Thursday

ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ.

ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ.

උපතින් ඇගපතින් ලංකාවේ ජීවත් උනත් සිතින් යුරෝපයේ ජීවත්වන මගේ යාළුවෙක් ඉන්නවා ,ඒත් කවදාවත් මිනිහා යුරෝපයට තියා මාලදිවයිනටවත් ගිහිල්ලා නැති වුනත් නිතරම කථාකරන්නේ බහු වචන වලින්;මිනිහාට විතරක් නෙමෙයි N.G.O කාරයන්ගේ ලනුකාපු අපේ රටේ ඇතැම් සිංහලයන්ට මේ රට බහු ජාතික බහු ආගමික රටක් කියල කියන කොට මොකක් හරි වාසියක් ලැ‍බෙනවද දනනෑ ; ඒත් මේ ටික ඔව්න් තේරුම් ගත්තොත් හොදයි

කොටි සංවිධානය පරාජයෙන් බේරා ගැනීම සදහා ඉන්දියානු දේශපාලනය දරණ උත්සාහය තුලින් ඔව්න් අකැමැත්තෙන් වුවත් පිළිගතයුතු කරුණක් ඇත. ඒ කොටි සංවිධානය ත්‍රස්ත්‍රවාදීන් උනත්, මීනීමරුවන් වුනත්,තිරිසන්නු වුනත් උන් ‍වෙනුවෙන් කතාකරන්නට ,උන්ව බේරා‍ගන්නට තවත් පිරිසක් මේ ලොකයේ සිටින බවයි. ඒ හින්දූන් හෝ මුස්ලිම් එහෙමත් නැත්නම් යුරෝපීය ජාතියක් නොව දෙමළ ජනයායි. ඔව්න් ‍ලංකාවේ , ඉන්දියාවේ , කැනඩාවේ හෝ ලොව කොතැනක සිටියත් ඊලම වෙනුවෙන් පෙනී සිටියි.

ඒ ඇයි ? සිංහලයන් බහු ජාතියක් ගැන කථාකරන විට ඔව්න් ඊලම වෙනුවෙන් පෙනීසිටින්නේ ඇයි .

ලංකාව බහු ජාතික නම් ඒ බහු ගණයට වැටෙන සෑම ජන වර්ගයක්ම ඒ රටට ආදරය කල යුතුයි .

දෙමල ජාතිකයන් ආදරය කරන්නේ ලංකාවටද ? නැත ඔව්න් ආදරය කරන්නේ ඊලාමයටයි , ඒ කියන්නේ දේශසීමා මායිම් වලින් බෙදීගිය වෙනමම රටකටයි. ඒ නිසයි ඔව්න් ප්‍රභාකරන් කියන මිනීමරු ත්‍රස්ත්‍රවාදියා ආරක්ෂාකරන්නේ ඔහුට සුදු හුණු ගාන්නේ.

ලංකාවට ආදරයක් තියෙන ජාතියක් නම් මේ රට විනාසකරපු ප්‍රභාකරන්ට එරෙහිව කරන යුද්ධයට කවදාකවත් එරෙහි වන්නේ නැත. නමුත් ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින දෙමළ ඇමතිවරයා (චන්ද්‍රසේකරන්)පවා ඉන්දියානු මැදිහත් වීම සාධාරණීකරනය කරන්නේ ඇයි.

මෙහි තේරුම මෙයයි.

ලංකාව ගැනවත් එහි ජීවත් වන මිනිස්සු ගැනවත් ඔව්න්ට ආදරයක් නැත.

ඔව්න්ට අවශ්‍යව ඇත්තේ රට හදන්නට නොව රට කඩන්නටය .

ඔව්න්ට අවශ්‍යව ඇත්තේ ‍ලංකාව තුල වෙනම රටක් ගොඩනගන්නටය.

ඒ තුල වෙනමම වූ දෙමල ජාතික රාජ්‍යක් ගොඩනගන්නටය.

එනම් ලංකාව බහු ජාතික රටක්ද කියන එක ඔව්න්ට වැදගත් නොවේ. ලංකාව බහු රටක් කියමින් ඇවිදින සිංහලයන් මේ ගැන ටිකක් කල්පනාකාරී වන්නේනම් හොදයි.

ඔව්න් ලංකාවට යම් තරමින් හෝ ආදරයක් දක්වන්නේ නම් එය පෙන්වීමට ඹව්න්ට අවස්ථාව පැමිණ ඇත.

රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකට බලපෑම් කරන ඉන්දියාවට එයින් ඉවත්වන ලෙස බලකරමින් ලංකාවෙ ජීවත්වන දෙමළ ජනයා එයට තමන්ගේ විරෝධය පෙන්විය යුතුයි.ඔව්න් ලංකාවට යම් තරමින් හෝ ආදරයක් තිබේනම් එය කල යුතුයි.

මොන ප්‍රශ්න තිබුනත් අද වෙනතෙක්ම ඉන්දියානු බලපෑමට එරෙහිව වචනයක් හෝ කථා කලේ ජනතා විමුක්ති පෙරමුණ , හෙල උරුමය , ජාතික නිදහස් පෙරමුණ ආදී දේශපාලන පක්ෂත් බොදු බල සේනා ‍සංවිධානය හා දේශ හිතෛශි ජාතික සංවිධානය යන සිංහල සංවිධානත් පමණි. ඔව්න්ටද තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න පුළුවන් , ඒත් ඔව්න්ට එහෙම අහක බලාගෙන ඉන්න බෑ මොකද මේ රට ගැන ඔව්න්ගේ හිත් වල ආදරයක් තියෙනවා.ඒ නිසයි තමන්ගේ රටට ප්‍රශ්නයක් වෙනකොට රට බේරගන්න ඕන කියලා පාරට බහින්නේ.ඒ ඇයි ? ලංකාව ගැන කැක්කුමක් තියෙන්නේ සිංහලයන්ට විතරක් නිසයි. සිංහලයන්ට විතරයි ලංකාවේ වටින කම හදවතට දැනෙන්නේ. එසේ නොවී ලංකාව ගැන අනිකුත් ජාතීනුත් බහු හැගීමෙන් කටයුතු කරනවානම් නම් දෙමළ ජනයා සහා මුස්ලිම් ජනයා ලංකාවට ඉන්දියාව විසින් කරනු ලබන අනිසි බලපෑමට එරේහි විය යුතුය.

ලංකාව බහු රටක් කියන අපේ ඇත්තෝ “හකීම්” මහත්තයයි , “පේරියල් අශ්රොෆ්” මැතිනියයි හමුවෙලා ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතෙනවා . මොකද ඔව්න් ඉන්දියානු බලපෑම ගැන නොදන්නවා වෙන්නත් පුළුවන් ; ඇයි ඔව්න් නිහඩ ; ඇයි ඔව්න් මේ ගැන තමන්ගේ විරෝධය ඉන්දියා‍වට ප්‍රකාශනොකර සිටින්නේ; ඒ ලංකාව ගැන හෝ ඔය කියන බහු ජාතියෙන් ඔව්න්ට වැඩක් නැති හින්දයි.ඔව්න්ටත් ඕන ලංකාව හූරගෙන කන්න විතරයි. ලංකාව දෙකට නෙමෙයි තුනකට හතරකට කැඩිල ගියත් ඔව්න්ට ප්‍රශ්නයක් නැතිව නින්ද යන්නේ ඒ නිසයි

Monday

ඉන්දියානු මැදිහත් වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි

ඉන්දියානු මැදිහත්වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.



ඉන්දියාව මේ දිනවල ලංකාවේ ස්වාධිපත්‍යයට නැවතත් අභියෝග කරන තත්වයක් මතුවී ඇත. ඉන්දියාවේ මෙම මැදිහත්වීම ඉතාමත් අසාධාරණ ක්‍රියාවකි.අවුරුදු විස්සකට ආසන්න කාලයක් ලංකාවේ පැවතින මෙම කොටි ත්‍රස්ත්‍රවාදය නිසා සිදුවූ ජීවිත හානිය ලක්ෂයකටත් වැඩිය. දේපල හානිය ගණනය කළ නොහැක. මේසා විනාශයක් කරන ලද ත්‍රස්ත්‍රවාදීන්ට උදව් කිරීම ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන රටකට කෙතරම් ගැලපේද යන්න ඔව්න් තීරණය කරගත යුතුය.

ගැටළුව එය නොව , මෙය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූවක් නොවීමය. මෙය මේ ආකාරයෙන්ම මීට පෙර ඉතිහාසයේ සිදුවී ඇත. අද වගේම එදත් කොටින් ලංකාවෙන් තුරන් කරන්නට ඔන්න මෙන්න තිබියදී ඉන්දියාව LTTE යට උදව් කලේය. අදත් එසේමය .LTTEය තමන්ගේ අවසන් සටනට සූදානම් වෙමින් සිටිද්දී ඉන්දියාව ඔව්න්ට ආරක්ෂාව සැපයීම සාධාරණීකරනය කිරීමට අවශ්‍ය පසුබිම සකස්කරගනිමින් පවතී. ඒ ඉන්දියාවේය

ලංකාවේ සිදුවන්නේ කුමක්දැයි සිතාගැනිමට ටිකක් අමාරුයි.

මොකද ඉන්දියාවේ දේශපාලකයන්, ලංකාවට හෙන ගැහුවත්, මුළු ලංකාවම ප්‍රභාකරන් අල්ලගත්තත්,එහෙම නැත්තං ලංකාවේ ඉන්න දෙමළ කොටින් සමූල ඝාතනය කලත් ඔව්න් තමන්ගේ රටට අවාසියක් අවැඩක් වෙන කිසිදු තීරණයක් නොගන්නාබව නම් සිතාගත හැකිය.

ඒත් “රටට කලින් බඩ” යන පහත් මානසිකත්වය තුල දේශපාලනය කරන අපේ රටේ දේශපාලකයන් බලාසිටින්නේ මෙවැනි අවස්ථාවන් එන තෙක්ය. ඒ ගැටළුව විසදීමට නොව, කීයක් හරි හොයාගන්නය,

එහෙමත් නැත්නම් තමන්ගේ පක්ෂයට තව මිනිස්සු ටිකක් එකතුකර ගන්නටය.

ඒ සදහා රටට , මිනිස්සුන්ට වෙන්නේ කුමක්ද යන්න ඔව්න්ට අදාල නැත.මේ ඉතිහාසයේ සිදුවීඇති ආකාරයයි. හෙටත් සිදුවන්නේ මේ ආකාරයටම විය හැක .

මහින්ද රාජපක්ෂ මහතාද ඔහුගේ අමාත්‍ය මණ්ඩලයද මෙහි ප්‍රබල සාමාජිකයෙකි.

එතුමා බලයට පැමිනියේ කොටි සමග යුද්ධකරන බවට ඡන්ද පොරෝන්දුවක් ලබාදෙමින්ය.මෙ නිසා ඔහු ලංකාව තුල බහුතර ජන මතය දිනාගත් නමුත් එම ඡන්ද පොරෝන්දුව නොතිබුනානම් ඔහුට සිද්ධාලේප වෙදමහත්තයාට තරම්වත් ඡනමතයක් ගොඩනගාගත නොහැකිවෙනු ඇත. ජනාධිපති වූ පසුවත් එතුමා හෙල උරුමයේ සහ ජනතා විමුක්ති පෙරමුනේ සහය ලබාගැනීම සදහා “යුද්ධය” නැවතත් කරලියට ගෙන එන ලදී, ඉනුත් නොනැවතී කිරි පිටි වලින් පටන් අරගෙන ගහපු හැම බද්දකටම උත්තරය වූයේ “යුද්ධයයි”.මෙ ආදී වසයෙන් ආණ්ඩුව “යුද්ධය” කොකටත් තෛලය ලෙස රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මිනිසුන්ගේ සිත් සනසන්නට විය.ඔව්න්ට මෙය සෙල්ලමකි.මෙය අවසන් කිරීමටවත්, ජයග්‍රහණය කිරිමටවත් ඔව්න්ට අවශ්‍ය නැත.කෙසේ හෝ අවසන් වුවහොත් එයනම් ඔව්න්ට ප්‍රශනයක් විය හැක. ඒත් ඔව්න් නොදන්නවා විය නොහැකියි මේ රටේ මිනිස්සු යුද්ධය නිසා කොච්චර දුකක් විදිනවද කියා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය අවුරුදු කීපයතුල උතුරේ කරනලද යුද්ධය නිසාවෙන් දකුණේ අහිංසක දුප්පත් අම්මලා තාත්තලාට අහිමි වූ දරුවන් ගණන කොපමනදැයි කියන්නට මා දන්නේ නැත, මා දන්නේ අපේ ගමේ පොඩි කාලයේ ඉදලා අපිත් එක්ක සෙල්ලම් කරපු දහම් පාසලේදී එකට ඉගෙන ගත්ත මිතුරන් දහ දොලොස් දෙනෙක්ගේ මළ සිරුරු සීල් තියපු පෙට්ටිවල ගමට ආවා කියා පමණයි. අම්මලා තාත්තලා අවුරුදු දහඅටක්- විස්සක් තිස්සේ මේ රටේ විදින්න තියෙන හැම දුකක්ම විදලා හදපු තමන්ගේ දරුවා හමුදාවට ගිය දවසේ ඉදලා ගෙදරඑනකං විදින දුක දන්නේ එය විදපු මිනිස්සු විතරයි. ඒ ගැන කවදාවත් ලියන්න බැහැ. ඒත් මෙච්චර දුක් විදගෙන ‍ඉන්න මේ මිනිස්සුන්ගේ හිත්වල එකම එක බලාපොරෝත්තුවක් තියෙනවා. ඒ තමයි “නිදහස” අද හෙටම ලංකාව කොටින්ගෙන් බේරාගනීවී යන අදහස ඔව්න්ගේ සිත්වල කෑකෑරෙනවා.ඒ තමයි ඒ මිනිස්සුන්ගේ හිත් වල තියෙන පිරිසිදු බව.ඒත් ඒ මිනිස්සු දන්නෑ යුද්ධය කියන්නේ දේශපාලකයන්ට තවත් එක සෙල්ලමක් විතරක් බව

මිනිස්සු ඒ දුක විදගෙන ඉන්නේ අද හෙටම යුද්ධය ඉවරවනවා යන අපේක්ෂාවෙන්ය.

මෙ නිසා මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව පිට සියල්ල පවරා ඉන්දියා‍ව කියන නිසා යුද්ධය නවත්වන්නට හෝ සාම කථා අරඹන්නට ගියහොත් මෙතෙක් කල් රණබිමේ යුද්ධය නිසා මියගිය රණවිරුවන් නිසා දුක් විදින දුප්පත් අහිංසක මව්වරුන්ගේ සාපය එල්ලවෙනු නියතය; සාධාරණය;

මන්ද ඔහු ඉන්දියාව මෙයට මැදිහත් වන බව “යුද්ධය” මාර්කට් කරන්නටත් පෙරසිට දැනගෙන සිටි නිසාය. එසේ කියන්නේ මෙය මේ අයුරින්ම ඉතිහාසයේ අසූ ගණන්වල සිදුවී ඇති බව දැන දැනම මිනිස් ජීවිතත් එක්ක කරන සෙල්ලම් වල සීමාවක් අවශ්‍යනිසාය.

සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි-01

සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි. 01

සිංහලයාගේ ආරම්භය පිළිබදව ප්‍රධාන මත කිහිපයක් දක්නට ඇත . එම අදහස් සියල්ල එකට කැටි කල විට ප්‍රධාන වසයෙන් සිංහලයාගේ උපත පිළිබදව මත දෙකක්

1.උතුරු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බව

2.ස්වදේශිය යක්ෂ , දේව , නාග , රාක්ෂ යන්හි එකතුවක් බවත් . ලෙස අපට දැකගත හැකිය.මෙයින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්දියාවේ සිංහ වංශය ලංකාවට පැමිණ සිංහල වූවා යන මතයයි.

උතුරු ඉන්දියාවෙන් සිංහලයාගේ උපත සිදුවූවා යන මතය පිළිබදව , මූලාශ රැසක් අපවෙත දක්නට ඇත.ඒ අතර ප්‍රධාන ලෙස දීප වංශය , සමන්තපාසාදිකාව , දිව්‍යාවදානය, මහා භාරතය ආදී ග්‍රන්ථ සහ දේශ ගවේශකයන්ගේ වාර්ථාද වැදගත් වේ

සිංහයාගෙන් ආරම්භ වි - සිංහබාහු - විජය - පණ්ඩුවාසු දේව - අභය

සිංහල නම් වෙලෙන්දා - සිංහල දේශය

ලංකාව තුල ජනප්‍රිය මතය වන මෙහි මා හට පෙනෙන ආකාරයටනම් එය එතරම් පිළිගත හැකි වැදගත් අදහසක් නොවන බවයි . මොකද දැනට සොයාගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක වලට අනුවත්

මහා වංශය , මහා භාරතය ආදී ඉතිහාස ග්‍රන්ථ වලට අනුවද විජයගේ ආක්‍රමණයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ඨාචාරයක් පැවති බවටත් සාක්ෂි ඉතිහාස සිදුවීම් සියුම්ව අධ්‍යනයේදී අනන්තවත් සොයාගත හැකිය.

මහා වංශය තුලින්ම සොයාගත හැකි කරුණු රැසකි.

කුවේණි නම් වූ යක්ෂ නායිකාව

ඇයට සේවිකාවන් සිටි බව (ඇගේ නම සීස පාටිකා බව කාම්භෝජ මහා වංශයේ සදහන්ව ඇත

විලි වසාගැනීමේ අවශ්‍යතාවයට පමණක්ම සීමා නොවූ රෙදි කර්මාන්තය දියුණුව පැවතීම.

දියුණු නගර - ශීර්ෂවස්තු නමැති යක්ෂ පුරය , ලංකා නගරය

නගරාන්තර විවාහ සබදතා සිදුවීම ආදී වසයෙන් කරුණු රැසකි .

එසේම දැනට සිදුවී ඇති පුරා විද්‍යාත්මක පර්යේෂණ තුලින් විජයගේ පැමිණීමටත් පෙර

එනම් ක්‍රී.පූ 6 වෙනි සියවසට පෙර යුගයට අයත්වන දියුණු නගරයක්( එය දකුණු ආසියාවේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් ව පැවති බවට සාක්ෂි ලැබී ඇත )අනුරාධපුර ඇතුලුනුවර කැණීම් වලින් සොයාගෙන ඇත.

පසුගිය දිනවල තිස්සමහාරාමයෙන්ද කි.පු 6 සියවසට ‍පෙර යුගයට අයත් දියුණු නාගරික ලක්ෂණ සහිත

නගර සංකීර්ණයක නටබුන් හමුවී ඇති බවත් දැනගන්නට ලැබිණ.

මෙ ආදී ලෙස බලන කල නම් සිංහලයාගේ උපත අප දන්නා සිංහබාහු විජය පරපුරෙන් නම් නොවන බවට මට සහතික විය හැකිය.