Monday

සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි-01

සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි. 01

සිංහලයාගේ ආරම්භය පිළිබදව ප්‍රධාන මත කිහිපයක් දක්නට ඇත . එම අදහස් සියල්ල එකට කැටි කල විට ප්‍රධාන වසයෙන් සිංහලයාගේ උපත පිළිබදව මත දෙකක්

1.උතුරු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බව

2.ස්වදේශිය යක්ෂ , දේව , නාග , රාක්ෂ යන්හි එකතුවක් බවත් . ලෙස අපට දැකගත හැකිය.මෙයින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්දියාවේ සිංහ වංශය ලංකාවට පැමිණ සිංහල වූවා යන මතයයි.

උතුරු ඉන්දියාවෙන් සිංහලයාගේ උපත සිදුවූවා යන මතය පිළිබදව , මූලාශ රැසක් අපවෙත දක්නට ඇත.ඒ අතර ප්‍රධාන ලෙස දීප වංශය , සමන්තපාසාදිකාව , දිව්‍යාවදානය, මහා භාරතය ආදී ග්‍රන්ථ සහ දේශ ගවේශකයන්ගේ වාර්ථාද වැදගත් වේ

සිංහයාගෙන් ආරම්භ වි - සිංහබාහු - විජය - පණ්ඩුවාසු දේව - අභය

සිංහල නම් වෙලෙන්දා - සිංහල දේශය

ලංකාව තුල ජනප්‍රිය මතය වන මෙහි මා හට පෙනෙන ආකාරයටනම් එය එතරම් පිළිගත හැකි වැදගත් අදහසක් නොවන බවයි . මොකද දැනට සොයාගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක වලට අනුවත්

මහා වංශය , මහා භාරතය ආදී ඉතිහාස ග්‍රන්ථ වලට අනුවද විජයගේ ආක්‍රමණයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ඨාචාරයක් පැවති බවටත් සාක්ෂි ඉතිහාස සිදුවීම් සියුම්ව අධ්‍යනයේදී අනන්තවත් සොයාගත හැකිය.

මහා වංශය තුලින්ම සොයාගත හැකි කරුණු රැසකි.

කුවේණි නම් වූ යක්ෂ නායිකාව

ඇයට සේවිකාවන් සිටි බව (ඇගේ නම සීස පාටිකා බව කාම්භෝජ මහා වංශයේ සදහන්ව ඇත

විලි වසාගැනීමේ අවශ්‍යතාවයට පමණක්ම සීමා නොවූ රෙදි කර්මාන්තය දියුණුව පැවතීම.

දියුණු නගර - ශීර්ෂවස්තු නමැති යක්ෂ පුරය , ලංකා නගරය

නගරාන්තර විවාහ සබදතා සිදුවීම ආදී වසයෙන් කරුණු රැසකි .

එසේම දැනට සිදුවී ඇති පුරා විද්‍යාත්මක පර්යේෂණ තුලින් විජයගේ පැමිණීමටත් පෙර

එනම් ක්‍රී.පූ 6 වෙනි සියවසට පෙර යුගයට අයත්වන දියුණු නගරයක්( එය දකුණු ආසියාවේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් ව පැවති බවට සාක්ෂි ලැබී ඇත )අනුරාධපුර ඇතුලුනුවර කැණීම් වලින් සොයාගෙන ඇත.

පසුගිය දිනවල තිස්සමහාරාමයෙන්ද කි.පු 6 සියවසට ‍පෙර යුගයට අයත් දියුණු නාගරික ලක්ෂණ සහිත

නගර සංකීර්ණයක නටබුන් හමුවී ඇති බවත් දැනගන්නට ලැබිණ.

මෙ ආදී ලෙස බලන කල නම් සිංහලයාගේ උපත අප දන්නා සිංහබාහු විජය පරපුරෙන් නම් නොවන බවට මට සහතික විය හැකිය.

11 comments:

Homo Erectus said...

මනෝජ් හොඳ උත්සාහයක් අරගෙන තියෙන්නෙ.
හොඳ ආරම්භයක්.
මගෙත් අදහසක් කියන්නම්.
ඔය කියන අතීතය ගැන සොයද්දි පොඩ්ඩක් හොයල බලන්න 'සිංහල' හරි 'සිහල' හරි 'හෙළ' හරි, ඔය වචන භාවිතා වුණු අතීතම මූලාශ්‍ර මොනවද කියල.
ඉතා ඈත අතීතයේ (වසර 7,000 කට 6,000 කට පෙර) පවා ලංකාවේ දියුණු ශිෂ්ඨාචාරයක් තිබූ බවට අද හොඳටම පැහැදිලියි. අද මෙරට වෙසෙන්නේ ඒ ශිෂ්ඨාචාරවත් ජාතියෙන් පැවත එන්නන් බවත් පැහැදිලියි. ගැටළු ඇති වෙන්නේ ඔය 'සිංහල' 'සිහල' ‍'හෙල' නාමකරණ වලදියි. ඒ නිසා ඒ ගැන අපි ප්‍රවේශම් විය යුතුයි. හෝමෝ සේපියන්, මම, නියැන්ඩතාල් ඔය හැමෝම අද ඉන්න 'සිංහලයන්ගේ' මුල.

නාමල් උඩලමත්ත said...

අපූරු ප්‍රවේශයක් සහිත අපූරු ලිපියක්. පවතින ජනප්‍රිය මතවාද ඉක්මවා යමක් සිතන්න යොමුවීම ම ජයග්‍රහණයක්. ඔබ සඳහන් කළ මහාවංසය ඇතුලු සියලු කෘති ඒ ඒ යුගවල යම් යම් දේශපාලන සහ වෙනත් අරමුණු මුදුන්පත් කරගැනීමට ලියූ කෘති මිස සිංහලයාගේ ආරම්භය විවරණයට ලියූ දෑ නොවේ.
සිංහලයාගේ ආරම්භය වසර 35 000ක් 40 000ක් ඈතට ගෙනයාම වගේ ම විජයාගමනයට ඈඳීම ද වැරදි බවයි මගේ අදහස. වසර 35 000ක් ඈත යුගයේ මෙරට මානවයින් වාසය කළ බව මහාචාර්ය ශිරාන් දැරණියගලගේ පර්යේෂණවලින් සනාථ වී ඇති බව ඇත්ත. ඒත් ඒ සිංහල අය නෙමේ. සිංහලයා බිහිවුණේ කි.පූ.4 වන සියවසේ පණ්ඩුකාභය රජ දවස. ඒ දකුණු ඉන්දීය සිංහ සහ මෙරට යක්ෂ දේව නාග ආදී ගෝත්‍ර මුසුවීමෙන්. "අබා" චිත්‍රපටයේ අබාගේ පියා චිත්තරාජ බවට ලබාදෙන ඉඟියට ඒකයි මම කැමති. (වැඩි විස්තර-http://sanhindha.blogspot.com/2008/08/blog-post_18.html) මේක අප අතර සුසංවාදයට යොමු කළ යුතු හොඳ ආරම්භයක්. තව තව ගැඹුරට යාහැකි මාතෘකාවක්.

Homo Erectus said...

ඔව් නාමල් 30,000 - 40,000 කට ඉස්සර හිටියේ 'සිංහලයෝ' නෙමේ 'අපේ කට්ටිය'. (හික්!)
ඔබ කියන මිශ්‍රනයෙන් බිහිවෙන්නේ ජාතියක්ද? පාලක පැලැන්තියක්ද?

Manoj colambage said...

නාමල් ඔබේ අදහස් වලට මම ගරු කරනවා
ඔබ දකින විදියටම සිංහලයාගේ උපත විජයගෙන් නොවන බව මම පිළිගන්නවා .
ඒත් ඔබ කියන දකුණු ඉන්දීය සිංහ වංශය මොකක්ද
ඒ ගැන මට ටිකක් විස්තර කරනවද?

Manoj colambage said...

Homo erectus මහතාණෙනි මීට අවුරුදු 6000 -7000 කට පෙර ලංකාවේ දියුණු ශිෂ්ඨාචාරයක් පැවති බව ඔබ පිළිගැනීම ගැන මම සතුටු වෙනවා .
ඒත් සිංහල , හෙල නාමකරණයේදී ඔබ කියන ආකාරයේ දී කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නැහැ.
මොකද ශිෂ්ඨාචාරයක් ගොඩ නැගි,
එහි නිර්මාණ කරුවන්ගෙන් පැවත එනන්නන්ට තමන්ගේ ඉතිහාසයේ අනන්යතාවය ගැන කථාකිරීම වරදක් වන්නේ කෙසේද ?
ගැටළුව වන්නේ ඒ ගැන කථා නොකර සිටීමයි මොකද ලොව තමන්ගේ ශිෂ්ඨාචාරය ගැන කථා නොකරන එකම ජාතිය සිංලයා වීමයි.

නාමල් උඩලමත්ත said...

Homo erectus මහතාණෙනි,
ඕනෑ ම ජාතියක් කැමතියි තමන් ලොව ඉතා ම පැරණි ජාතියක් කියා පවසන්න. මම දන්නවා සිංහලයා අවුරුදු 35 000-40 000ක් පැරණියි කියා පවසන උදවිය එහෙම කියන්නේ ඉතා ම අවංක හැඟීමෙන් සහ දෑ අබිමන පෙරදැරිව කියා. සිංහලයා විජයගෙන් පැවත එනවා කියන අය එහෙම කියන්නේ සිංහලයාට මේ රටේ ඇති උරුමය අවප්‍රමාණ කිරීමේ යටි අරමුණින්. මොකද සිංහලයා උතුරු ඉන්දියාවෙන් ආවේ, ඊට ටික කලකට පසු ද්‍රවිඩයින් දකුණු ඉන්දියාවෙන් ආවේ, කියා කිව්ව ම ඒක හරිම පහසුයිනේ. ඒත් කවුරුත් අහන්නේ නෑ ද්‍රවිඩයින් දකුණු ඉන්දියාවේ හිටියට කෝ සිංහලයින් උතුරු ඉන්දියාවේ කියා. සිංහලයින් උතුරු ඉන්දියාවෙන් ආවා නම් ඉතිරි අය තාම ඉන්න එපායැ. එහෙම හිටියා නම් කොටි සිංහල නායකයින් මරා දමද්දි පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න එපායැ.

අපේ රටේ විජයාගමනයට පෙර දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බව ඇත්ත. එහි කිසිම වාදයක් නැහැ. ඒත් ඒ යුගයේ මෙරට හිටියේ සිංහලයාගේ මුතුන්මිත්තෝ. යක්ෂ නාග ආදි ගෝත්‍රිකයෝ. බුදු රදුන්ගේ ලංකා ගමන්, රාවනා පුවත මේ සඳහා නිදසුන්.

මනෝජ් මම සිංහ වංශය කීවේ වඟු රට සිංහපුරය සිය රාජධානිය කරගෙන විසූ සිංහබාහුගෙන් පැවත එන අය. ඔහුගේ පුතා විජය. කි.පූ.543 විතර ඔහු ලංකාවට ආවා. ඊට පස්සේ පඬුවස්දෙව් සහ පිරිවර භද්දකච්චානා සහ පිරිවර ආදි වශයෙන් සිංහ වංශිකයින් ලංකාවට ආවා. මේ අය සහ ස්වදේශීය ජනවර්ග අතර මුලදි විවිධ අරගල යුද්ධ හටගත්තා. ඒත් කි.පූ. 437 වෙද්දි පණ්ඩුකාභය රජ දවස මේ සියලු ජනවර්ග එකට මුසුවී සිංහලය බිහිවුණා. කුඩා කල සිට රජ මැදුරින් පිට යක්ෂ ගෝත්‍රික ගොපලු ගමක විසූ පණ්ඩුකාභයට ස්වදේශීය ජනවර්ගයාගේ විශ්වාසය දිනාගැනීම පහසුවෙන්න ඇති.

මේ මුසුවෙන් බිහිවෙන්නේ ජාතියක්. ඒ සිංහල ජාතිය. මේ රටේ ඒ වන විට පාලකයින් හිටියා. රාවනා, චූලෝදර මහෝදර, කුවේණි ඒ පාලක පැලැන්තියේ අය. විරසකව දෙපසක සිටී සිංහ සහ ස්වදේශීය ජන පිරිස් එකතුවෙලා තමා සිංහලය බිහිවුණේ. එහෙම නැතිව ඉන්දියාවෙන් ආනයනිත බඩුවක් නෙමේ.

Manoj colambage said...

ඔව් නාමල් ජනවර්ග එකට මුසුවී
සිංහලය බිහිවුණා කියනකතාව මමත් පිළිගන්නවා.
එය ඉතිහාසයේ යම්දිනක සිදුවෙන්නට ඇති.
ඒත් එය සිදුවූයේ පණ්ඩුකාභය රජ
දවස සිදු වූවා යන්න මට නම් පිළිගන්න අමාරුයි.
ඔබ කියනවා වගේම මමත් පණ්ඩුකාභයගේ පියා චිත්රරාජ බවට පිළිගන්නවා
නමුත් පණ්ඩුකාභයගේ මව චිත්රාව දීඝගාමීනීගේ බිරිද කියන අදහස වැරදියි කියලා මට හිතෙනවා.
ඇය චිත්රාරාජගේ බිරිද වන්නට බැරිද,ඇතැම් විට
ඇය කුවේනිය වගේම යම් පලාතක නායිකාවක් වන්නට බැරිද
මොකද
පඩුවස් දෙවු රජුට “භද්දකච්චායනා”බිසව ඉන්දියාවෙන් පැමිනිම ගැන පොඩි ගැටළුවක් තියෙනවා.
අතීතයේ “කච්චායන” කියලා කුලයක් තිබිල තියෙනවා
“භද්ද” කියන්නේ උතුම් කියන අදහසයි.මින් අදහස් වන්නේ
උතුම්වූකච්චායන කුලයේ මිශ්ර වීමක් පිළිබදව වන්නට බැරිද
මොකද
විජයගේ බිරිද “විජායි” වූවාසේම
චිත්තගේ බිරිද “චිත්තා”විම ඉතිහාසය තුල දැකගත හැකිය.
එසේම “චිත්තරාජ”කියන්නේ එවකට
යම් ස්වදේශික නායෙකයකු ලෙසයි මට සිතෙන්නේ
ඒ නිසයි වංශ කථා කරුවා “ගෝපකං චිත්ත” පණ්ඩුකාභය රජ වීමෙන් පසු
“චිත්ත රාජේන” ලෙස හදුන්වන්නේ
වංශ කථා කරුවා සදහන් කරනවා මොවුන් දෙදෙනා සම අසුන් ගෙනසිටි බව.
මේ නිසා පණ්ඩුකාභය මම දකින්නේ සවදේශික ගෝත්ර දෙකක එකතුවක් ලෙසයි.
හරියට
කැලණියෙන් “දේවී” කුමරියයි රුහු‍ණෙන් “කාවන්තිස්සයි” එකතුවෙන්
හැදුන “දුටුගැමුණු”
මුළු ලංකාවම එක ධජයකට එකතුකළා වගේ.

නාමල් උඩලමත්ත said...

මනෝජ්,
අප අතර විවිධ මතවාද තිබිය හැකියි. ඔබ පවසන දෑ එකවර මට ඉවත දාන්න බැහැ. ඉතිහාසය කියන්නේ විවිධ කියවීම් එකතුවක්නේ. ඒ ගැන අපි සවිඥානකව තව කියවමු. ඒ කියවීම්වල හරය සහ පරස්පර විමසමින් සත්‍ය මතුකර ගැනීමට උත්සහ ගනිමු. ඔබ පවසන පරිදි භද්දකච්චානා මෙරට කුමරියක යයි සිතමු. ඇය සිංහ වංශික රජු හා සරණ ගියා. ඉන් ලද දරුවන්ගෙන් දියණිය චිත්‍රා. ඇය සිංහ සහ ස්වදේශීය මිශ්‍ර කුමරියක්. ඇගේ ස්වාමියා චිත්තරාජ නම් ස්වදේශීය නායකයා වී යයි ගනිමු. එසේ බැලුව ද සිංහලය බිහිවන්නේ ඒ ලද දරුවාගෙන් නේද? පණ්ඩුකාභයගෙන් නේද? ඉතිහාසයේ කියවෙන්නේ ලංකාව කියන එක්සේසත් රාජ්‍යය බිහිවුණේ එදවස කියලයි. මොකද කවුරුත් පණ්ඩුකාභය රජු විදිහට පිළිගත්තා. ඔහු තමා මේ ගෝත්‍ර මිශ්‍රණයෙන් බිහිවී ප්‍රථම වරට රජවුටණ්. මට හිතෙන්නේ මුල එතැන කියලයි. අපි ඒ ගැන තව හොයමු.

Manoj colambage said...

නාමල් මම නැවතත් කියන්නේ ඔබේ අදහස් වලට මම ගරු කරනවා,
නාමල් ඔබ කිව්වා හරි සිංහලයා ඉන්දියාවෙන් ආනයනික බඩුවක්නොවේ මොකද ලංකාවේ කිසිදු සිංහල රජ කෙනෙකු(නිශ්ශංක මල්ල හැර) තමන්ගේ ඥාතිත්වය විජයට හෝ ඉන්දියානු කුලයකට සම්බන්ධ කරනැහැ
ඔව්න් එය එකහෙළා ප්ර්තික්ෂේප කරනවා .
ඒක කියන්නේ මෙහෙමයි.දේවානම්පියතිස්ස කාළයෙන් පසු
සිංහල රජවරු තම පරම්පරා වංශ දක්වා ශිලා ලිපි කරවලා තියෙනවා.
එම සෑම ලිපියකින්ම ඔව්න් පෙන්වා දෙන්නේ තමන් ස්වදේශික සූර්ය වංශයට හා ඔකාවස් රජ පෙළපත් වලට සම්බන්ධ බවයි.
“සිරිබර් කැත් කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට්”
“සූර්ය වංශොද්භූත” , “මනුවංශාභිජාත”
විජයගෙන් අවුරුදු 500 ක්වත් ගෙවීයන්නට පෙර සිංහල රජවරුන්ට තමන්ගේ
වංශ‍යේ ආරම්භකයා පිළිබද තොරතුරු පැටැලැවෙන්නට ඇතැයි සිතිම කෙතරම් සාධරනද?
නැහැ
ඔවුන් දැනසිට්න්නට ඇති තමන්ගේ පරපුරේ ආරම්භකයා ගැන.
ඒ නිසයි ඔව්න් විජය ප්රතික්ෂේප කරලා තමන්ගේ වංශය ගැන කළුගල් වල සදහන්කරන්නට ඇත්තේ.
ඒ කියන්නේ විජය නැමති ආක්රමණිකයා අල්ලාගත්ත තමන්ගේ රට
ඔහුගෙන් බේරගන්න පණ්ඩුකාභය කියන රාජකුමාරයා යටතේ යක්ෂ , ‍නාග ,දේව, රාක්ෂ , කියලා බෙදිල හිටිය සිව් හෙලයා නැවතත් එකතු වූ බව.

නාමල් ,
අපි මේ ගැන තව හොයමු .
අපට පුළුවන් වේවි සිංහලයාගේ ශිෂ්ඨාචාරය ගොඩනැගුන අයුරු සොයාගන්න.

මම දවස් දෙකකට විතර පොඩි ගමනක් යනවා
දිගටම කථා කරන්න බැරිවෙන එක ගැන මම කනගාටු වෙනවා.
ඒත් මම යන්නේ නැවත ඔබ සමග මේ ගැන සාකච්චා කරන අදහසින්.

Anonymous said...

manoj oya mata hada guruvarayek

Unknown said...

ඔබතුමා කියන දේ හරි ඒත් ඔබතුමා එක තැනක සදහන් කරලා තියෙනවා කොටි අපිට ගහද්දී සිංහල අය ඉන්නවනම් වුද්ගෝෂන කරයි කියලා. පාකිස්තාන ඉන්දියාවේ කොටසක් පාකිස්තානයේ සිංහලයා ඉන්නවාද නෑනේ මුස්ලිම් විතරයි.