දේශපාලන සදාචාරය
මෙයද අපේ දේශපාලනයේ පැතිකඩකි. මෙය ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම අනුමත කරන්නන්ද
අප සමාජයේ සිටිති. මට නම් හිතෙන්නේ මෙම චර්යාවන් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුව තුලින් මෙන්ම මහ සමාජයෙන්ද ඉවත්කළයුතුයි.
දේශපාලන සදාචාරය
මෙයද අපේ දේශපාලනයේ පැතිකඩකි. මෙය ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම අනුමත කරන්නන්ද
අප සමාජයේ සිටිති. මට නම් හිතෙන්නේ මෙම චර්යාවන් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුව තුලින් මෙන්ම මහ සමාජයෙන්ද ඉවත්කළයුතුයි.
කුසගින්නෙන් දුක්විදින මිනිසුන්ට භික්ෂූන් වහන්සේලා දන්දීම අකැපද?
බෞද්ධ ගිහි මිනිසුන්ගෙන් බහුතරය තවමත් දාන මානාදිය කරමින් පිං දහම් කරති. අද ලංකාවේ මිනිසුන් විසින් රට පාළනය කරවන උත්තමයන් ජීවත්කරවීම සදහා ගෙවන අසීමිත බදු මුදල් හමුවේ දන් දීම කෙසේ වෙතත් දන්දෙන්න සිතුවත් පිං රැස්වෙනු නියතය . ඒත් මිනිස්සු තමන්ට පුළුවන් ආකාරයෙන් දන් දීම සිදුකරයි . ඒ ගැන මිනිස්සු දෙවරක් නොසිතයි . ඒ එක පැත්තක්ය
ඊයේ අපේ පංසලේ කඨින පිංකම පැවත්වුනා . මමත් සංවිධායක මණ්ඩලයේ ඉන්න නිසා තමයි මට මේ වගේ සිදුවීමක් දැක්කේ .
අද කාලේ කඨින පිංකමක් කිරීමට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒ වැයවන මුදල් සොයාගත යුතු වන්නේ ගමේ ජීවත් වන ලොකු කුඩා දුප්පත් -පොහොසත් සෑම දෙනාගෙන්ම සම්මාදන් කිරීමෙනුයි . ඉතින් අපිත් මීට සති දෙකකට විතර කළින් නගරයෙයි ගමෙයි ගෙයක් ගෙයක් ගානේ කඨින පිංකමට අවශ්‍යකරන මුදල් , පිරිකර , දානය ආදිය එකතුකළා.
ඒ ගමෙනේදි මිනිස්සුන්ගේ විවිධ අදහස් මගේ කනට වැදුනා , මේ එයින් හොදට මතක තියෙන ටිකක් ;
පුතා ගියසැරේ වගේනම් අමාරුයි ඒත් මොනවද අපෙන් කෙරෙන්න ඕන.
මේ දවස්වල බිස්නසුත් නෑ ඒත් ඉතින් මෙවත් කරන්න එපැයි
අද නම් සල්ලි නෑ පස්සේ එන්න
ගෙදර නොනා නෑ ;ලබන කටිනෙට ආවම දෙන්නම්
අපේ ආගමේ හැටියට දන්දෙන්න බෑ ;ඒ නිසා කරන්න දෙයක් නෑ
මේ රුපියල් 5000 තියාගන්න තව මොනවහරි අඩු පාඩුවක් උනොත් කියන්න.
ම්...... මං දානෙට ඕන කරන පළතුරු ටික පංසලට එවන්නම් කොච්චර ඕනද
අනේ පුතේ මුළු ගෙදරම තියෙනේ මේ රුපියල් දහයවිතරයි.එන්න තේ ටිකක් වක්කරල දෙන්න
ඔක්කොම පිරිකර වලට කීයක් විතර යයිද ; ඒ සල්ලි මම දේන්නම්
මේ විදියට හොදයි - නරකයි දෙකම අහගෙන සම්මාදම හමාරකරලා සල්ලි , පිරිකර , දානයට ලැබිච්ච ද්‍රව්‍ය ගණන් කරලා බලන කොට මුළු කඨින පිංකමට අවශ්‍ය කරන ප්‍රමානය වගේ දහ- දොලෝස් ගුණයක් විතර එකතු වෙලා තිබුනා.
පෙරේදා රාත්‍රියේ තමයි කඨින සිවුර ගම වටේ අරගෙන ගියේ; එය හවස 7 ට පටන් අරගෙන උදේ හය වෙනකම්ම ගමේ හැම පාරකම අරගෙන ගිහිල්ලා නැවත පංසලට අරගෙන ආවා . ඒ අතර තුරදී මිනිස්සු දමපු පඩුරු වල එකතුවත් මුළු කඨින පිංකමට අවශ්‍ය කරන මුදල වගේ හතර-පස් ගුණයක් එකතුවෙලා
උදේ 9 -10 වෙනකොට මිනිස්සු එක්කෙනා දෙන්නා තමන් පොරොන්දු වෙච්ච දාන මානාදියත් අරගෙන එන්න පටන් ගත්තා එකොළහමාර වෙද්දී අපි නොහිතපු විදියට කෑම බීම පිරිකර එකතුවෙළා තිබුනා, දානෙට වඩින්නේ හාමුදුරුවරු 45 නමයි . 500 -600 කට කන්න කෑම බීම කිරි පැනි , අයිස්ක්‍රීම් , පළතුරු ආදිය එකතුවෙළා තියෙනවා.
ඒ වෙළාවේ තමයි කඨින පිංකම සංවිධානය කරල අපි මුහුන පාපු බරපතලම ප්‍රශ්නය මතුවුනේ. ඒ තමයි වැඩිපුර එකතුවෙච්ච කෑම වලට කරන්නේ මොකක්ද කියලයි. මොකද ඒවා ගෙනාපු ගමේ මිනිස්සුත් බලාගෙන ඉන්නවා තමන් උයාගෙන හදාගෙන ආපු කෑම බීම වලට මොකක්ද වෙන්නේ කියලා ;
ඒත් හාමුදුරුවරු දානේ වළදලා ගියා විතරයි දාන ශාලාව මිනිස්සුන්ගෙන් පිරෙන්න ගත්තා ඒ තරම් පිරිසක් කොහෙන් ආවද කියලා හිතාගන්න බැරිවුනා .ඇත්තටම මම ලංකාවේ මිනිස්සු කෑම වලට පොරකනවා දැක්කේ ඊයේ පංසලේදීය . හරියට සොමාලියාවේ වගේ සමහර මිනිස්සු හොදි දීසි වලටම බත් දාගෙන කනවා , සමහරුන් කෑම බෙදාගත්තේ අත් වලින්මයි . ඒ තරමට හදිස්සියි
අයිස්ක්‍රම් , කිරි වලට පොරකන්න ගිහිල්ලා මිනිස්සු ගහ ගන්න එක නැවතුනේ ගමේ මිනිස්සු මැදිහත් වෙලා .මෙච්චරවෙලා සිදුවීම බලාගෙන හිටපු ගමේ දායක දායිකාවන් කඨින පිංකම දන්සැලක් බවට පත් කළා එකතුවෙළා තිබුණ සියළු දේ මිනිසුන්ට බෙදල දුන්නා . කිසිම දෙයක් ඉතුරු වුනේනැහැ.
අපි මුලින් සිතුවේ මිනිස්සු පෙරේත කමකට කෑදරකමට බත්කන්න පොරකනවයි කියලා; එත් ටිකක් වෙලා යනකොට තමයි තේරුනේ ඇත්තටම බඩගින්න නිසා කන්න පොරකනවයි කියලා.
තමන්ගේ දරුවන්ට රසට බත් ටිකක් කවන්න ආස නිසා , ඇපල් කෑල්ලක මිදි ගෙඩියක රස ළමයට පෙන්නන්න ඕන නිසා , හැමදැම ඉල්ලුවත් අරන්දෙන්න බැරිවෙච්ච අයිස්ක්‍රීම් වටලප්පං ටිකක් ළමයට කවන්න තමයි ඒ මිනිස්සු උත්සාහ අරගෙන තියෙන්නේ.
කෑම ටිකක් ඉල්ලගන්න ඒ මිනිසුන්ගේ ඇස්වල පිරුණු කදුළු අපි දැක්කා . ඒ කදුළු ඇත්ත ඒවා ඒත් ඉතින් අපි මොනව කරන්නද ? අපි පුළුවන් විදියට කෑම ටික මිනිසුන්ට බෙදලදීල එකතුවෙලා තිබුන මුදල් නායක හාමුදුරුවන්ට දීලා ගෙදර ඇවිල්ලා බත් කෑවා.
ප්‍රශ්නය එය නොව කඨින පිංකමට එකතුවෙච්ච විශාල මුදල පංසල සතුය . ඒ වගේම ලංකාවේ බොහෝ විහාරස්ථාන වලට විවිධ පිංකම් හරහා විශාල මුදලක් එකතු වෙනවා. දලදා මාලිගාව , කතරගම , අනුරාධපුරය ආදී තැන් වල නිරන්තරයෙන් අරමුදල් රැස් කරති . ඒ වගේම බොහෝ විහාරස්ථාන සතුව නින්දගම් ආදී දේපල රැසක් පවතියි . මෙම ධනපති විහාරස්ථාන සතු ධනයට සිදුවන්නේ කුමක්ද ?
ලංකාවේ මිනිසුන් කුසගින්නෙන් දුක්විදිද්දී දළදා මාලිගාව වැනි ධනපති විහාරස්ථාන තම මුදල් කොටස් වෙළදපලේ ආයෝජනය කරඇත්ද ? බැංකු පොත් වල තැන්පත්කර ඇද්ද?එසේ නැතිනම් එයට සිදු කර ඇත්තේකුමක්ද ?
මේ අයුරින් භික්ෂූන් වහන්සේලා තමන් සතු ධනය සගවා තබාගෙන සිටින්නේ මිනිසුන්ගෙන් ලැබෙන ධනය නැවත මිනිසුන්ට ලබා දුනහොත් පව් සිදුවන නිසාද?
තමන්ට ලැබෙන පිරිකර පවා විකුණා මුදල් කරගන්නේ සබන් කෑල්ලක්වත් දුප්පත් මිනිසකුට දීම බුදු දහම තුල භික්ෂුන් වහන්සේට අකැප නිසාද?
මේ පිළිතුරු නැති ප්‍රශ්නවැල මගේ සිතට පහල වූයේ මිනිස්සු කුසගින්නේ කෑම වලට පොරකන විට හාමුදුරුවෝ තමන්ගේ කොටස අරගෙන අවාසගෙට ගිය ආකාරය පිළිබද කල්පනා කරමින් සිටින විටදීය.
(මාගේ මේ කථාව බුදු දහමට අපහාස කිරීමේ කිසිදු ආකාරයක උත්සාහයක් නොව ; වර්ථමාන භික්ෂු ක්‍රියාකාරීත්වය බුද්ධදේශනාවට පිටුපා ඇතැයි මට සිතෙන නිසා අකැමැත්තෙන් වුවද මේ ආකාරයේ අදහස් මට පහලවන්නට ඇත. මොකද මට පෙනෙන ආකාරයටනම් තවමත් ගිහි මිනිස්සු බුද්ධ වචනය උපරිමයෙන් පිලිපදින්නට උත්සාහ ගනිති. )
දෙමළ මිනිසාගේ නිජබිම
මේ පිළිබද සොයන්නට අදහස පහල වූයේ අමල් මහතා ගේ (http://amalishantha.blogspot.com/)බ්ලොග් එකේ යොමුවූ “දෙමළ ජනතාවගේ ප්‍රශ්නය හා යුද්ධය” නැමැති සංවාදයට නිලන්ත පියසිරි විසින් කරන ලද යොමු කරණ ලද වැදගත් ප්‍රශ්නයක් නිසාවෙනි.
දෙමල ජනයා දකුණු ඉන්දියාව තම නිවහන කරගෙන සිටින අතරම ලෝකය පුරා බොහෝ
රටවල ආගන්තුකයන් ලෙස ජීවත්වෙති . ලොව පුරා විශාල ජනගහණයක් සිටියද ඔව්න්ට තමන්ටම කියා රටක් නැත . මෙනිසා ඔව්න් අද ලොකය තුල අනාතවූ ජාතියක් බවට පත්වී ඇති අතර තවදුරටත් ඔවින්ට එසේ සිටිය නොහැක . මෙනිසා ඔව්න් තමන්ගේ නිජබිම සොයා කරලියට පැමිණි නමුත් ඔව්න්ට තම මුල් නිජබිම වෙත දැන් යා නොහැකිය . එය අද ඉතා ප්‍රභල ජාතියක් විසින් පාලනය කරනු ලබයි. ඒ සිංහලයන් නොව හින්දූන්ය . දෙමල මිනිසාගේ මුල් බිම උතුරු ඉන්දියාවයි. ඉන්දියානු ශිෂ්ඨාචාරය ගොඩනගනු ලබන්නේ දෙමළුන් විසිනි.දෙමල මිනිසා අවුරුදු දහස්ගණනක උත්සාහයෙන් ගොඩනගනු ලබන ශිෂ්ඨාචාරය ලෝක ඉතිහාසයේ යම් දිනකදී හින්දූ ජාතිකයන්ට හිමිවේ .එතැන් පටන් දෙමල මිනිසා යනු හින්දුන්ගේ යටහත් පහත් සෙවකයායි. අදද එය එසේමය .මෙසේ හින්දුන්ගේ සවාමීත්වයට ගරුකරන දෙමල මිනිසා අදද තමන්ගේ උපන්බිම ගැන කථාකරන්නට අදිමදිකරයි.මේ දීන කම නිසාම දෝ ඔව්න් තමන්ගේ පෞඩ වූ ඉතිහාසය විකෘති කරදමා දෙමල ජාතියේ උපතට , සභ්‍යත්වයට , පැවත්මට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති ලංකාවේ දෙමල නිජබිමක් පිළිබදව කථාකරති.
ලංකාවේ ඊලමක් පිළබදව LTTE ය දක්වන මතවාදයන් හුදු මවාපෑමක් මිස කිසිදු පිළිගත හැකි එකදු සාක්ෂියක්වත් සාධකයක්වත් ඔව්න් සතුව නැත . සාක්ෂි තිබෙන්නටනම් ඉතිහාසයේ කෙදිනක හෝ එය සිදුවිය යුතුය . දෙමල ජාතිය හා ලංකාව අතර තිබී ඇත්තේ එකම එක බැදීමක් පමණි ඒ වරින්වර ලංකාව ආක්‍රමණය කිරීම පමනි .එය අතීතයට මෙන්ම අදටත් වලංගුය. ලංකාවේ දෙමල නිජබිම වැනි හිතළුවක් පිළිබදව කථාකරන්නට කාළය වැයකිරීම අපරාධයකි.
ඒ වගේම LTTE ය ලංකාව දෙමල ජාතියේ නිජබිම කරන්නට යාමේන් දෙමළ ජාතියට ද සිදුවන්නේ තමන්ගේ අවුරුදු දහස් ගණනක් පැරණි පුරා විද්‍යාත්මක සාක්ෂි සහිත පෞඩ ඉතිහාසයද ඔව්න්ට නැතිවීම පමණය .
ලංකාවේ ජීවත්වන දෙමල මිනිසුන් ඔව්න්ගේ නිජබිම පිළිබදව හෝ ඉතිහාසය පිළිබදව නිවැරදිව දන්නවායැයි සිතන්නටනම් අපහසුය . මොකද ලංකාවේ දෙමල ජනයා කළයුතුදේ-නොකළ යුතුදේ , ඉගෙන ගතයුතුදේ -නොගත යුතුදේ තීරණය කරනුයේ ලංකාවේ දෙමල දේශපාලඥයන්ට සහ LTTE යට කාලීනව මතුවන අවශ්‍යතා විසින්ය.
දෙමළුන් නොදත් දෙමළුන්ගේ ඉතිහාස කථාව සිදුවන්නේ මෙසේය.
පරම්පරා සිය දහස්ගණනක මතකයෙන් වැලලීගිය මෙම දෙමල ශිෂ්ඨාචාරය නැවතත් ඉන්දු නිම්නයෙන් 1922 දී සොයාගනු ලබන්නේ ඉන්දියානු ඉතිහාසයේ හිස්තැන් මෙන්ම ලෝක ඉතිහාසයේ හිඩැස් වලටද පිළිතුරු සපයමින්ය. මෙම ශිෂ්ඨාචාරය ලෝකයේ අනෙකුත් මහා ශිෂ්ඨාචාර වලටද නොදෙවෙනි ලෙස නිර්මාණය වී ඇති අතර ඒවාට සමකාලීන වේ .මෙහි විශාලත්වය කෙතරම්ද කියතොත් වර්ග සැතපුම් 1200 *700 පමණ ප්‍රදේශයකම පැතිරීගෙස් ඇති අතර මෙය අප කවුරුත් දන්නා මොහෝන්දෝජාරෝ - හරප්පා ශිෂ්ඨාචාරයන්ය.
කැණීම් වලදි මෙහිදී ප්‍රධාන වසයෙන් හදුනාගත් ප්‍රදේශ ලෙස
ඉන්දු නදී ඉවුරේ - මෝහොන්දොජාරෝ
රාවි නදී ඉව්රේ - හරප්පා
කතියවාර් වෙරලේ - ලෝතාල් හදුනාගෙන ඇත
නමුත් මෙම මොහෝන්ජෝදාරෝ - හරප්පා ශිෂ්ඨාචාර 1922 සොයාගන්නාතෙක් දෙමළ ජාතිකයන් දැන සිටියේ නැහැ(බොහෝ දෙමල මිනිසුන් අදද නොදනී ) ඔව්න්ට මෙතරම් පැරණි ඉතිහාසයක් තිබෙනබව.ඔව්න් පමනක් නොව ඉන්දියානුවන් ද දැනසිටියේ නැහැ ඉන්දියානු ඉතිහාසයේ තරම
මෙම මොහෝන්ජෝදාරෝ - හරප්පා ශිෂ්ඨාචාර සොයා ගැනීමෙන් අනතුරුව ලෝක පුරාවිද්‍යාඥයන්ගේ උත්සාහය වූයේ මෙම දැවැන්ත ශිෂ්ඨාචාරයේ නිජබිම් කරුවන් ; උරුමක්කරුවන් කවුරුන්දැයි සොයායන්නටය . මෙම රහස සොයාගැනීම සදහා ලෝක විද්වතුන් අවුරුදු ගණනාවක් නොයෙකුත් පර්යේෂණ කරණලදී.
මේ පිළිබදව බී . වී රාවෝ මහතා World history කෘතියේ දක්වාසිටින්නේ මෙ අයුරිනි,
“ අපගේ අධ්‍යනයේදී නිරතුරුවම ඉදිරිපත්වන ඉතාම වැදගත් ගැටළුව වන්නේ මෙම ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරු කවරහුද යන්න නිගමනය කිරීමය . ඔව්න් විදේශිකයන් කොටසක් වූයේද නැතහොත් ආර්යයන් හෝ දෙමළුන් වුයේද යන අවිනිශ්චිත තත්වය උද්ගත විය. .........විද්වතුන්ගේ අදහස වූයේ ඉන්දුනිම්න ශිෂ්ඨාචරයේ මිනිසුන් ප්‍රොටො ඔස්ට්‍රොලොයිඩ් , මධ්‍යධරණී , ඇල්පයින් , මොන්ගොලොයිඩ් ආදී වසයෙන් වන මනුශය වර්ගවල සම් මිශනයක් වූ බවයි . වර්තමාන දකුණුඉන්දියානු ජනතාවගේන් සමහර කොටස් සාමානයෙන් ඉහත සදහන්කොට ඇති වර්ගවලින් මුලින් සදහන් කොට ඇති වර්ගදෙකට අයත් වේ”
“ හරප්පාවේ ආගමික ඇදහිලි සහ ඇතැම් දකුණු ඉන්දියානු ආගමික විස්වාසඅතර ද සමානකම් තිබෙන බව සොයාගෙන තිබේ.”
“ මේ සාධක අනුව හරප්පා ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරුන් වූයේ දෙමළුන් බව විස්වාස කිරීමට ඇතැම් විද්වත්හු පෙළෙඹී සිටිති . තවද හරප්පා සංස්කෘතියේ සවභාවය අනුව එය නියත වසයෙන්ම සවදේශික එකක් වූ බවට සාධක ඇත .”
මෙ අයුරින් හින්දූන්ට සහ පසුව ඉන්ශ්‍රීසීන්ට බැලමෙහෙවර කරමින් ජීවත්වූ දෙමල ජනයා කෙදිනකවත් අපේක්ෂානොකළ පරිදි 1922 න් පසුව ඔව්න්ගේ නිජබිම මීට වසර 5000 කට පෙර පටන් ඉන්දියාවේ පැවති විශාල සංස්කෘතියක ශිෂ්ඨාචාරයක් බවට අනාවැකි පහල වන්නට විය එය ක්‍රමයෙන් තහවුරු විය .
මේ පිළිබදව A.L.Basham මහතා the wonder that was india කෘතියේ මෙසේ දක්වා සිටී,
“ මේ මහා ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරයෝ කවරහුද ? ඇතැම් ඉන්දියානු ඉතිහාසඥයෝ ඔවුන් ඍග් වේදය රචනාකළ ආර්යයන් බව ඔප්පු කිරීමට තැත් කළහ.එහෙත් මෙය කිසිසේත් විය හැක්කක් නොවේ ..........මොවූහු වර්ථමාන ඉන්දිය ජන සංඛ්‍යාවේ වැදගත් මූලයකට අයත්වේ.”
“සාමාන්‍යයෙන් වර්ථමාන දකුණු ඉන්දියානු ජාතිකයා හරප්පා සංස්කෘතියේ ප්‍රධාන මානව සාධකයන් දෙකවූ මධ්‍යධරණී හා ආදී ඔස්ට්රොලොයිඩ් වර්ගයන්ගේ සම්මිශ්‍රනයකි.තවද හරප්පා ආගම දෙමල රටෙහි විශේෂයෙන්ම ජනප්‍රියව පවත්නා හින්දු සාමයික මූලයන් හා බොහෝ සමානකම් දක්වයි..........බලුකිස්ථානයේ කදුවල වෙසෙන බ්‍රාහුඊවරු දැනට මානව ලක්ෂණ අතින් අයිරේනියානු ලක්ෂණ මතුකෙට පෙන්වතත් දෙමල බාශාවකින් කථාකරති.මේ කරුණු නිසා හරප්පා වැසියන් දෙමලයැයි අදහස් කොට ඇත.ඔව්න්ගේ හෝඩිය කියවීමට තැත් ගත් විශේෂඥයන් අතුරෙන් කෙනෙකු වූ එච් . හේරස් පියතුමා ඔව්න්ගේ බස දෙමල බසේ ඉතා ආදීම ආකෘතියක් බව පවසා ඇත.”
දෙමල ශිෂ්ඨාචාරයේ උපත , ප්‍රභවය පිලිබදව දෙමල ජනයාට සහ ලෝකයාට වසංකර ඇති කරුණු අප්‍රමාණය . නමුත් මේ ගැන සදහන් කළා ඇති . මොකද දෙමල ජාතියේ ඉතිහාසයක් පිළිබදව සොයායාමට අපි මෙතරම්වත් අවධානයක් යොමුකළත් දෙමළ ජාතිකයන් කරන්නේ කවුරුන් හෝ කියන ඊලම වැනි මිත්‍යාවන් පිළිගැනීම මිසක් සත්‍ය ඉතිහාසයක මුල බීජයන් සොයායන්නට හෝ ස්වාධිනව සිතන්නට මැලිවූ ජාතියක ඉතිහාසය අපි හරා අවූස්සා එයට කාළය වැය කිරීම අපරාධයක්දැයි සිතෙන බැවිණි.
විශේෂයෙන්ම හින්දු ජාතිකයින් අදද දෙමළ මිනිසා මතවාදීව , දේශපාලනිකව , ආගමිකව , සංස්කෘතිකව යටත් කරගෙන ජීවත්වෙති. ඒ සදහා ඔව්න්ගේ ඉතිහාසයද සැගවීමට යත්න දරා ඇත.මේබව බෂාම් මහතා විසින් විශේෂයෙන් සදහන් කර ඇති ඉහත පුවත නැවතත් උපුටා දැක්වීම වැදගත්ය .
“ මේ මහා ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරයෝ කවරහුද ? ඇතැම් ඉන්දියානු ඉතිහාසඥයෝ ඔවුන් ඍග් වේදය රචනාකළ ආර්යයන් බව ඔප්පු කිරීමට තැත් කළහ.එහෙත් මෙය කිසිසේත් විය හැක්කක් නොවේ ..........මොවූහු වර්ථමාන ඉන්දිය ජන සංඛ්‍යාවේ වැදගත් මූලයකට අයත්වේ.”
මේ ආදී වසයෙන් පෙනී යන්නේ අද ලෝකය තුල රටක් නොමැතිව නන්නත්තාර වී සිටින දෙමළ ජනයාට ලෝකය තුල රටක් සංස්කෘතියක් පැවති බවය . නමුත් ඔව්න් තමන්ගේ නිජබිම ලංකාව බව පෙන්වීම සදහා නොතිබූ ඉතිහාසයක් මවා පාන්නට ගොස් කරගන්නා විනාශය තුල ඔව්න් ඓතිහාසික වශයෙන් තව තවත් අනාථ වන බැවින් ඔව්න් මෙය ඉක්මනින් තේරුම්ගත යුතුය . මොකද උතුරු ඉන්දියානුවන් නිරන්තරයෙන් තමන්ගේ ඓතිහාසික සභ්‍යත්වය ආරක්ෂාකිරීම කෙරෙහි අවධානයකින් පසුවීමය.
මෙනිසා ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව ඔව්න්ට වෙනම ජාතියක් වසයෙන් ස්වාධීනව ජීවත් වීමට අවශ්‍ය වන්නේනම් කලයුතු වන්නේ ලංකාවේ නොතිබූ දෙමල අධිරාජ්‍යක් වෙනුවෙන් හඩගෑම හෝ පුරසාරම් දෙඩවීම නොව ඉන්දියාව තුල එනම් තමන්ගේ මව් බිම තුල මව් බිමේ අයිතිය වෙනුවෙන් අඩුම තරමින් මුළු ඉන්දියාව පිළිබදව නොව දකුණු ඉන්දියාව තුලවත් ස්වාධීනව ජීවත් විය හැකි දෙමල රටක් ගොඩ නගාගැනීම වෙනුවෙන් සටන්කිරීමය.
ඒ වෙනුවෙන් සටන් කිරීමේ අයිතිය
සිංහලයාට ලංකාව තුල මෙන්ම ,
රතු ඉන්දියන් වරුන්ට - ඇමෙරිකාව වෙනුවෙන්ද ,
ඇබෝන්ජීයන් වරුන්ට ඕස්ට්‍රේලියාව තුල මෙන්ම
පලස්තීනය තුල මුස්ලිම් වරුන්ට මෙන්ම,
අයර්ලන්තය වෙනුවෙන් අයිරිෂ් ජාතිකයන්ටද,
අප්‍රිකාව තුල කළු ජාතිකයින්ටද තම උපන් බිම වෙනුවෙන් සටන් කිරීමට ඇති අයිතිය මෙන්ම
ඉන්දියාව තුල දෙමළුන්ටද තම මව් බිම වෙනුවෙන් හිමිවිය යුතුය.