Wednesday

මැකියාවෙලී බොරු කියලද?






“ජනතාව කුමාරයා කෙරෙහි පැහැදුනු සිත් ඇතිව සිටිත් නම්, කුමණ්ත්‍රණ ගැන ඔහු එතරම් සැලැකිලිමත් විය යුතු නොවේයැයි මම නිගමනය කරමි. එහෙත්, ජනතාව කුමාරයා කෙරෙහි එදිරිවාදීව සිටිත්නම් හෝ ඔහුට වෛර කරත්නම් , ඔහු හැම විටම හැම කෙනෙකු ගැනත් හැම දෙයක් ගැනත් බියෙන් පසුවිය යුතුය..”
(නිකලොයි මැකියාවෙලී)

හැන්දෑවට රූපවාහිනී ආශ්චර්ය දිහා බලාගෙන ඉන්න අපිට නම්, අපේ කුමාරයා ගැන කවදාවත් අපැහැදීමක් ඇතිවෙලා නෑ. රූපවාහිනියටත්, ගුවන්විදුලියටත්, ලේක් හවුසියටත් පිංසිදුවෙන්න නිරන්තරයෙන්ම අපිට එතුමා ගැන පැහැදෙන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මොන පාලකයටද පුළුවන් උනේ දාහක් ප්‍රශ්න තිබුනත් ප්‍රශ්න නෑ වගේ ඉන්න පුළුවන් මාධ්‍යහරහා ආශ්චර්යයක් කරන්න. ඒක අපේම වාසනාවට වෙච්චි දෙයක්.   අපි කවදත් කුමාරයට එරෙහිවෙන් නෑ , මාධ්‍ය කියන්නෙත් ජනතාව කුමාරයා සමගයි කියලනේ.

ඒත් පොඩි අවුලක් තියෙනවා. මාධ්‍ය මර්ධනය, පෙළපාලි යන තරුණයන් මරා දැමීම, සුදු වෑන් වලින් අතුරු දහන් වීම  වගේ දේවල් අහනකොට නම් හිතෙන්නේ  කුමාරයා හොදටම බය වෙලා වගේ කියලයි, ඒත් කුමාරයා බය වෙන්න ඕන ජනතාව ඔහුට වෛර කරනවානම්, එරෙහිව ඉන්නවනම් විතරයිනේ.   මැකියාවෙලී බොරු කියලද? එහෙම නැත්නම් ඇත්තටම ජනතාව  ජනතාවටත් නොදැනීම කුමාරයට වෛර කරන්න පටන් ගෙනද?

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පිස්සු-අපට පිස්සු නෑ?





ළමයින්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂාකරගන්න කියල විශ්වවිද්‍යාල ආචාර්යවරු එක එක සෙල්ලම් දානවා. වර්ජන,පිකටින් උද්ඝෝෂණ මදිවට අත්සන් දස ලක්ෂයක් එකතු කරනවලු. පිස්සු වැඩක්. අධ්‍යාපනයට මොන අයිතිවාසිකම්ද? අයිතිවාසිකම් කියන්නේ සුද්දොන්ගෙ නිශ්පාදනයක්නේ.

එයාලට පිස්සු උනාට අපිට ඔය පිස්සුව නෑ.  මිනිස්සු යස අගේට ඔය අත්සන් ලේඛනය දැකලත් නොදැක්ක වගේ යන්නේ ඇයි.  මිනිස්සුන්ට මේ සමාජය හදුනා ගන්න අවබෝධයක් තියෙනවා. අධ්‍යාපනයට මුදල් යොදවනවට වඩා කරන්න වැඩ කොතෙතුත් තියෙනව කියල  මිනිස්සු දන්නවා. මහ රජු ප්‍රමුඛ පාර්ලීමේනතුවේ, පලාත්සභා , ප්‍රාදේශීය සභා වල ඉන්න මැති ඇමතිවරු සහ ඔව්න්ගේ හත් මුතු පරම්පරාවක්ම ජීවත් වෙන්න ඕන මහජන මුදල් වලින් කියල  මිනිස්සුන්ට පැහැදිලි දැනුමක් තියෙනවා. උන්නාන්සේලාට වියදම් නොකර කාට කරන්නද? එතුමන්ලා නැත්තං ITN එකේ නිව්ස් වලින් අපේ බඩ පුරවගන්නේ කොහොමද? මේවගේ සංවේදී ප්‍රශ්න විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට දැනෙන්නෑ. වැඩකටනැති අධ්‍යාපනයක් ගැන කෑගහල නිකන් පිස්සු කෙළිනවා.

අනික එයාල විශ්වවිද්‍යාල ආචාර්යවරුනම් එයාලගේ ළමයින්ට උගන්නගන්න එයාලට බැරි ඇයි. එහෙමත් බැරිනම් නිකම් බොරුවට කෑ ගහන්නැතුව එයාලගේ ළමයිටික සල්ලි ගෙවන ඉස්කෝලෙකට දා ගත්තනම් ඉවරයිනේ, නැද්ද ...  අපේ උන්ට ඔය අධ්‍යාපන අයිතිවාසිකම් වැඩක්නෑ. අපට තියෙනවා අවුරුදු දෙදාස්පන්සීයක දැවැන්ත සංස්කෟතියක්. අපට ඒ හොදටම ඇති...