Saturday

තාරූණ්යනයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය.



තාරූණ්‍යයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය.
සමාජය විවිධාකාර ගති සිරිත් අරක් ගත් මිනිසුන්ගෙන් යුතු වූවකි. එය අද මෙන්ම හෙටද නොවෙනස් වෙනු ඇත. මිනිස්වෙසින් ජීවත්වෙනුයේ මනුශ්‍යයන් පමණක්ම නොවෙති. ඒ අතර දෙවිවරු, බොධිසත්වවරු මෙන්ම යක්ෂයන්, බහිරවයන්,කුම්භාන්ඩයන් ද නොඅඩුව වෙසෙන බව සැබෑවකි. සමාජ පාලන කටයුතු සදහා සුදුසු වන්නේ මනුශ්‍යයන් උවද බොහොවිට සුදුසුකම් ලබනුයේ පිසාචකුළයට අයත් වූවන්ය. ලොක ස්වභාවය එයයි. භාග වෙලාවට එය දෙවියන් වහන්සේගේ කැමත්ත විය හැකිය. කෙසේ වෙතත් පිසාච කුළයේ පාලකයන්ගේ සිරිත ජනතාව තලා පෙලා මිරිකා උන්ගේ ලේ සාරය උරා බීමයි. මොවුන්ට පක්ෂව ආගම, සංස්කෘතිය, නීතිය ආදී සියල්ල නිර්මාණය වූ සමාජයේ ඔවුන්ට අභියෝග කරන්නට එක් බලවේගයක් පමණක් ඉතිරිව තිබිණි.
වරෙක දුක් විදින පීඩා විදින ජනතාවගේ ගැලවුම් කරුවා විය. අයුක්තියට අසාධාරණයට එරෙහි හඩෙහි දෝංකාරය විය. තවත් විටෙක ලංකා පොළොවේ ප්‍රාණය බදු වූහ. ඒ තාරුණ්‍යයයි. තාරුණ්‍යයේ ශක්තියයි. නමුදු සමස්ථ ජන සමාජයේම අවාසනාවකට අද තාරුණ්‍ය සොයා ගැනීමට නොහැකිව ඇත.
1815 අපේ දේශපාලන නායකයෝ සුද්දොන්ට ලංකාවේ අයිතිය සින්නක්කරේට ලියල දෙනකොට 1818 ඊට එරෙහිව නැගී සිටියේ සිංහල තරුණයාගේ අසිපතයි. දේශපාලන හයිය හක්තිය තිබිච්ච නායකයින් සුද්දන්ගේන් නම්බුනාම ගන්න රට විනාස කරන කොට උන්ට විරුද්ධව නැගුණු තරුණ හඩ තමයි 1842 කැරැල්ල කියලා අපේ ඉතිහාස පොත් වල ලියැවිලා තියෙන්නේ.1915 අරාබියට ලංකාවේ පාලනය බාරදීල ඉන්දියන් සාගරේ වෙළද බලය ලබාගන්න සුද්දො ගහපු ගැට වලින් ලංකාව බේරගත්තේ හෙන්රි පේදිරිස්ලාගේ තරුණ ජවයයි. ඉන්දියානු සංස්කෘතියේ කුළ වාදය ලංකාව තුළ ස්ථාපනය කරමින් වලව් වාදය හරහා මිනිසුන් පීඩාවට පත්කිරීමට දේශපාලකයන් යොමු වූ යුගයක (1971) රෝහණ විජේවීරලාගේ තාරුණ්‍යයේ ජවය ඉදිරිපත් විය. ඔව්න් එදා කල කැප කිරීම් නොවන්නට අදත් ඇත්තේ වැඩවසම් යුගයකි. මේවැනි සිදුවීම් සිය දහස් ගණනක් ලංකා ඉතිහාසය තුළ සදහන්ව ඇතත් අනාගතයේ එවැන්නක් සිදුවීමට තරම් සංවේදී තාරුණ්‍යක් නොමැත. නූතන තාරුණ්‍ය
ජංගම දුරකථනයටත්
face book එකටත්
සල්ලි වලටත්
අරක්කු සිගරට් ගංජා ගහන්නටත් උවමනාවටත් වැඩියෙන් සංවේදී වී ඇත. රටට මොනවා උනත් වැඩක් නැත. සිංහරාජය හරහා පාරක් නෙමෙයි මුළු සිංහරාජයම ඩොසර් කරත් දැනෙන්නේ නැත. සෝමාවතිය රක්ෂිතයේ විතරක් නොව අනුරාධපුරයේ රුවන්වැලි සෑ මළුවේත් කෙසෙල් හිටෙව්වත් , මුළු රටම සුද්දොන්ට වික්කත් අදාල නැත. දේශපාලන පිසාචයන් කුමක් කළත් ඇග බේරාගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තාරුණ්‍යයේ සිරිත වූ වානම් මිනිසා තවමත් ගල් යුගයේමය. නමුත් ජාතියේ අවාසනාවට අද ලංකාවේ ඉරණම තීන්දු කිරීමට ඉතිරිව ඇත්තේ දේශපාලන පිසාචයන් හා උන්ට කඹුරන ‍පෙරේතයන් පමනක් වීම ශොචනීය අනාගතයක ආරම්භයකි.

මල් කැඩීමේ හා මල් ගැසීමේ මළ සංස්කෘතිය.



මල් කැඩීමේ හා මල් ගැසීමේ මළ සංස්කෘතිය.
පොඩි එකී තාම මල් කඩලා ඉවර නැද්ද? ඕක ඉවරයක් කරපන්; උඹලගේ අයියට කෝල් එකක් අරගෙන කියාපන් යාළුවෙක් ඇවිල්ල කියලා. කලකින් හමු නොවූ පාසල් මිතුරෙකු සොයා ඔහුගේ නිවසට ගොඩවූ මොහොතේ ඇසුනු වදන් කිහිපයකි. අවු 75ක් 80ක් වයසක ආච්චි අම්මා කෙනෙක් නූතන පරපුර සමග මුසුවී ඇති අයුරු ප්‍රතිබිම්බනය කරයි. තාරුණ්‍යය විසින් සිදුකර ඇති සංස්කෘතික ආක්‍රමණයේ වේගය පුදුම සහගතය. සංස්කෘතික වෙනස්වීම කෙරෙහි ඉහලම ප්‍රතිවිරෝධයක් දක්වන වැඩිහිටියන් පවා මල් සංස්කෘතියට නිරායාසයෙන්ම අනුගතව හමාරය. මල් සංස්කෘතික ව්‍යාප්තියේ යථාර්තය සමාජ යහ පැවැත්මද නැතිනම් ආ පස්සට ගමන් කිරීමක්ද යන්න තීරණය කරන්නට තවම කාලය පැමිණ නැතත් මල් සංස්කෘතියට උවමනාවටත් වැඩියෙන් සංවේදීවූ තරුණ පරපුර තමන්ගේ සමාජයම වගකීම් මගහරිමින් සිටින බවනම් පැහැදිළිය.
අවදි වූ මොහොතේ පටන් නින්දට යන තුරු දුරකථනයෙන් මල් කඩන්නට පුරුදුව ඇති අපේ පාසල් යන නංගිලාගේ පටන් විවේකයක් ලැබූ සැනින් කවුරුන් සමග හෝ මල් කඩන රැකියාවන්හි නියුතු අක්කලාත් එසේම; මලක් ගහන්නැතුව පාඩම් කරන්න බැරීව ලතැවෙන මල්ලිලාත් අරක්කු බොන්න සල්ලි නැති නිසා මලක් ගහල මනෝ පාරක් දාගෙන පාඩුවේ ඉන්න අයියලාත් තමන්ගේන් සමාජයට කළ යුතු මෙහෙවර ගැන යලිත් සිතිය යුතුය. මල් කඩන්නට හෝ මල් ගහන්නට අසීමිතව සංවේදී වීම හරහා දවසේ පැය 24ම සීග්‍රයෙන් ගෙවීයන අතර තුර රටේ ලෝකයේ වෙන්නේ මෙනවාද යන්නත් සොයා බලනවානම් තමාගෙන් රටට ජාතියට සිදු විය යුත්තේ කුමක්ද යන්න අවබෝධ කරගත හැකිය. ඔබ පාලකයන් විසින් පීඩාවට පත් කරන ලද ඔබගේ මනුෂ්‍ය වර්ගයා පිළිබදව මදක් සිතන්න. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන්න. නැතිනම් ඉතිරිවන්නේ මළ සංස්කෘතියක් පමණකි.

රණවිරුවන්ගේ මළ කද මතින් ඉන්දියන් වන්දනාවේ යමුද?




වසර දහස් ගණනක අභීත සිංහල ජාතියේ මාතෘ භූමිය වූ ලංකාව වෙත සෑම කලෙකම වරින්වර ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ අසිපත් එසැවිණ. අදින් වසර හය දහසකට පෙර “සුර -අසුර” යුද්ධයේ පටන් “ස්කන්ධ” “රාම” “විජය” එළාර , ‍කාළිංඝ මාඝ යුග පසුකරමින් ප්‍රභාකරන් දක්වා විවිධ ආකාරයේ ඉන්දීය ආක්‍රමණිකයන් පැමිණියහ. නමුත් අද 2012 ජනවාරි මස 22 වැනිදා දක්වාමත් සිංහලයන්ගේ ලංකාව ඒක් සේසත්ය. ඒ එදා මෙදා තුර මව් බිම රැකගන්නට යුධ වැදුනු වීරෝධාර රණ විරුවන්ට පිංසිදු වෙන්නටය.
දැන් ආක්‍රමණ නැත. ත්‍රස්ත්‍රවාදීන් ද නැත. දැන් උදාවන්නේ 1815 සුද්දාට රට පාවා දුන් ආකාරයේ පාවා දීමකටය. ඊටත් වඩා ලොකු පාවාදීමකටය. 13 හෝ 13+ යනු මහා පාවා දීමකි. වසර 30ක් යුධ වැදී ලද ජයග්‍රහණය අමු අමුවේම පාවා දීමකි. 13 යනු ප්‍රභාකරන්ගේ ඊලාම් සිහිනය සෑබෑ කිරීමකි.
උතුරු නැගෙනහිර වශයෙන් ප්‍රාන්ත දෙකක් කියන වදන යථාර්තයක් කරන්නට දැන් මහරජ සහ විමල්, චම්පික පුරෝහිත දෙපල සූදානම් වෙයිද?
නොබෙල් තෑග්ගෙන් තමන්‍ට ලැබෙන ඩොලර්වලට ගිජු වී ලංකාවේ ඉන්දියන් ප්‍රාන්තයකට අවසර දෙයිද? නැතිනම් රට දෙකඩ වීම වලකා සිංහල ජාතියේත් රටේත් ඒකීය භාවය ආරක්ෂාකරගනීද? තීරණ දෙකම ඔව්න් සතුය. ඒ රට වෙනුවෙන් හඩ නගන්නට දැන් කිසිවෙක් ඉදිරිපත් නොවන නිසාය

පීඩිත ජනතාව ,එක්සත් ජාතික පක්ෂය හා සජිත්

( යු එන් පී කාරයන්ට විශේෂයි)
රාජපක්ෂකරණයට නතු වූ ශ්‍රී ලංකා රාජ්‍යයේ පීඩිත ජනතාව මහත් ඛේදනීය තත්වයකට මුහුණ පා ඇත. පවතින ආණ්ඩුව වෙතින් තමන්ගේ උවමනා එපාකම් ඉටුනොවන අසරණ මිනිසුන්ට තමන්ගේ දුක කියන්නටවත් කිසිවෙක් නැත. ජේ ආර් විවෘත ආර්ථිකේ නොගෙනාවනම් දෙවියන්ට, වෙනත් මිත්‍යාවකට හෝ කරුමයට බාර දී හිත හදාගන්නට තිබිණ. දැන් ඇත්තේ විකල්ප දෙකකි. එක්කෝ හිත හදාගෙන පැත්තකට වීමය. නැත්නම් සටන් කිරීමයි. දිගින් දිගටම සිදුවන දූශණය, භීෂණය, වංචාව, රැවටීම හමුවේ බොහෝ කාළයක් හිත හදාගෙන පැත්තකට වී නිදාගත් සිංහලයන් දැන් දැන් අවධි වෙමින් සිටිති. අවශ්‍යය වන්නේ නායකත්වයකි. ඝෘජු, අවංක නායකත්වයකි. එය තව දුරටත් ආගම දහම දඩ මීමා කරගෙන බලයේ රැදී සිටින රාජපක්ෂලාට ආදේශකයක් නොවිය යුතුය. කටින් බතල කොළ සිටුවන ජාතියේ දියසෙන් කුමාරවරු තව දුරටත් ලංකාවට අනවශ්‍යය බව ජනතාව තේරුම් ගෙන ඇත.
ගහෙන් වැටිච්චි මිනිහට ගොනා ඇන්නා වගේ රාජපක්ෂලාගෙන් බැට කන පීඩිත ජනතාවගේ හඩ විපක්ෂය විසින් පාගා මර්ධනය කැර ඇත. ජනාධිපති චන්ද්‍රිකා සමග සංවාසයේ යෙදෙන්නට පෙර ජනතා විමුක්ති පෙරමුණ වෙතින් පොදු ජනතාවගේ හඩ යම් තරමකට නියෝජනය කෙරින. පක්ෂ සාමාජිකයන් අතලොස්සක් සහ ජාතිවාදය, මාක්ස්වාදය, අවස්ථාවාදය ආදී මතවාද රාශියක පැටළී සිටින ජවිපෙට අද පොදු ජනතාව වෙනුවෙන් අවංකව කතා කරන්නට තරම් හයියක් නැත ළදරු අවධියේදීම දියත් වෙන මර්ධනයත්, තම මතවාදය සමාජගත කරන්නට කාළය අවැසි බවිනුත් පෙරටුගාමී සමාජවාදී පෙරමුණ වෙත එතරම් බලාපොරොත්තු තබාගත නොහැකිය. ඉතිරිව ඇත්තේ දෙමළ ජාතිවාදී T.N.A එකත් බහු ජන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයත් පමණි. සමස්ථ ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් රාජපක්ෂවාදය පරාජය කරමින් මැතිවරණක් හරහා ජයග්‍රහණය කර ආණ්ඩු පිහිටුවීමට අවස්ථාව ඇතොත් ඒ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව පිළිගත යුතු කරුණකි. පීඩිත පොදු ජනතාව වෙනුවෙන් නායකත්වය ගැනීමට ඇති පක්ෂය වෙනත් විගඩම් නටන විට තැලෙන්නේ පොදු ජනතාවමය. අද සිදුවී තිබෙන්නේද එයමය. එජාපයට මිනිසුන් වෙනුවෙන් සටන් කරන්නට අවස්ථාවක් නැත. පක්ෂයේ දෙවන පෙළ නිළධාරී තන්ත්‍රය වසර ගනනාවක් තිස්සේ ප්‍රසිද්ධියේ කුළල් කා ගනිමින් සිටී.
දෙවන පෙළ නායකත්වයකින් සිදුවිය යුත්තේ කොන්දෙසි විරහිතව පවතින ආණ්ඩුව විවේචනය කිරීමයි. පවතින ආණ්ඩුව කෙසේ හෝ බිද දමා තම පක්ෂය බලයට රැගෙන ඒමයි. පොදු ජන අවශ්‍යතාවයන් වෙනුවෙන් නොනවත්වා සටන් කිරීමය.
නමුත් එජාපයේ දෙවන පෙළ නායකත්වයට එවැනි අවශ්‍යතාවයක් ඇති බවක් වත් පෙනෙන්නට නැත. ඔවුහු නොනවත්වාම තම පක්ෂ නායකයාට පහර ‍දෙමින් එජාප විරෝධයක් ජනතාව අතර මතුකරමින් සිටිති. බළල්ලු ලවා කොස්ඇට බෑවීමේ උපන් හපන් කම් පෙන්වන සජිත් ප්‍රේමදාස තමන්ගේ ඇගත් බේරාගෙන වැඩේ කරගන්නට රුසියෙකි. මැයි පළමුවෙනිදාට යෙදෙන පොදු විපක්ෂයේ මැයි පෙළපාළිය වර්ජනය කරන්නට සජිත් ගෙනයන මඩ ව්‍යාපාරය දුටු විට ඇතිවන්නේ කණගාටුවකි. පිළිකුළකි. ඔහුට අවශ්‍යව ඇත්තේ තමාගේ කොළඹ රැස්වීමට වැඩියෙන් සෙනග පැමිණි බව පවසමින් පුරසාරම් දෙඩීමට විය හැකිය. නමුත් ඉන් සිදුවන්නේ පක්ෂයේ ශක්තිය දුර්වල කිරීමකි. ආණ්ඩු පක්ෂය ශක්තිමත් කරන්නට, රාජ්‍ය මාධ්‍ය වලට තළු මරණ පුවත් සැපයීමකි. මුළු මහත් රටේම ජනතාව පොදු විපක්ෂයේ නැගිටීමක් අපේක්ෂාවෙන් සිටින මොහොතක
සජිත් එය පාවා දෙන්නේ ඇයි. ඔහුගේ බල තන්හාව නිසා මුළු මහත් රටේම මිනිසුන් තුළ ඉච්ඡා භංගත්වයක් ඇති වෙමින් පවතී. ආණ්ඩුව පොදු ජනතාවට දියත් කර ඇති පීඩනයට එරෙහිව කථා කරන්නට එජාපයට වෙලාවක් නැත. ජනතාව වෙනුවෙන් සටන් කරන්නට පක්ෂය මෙහෙය වනවා වෙනුවට අවස්ථාවාදී බල ලෝභීත්වයෙන් මෝහනය වූ සජිත් ප්‍රේමදාසගේ යටී කූට්ටු උප්පරවැට්ටි වළින් පක්ෂය බේරාගන්නට නායකත්වයට සිදුවීම රටේම අවාසනාවකි.
රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කරමින් ජනප්‍රිය වීම ඔහුගේ අරමුණයි. තමන්ගේ ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවට උපරිම වාසි අත්වන බව සජිත් ප්‍රේමදාසට වැටහීමක් නැතැයි සිතන්නට තරම් ජනතාව නූගතුන් නොව. සජිත් එසේ සිතනවානම් එය සංශෝධනය කර ගත යුතුව ඇත. තව දුරටත් සජිත් නැමැති පිළිළය එජාපය තුළ පැවතුනහොත් සිදුවන්නේ මහත් අපරාධයකි. රටත් ජනතාවත් රාජපක්ෂලාගේ වහලුන් බවට පත්වීම නොවැලැක්විය හැකිය.

හෙළ උරුමයේ වාසනාව, ජාතියේ අවාසනාව සහ අපේ කරුමය



ධනයට, බලයට ලොබ බැද  මිත්‍යාදෘශ්ටිකයන්ගේ දේව කන්නලව් අතර මංමුලාව සිටි සිංහල ජාතිය අවධිකරවූයේ පරමපූජනීය ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේය. ජාතික උන්නතිය උදෙසා තම ප්‍රාණය පූජාකළ උන් වහන්සේ ගේ ශ්‍රී දේහය විකුණා රජ වූ ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිලලා, චම්පිකලා ඉතා වාසනාවන්තයෝය..  සරලවම කියතොත් මරක්කලයින් සමග අල්ලාහුඅක්බර් යැයි කියන්නට තරම් ඔව්න් වාසනාවන්ත විය. උදය ගම්මන්පිල මහතා පසුගිය දිනෙක එය යථාර්ථයක්ම පැහැදිළිවම පෙන්වා දුන්හ.





 ඇත්තටම එතුමන් කොතරම් වාසනාවන්තද? ලංකාව සර්වාගමික රාජයයක්බවට පත්කරන්නට දායක වීමේ එතුමා ලද භාග්‍ය කෙතරම් විශිෂ්ටද? 

සෝම හාමුදුරුවන්ගේ දේහය කරමත තබාගෙන සිංහල දීපයේ  ධර්මරාජ්‍යයක් ගොඩනගන්නට පාර්ලීමේන්තුවට,පලාත්සභාවලට වැඩිය සිංහල බෞද්ධයාගේ ගැලවුම්කරුවන් යැයි ඔව්න්ම පවසාගත් ජාතික හෙළඋරුමය දැන් සර්වාගමික රාජ්‍යයක් වෙනුවෙන් හම්බයන් සමග ගෙරිමස් අනුබව කරන්නේ ජාතික මතවාදය බයිට් එකට ගනිමින්ය. 

ජාතියේ අවාසනාවට අපි ඔව්න් විස්වාස කළා. උදය ගම්මන්පිල මහතා රුපවාහිණී සංවාද වල කැනහිල් න්‍යාය හරහා තම්බින්ට පට්ට පතුරු යනතෙක් බනින විට , අතුරලියේ රතන, ඕමල්පේ සොභිත ආදී හිමිවරු කතෝලික පල්ලියේ ආක්‍රමණය ගැන කියුපු විදියට අපට මැවුනේ අමුතුම ලෝකයකි. චම්පික අයියා වේදිකාවල අල්ලා දෙවියන්ගේ පටන් අශ්රෝෆ්, රවුෆ් හකීම්ලාගේ අරමුණු පැහැදිළි කොට අප බලා සිටියේ දෑස් විදහාගෙනය. ජාතිය ගොඩගන්න ආපු දියසෙන් කුමාරවරු රජ කරන්න අපි හැමෝම සිහින මැව්වා. අපි ඒක කළා . සෙට් එකක්ම පාර්ලීමේනතුවට යැව්වා. උන් දැන් තම්බි එක්ක නෝම්බි අල්ලනවා. ඇත්තටම මේකට උන්ට බැනල වැඩක් නෑ, උන් අපිව ගොනාට අන්දවල දේශපාලන බලය ගොඩනගාගත්තා,  දැන් දුමින්ද සිල්වට වගේ හෙළ උරුමයටත් අමතකයි,  සිංහල බෞද්ධ ජාතික මතවාදය වෙනුවෙන් අවංකව කැපවෙච්ච දහස්ගණනක්  මිනිස්සු නන්නත්තාර කරල එයාල මේ තැනට ආපු වග.  තවදුරටත් මෙයාල පිළිබදව බලාපොරොත්තු තියාගෙන ඉන්නවානම් ඒක අපි අපිටම කරගන්න නිවැරදි කළ නොහැකි වරදකි.