන් වුයේද යන අවිනිශ්චිත තත්වය උද්ගත විය. .........‍විද්වතුන්ගේ අදහස වූයේ ඉන්දුනිම්න ශිෂ්ඨාචරයේ මිනිසුන් ප්‍රොටො ඔස්ට්‍රොලොයිඩ් , මධ්‍යධරණී , ඇල්පයින් , මොන්ගොලොයිඩ් ආදී වසයෙන් වන මනුශය වර්ගවල සම් මිශනයක් වූ බවයි . වර්තමාන දකුණුඉන්දියානු ජනතාවගේන් සමහර කොටස් සාමානයෙන් ඉහත සදහන්කොට ඇති වර්ගවලින් මුලින් සදහන් කොට ඇති වර්ගදෙකට අයත් වේ”

“ හරප්පාවේ ආගමික ඇදහිලි සහ ඇතැම් දකුණු ඉන්දියානු ආගමික විස්වාසඅතර ද සමානකම් තිබෙන බව සො‍යාගෙන තිබේ.”

“ මේ සාධක අනුව හරප්පා ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරුන් වූයේ දෙමළුන් බව විස්වාස කිරීමට ඇතැම් විද්වත්හු පෙළෙඹී සිටිති . තවද හරප්පා සංස්කෘතියේ සවභාවය අනුව එය නියත වසයෙන්ම සවදේශික එකක් වූ බවට සාධක ඇත .”

මෙ අයුරින් හින්දූන්ට සහ පසුව ඉන්ශ්‍රීසීන්ට බැලමෙහෙවර කරමින් ජීවත්වූ දෙමල ජනයා කෙදිනකවත් අපේක්ෂානොකළ පරිදි 1922 න් පසුව ඔව්න්ගේ නිජබිම මීට වසර 5000 කට පෙර පටන් ඉන්දියාවේ පැවති විශාල සංස්කෘතියක ශිෂ්ඨාචාරයක් බවට අනාවැකි පහල වන්නට විය එය ක්‍රමයෙන් තහවුරු විය .

මේ පිළිබදව A.L.Basham මහතා the wonder that was india කෘතියේ මෙසේ දක්වා සිටී,

“ මේ මහා ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරයෝ කවරහුද ? ඇතැම් ඉන්දියානු ඉතිහාසඥයෝ ඔවුන් ඍග් වේදය රචනාකළ ආර්යයන් බව ඔප්පු කිරීමට තැත් කළහ.එහෙත් මෙය කිසිසේත් විය හැක්කක් නොවේ ..........‍මොවූහු වර්ථමාන ඉන්දිය ජන සංඛ්‍යාවේ වැදගත් මූලයකට අයත්වේ.”

“සාමාන්‍යයෙන් වර්ථමාන දකුණු ඉන්දියානු ජාතිකයා හරප්පා සංස්කෘතියේ ප්‍රධාන මානව සාධකයන් දෙකවූ මධ්‍යධරණී හා ආදී ඔස්ට්රොලොයිඩ් වර්ගයන්ගේ සම්මිශ්‍රනයකි.තවද හරප්පා ආගම දෙමල රටෙහි විශේෂයෙන්ම ජනප්‍රියව පවත්නා හින්දු සාමයික මූලයන් හා බොහෝ සමානකම් දක්වයි..........බලුකිස්ථානයේ කදුවල වෙසෙන බ්‍රාහුඊවරු දැනට මානව ලක්ෂණ අතින් අයිරේනියානු ලක්ෂණ මතුකෙට පෙන්වතත් දෙමල බාශාවකින් කථාකරති.මේ කරුණු නිසා හරප්පා වැසියන් දෙමලයැයි අදහස් කොට ඇත.ඔව්න්ගේ හෝඩිය කියවීමට තැත් ගත් විශේෂඥයන් අතුරෙන් කෙනෙකු වූ එච් . හේරස් පියතුමා ඔව්න්ගේ බස දෙමල බසේ ඉතා ආදීම ආකෘතියක් බව පවසා ඇත.”

දෙමල ශිෂ්ඨාචාරයේ උපත , ප්‍රභවය පිලිබදව දෙමල ජනයාට සහ ලෝකයාට වසංකර ඇති කරුණු අප්‍රමාණය . නමුත් මේ ගැන සදහන් කළා ඇති . මොකද දෙමල ජාතියේ ඉතිහාසයක් පිළිබදව සොයායාමට අපි මෙතරම්වත් අවධානයක් යොමුකළත් දෙමළ ජාතිකයන් කරන්නේ කවුරුන් හෝ කියන ඊලම වැනි මිත්‍යාවන් පිළිගැනීම මිසක් සත්‍ය ඉතිහාසයක මුල බීජයන් සොයායන්නට හෝ ස්වාධිනව සිතන්නට මැලිවූ ජාතියක ඉතිහාසය අපි හරා අවූස්සා එයට කාළය වැය කිරීම අපරාධයක්දැයි සිතෙන බැවිණි.

විශේෂයෙන්ම හින්දු ජාතිකයින් අදද දෙමළ මිනිසා මතවාදීව , දේශපාලනිකව , ආගමිකව , සංස්කෘතිකව යටත් කරගෙන ජීවත්වෙති. ඒ සදහා ඔව්න්ගේ ඉතිහාසයද සැගවීමට යත්න දරා ඇත.මේබව බෂාම් මහතා විසින් විශේෂයෙන් සදහන් කර ඇති ඉහත පුවත නැවතත් උපුටා දැක්වීම වැදගත්ය .

“ මේ මහා ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරයෝ කවරහුද ? ඇතැම් ඉන්දියානු ඉතිහාසඥයෝ ඔවුන් ඍග් වේදය රචනාකළ ආර්යයන් බව ඔප්පු කිරීමට තැත් කළහ.එහෙත් මෙය කිසිසේත් විය හැක්කක් නොවේ ..........‍මොවූහු වර්ථමාන ඉන්දිය ජන සංඛ්‍යාවේ වැදගත් මූලයකට අයත්වේ.”

මේ ආදී වසයෙන් පෙනී යන්නේ අද ලෝකය තුල රටක් නොමැතිව නන්නත්තාර වී සිටින දෙමළ ජනයාට ලෝකය තුල රටක් සංස්කෘතියක් පැවති බවය . නමුත් ඔව්න් තමන්ගේ නිජබිම ලංකාව බව පෙන්වීම සදහා නොතිබූ ඉතිහාසයක් මවා පාන්නට ගොස් කරගන්නා විනාශය තුල ඔව්න් ‍ඓතිහාසික වශයෙන් තව තවත් අනාථ වන බැවින් ඔව්න් මෙය ඉක්මනින් තේරුම්ගත යුතුය . මොකද උතුරු ඉන්දියානුවන් නිරන්තරයෙන් තමන්ගේ ඓතිහාසික සභ්‍යත්වය ආරක්ෂාකිරීම කෙරෙහි අවධානයකින් පසුවීමය.

මෙනිසා ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව ඔව්න්ට වෙනම ජාතියක් වසයෙන් ස්වාධීනව ජීවත් වීමට අවශ්‍ය වන්නේනම් කලයුතු වන්නේ ලංකාවේ නොතිබූ දෙමල අධිරාජ්‍යක් වෙනුවෙන් හඩගෑම හෝ පුරසාරම් දෙඩවීම නොව ඉන්දියාව තුල එනම් තමන්ගේ මව් බිම තුල මව් බිමේ අයිතිය වෙනුවෙන් අඩුම තරමින් මුළු ඉන්දියාව පිළිබදව නොව දකුණු ඉන්දියාව තුලවත් ස්වාධීනව ජීවත් විය හැකි දෙමල රටක් ගොඩ නගාගැනීම වෙනුවෙන් සටන්කිරීමය.

ඒ වෙනුවෙන් සටන් කිරීමේ අයිතිය

සිංහලයාට ලංකාව තුල මෙන්ම ,

රතු ඉන්දියන් වරුන්ට - ‍ඇමෙරිකාව වෙනුවෙන්ද ,

ඇබෝන්ජීයන් වරුන්ට ඕස්ට්‍රේලියාව තුල මෙන්ම

පලස්තීනය තුල මුස්ලිම් වරුන්ට මෙන්ම,

අයර්ලන්තය වෙනුවෙන් අයිරිෂ් ජාතිකයන්ටද,

අප්‍රිකාව තුල කළු ජාතිකයින්ටද තම උපන් බිම වෙනුවෙන් සටන් කිරීමට ඇති අයිතිය මෙන්ම

ඉන්දියාව තුල දෙමළුන්ටද තම මව් බිම වෙනුවෙන් හිමිවිය යුතුය.

Thursday

සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව

සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව

අද වනවිට ඒ කියන්නේ විසිඑක්වෙනි සියවසේදී සිංහලයා තමනුත් , තමන්ගේ ආගම,ජාතිය පිළිබදවත් සිතන්නේත් , කටයුතු කරන්නේත් මහත්වූ හීන මානයකිනි. ඒත් ඔව්න් දන්නේ නැහැ ලොකයේ අනෙකුත්මහා ශිෂ්ඨාචාර වලට වගේම අපටත් ඒ මහා ශිෂ්ඨාචාර වලට නොදෙවෙනි වූ අනන්‍යතාවයක් තිබෙන බව. අපි ඒ ගැන ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතුනා, සිංහලයාට අද ඉංග්‍රීසි බේත් නැතුවම බැරිය . කෑම බීම වලටත් වඩා බෙහෙත් පෙති වලට ඇබ්බැහි වෙච්ච ඒත් හැමදාම ලෙඩින් ඉන්න ලංකාවේ මිනිස්සු සිංහල වෙදකම අමතක කර දැමිමේ විපාක විදිමින් සිටිති.ලෝකය තුල මහා ශිෂ්ඨාචාර ගොඩනැගූ සැම ජාතියකටම තමන්ට අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් තිබිණ.

උ.ඉන්දියානු ශිෂ්ඨාචාරය - ආයුර්වේද වෛද්‍ය ක්‍රමය

ද.ඉන්දියානු ශිෂ්ඨාචාරය - සිද්ධායුර්වේද වෛද්‍ය ක්‍රමය

මැදපෙරදිග මුස්ලිම් ශිෂ්ඨාචාරය - යුනානි වෛද්‍ය ක්‍රමය

චීන ශිෂ්ඨාචාරය - චීන කටු චිකිත්සාව

යුරෝපා ශිෂ්ඨාචාරය - ඇලොපති වෛද්‍ය ක්‍රමය

හොමියෝපති වෛද්‍ය ක්‍රමය

හෙලදිව ශිෂ්ඨාචාරය - සිංහල වෙදකම

“සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි . ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ ,

“සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ලග පාතකනැහැ.හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000 දහසකට පමණ පෙරය.ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ . මොකද ඔය කාලයේ තමයි සුර - අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය

ඒ රාවණ රාජ සමය තුලදීය . රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ.මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත.

“සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.

ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

1.ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්‍රය”

2.නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුන “නාඩි ප්‍රකාශයත්

ඔහු අතින් ලියවුන බව සදහන් වේ .

3. එසේම අර්ක ප්‍රකාශයේ” පරිච්චේද අවසන් වන්නේ පහත වැකියෙනි.

“ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”

4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්තය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “ උද්දීය තන්ත්‍රය” වෙයි.

“ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත.........”

හිතාගන්නත් අමාරුයි නේද , මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා , අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ඨාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම.

මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි.

“රාවණ අති ප්‍රාඥ විශිෂ්ඨ වෛද්‍ය වරයකු , මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”.

අදින් අවුරුදු 2000 කටත් පෙර ලංකාවේ දරු ප්‍රසූතිකාගාර තිබුනායැයි නූතන අපට සිතන්නට පුළුවන්ද , මහාවංශයේ පැහැදිළිවම සටහන්වෙනවා උන්මාදචිත්‍රාව දරු ප්‍රසූතිය සදහා ප්‍රසූතිකාගාරයට ඇතුළු වූ බව.

“කාලය පැමිණි කල්හි චිත්‍රා කුමරි ප්‍රසවය සදහා වැදුම් ගෙටද ඇතුළු වූවාය”

මින් පෙනෙන්නේ ශිෂ්ඨාචාරයක උපරිම සභ්‍යත්වයකට සිංහලයා මීට වසරදහස් ගණනකට පෙර ලගාවි ඇතිබව නොවේද?

මේ අයුරින් පරම්පරාවෙන් පරම්පරාවට පෝෂණය වූ සිංහල වෙදකම මහින්දාගමනයෙන් පසුව ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍ර සමග සම් මිශ්‍රණය වී ඇත. මේ නිසා පුරාණ සිංහලවෛද්‍යවරුන් සාම්ප්‍රදායික වෙදකමත් ,

ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍රයන් සහ බුදු දහමේ ආභාසයද එකට මුසු කර සිංහල වෙදකම පිළිබදව “මහා සම්ප්‍රදායක්” ගොඩනගන්නට ඇත. මෙම මහා සමුප්‍රදාය තුල සෞක්‍ය සංරක්ෂණ ක්‍රමයන් සදහා මූලිකත්වය දෙන්නට ඇත. ඒ වගේම වෙදකම එක් පංතියකට හෝ කුලයකට සිමාවීමක් හෙල ශිෂ්ඨාචාරය තුල දැකගත නොහැක. එය පාලකයාගේ සිට පහල සමාජය දක්වා ගමන් ගමන්නේ නිරායාසයෙන්මය .ඒ බව සද්ධර්මාලංකාරයේ සදහන් පහත පුවතින් දැකගත හැක.

“කාවන්තිස්ස රජු විහාරමහා දේවිය සමග තිස්සමහා වෙහෙරට ගොස් ගිලනුන් වහන්සේට බෙහෙත් පිළියෙල කරමින් ..........”

සිංහල වෙදකම පිළිබද වැදගත් මූලාශ්‍ර රැසක් හමුවන්නේ ක්‍රි‍‍:ව 341-370 අතර කාලයේදී ලංකාවේ රජ කල බුද්ධදාස රජුගේ කාලයේදීය. මෙතුමාගේ වෛද්‍ය දැනුම සහ සුවකරණ ලද ලෙඩරෝග පිළිබදව සදහන් කරන්නට ගියහෝත් මෙම ලිපිය ලියානිමකිරීමට මා හට දින දෙකතුනක්වත් ගතවෙනු නියතය. මෙනිසා කෙටියෙන් සදහන් කරතොත් වාත රෝග, ලාදුරු ආදී සුවකිරිමට අපහසු රෝගයන්ටද , මානසික රෝගීන්ටද ඉතා සාර්ථකව වෙදකම් කල මෙතුමා විසින් කරන ලද සැත්කම් වල ස්වභාවය නිසා විශේෂඥ ශල්‍ය‍‍වෛද්‍ය වරයෙක් ලෙසද හැදින්විය හැකිය.මින්සුන්ට පමණක් නොව සතුන්ටද වෙදකම් කරතිබීමෙන් පෙනීයන්නේ හෙල වෙදකම කෙතරම් දුරට සංවිධානය වී තිබුනාද යන්නයි.

මෙතුමා විසින් රචනාකර ඇති “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථය තුලින් අදට වසර 2000 කට පෙර තිබූ සිංහලයාගේ වෛද්‍ය දැනුමේ තරම සිතාගත හැකිය.

බුද්ධදාස රජු සාමාන්‍ය ජනතාවගේත් අවට පරිසරයේ ජිවත් වන සතුන්ගේ සෞකය ආරක්ෂාව සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යොදවා ඇති අතර එම වෛද්‍යවරුන්ට වැටුප් සදහා ගම් 10 ක ආදායම යොදවාඇති බවත් වංශකථාවල සදහන් වේ.

මින් පෙනෙන්නේ සිංහලයාගේ සැගවුනු ශිෂ්ඨාචාරයේ සභ්‍යත්‍වයයි. මෙතුමා ඖෂධ සහ ශෛල්‍ය උපකරණ ගෙන මහ මග සැරිසරමින් රෝගීන්ට වෙදකම් කළ රජෙක් ලෙස ජනප්‍රවාදයේ සදහන් වේ .

සෞක්‍ය සංරක්ෂණ ක්‍රම ගොඩනැගීම පාලකයන්ගේ අනිවාර්ය රාජකාරියක් ලෙස දැකිය හැක.

මෙ නිසා නගර වල ගම් වල වෙදහල් පිහිටුවීම පිළිබද සාක්ෂි ඉතිහාසය තුල අනන්තවත් හමුවේ .

උපතිස්ස රජු ගැබිණි මව්වරුන්ට , අන්ධයින්ට බෙහෙත් ශාලාද, දන්ත ශාලාවක්ද ඉදිකරවූ බවත් චූල වංසයේ සදහන් වේ.

2 වන සේන රජු , 5 කාශ්‍යප මේ ආදී වසයෙන් සැම පාලකයකුම මෙ සදහා විශේෂ උනන්දුවක් දක්වා ඇති බව පැහැදිලිය.

සිංහල වෙදකම ගැන කථාකරනවිට පරාක්‍රමබාහු රජසමයද ඉතා වැදගත් වේ.

මෙතුමාගේ චරපුරුෂ සේවයේ යෙදවූ අය අතර ගම් නියම් ගම් සැරිසරමින් විවිධ රෝග වලට පිළියම් කළ වෛද්‍යවරුද වී ඇත.

රජතුමා සියගනන් රෝගීන්ගේ වයසට සුදුසු වූ මහා වෛද්‍යශාලාවක් නගරයේ තනවා එහි සියළු උපභෝග පරිභෝග වස්තු තැබවූ බව සදහන් වේ .එසේම සියළු රෝගීන්ට දිවා රෑ දෙකෙහි අවශ්‍ය බෙහෙත් වර්ග ආහාර පාන සපයා ඒවා පිළිබද කටයුතු කිරීමට දැසි දස්සන් යෙදවූ බව සදහන් වේ.

පෝය හතරටම පෙහෙවස් සමාදන් වූ පරාක්‍රමබාහු රජු අමාත්‍යවරුන් සමග රෝහල් වලට ගොස් රෝග විනිශ්චයේ සහ ප්‍රතිකාර ක්‍රමයේ යෙදුනු බව මහාවංශයේ 73 පරිච්ඡේදයේ සදහන් වේ .

වෙද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා “මහ වෙදනා” නමින් හදුන්වාඇත.රෝහල්වල සිටින සෑම රෝගියෙකුටම සේවිකාවක් බැගින් වූ බව සදහන් වේ .

මේ අපි කථාකරන්නේ ඇමෙරිකාවේවත් , එංගලන්තයේවත් , ඉන්දියාවේවත්, සිදුවෙච්ච දෙයක් ගැන නෙමෙයි. මේ කථාකරන්නේ හදිසියකට තුවාලයකටවත් දාන්න බෙහෙත් නැතිවෙන , ඒත් ඇදවල් යටත් නිදාගන්න පොරකන තරම් ලෙඩ්ඩු ඉන්න , තමන් ලගට බේත්ගන්න එන ස්ත්‍රිය දූශනය කරලා බැල්කනියෙන් පහලට තල්ලුකරනත් , තම පංතියේ එවුන් කරන හොද නරක දෙකම සාධාරනීය කිරීමට ඕනෑම මොහොතක ලෙඩ්ඩු බිල්ලට දීලා වැඩවර්ජනය කරන්නට සැදීපැහැදී සිටින වෛද්‍යවරු ඉන්න මේ ශ්‍රී ලංකාවේම අතීතයේ සිදුවු වෛද්‍ය සංරක්ෂණය පිළිබදවයි.

මහා පැරකුම්බා රාජ සමය දේශිය වෛද්‍ය ක්‍රමය සෑම අංශයකින්ම දියුණුව පෙන්වන යුගයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අදහසයි. මෙයට හේතු වන්නේ මහා පැරකුම්බා රජු විසින් කරන ලද විදේශ ආක්‍රමණ වලදී යොදාගන්නා ලද වෛද්‍ය ශිල්ප ක්‍රම නිසාවෙනි. ලංකාවෙන් රාමඤ්ඤ දේශයට යැවූ යුද්ධ සේනාව සමග තියුණු බුද්ධිය ඇති වෙදුන්ද , හෙදියන්ද , සාත්තු කිරීම සදහා දැසි දස්සන්ද ගිය බවත් ඉතා දරුණු විශ පෙවූ ඊතල වලින් ඇතිවන තියුණු වන සුව කිරිමට අවශය බෙහෙත් රැගෙන ගිය බවද සදහන් වීමෙන් පෙනි යන්නේ එකල දේශිය වෙදකම මනාව සංවිධානය වූවක් බවය . මෙසේ හෙල ශිෂ්ඨාචාරය පුරාවට ගොඩනැගුණු සිංහල වෙදකම සෑම විටකම පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් , නිරෝගී භාවය වෙනුවෙන් කටයුතු කරන්නට විය.

මේ බව ‍ඓතිහාසික සාධක තුලින් පැහැදිලි වෙනවා. පණ්ඩුකාභය රජුගේ නගර සංවර්ධන සැලැසුම තුල කැලි කසල ඉවත් කිරීමට සැඩොල් කුලයේ අය 200 කුද ,මෟත ශරීර ඉවත්කිරිමට සහ සොහොන් බිම් මුර කිරිම සදහා තවත් 250 ක්ද යෙදවූ බව සදහන්වේ.

මීට සමකාලිනව භාරතයේද මීට සමාන සෞක්‍ය සංරක්ෂණ ක්‍රම භාවිතා වී ඇති බව පැහැදිලිය.

යමෙක් වීදියට කුණු කසල දමයිද ඔහු කාසි අටෙන් එකක දඩයකට යටත් වේ .එසේම වීදියකට කසල හෝ ජලය රැස්වන්නට හැරියහොත් ඔහු කාසි ¼ ක දඩයකට යටත් වේ යැයිද ...” ආදී වසයෙන් පනවන ලද මේ නිති ජනතාවගේ සෞක්‍ය සංරක්ෂණය උදෙසා යොදාගන්නට ඇත.

සිංහල වෙදකම පිළිබදව කථා කරන විට එහි වර්ධනයට බුදු දහමින් ලද දායකත්වයද ඉතා වැදගත් වේ . බුදු දහම තුල සෞක්‍යට ඉතා වැදගත් තැනක් ලබා දෙන අතරම සෞක්‍ය සංරක්ෂණ කටයුතු වලදී මනා පිළිවෙලක්ද අපේක්ෂා කරන ලදී . විනය පිටකයේ ඖෂධ කණ්ඩකයේ මේ පිළිබදව සදහන් වේ .

බුදු දහම තුල ‍ලෙඩුන්ට උවැටැන් කරන්නන් සතුවිය යුතු මූලික ගුනාංගයන් කිහිපයක් අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ දක්වා ඇත.

01. බෙහෙත් නියම කිරීමට හැකිවීම

02.ලෙඩාට ඒ ඒ අවස්ථාවේ දිය යුත්තේ කුමක්ද නොදිය යුත්තේ කුමක්ද නිශ්චිතලෙස දැනගැනීමට හැකිවීම.

03.තණ්හාව නොව හුදු දයාව , කරුණාව පෙරටු කොට ගෙන සේවය කිරීම .

04.රෝගියාගේ මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේදි පිළිකුලි සහගත නොවීම.

05.වරින් වර රෝගියාට අවශ්‍ය ආගමික අවවාද අනුසාසනා කිරීම .

සිංහල වෙදකමේ හැටියට නිරෝගිබව නැති වීමට බලපාන කරුණු විවිධාකාරය’ පිටතින් පැමිණෙන යක්ෂ,භූත ආදීහු ශරීරයට පිවිසීම’ වා,පිත්,සෙම් යන තුන්දොස් කිපීම’තමන්ට බලපාන ග්‍රහයන්ගේ අනිෂ්ඨ විපාක’ යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් සිදුවන ප්‍රතිඵල’පෙර කර්මයෙන් සිදුවන දේආදී වසයෙන් බොහෝ කරුණු මෙයට අදාල වේ.මේ නිසා වෛද්‍ය වරයා , නක්ශ්‍රත්‍ර කරුවා යන තිදෙනාගේම කාර්යන් සිංහලයාට වැදගත් විය.

ඒ වගේම ප්‍රතිකාර සදහා ඒඒ රෝග වලට විශේෂඥයන්ද ගම්වල ජීවත්ව ඇත.සර්වාංග වෙදකම,කැඩුම් බිදුම් වෙදකම , වන, ගෙඩි , පිළිකා වෙදකම,විදුම් පිළිස්සීම් උපයෝගී කොටගෙන කෙරෙන වෙදකම,අලි වෙදකම, හරක් වෙදකම ආදී වසයෙන් සාම්ප්‍රදායික වෛද්‍ය ශ්‍රාස්ත්‍රය සෑම ගමකම ස්ථාපනය වී තිබින.

මෙය ඔව්න් ලබන පුහුණුව අනුවද වර්ගීකරනයකට ලක්කිරීම පහසුය.

ගමේ වෙද මහත්තයා

වට්ටෝරු වෛද්‍ය වරයා

භූත වෛද්‍ය වරයා

පාරම් පරික වෛද්‍ය වරයා මෙ ආදී වසයෙන් සිංහල ජන සමාජය වෛද්‍ය වරයාගේ විශේෂඥ භාවයට වැඩි තැනක් ලබා දී ඇති බව පෙනේ .

සිංහල වෛද්‍ය ක්‍රමයට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම රැසක් අදත් ශේෂව පවති .ඒ අතර

සර්ප විෂ වෙදකම , අලර්ක (ජල භිතීකා) විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම,කැඩුම් බිදුම් වෙදකම, කෞමාරභෘත්‍යය(ළදරු රෝග) වෙද කම ආදිය ඉන් ස්වල්පයකි.

සිංහල වෙදකමේදී යොදාගන්නා ඖෂධ සංයෝග නුතනයේත් නොමැති තරම්ය. ගුලි,කල්ක,චූර්ණ,ලේහ,ආලේප,කායන්,කසාය,අරිෂ්ඨ, ආසව,තෛල,ආදී ලෙස රැසකි.නාධි ශ්‍රාස්ත්‍රය තුලින් ‍රෝග විනිශ්චය කිරීමද දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම නිල අල්ලා රෝග සුව කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවට අදද සොයාගත නොහැකි වී ඇත.මෙහිදී ශිරෝ රෝග, වාත රෝග, චක්ඛු (ඇස්)රෝග ආදියට සිරුරේ නිල තෙරපීම මගින් ප්‍රතිකාර කරනු ලබයි.මෙ ආදී වසයෙන් සිංහලයා හෙල ශිෂ්ඨාචාරය ගොඩනැගීමේදී නීරෝගී භාවය උදෙසා තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් ගෙඩනගාගත් අතර ඔව්න් එහි ප්‍රතිපත්තින් තම ජීවිතයත් සමග මුසුකරගෙන නිරෝගී ජිවිතයක් ගතකරන්නට ඇත.

නමුත් අද එම සියල්ල අමතක කරදමා නූතන තාක්ෂණයේ පිහිට සොයන්නට ගොස්,නූතන තාක්ෂණය විසින් සියල්ල කරදෙන තෙක් බලාසිටීම නිසා ඔබත් මමත් සියල්ලෝම සදාකාලික රෝගීන් වී ඇත. මේ අයුරින් අතිත සිංහල ජාතිය වෛද්‍ය සංරක්ෂන ක්‍රම භාවිත කරමින් ඉතා නිරෝගි ජිවිතයක් ගතකර ඇතිමුත් අද සිංහලයා දන්න කියන සියළුම බෙහෙත් වර්ග බීලත් හැමදාම ලෙඩින් ,

සිංහලයන් කෙතරම් නිරෝගි ජාතියක්ද කිවහොත් සමකාලීන යුරෝපීය ශිෂ්ඨාචාරයන් පුදුමයට පත්කර ඇති බවට සාක්ෂි අනන්තවත් දක්නට ඇත.

මිට අවුරුදු දෙදහසකට(2000) පෙර ලතින් බසින් ලියැවුනු “ ඩී මොරිබස් බ්රැක් මැනෝරම්” නැමැති පොතේ සිංහලයාගේ නිරෝගිකම පිළිබදව සදහන්වන්නේ මෙසේය.

“ලංකාවේ වැසියන් “මැක්‍රෝබයි’ යන නමින් හදුන්වනු ලැබූහයි ‘ස්කොලැවිස්කාස්’ නම්වූ තීබ්ස්හි පඩිවරයකුගෙන් තමාට අසන්නට ලැබිණු බවත් එම නම ඔව්න්ට ලැබි ඇත්තේ , එරට දේශගුණයේ සුබදායක බව නිසා එහි වැසියන්ගේ ආයු කාලය අවුරුදු 150 ක් පමණ වන බැවිනි.”

“අම්බ්‍රෝස්’ නැමැති ලේඛකයෙකු විසින් ලියා ඇති ඉහත වාර්ථාව තුලින් පෙනේන්නේ එදා ලංකාවේ මින්සුන් කොතරම් නිරෝගීව ජීවත් වන්නට ඇද්දැයි කියා නොවේද?

ක්‍රි:පුර්‍ව 1 සියවසේ සිසිලියානු ජාතික “දියෝදරස් සිකියුලස්” නම් ඉතිහාසඥයා සිංහලයා පිළිබදව වාර්ථාකර ඇත්තේ මෙසේය,

“මෙරට වැසියෝ දීර්ඝායු වලදිති.ඔව්න්ට ලෙඩදුක් අඩුය...........”

ලෝක ඉතිහාසය තුල සිංහලයා පිළිබදව සදහන් වන්නේ එලෙසිනි.

අද සිංහලයෝ සිතන්නේ ලොව තිබෙන හොදම ක්‍රමය තියෙන්නේ යුරෝපය ඇතුළු බටහිර රටවල කියාය . එසේ සිතා සිංහලයා තමා පාරම්පරිකව ගෙනා සිංහල වෙදකම සම්පූර්නයෙන්ම අමතකකර දමා ඇත.බටහිර වෛද්‍යක්‍රමය නරකනැත .නූතන සමාජය තුල ඇති චින්තන රටාවට හා තාවකාලික ජීවිතවලට අනුව එය හොදය , නමුත් අප කළයුත්තේ සිංහල බෙහෙත් වට්ටෝරු කුණු කූඩයට දැමීම නොව , එම බෙහෙත් වට්ටෝරු නුතන තාක්ෂනය සමග මුසුකළයුතුයි,එවිට බටහිර ඇලොපති , හෝමියෝපති ක්‍රම වලට වඩා උසස් වෛද්‍ය ක්‍රමයක් පෙරදිගින් සොයාගත හැකිවෙවි.