Monday

සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි-01

සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි. 01

සිංහලයාගේ ආරම්භය පිළිබදව ප්‍රධාන මත කිහිපයක් දක්නට ඇත . එම අදහස් සියල්ල එකට කැටි කල විට ප්‍රධාන වසයෙන් සිංහලයාගේ උපත පිළිබදව මත දෙකක්

1.උතුරු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බව

2.ස්වදේශිය යක්ෂ , දේව , නාග , රාක්ෂ යන්හි එකතුවක් බවත් . ලෙස අපට දැකගත හැකිය.මෙයින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්දියාවේ සිංහ වංශය ලංකාවට පැමිණ සිංහල වූවා යන මතයයි.

උතුරු ඉන්දියාවෙන් සිංහලයාගේ උපත සිදුවූවා යන මතය පිළිබදව , මූලාශ රැසක් අපවෙත දක්නට ඇත.ඒ අතර ප්‍රධාන ලෙස දීප වංශය , සමන්තපාසාදිකාව , දිව්‍යාවදානය, මහා භාරතය ආදී ග්‍රන්ථ සහ දේශ ගවේශකයන්ගේ වාර්ථාද වැදගත් වේ

සිංහයාගෙන් ආරම්භ වි - සිංහබාහු - විජය - පණ්ඩුවාසු දේව - අභය

සිංහල නම් වෙලෙන්දා - සිංහල දේශය

ලංකාව තුල ජනප්‍රිය මතය වන මෙහි මා හට පෙනෙන ආකාරයටනම් එය එතරම් පිළිගත හැකි වැදගත් අදහසක් නොවන බවයි . මොකද දැනට සොයාගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක වලට අනුවත්

මහා වංශය , මහා භාරතය ආදී ඉතිහාස ග්‍රන්ථ වලට අනුවද විජයගේ ආක්‍රමණයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ඨාචාරයක් පැවති බවටත් සාක්ෂි ඉතිහාස සිදුවීම් සියුම්ව අධ්‍යනයේදී අනන්තවත් සොයාගත හැකිය.

මහා වංශය තුලින්ම සොයාගත හැකි කරුණු රැසකි.

කුවේණි නම් වූ යක්ෂ නායිකාව

ඇයට සේවිකාවන් සිටි බව (ඇගේ නම සීස පාටිකා බව කාම්භෝජ මහා වංශයේ සදහන්ව ඇත

විලි වසාගැනීමේ අවශ්‍යතාවයට පමණක්ම සීමා නොවූ රෙදි කර්මාන්තය දියුණුව පැවතීම.

දියුණු නගර - ශීර්ෂවස්තු නමැති යක්ෂ පුරය , ලංකා නගරය

නගරාන්තර විවාහ සබදතා සිදුවීම ආදී වසයෙන් කරුණු රැසකි .

එසේම දැනට සිදුවී ඇති පුරා විද්‍යාත්මක පර්යේෂණ තුලින් විජයගේ පැමිණීමටත් පෙර

එනම් ක්‍රී.පූ 6 වෙනි සියවසට පෙර යුගයට අයත්වන දියුණු නගරයක්( එය දකුණු ආසියාවේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් ව පැවති බවට සාක්ෂි ලැබී ඇත )අනුරාධපුර ඇතුලුනුවර කැණීම් වලින් සොයාගෙන ඇත.

පසුගිය දිනවල තිස්සමහාරාමයෙන්ද කි.පු 6 සියවසට ‍පෙර යුගයට අයත් දියුණු නාගරික ලක්ෂණ සහිත

නගර සංකීර්ණයක නටබුන් හමුවී ඇති බවත් දැනගන්නට ලැබිණ.

මෙ ආදී ලෙස බලන කල නම් සිංහලයාගේ උපත අප දන්නා සිංහබාහු විජය පරපුරෙන් නම් නොවන බවට මට සහතික විය හැකිය.