Tuesday

දුටුගැමුණු රජ කරවා පරාක්‍රමබාහු බලුකරන බල්ලට ගිය රාජ්‍ය මාධ්‍ය

දුටුගැමුණු රජ කරවා පරාක්‍රමබාහු බලුකරන බල්ලට ගිය රාජ්‍ය මාධ්‍ය

මෙම සටහන ලියන්නට සිතුනේ අහබ්බයෙන් වගේ සදුදා 19 ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහන නැරඹීම නිසාවෙනි.ධනය සහ බලය වෙනුවෙන් අම්ම තාත්තා වුවද පාවාදෙන රටකට මෙය එතරම් වැදගත් දෙයක් නොවුවද මේ ගැනත් වචනයකින් හෝ ලියා තැබිය යුතුය.

ඡන්ද දිනන්නට බුද්ධාගම, සිංහල ජාතිය,යුද්ධය ආදී සියල්ල යොදාගෙනත් සැහීමකට පත්නොවුනු මහින්ද රාජපක්ෂ දැන් ඉතිහාසයද කණපිට ගසන්නට පටන්ගෙන ඇති බව දැනගත්තේ ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව නැටු නාඩගම නිසාය .එයට අනුව දුටුගැමුණු යනු මහා වීරයෙකි,ඒ ගැන තර්කයක් නැත.මහින්ද රාජපක්ෂ යනු දුටුගැමුණු හා සමාන වීරයෙකි. මෙවැනි කථා අප අනන්තවත් අසා ඇති අතර සිංහ හම පොරවාගත් කොටළුවාගේ කථාව පෙර පාසලේදීම අසා ඇති බැවින් ඒ පිළිබදව කථාකර කාළය නාස්තිකිරීම අපරාධයකි.

සිදුවීම කෙටියෙන් මෙසේය,

දුටුගැමුණු රජු සිංහලේ මහා වීරයෙකි = මහින්ද රාජපක්ෂ

දුටුගැමුණු තරම් පරාක්‍රමබාහු වීරයෙක් නොවේය.

පරාක්‍රමබාහුට වඩා දේවානම්පියතිස්ස විශිෂ්ඨය.

දේවානම්පියතිස්ස තරම්ම නැතිවුනත් වලගම්බා රජුද විශාල සේවයක් කර ඇත.

වලගම්බා රජු වගේම විජයබාහු රජු ද වැදගත් රජ කෙනෙකි.

බුද්ධදාසරජු මෙන්ම විමලධර්මසූරිය රජුද ශේෂ්ඨ පාලකයෙකි.

නොකියා කිවූ කොටස

පරාක්‍රමබාහු = රනිල් වික්‍රමසිංහ

එමනිසා අද රනිල් වගේම ඉතිහාසයේ පැරකුම්ද වැඩකට නැත.

දොරමඩලාව රූපවාහිනී වැඩසටහන තුලින් ජනතාවට ඉගැන්වූ පාඩම එයයි. ජනතාව එය පිළිගත යුතුය. ඒ ජනතාවට වඩා ඉගෙනගත්ත දැන උගත් බුද්ධිමතුන් පිරිසක් රාජ්‍ය මාධ්‍ය තුලින් ජනතාවට ඉතිහාසය කියාදෙන බැවිනි.ඉතිහාසය නොදන්නා අපේ එව්න්ට වැඩසටහන අවසානයේදී දුටු ගැමුණු වීරයෙක් වී පරක්‍රමබාහු වැඩකට නැති රජෙක් විය.

පරාක්‍රමබාහු රජු එතරම් වැදගත් පාලකයෙක් නොවේ නේදැයි වැඩසටහන මෙහෙයවන්නා අසන විටම ඔව් කියන්නට මහින්ද රාජපක්ෂගේ බුද්ධිමත් ඇම්බැට්ටයන් සැදි පැහැදි සිටියහ. කුළියට කියවන සූරියප්පෙරුමට මෙය සාමාන්‍ය දෙයකි.කණගාටුදායක කරුණනම් එල්ලාවල මේධානන්ද හිමි තමන් ඉතා දිගු කාලයක් පුරා ගොඩනගාගත් පුරාවිද්‍යා දැනුම මහින්දරාජපක්ෂගේ කුණු සොදන්නට ගොස් හෑල්ලුවට පත් කරගැනීමයි.මේධානන්ද හිමිට පරාක්‍රමබාහු රජු රටේ ගෞරවය උදෙසා බුරුමය ආක්‍රමණය කළ බවත්; ප්‍රභල දකුණු ඉන්දියාව ආක්‍රමණය කල බවත්, පරාක්‍රම සමුද්‍රය ගැන හෝ දෙමල මහා සෑයේ වැඩනිමවූවානම් එය ලොව විශාලතම ස්ථුපය බවට පත්වන බවවත් අප කියාදිය යුතු නැත.

දේශපාලන ගේම් එකක් නිසා දුටුගැමුණු වීරයෙක් කර පරාක්‍රමබාහුගේ ඉරණම රජු එතරම් වැදගත් පාලකයෙක් නොවන බවට තීන්දුකිරීමේ දැවැන්ත අපරාධයක් සිදුවූ බව මාහට වැටහුනේද ඉන් පසුවය. මහින්ද රාජපක්ෂ මහතාගේ ලොකු අසාවක් ඇත.ඒ දුටු ගැමුණු චරිතයට අදින්නටය.තමාට වන්දිබට්ටකම් කරන උදවිය යොදාගෙන ඔහු එය තමාටම කියාගනිති.ඒ තුළින් ඔහු තමාගේ පෞරුෂය ගොඩනගා ගන්නට උත්සාහ කරණ අතර පරාක්‍රමබාහු චරිතය තුලින් රනිල් වික්‍රමසිංහගේ පෞරුෂය බිද දැමීමටත් ඔහු තම වන්දිබට්ටයින් ලවා රාජ්‍ය මාධ්‍ය හරහා ඉතිහාසය වෙනස්කරවති.රනිල් විකුමසිංහ සහ මහින්ද යනු දේශපාලන ප්‍රතිවාදීන් දෙදෙනෙකි.ඔව්න් විවිධ උපකුම අනෙකා පරදවා ඉහලඒම සදහා යොදාගනිති. ඒ දේශපාලනයේ හැටිය. නමුත් මහින්ද රාජ්‍යමාධ්‍ය යොදාගෙන කරනුලබන මෙම පහත් නින්දිත ක්‍රියාවන් නිසා ඔහුගේ පෞරුෂය තව තවත් බිදවැටෙනවා මිසක් ගොඩනැගීමක්නම් සිදුවිය නොහැක.

ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක්


ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක්

ඔබගේ සපත්තුව කැඩුණුවිට එය සදා ගැනීමට

ඔබ සොයා යන්නේ දක්ෂ සපත්තුකරුවෙකු නොවේද?

ඔබ රෝගතූර වූ විට ඔබ සොයා යන්නේ

දක්ෂ වෛද්‍යවරයෙකු නොවේද?

එහෙත් කළාවන්ගෙන් ඉතාම උසස්ම

මෙන්ම වැදගත්ම කලාව වන,

පාලන කළාවේදී මෙම තේරීම නොකරන්නේ මන්ද?

සත්වයින් අතුරින් ඉතාම බුද්ධිමත් සත්වයා වූ

මිනිසා තමන් පාලනය කර ගැනීම සදහා

ඔවුන් අතුරින් කිසිම

හැකියාවක් නැති, දක්ෂකමක් නැති කපටින් රැළක්

තම පාලකයින් වශයෙන් තෝරාගන්නේ මන්ද?

ප්ලේටෝ

ප්ලේටෝ අදින් වසර දෙදහසකට පෙර දේශපාලකයින් තෝරා පත්කර ගැනීමේදී මිනිසුන් දක්වන ප්‍රතිචාරය පිළිබදව කර ඇති විස්තරය අදටත් වලංගුය.

අප අපගේ රට පාලනය කිරීම සදහා තොරා පත්කරගන්නේ ඒ සදහා මෙලොව සිටින සුදුසුම පුද්ගලයාය. තෝරා පත්කරගත් පසු ඔහු අපගේ රට පාලනය සදහා නුසුදුසුම පුද්ගලයා බැව් අපට තේරුම් යයි. අපට හැමදාම සිදුවන්නේ මෙයයි.මෙයට හේතුව..................?