එක්නැලිගොඩ මහතා රට වෙනුවෙන් යුක්තිය,සාධාරනත්වය වෙනුවෙන් ඉදිරිපත්වීම තම පරම යුතුකම වගකීමක් සේ සලකා කටයුතු කළ මිනිසෙකි. රට,ජාතිය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකරණ ලද ඔහු වෙනුවෙන් මවු බිම, ජාතිය, සකල මිනිස් වර්ගයා සහ අප ඔහුට ලබා දුන්නේ කුමක්ද?
ගණින්නාන්සේලාට සහ ඇබිත්තයන්ට දැනගනු පිණිසයි.
මහින්ද රාජපක්ෂ සරණං ගච්චාමි කියමින් උදේ හවස මහින්දගේ කුණුසොදන්නට “ උතුම් වූ නිර්මල වූ බුදු දහමේ සංඝ සමූහයේ බාහිර රූප විලාසය යොදාගනීමින් එනම් සිවුරු පොරවා හිස මුඩුකර පැවිද්දන් සේ සිටිමින් දේශපාලනයේ නිරතවෙන අතුරලියේ රතන , උඩුවේ ධම්මාලෝක , බෙංගමුවේ නාලක , ඕමාරේ කස්සප ආදී නම් වලින් හැදින්වෙන චීවරධාරීන් නොහොත් ගනින්නාන්සේලා වෙත මතක් කර සිටිනු කැමැත්තෙමි.
භික්ෂූන් වහන්සේගේ වගකීම මා දන්නා පරිදි බූදු දහම ආරක්ෂා කීරීම විය යුතුය. සිවුරේ සිටිමින් බුදු දහම විනාශ කරන්නට උදව් කරනවුන්ට ගණින්නාන්සේ කියා නොව උන් නූතන දෙව්දත්ලා (බුදු දහම විනාශ කරන්නට ඉපදුනු එවුන්) විය යුතුය.
මීට දින කිපයකට පෙර ජාඇල ඒකල උදන්විට උත්තමාරාම රාජ මහා විහාරයේ නායක හාමුදුරුවන් වහන්සේ අපවත් කිරීමට ඉහත දැක්වූ ගණින්නාන්සේලාගේ ආශීර්වාදය ලත් කැබිනට් ඇමතිවරයෙකුගේ ගොලබාලයින් පිරිසක් පැමින ඇත. නායක හාමුදුරුවෝ ඝාතනය කළ නොහැකිවූ තැන උන් විහාරස්ථානයේ බූදු පිළිම කඩා බිද දමා දේපල විශාල ප්‍රමාණයක් විනාශකර පළාගොස් ඇත.
බුදු පිළිම විනාශ කළ උන් ඇමතිවරයාගේ බලය නිසාවෙන් නිවැරදි කරුවෝය උන් නිදැල්ලේය. පන්සලේ හාමුදුරුවෝ මරන්නට ආපු එවුන් අත්අඩංගුවට ගන්නාලෙස හඩනැගූ ගමේ තරුණයන් පොලිසිය විසින් රදවාගෙන ඇත.
මහින්දගේ පස්චාත් භාගය සෝදන්නට සැදී පැහැදී සිටින චම්පික රණවකලා ඇතුළු මෙම දෙව්දත් නිකායේ උන්ගේද මෙම සිදුවීමට සම්බන්ධයක් තිබිය යුතු වන්නේ මුන්ට උදේ රෑ එලි වෙනකම් මහින්ද සරණං ගච්චාමි කියන්න පුළුවන් වුවද මේවා ගැන කථා නොකර එවා ගැන කථාකරන අයද නිහඩකරවන නිසාවෙනි.

බුදු දහම පටැලැවීම
සිංහල බ්ලොග් අවකාශය ඇතැම් පුද්ගලයින් බුද දහම අපකීර්තියට පත්කිරීමේ පාරාදීසයක් බවට පත්කරගෙන ඇත. මුන්ට දේශගුණික විපර්යාස පවා පේන්නේ බෞද්ධයා නිසා සිදුවූවක් ලෙසය.එකෙකුට අනුව ලංකාවේ සිදුවන්නාවූ සියළුම පාහර වැඩ සිදුකරනුයේ සිල් ගන්නා බෞද්ධයන් විසින්ය.හොරකම්, මංකොල්ල කෑම්,ස්ත්‍රී දූශන,වංචා ආදී මෙකී නොකී ලංකාවේ සිදුවන්නාවූ සියළු අපරාධ සිදුවන්නේ සිල් ගන්නා උවැසි උවැසියන් අතිනි. පාර්ලීමේන්තුගොස් බලු වැඩ කරන්නෝද, මිනිසුන් සමුහ ඝාතනයට ලක්කරමින් උතුරේ හමුදාව සමග යුද්ධ කරන්නෝද සියල්ලෝම බෞද්ධයෝ වෙති.කොටින්ම කියතොත් අද ලංකාවට මේ තත්වය උදාවී ඇත්තේ සිල් ගන්නා බෞද්ධයන් ගේ නොමනා හැසිරීම නිසාවෙනි.
ඔහුගේම වචන වලින්ම කියතොත් “ මේ පිටතින් සුදු අඳිනා හොරුන්ගේ රටයි. හක්කේ බුදුරැස් ද බොක්කේ දඩමස් ද ඇති උපාසක දිවයිනයි.”
ලංකාවේ ජීවත්වන මුස්ලිම්, ක්‍රිස්තියානි, කතොලික, මේ දෙකටම අයත් නොවනවා කියන මුඩුක්කු ක්‍රිස්තියානි ආදී ආගම් අදහන්නන් ආදී වෙනත් සියළුම ආගම් අදහන සියල්ලෝම කුරා කුහුඹියෙකුටවත් හිංසාවක් නොකරන අන්ත අවිහිංසා වාදියෝ වෙති. එසේම ඔව්න් සියල්ලෝම ලංකාවට තම පණටත් වඩා ආදරය කරන්නාවූ අතර සත පහක තරම්වත් සොරකමක් වංචාවක් නොකරන්නාවූ තම තමන්ගේ ධර්මයන් අකුරටම තිතටම පිළිපදින්නාවූ අති පාරිශුද්ධ මිනිසුන් කොට්ඨාසයකි.
සිතා මතාම බුදු දහමට පහර ගසන මෙවැනි එවුන්ගේ කටවල් වැසීමට හෝ එළව එළවා පහර දීමට අපහට අවශ්‍ය නොවේ . සත්‍ය කුමක්දැයි මිනිසුන් කෙදිනක හෝ තේරුම් ගනු ඇත.
නමුත් ඔව්න් මෙය හෝ පිළිගන්නවානම් ඉතා යහපති. මෙසේ එළව එළවා බුදු දහමට පහර දීමට ඔබලා වැනි අයහට අවස්ථාව ලැබී ඇත්තේද බෞද්ධ සමාජ පසුබිම නිසාවෙනි. අරාබියේ මුස්ලිම් ආගම හෝ නොර්වේහි ක්‍රිස්තියානිය මෙන් ලංකාවේ බෞද්ධයා ද ක්‍රියාකරන්නේනම් ඔබලා වැන්නන් හට සිදුවිය යුතුදේ සිදුවී දැනට බොහෝකල්ය.