Tuesday

ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක්


ප්ලේටෝ ගෙන් පිළිතුරු නැති ගැටළුවක්

ඔබගේ සපත්තුව කැඩුණුවිට එය සදා ගැනීමට

ඔබ සොයා යන්නේ දක්ෂ සපත්තුකරුවෙකු නොවේද?

ඔබ රෝගතූර වූ විට ඔබ සොයා යන්නේ

දක්ෂ වෛද්‍යවරයෙකු නොවේද?

එහෙත් කළාවන්ගෙන් ඉතාම උසස්ම

මෙන්ම වැදගත්ම කලාව වන,

පාලන කළාවේදී මෙම තේරීම නොකරන්නේ මන්ද?

සත්වයින් අතුරින් ඉතාම බුද්ධිමත් සත්වයා වූ

මිනිසා තමන් පාලනය කර ගැනීම සදහා

ඔවුන් අතුරින් කිසිම

හැකියාවක් නැති, දක්ෂකමක් නැති කපටින් රැළක්

තම පාලකයින් වශයෙන් තෝරාගන්නේ මන්ද?

ප්ලේටෝ

ප්ලේටෝ අදින් වසර දෙදහසකට පෙර දේශපාලකයින් තෝරා පත්කර ගැනීමේදී මිනිසුන් දක්වන ප්‍රතිචාරය පිළිබදව කර ඇති විස්තරය අදටත් වලංගුය.

අප අපගේ රට පාලනය කිරීම සදහා තොරා පත්කරගන්නේ ඒ සදහා මෙලොව සිටින සුදුසුම පුද්ගලයාය. තෝරා පත්කරගත් පසු ඔහු අපගේ රට පාලනය සදහා නුසුදුසුම පුද්ගලයා බැව් අපට තේරුම් යයි. අපට හැමදාම සිදුවන්නේ මෙයයි.මෙයට හේතුව..................?


1 comment:

Aruni Shapiro said...

ප්ලේටෝ මේ ලියන්නෙ සොක්‍රටීස් විසින් කියා දුන්නක්. ක්සෙනෆොන් ලියන මෙමරබීලියා හි එන පරිදි සොක්‍රටීස්ට මෙය අවසානයේ දී ක්‍රීටියාස් දෝෂාරෝපණය කරනවා. "ඔබ සපතේරුවන්, වඩුවන්, ලෝහකරැවන් යොදා ගත්තා දැන් හොඳටම ඇති, ඔවුන් ඔබ සංචාරය කරවූ තරමට දැන් ඔවුන්ගේ විලුම් හොඳට ම ගෙවී ඇති," කියා.

නමුත්, ප්ලේටෝ ලියන සොක්‍රටීස්ගේ පැනය අදත් ඉතා වැදගත් වූවක් බව නම් කිසිම සැකයක් නැහැ.