Monday

ඉන්දියානු මැදිහත් වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි

ඉන්දියානු මැදිහත්වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.



ඉන්දියාව මේ දිනවල ලංකාවේ ස්වාධිපත්‍යයට නැවතත් අභියෝග කරන තත්වයක් මතුවී ඇත. ඉන්දියාවේ මෙම මැදිහත්වීම ඉතාමත් අසාධාරණ ක්‍රියාවකි.අවුරුදු විස්සකට ආසන්න කාලයක් ලංකාවේ පැවතින මෙම කොටි ත්‍රස්ත්‍රවාදය නිසා සිදුවූ ජීවිත හානිය ලක්ෂයකටත් වැඩිය. දේපල හානිය ගණනය කළ නොහැක. මේසා විනාශයක් කරන ලද ත්‍රස්ත්‍රවාදීන්ට උදව් කිරීම ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන රටකට කෙතරම් ගැලපේද යන්න ඔව්න් තීරණය කරගත යුතුය.

ගැටළුව එය නොව , මෙය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූවක් නොවීමය. මෙය මේ ආකාරයෙන්ම මීට පෙර ඉතිහාසයේ සිදුවී ඇත. අද වගේම එදත් කොටින් ලංකාවෙන් තුරන් කරන්නට ඔන්න මෙන්න තිබියදී ඉන්දියාව LTTE යට උදව් කලේය. අදත් එසේමය .LTTEය තමන්ගේ අවසන් සටනට සූදානම් වෙමින් සිටිද්දී ඉන්දියාව ඔව්න්ට ආරක්ෂාව සැපයීම සාධාරණීකරනය කිරීමට අවශ්‍ය පසුබිම සකස්කරගනිමින් පවතී. ඒ ඉන්දියාවේය

ලංකාවේ සිදුවන්නේ කුමක්දැයි සිතාගැනිමට ටිකක් අමාරුයි.

මොකද ඉන්දියාවේ දේශපාලකයන්, ලංකාවට හෙන ගැහුවත්, මුළු ලංකාවම ප්‍රභාකරන් අල්ලගත්තත්,එහෙම නැත්තං ලංකාවේ ඉන්න දෙමළ කොටින් සමූල ඝාතනය කලත් ඔව්න් තමන්ගේ රටට අවාසියක් අවැඩක් වෙන කිසිදු තීරණයක් නොගන්නාබව නම් සිතාගත හැකිය.

ඒත් “රටට කලින් බඩ” යන පහත් මානසිකත්වය තුල දේශපාලනය කරන අපේ රටේ දේශපාලකයන් බලාසිටින්නේ මෙවැනි අවස්ථාවන් එන තෙක්ය. ඒ ගැටළුව විසදීමට නොව, කීයක් හරි හොයාගන්නය,

එහෙමත් නැත්නම් තමන්ගේ පක්ෂයට තව මිනිස්සු ටිකක් එකතුකර ගන්නටය.

ඒ සදහා රටට , මිනිස්සුන්ට වෙන්නේ කුමක්ද යන්න ඔව්න්ට අදාල නැත.මේ ඉතිහාසයේ සිදුවීඇති ආකාරයයි. හෙටත් සිදුවන්නේ මේ ආකාරයටම විය හැක .

මහින්ද රාජපක්ෂ මහතාද ඔහුගේ අමාත්‍ය මණ්ඩලයද මෙහි ප්‍රබල සාමාජිකයෙකි.

එතුමා බලයට පැමිනියේ කොටි සමග යුද්ධකරන බවට ඡන්ද පොරෝන්දුවක් ලබාදෙමින්ය.මෙ නිසා ඔහු ලංකාව තුල බහුතර ජන මතය දිනාගත් නමුත් එම ඡන්ද පොරෝන්දුව නොතිබුනානම් ඔහුට සිද්ධාලේප වෙදමහත්තයාට තරම්වත් ඡනමතයක් ගොඩනගාගත නොහැකිවෙනු ඇත. ජනාධිපති වූ පසුවත් එතුමා හෙල උරුමයේ සහ ජනතා විමුක්ති පෙරමුනේ සහය ලබාගැනීම සදහා “යුද්ධය” නැවතත් කරලියට ගෙන එන ලදී, ඉනුත් නොනැවතී කිරි පිටි වලින් පටන් අරගෙන ගහපු හැම බද්දකටම උත්තරය වූයේ “යුද්ධයයි”.මෙ ආදී වසයෙන් ආණ්ඩුව “යුද්ධය” කොකටත් තෛලය ලෙස රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මිනිසුන්ගේ සිත් සනසන්නට විය.ඔව්න්ට මෙය සෙල්ලමකි.මෙය අවසන් කිරීමටවත්, ජයග්‍රහණය කිරිමටවත් ඔව්න්ට අවශ්‍ය නැත.කෙසේ හෝ අවසන් වුවහොත් එයනම් ඔව්න්ට ප්‍රශනයක් විය හැක. ඒත් ඔව්න් නොදන්නවා විය නොහැකියි මේ රටේ මිනිස්සු යුද්ධය නිසා කොච්චර දුකක් විදිනවද කියා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය අවුරුදු කීපයතුල උතුරේ කරනලද යුද්ධය නිසාවෙන් දකුණේ අහිංසක දුප්පත් අම්මලා තාත්තලාට අහිමි වූ දරුවන් ගණන කොපමනදැයි කියන්නට මා දන්නේ නැත, මා දන්නේ අපේ ගමේ පොඩි කාලයේ ඉදලා අපිත් එක්ක සෙල්ලම් කරපු දහම් පාසලේදී එකට ඉගෙන ගත්ත මිතුරන් දහ දොලොස් දෙනෙක්ගේ මළ සිරුරු සීල් තියපු පෙට්ටිවල ගමට ආවා කියා පමණයි. අම්මලා තාත්තලා අවුරුදු දහඅටක්- විස්සක් තිස්සේ මේ රටේ විදින්න තියෙන හැම දුකක්ම විදලා හදපු තමන්ගේ දරුවා හමුදාවට ගිය දවසේ ඉදලා ගෙදරඑනකං විදින දුක දන්නේ එය විදපු මිනිස්සු විතරයි. ඒ ගැන කවදාවත් ලියන්න බැහැ. ඒත් මෙච්චර දුක් විදගෙන ‍ඉන්න මේ මිනිස්සුන්ගේ හිත්වල එකම එක බලාපොරෝත්තුවක් තියෙනවා. ඒ තමයි “නිදහස” අද හෙටම ලංකාව කොටින්ගෙන් බේරාගනීවී යන අදහස ඔව්න්ගේ සිත්වල කෑකෑරෙනවා.ඒ තමයි ඒ මිනිස්සුන්ගේ හිත් වල තියෙන පිරිසිදු බව.ඒත් ඒ මිනිස්සු දන්නෑ යුද්ධය කියන්නේ දේශපාලකයන්ට තවත් එක සෙල්ලමක් විතරක් බව

මිනිස්සු ඒ දුක විදගෙන ඉන්නේ අද හෙටම යුද්ධය ඉවරවනවා යන අපේක්ෂාවෙන්ය.

මෙ නිසා මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව පිට සියල්ල පවරා ඉන්දියා‍ව කියන නිසා යුද්ධය නවත්වන්නට හෝ සාම කථා අරඹන්නට ගියහොත් මෙතෙක් කල් රණබිමේ යුද්ධය නිසා මියගිය රණවිරුවන් නිසා දුක් විදින දුප්පත් අහිංසක මව්වරුන්ගේ සාපය එල්ලවෙනු නියතය; සාධාරණය;

මන්ද ඔහු ඉන්දියාව මෙයට මැදිහත් වන බව “යුද්ධය” මාර්කට් කරන්නටත් පෙරසිට දැනගෙන සිටි නිසාය. එසේ කියන්නේ මෙය මේ අයුරින්ම ඉතිහාසයේ අසූ ගණන්වල සිදුවී ඇති බව දැන දැනම මිනිස් ජීවිතත් එක්ක කරන සෙල්ලම් වල සීමාවක් අවශ්‍යනිසාය.