Sunday

බුදු දහම පටැලැවීම

බුදු දහම පටැලැවීම

සිංහල බ්ලොග් අවකාශය ඇතැම් පුද්ගලයින් බුද දහම අපකීර්තියට පත්කිරීමේ පාරාදීසයක් බවට පත්කරගෙන ඇත. මුන්ට දේශගුණික විපර්යාස පවා පේන්නේ බෞද්ධයා නිසා සිදුවූවක් ලෙසය.එකෙකුට අනුව ලංකාවේ සිදුවන්නාවූ සියළුම පාහර වැඩ සිදුකරනුයේ සිල් ගන්නා බෞද්ධයන් විසින්ය.හොරකම්, මංකොල්ල කෑම්,ස්ත්‍රී දූශන,වංචා ආදී මෙකී නොකී ලංකාවේ සිදුවන්නාවූ සියළු අපරාධ සිදුවන්නේ සිල් ගන්නා උවැසි උවැසියන් අතිනි. පාර්ලීමේන්තුගොස් බලු වැඩ කරන්නෝද, මිනිසුන් සමුහ ඝාතනයට ලක්කරමින් උතුරේ හමුදාව සමග යුද්ධ කරන්නෝද සියල්ලෝම බෞද්ධයෝ වෙති.කොටින්ම කියතොත් අද ලංකාවට මේ තත්වය උදාවී ඇත්තේ සිල් ගන්නා බෞද්ධයන් ගේ නොමනා හැසිරීම නිසාවෙනි.

ඔහුගේම වචන වලින්ම කියතොත් “ මේ පිටතින් සුදු අඳිනා හොරුන්ගේ රටයි. හක්කේ බුදුරැස් ද බොක්කේ දඩමස් ද ඇති උපාසක දිවයිනයි.”

ලංකාවේ ජීවත්වන මුස්ලිම්, ක්‍රිස්තියානි, කතොලික, මේ දෙකටම අයත් නොවනවා කියන මුඩුක්කු ක්‍රිස්තියානි ආදී ආගම් අදහන්නන් ආදී වෙනත් සියළුම ආගම් අදහන සියල්ලෝම කුරා කුහුඹියෙකුටවත් හිංසාවක් නොකරන අන්ත අවිහිංසා වාදියෝ වෙති. එසේම ඔව්න් සියල්ලෝම ලංකාවට තම පණටත් වඩා ආදරය කරන්නාවූ අතර සත පහක තරම්වත් සොරකමක් වංචාවක් නොකරන්නාවූ තම තමන්ගේ ධර්මයන් අකුරටම තිතටම පිළිපදින්නාවූ අති පාරිශුද්ධ මිනිසුන් කොට්ඨාසයකි.

සිතා මතාම බුදු දහමට පහර ගසන මෙවැනි එවුන්ගේ කටවල් වැසීමට හෝ එළව එළවා පහර දීමට අපහට අවශ්‍ය නොවේ . සත්‍ය කුමක්දැයි මිනිසුන් කෙදිනක හෝ තේරුම් ගනු ඇත.

නමුත් ඔව්න් මෙය හෝ පිළිගන්නවානම් ඉතා යහපති. මෙසේ එළව එළවා බුදු දහමට පහර දීමට ඔබලා වැනි අයහට අවස්ථාව ලැබී ඇත්තේද බෞද්ධ සමාජ පසුබිම නිසාවෙනි. අරාබියේ මුස්ලිම් ආගම හෝ නොර්වේහි ක්‍රිස්තියානිය මෙන් ලංකාවේ බෞද්ධයා ද ක්‍රියාකරන්නේනම් ඔබලා වැන්නන් හට සිදුවිය යුතුදේ සිදුවී දැනට බොහෝකල්ය.

Wednesday

විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය.

විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය.

විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයා‍ගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත.





මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ලද ප්‍රාග් අනුරාධපුර යුගයට අයත් නටබුන් වන අතර මෙය දැනට පවතින අනුරාධපුර නගරයට අඩි තිහක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර ක්‍රි:පූර්‍ව 800 ත් 1000 ත් අතර යුගයට අයත් බව සැලකෙන අතර මෙය විශාල වෙළෙද මධ්‍යස්ථානයක නටබුන් බව පුරා විද්‍යාඥයින් සදහන් කරයි.




Tuesday

දුටුගැමුණු රජ කරවා පරාක්‍රමබාහු බලුකරන බල්ලට ගිය රාජ්‍ය මාධ්‍ය

දුටුගැමුණු රජ කරවා පරාක්‍රමබාහු බලුකරන බල්ලට ගිය රාජ්‍ය මාධ්‍ය

මෙම සටහන ලියන්නට සිතුනේ අහබ්බයෙන් වගේ සදුදා 19 ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහන නැරඹීම නිසාවෙනි.ධනය සහ බලය වෙනුවෙන් අම්ම තාත්තා වුවද පාවාදෙන රටකට මෙය එතරම් වැදගත් දෙයක් නොවුවද මේ ගැනත් වචනයකින් හෝ ලියා තැබිය යුතුය.

ඡන්ද දිනන්නට බුද්ධාගම, සිංහල ජාතිය,යුද්ධය ආදී සියල්ල යොදාගෙනත් සැහීමකට පත්නොවුනු මහින්ද රාජපක්ෂ දැන් ඉතිහාසයද කණපිට ගසන්නට පටන්ගෙන ඇති බව දැනගත්තේ ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව නැටු නාඩගම නිසාය .එයට අනුව දුටුගැමුණු යනු මහා වීරයෙකි,ඒ ගැන තර්කයක් නැත.මහින්ද රාජපක්ෂ යනු දුටුගැමුණු හා සමාන වීරයෙකි. මෙවැනි කථා අප අනන්තවත් අසා ඇති අතර සිංහ හම පොරවාගත් කොටළුවාගේ කථාව පෙර පාසලේදීම අසා ඇති බැවින් ඒ පිළිබදව කථාකර කාළය නාස්තිකිරීම අපරාධයකි.

සිදුවීම කෙටියෙන් මෙසේය,

දුටුගැමුණු රජු සිංහලේ මහා වීරයෙකි = මහින්ද රාජපක්ෂ

දුටුගැමුණු තරම් පරාක්‍රමබාහු වීරයෙක් නොවේය.

පරාක්‍රමබාහුට වඩා දේවානම්පියතිස්ස විශිෂ්ඨය.

දේවානම්පියතිස්ස තරම්ම නැතිවුනත් වලගම්බා රජුද විශාල සේවයක් කර ඇත.

වලගම්බා රජු වගේම විජයබාහු රජු ද වැදගත් රජ කෙනෙකි.

බුද්ධදාසරජු මෙන්ම විමලධර්මසූරිය රජුද ශේෂ්ඨ පාලකයෙකි.

නොකියා කිවූ කොටස

පරාක්‍රමබාහු = රනිල් වික්‍රමසිංහ

එමනිසා අද රනිල් වගේම ඉතිහාසයේ පැරකුම්ද වැඩකට නැත.

දොරමඩලාව රූපවාහිනී වැඩසටහන තුලින් ජනතාවට ඉගැන්වූ පාඩම එයයි. ජනතාව එය පිළිගත යුතුය. ඒ ජනතාවට වඩා ඉගෙනගත්ත දැන උගත් බුද්ධිමතුන් පිරිසක් රාජ්‍ය මාධ්‍ය තුලින් ජනතාවට ඉතිහාසය කියාදෙන බැවිනි.ඉතිහාසය නොදන්නා අපේ එව්න්ට වැඩසටහන අවසානයේදී දුටු ගැමුණු වීරයෙක් වී පරක්‍රමබාහු වැඩකට නැති රජෙක් විය.

පරාක්‍රමබාහු රජු එතරම් වැදගත් පාලකයෙක් නොවේ නේදැයි වැඩසටහන මෙහෙයවන්නා අසන විටම ඔව් කියන්නට මහින්ද රාජපක්ෂගේ බුද්ධිමත් ඇම්බැට්ටයන් සැදි පැහැදි සිටියහ. කුළියට කියවන සූරියප්පෙරුමට මෙය සාමාන්‍ය දෙයකි.කණගාටුදායක කරුණනම් එල්ලාවල මේධානන්ද හිමි තමන් ඉතා දිගු කාලයක් පුරා ගොඩනගාගත් පුරාවිද්‍යා දැනුම මහින්දරාජපක්ෂගේ කුණු සොදන්නට ගොස් හෑල්ලුවට පත් කරගැනීමයි.මේධානන්ද හිමිට පරාක්‍රමබාහු රජු රටේ ගෞරවය උදෙසා බුරුමය ආක්‍රමණය කළ බවත්; ප්‍රභල දකුණු ඉන්දියාව ආක්‍රමණය කල බවත්, පරාක්‍රම සමුද්‍රය ගැන හෝ දෙමල මහා සෑයේ වැඩනිමවූවානම් එය ලොව විශාලතම ස්ථුපය බවට පත්වන බවවත් අප කියාදිය යුතු නැත.

දේශපාලන ගේම් එකක් නිසා දුටුගැමුණු වීරයෙක් කර පරාක්‍රමබාහුගේ ඉරණම රජු එතරම් වැදගත් පාලකයෙක් නොවන බවට තීන්දුකිරීමේ දැවැන්ත අපරාධයක් සිදුවූ බව මාහට වැටහුනේද ඉන් පසුවය. මහින්ද රාජපක්ෂ මහතාගේ ලොකු අසාවක් ඇත.ඒ දුටු ගැමුණු චරිතයට අදින්නටය.තමාට වන්දිබට්ටකම් කරන උදවිය යොදාගෙන ඔහු එය තමාටම කියාගනිති.ඒ තුළින් ඔහු තමාගේ පෞරුෂය ගොඩනගා ගන්නට උත්සාහ කරණ අතර පරාක්‍රමබාහු චරිතය තුලින් රනිල් වික්‍රමසිංහගේ පෞරුෂය බිද දැමීමටත් ඔහු තම වන්දිබට්ටයින් ලවා රාජ්‍ය මාධ්‍ය හරහා ඉතිහාසය වෙනස්කරවති.රනිල් විකුමසිංහ සහ මහින්ද යනු දේශපාලන ප්‍රතිවාදීන් දෙදෙනෙකි.ඔව්න් විවිධ උපකුම අනෙකා පරදවා ඉහලඒම සදහා යොදාගනිති. ඒ දේශපාලනයේ හැටිය. නමුත් මහින්ද රාජ්‍යමාධ්‍ය යොදාගෙන කරනුලබන මෙම පහත් නින්දිත ක්‍රියාවන් නිසා ඔහුගේ පෞරුෂය තව තවත් බිදවැටෙනවා මිසක් ගොඩනැගීමක්නම් සිදුවිය නොහැක.

ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක්


ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක්

ඔබගේ සපත්තුව කැඩුණුවිට එය සදා ගැනීමට

ඔබ සොයා යන්නේ දක්ෂ සපත්තුකරුවෙකු නොවේද?

ඔබ රෝගතූර වූ විට ඔබ සොයා යන්නේ

දක්ෂ වෛද්‍යවරයෙකු නොවේද?

එහෙත් කළාවන්ගෙන් ඉතාම උසස්ම

මෙන්ම වැදගත්ම කලාව වන,

පාලන කළාවේදී මෙම තේරීම නොකරන්නේ මන්ද?

සත්වයින් අතුරින් ඉතාම බුද්ධිමත් සත්වයා වූ

මිනිසා තමන් පාලනය කර ගැනීම සදහා

ඔවුන් අතුරින් කිසිම

හැකියාවක් නැති, දක්ෂකමක් නැති කපටින් රැළක්

තම පාලකයින් වශයෙන් තෝරාගන්නේ මන්ද?

ප්ලේටෝ

ප්ලේටෝ අදින් වසර දෙදහසකට පෙර දේශපාලකයින් තෝරා පත්කර ගැනීමේදී මිනිසුන් දක්වන ප්‍රතිචාරය පිළිබදව කර ඇති විස්තරය අදටත් වලංගුය.

අප අපගේ රට පාලනය කිරීම සදහා තොරා පත්කරගන්නේ ඒ සදහා මෙලොව සිටින සුදුසුම පුද්ගලයාය. තෝරා පත්කරගත් පසු ඔහු අපගේ රට පාලනය සදහා නුසුදුසුම පුද්ගලයා බැව් අපට තේරුම් යයි. අපට හැමදාම සිදුවන්නේ මෙයයි.මෙයට හේතුව..................?