Wednesday

එක්නැලිගොඩ යුක්තිය,යුතුකම

එක්නැලිගොඩ මහතා රට වෙනුවෙන් යුක්තිය,සාධාරනත්වය වෙනුවෙන් ඉදිරිපත්වීම තම පරම යුතුකම වගකීමක් සේ සලකා කටයුතු කළ මිනිසෙකි. රට,ජාතිය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකරණ ලද ඔහු වෙනුවෙන් මවු බිම, ජාතිය, සකල මිනිස් වර්ගයා සහ අප ඔහුට ලබා දුන්නේ කුමක්ද?

Thursday

ගණින්නාන්සේලාට සහ ඇබිත්තයන්ට දැනගනු පිණිසයි.



ගණින්නාන්සේලාට සහ ඇබිත්තයන්ට දැනගනු පිණිසයි.

මහින්ද රාජපක්ෂ සරණං ගච්චාමි කියමින් උදේ හවස මහින්දගේ කුණුසොදන්නට “ උතුම් වූ නිර්මල වූ බුදු දහමේ සංඝ සමූහයේ බාහිර රූප විලාසය යොදාගනීමින් එනම් සිවුරු පොරවා හිස මුඩුකර පැවිද්දන් සේ සිටිමින් දේශපාලනයේ නිරතවෙන අතුරලියේ රතන , උඩුවේ ධම්මාලෝක , බෙංගමුවේ නාලක , ඕමාරේ කස්සප ආදී නම් වලින් හැදින්වෙන චීවරධාරීන් නොහොත් ගනින්නාන්සේලා වෙත මතක් කර සිටිනු කැමැත්තෙමි.

භික්ෂූන් වහන්සේගේ වගකීම මා දන්නා පරිදි බූදු දහම ආරක්ෂා කීරීම විය යුතුය. සිවුරේ සිටිමින් බුදු දහම විනාශ කරන්නට උදව් කරනවුන්ට ගණින්නාන්සේ කියා නොව උන් නූතන දෙව්දත්ලා (බුදු දහම විනාශ කරන්නට ඉපදුනු එවුන්) විය යුතුය.

මීට දින කිපයකට පෙර ජාඇල ඒකල උදන්විට උත්තමාරාම රාජ මහා විහාරයේ නායක හාමුදුරුවන් වහන්සේ අපවත් කිරීමට ඉහත දැක්වූ ගණින්නාන්සේලාගේ ආශීර්වාදය ලත් කැබිනට් ඇමතිවරයෙකුගේ ගොලබාලයින් පිරිසක් පැමින ඇත. නායක හාමුදුරුවෝ ඝාතනය කළ නො‍හැකිවූ තැන උන් විහාරස්ථානයේ බූදු පිළිම කඩා බිද දමා දේපල විශාල ප්‍රමාණයක් විනාශකර පළාගොස් ඇත.

බුදු පිළිම විනාශ කළ උන් ඇමතිවරයාගේ බලය නිසාවෙන් නිවැරදි කරුවෝය උන් නිදැල්ලේය. පන්සලේ හාමුදුරුවෝ මරන්නට ආපු එවුන් අත්අඩංගුවට ගන්නාලෙස හඩනැගූ ගමේ තරුණයන් පොලිසිය විසින් රදවාගෙන ඇත.

මහින්දගේ පස්චාත් භාගය සෝදන්නට සැදී පැහැදී සිටින චම්පික රණවකලා ඇතුළු මෙම දෙව්දත් නිකායේ උන්ගේද මෙම සිදුවීමට සම්බන්ධයක් තිබිය යුතු වන්නේ මුන්ට උදේ රෑ එලි වෙනකම් මහින්ද සරණං ගච්චාමි කියන්න පුළුවන් වුවද මේවා ගැන කථා නොකර එවා ගැන කථාකරන අයද නිහඩකරවන නිසාවෙනි.



මා දේශද්‍රෝහියෙකු වූ හැටි.

මා දේශද්‍රෝහියෙකු වූ හැටි.

අද ලංකාව දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහින් ලෙස පැහැදිලිව බෙදා වෙන්කරන ලද මිනිසුන් දෙකොටසක් වෙසෙන රාජ්‍යක් බවට පත්ව ඇති අතර අප අයත් වන කොටස තිරණය වන්නාවූ ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ වචනාර්ථය නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන අප දරණ මතය වීම අදහා ගත නොහැකිය. මා අවසානයට ලියූ http://manojcola.blogspot.com/2009/08/blog-post.html මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වර්ථමාන ක්‍රියාවලිය පිළිබද ලිපියට මා වෙත එවූ ප්‍රතිචාර තුලින් මා දේශද්‍රෝහියෙකු බවට චෝදනාකර ඇති අතර මෙසේ මා එවැනි වරදකට ලක්වූයේ ඇයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මා දේශද්‍රෝහියෙකු වූයේ මාහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කිරීම නිසාවෙන් නම් එය මා බාරගැනිමට සුදානම්ය.

නමුත් මා දරණ මතය කුමක්දැයි යන්න මාගේ එක ලිපියක්වත් කියවූ අයෙකුට හදුනාගැනිමට එතරම් අපහසුවක් නොමැති වේයැයි මා සිතන අතර මා කවුද , මෙනවද කරන්නේ යන්න දන්නෝ දනිති. නමුත් මේ අයුරින් අප වැන්නන් දේශද්‍රෝහින් ලෙසට දැන් චෝදනා කරන එවුන් ඇත්තටම දේශප්‍රේමින් ද ?

Monday

අංගම් පොර සටන් කළාව නැවතත් කරළියට

අංගම් පොර සටන් කළාව නැවතත් කරළියට

සිංහලයා සියවස් දහස් ගණනනක් තිස්සේ තමන් සමාජයෙන් ලද අද්දැකීම් තම බුද්ධියත් සමග මුසු කරමින් ගොඩ නගාගන්නා අංගම්පොර නම් වූ මෙම ආද්‍යාත්මික සටන් කළාව අදිරාජ්‍යසවාදින්ගේ බයිනෙත්තුවේ බලය නිසාවෙන් කාලයේ මතකයෙන් ඈත්වි තිබුනද අප බොහො දෙනා උපකල්පන ගොඩනැගුවේ එය අප අතරට යළි කෙදිනකවත් නොඑන,සිංහලයාට යළි නොලැබෙන සටන් කළාවක් ලෙසයි.නමුත් සිංහලයා යනු අප සිතන තරම්ම අවාසනාවන්ත ජාතියක් නොවේ.වසර දහස් ගනනක් පැරණි අංගම් පොර ක්‍රීඩාවට විවිධ බාධක මැද පාරම්පරිකව රැකගෙන විත් සිංහල ජාතියට ඒ දැවැන්ත සටන් කළාවේ සුවය යළිත් ලබාදීමට කරුණාපාල ගුරුන්නාන්සේ හෙළ අංගම් සටන් කළායතනය තුළින් ඉදිරිපත්ව ඇත.

ඒ සමගම මෙතෙක් කල් කරාටේ ,ජූඩෝ ,කුංෆූ , ටයිකොන්ඩෝ ආදී විදේශිය සටන් කළා හැදෑරූ තරුණයන් පමණක් නොව එවා ඉගැන්වූ මාස්ටර්ලාද විශාල වසයෙන් තමන්ට උරුම දේශීය සටන් කළාව ඉගෙන ගැනීම සදහා විශේෂ උනන්දුවක් දක්වයි. එහි ඇති විශේෂත්වය වන්නේ අංගම් සටන් හරඹය දැනට ලංකාවේ උගන්වන සි‍යළු සටන්කළාවන් අභිබවා බොහෝ දියුනු තත්වයක පවතින්නක් වන නිසාම වෙති.

මේ ගැන තවත් විස්තර


http://manojcola.blogspot.com/2008/11/blog-post_23.html

http://angampora.blogspot.com/