Thursday

ගණින්නාන්සේලාට සහ ඇබිත්තයන්ට දැනගනු පිණිසයි.



ගණින්නාන්සේලාට සහ ඇබිත්තයන්ට දැනගනු පිණිසයි.

මහින්ද රාජපක්ෂ සරණං ගච්චාමි කියමින් උදේ හවස මහින්දගේ කුණුසොදන්නට “ උතුම් වූ නිර්මල වූ බුදු දහමේ සංඝ සමූහයේ බාහිර රූප විලාසය යොදාගනීමින් එනම් සිවුරු පොරවා හිස මුඩුකර පැවිද්දන් සේ සිටිමින් දේශපාලනයේ නිරතවෙන අතුරලියේ රතන , උඩුවේ ධම්මාලෝක , බෙංගමුවේ නාලක , ඕමාරේ කස්සප ආදී නම් වලින් හැදින්වෙන චීවරධාරීන් නොහොත් ගනින්නාන්සේලා වෙත මතක් කර සිටිනු කැමැත්තෙමි.

භික්ෂූන් වහන්සේගේ වගකීම මා දන්නා පරිදි බූදු දහම ආරක්ෂා කීරීම විය යුතුය. සිවුරේ සිටිමින් බුදු දහම විනාශ කරන්නට උදව් කරනවුන්ට ගණින්නාන්සේ කියා නොව උන් නූතන දෙව්දත්ලා (බුදු දහම විනාශ කරන්නට ඉපදුනු එවුන්) විය යුතුය.

මීට දින කිපයකට පෙර ජාඇල ඒකල උදන්විට උත්තමාරාම රාජ මහා විහාරයේ නායක හාමුදුරුවන් වහන්සේ අපවත් කිරීමට ඉහත දැක්වූ ගණින්නාන්සේලාගේ ආශීර්වාදය ලත් කැබිනට් ඇමතිවරයෙකුගේ ගොලබාලයින් පිරිසක් පැමින ඇත. නායක හාමුදුරුවෝ ඝාතනය කළ නො‍හැකිවූ තැන උන් විහාරස්ථානයේ බූදු පිළිම කඩා බිද දමා දේපල විශාල ප්‍රමාණයක් විනාශකර පළාගොස් ඇත.

බුදු පිළිම විනාශ කළ උන් ඇමතිවරයාගේ බලය නිසාවෙන් නිවැරදි කරුවෝය උන් නිදැල්ලේය. පන්සලේ හාමුදුරුවෝ මරන්නට ආපු එවුන් අත්අඩංගුවට ගන්නාලෙස හඩනැගූ ගමේ තරුණයන් පොලිසිය විසින් රදවාගෙන ඇත.

මහින්දගේ පස්චාත් භාගය සෝදන්නට සැදී පැහැදී සිටින චම්පික රණවකලා ඇතුළු මෙම දෙව්දත් නිකායේ උන්ගේද මෙම සිදුවීමට සම්බන්ධයක් තිබිය යුතු වන්නේ මුන්ට උදේ රෑ එලි වෙනකම් මහින්ද සරණං ගච්චාමි කියන්න පුළුවන් වුවද මේවා ගැන කථා නොකර එවා ගැන කථාකරන අයද නිහඩකරවන නිසාවෙනි.