Wednesday

මැකියාවෙලී බොරු කියලද?






“ජනතාව කුමාරයා කෙරෙහි පැහැදුනු සිත් ඇතිව සිටිත් නම්, කුමණ්ත්‍රණ ගැන ඔහු එතරම් සැලැකිලිමත් විය යුතු නොවේයැයි මම නිගමනය කරමි. එහෙත්, ජනතාව කුමාරයා කෙරෙහි එදිරිවාදීව සිටිත්නම් හෝ ඔහුට වෛර කරත්නම් , ඔහු හැම විටම හැම කෙනෙකු ගැනත් හැම දෙයක් ගැනත් බියෙන් පසුවිය යුතුය..”
(නිකලොයි මැකියාවෙලී)

හැන්දෑවට රූපවාහිනී ආශ්චර්ය දිහා බලාගෙන ඉන්න අපිට නම්, අපේ කුමාරයා ගැන කවදාවත් අපැහැදීමක් ඇතිවෙලා නෑ. රූපවාහිනියටත්, ගුවන්විදුලියටත්, ලේක් හවුසියටත් පිංසිදුවෙන්න නිරන්තරයෙන්ම අපිට එතුමා ගැන පැහැදෙන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මොන පාලකයටද පුළුවන් උනේ දාහක් ප්‍රශ්න තිබුනත් ප්‍රශ්න නෑ වගේ ඉන්න පුළුවන් මාධ්‍යහරහා ආශ්චර්යයක් කරන්න. ඒක අපේම වාසනාවට වෙච්චි දෙයක්.   අපි කවදත් කුමාරයට එරෙහිවෙන් නෑ , මාධ්‍ය කියන්නෙත් ජනතාව කුමාරයා සමගයි කියලනේ.

ඒත් පොඩි අවුලක් තියෙනවා. මාධ්‍ය මර්ධනය, පෙළපාලි යන තරුණයන් මරා දැමීම, සුදු වෑන් වලින් අතුරු දහන් වීම  වගේ දේවල් අහනකොට නම් හිතෙන්නේ  කුමාරයා හොදටම බය වෙලා වගේ කියලයි, ඒත් කුමාරයා බය වෙන්න ඕන ජනතාව ඔහුට වෛර කරනවානම්, එරෙහිව ඉන්නවනම් විතරයිනේ.   මැකියාවෙලී බොරු කියලද? එහෙම නැත්නම් ඇත්තටම ජනතාව  ජනතාවටත් නොදැනීම කුමාරයට වෛර කරන්න පටන් ගෙනද?

2 comments:

සංකල්ප said...

කුමාරයා බොරුවට බය වෙලා නේ..

Anonymous said...

මැකියාවෙලි කියලා දුන්නෙ කාටදැයි කියලා හොයලා බැලුවොත් එදා ඒ කුමාරයන්ට වෙච්ච දේත් දැනගන්න පුළුවන් :D