Wednesday

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පිස්සු-අපට පිස්සු නෑ?





ළමයින්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂාකරගන්න කියල විශ්වවිද්‍යාල ආචාර්යවරු එක එක සෙල්ලම් දානවා. වර්ජන,පිකටින් උද්ඝෝෂණ මදිවට අත්සන් දස ලක්ෂයක් එකතු කරනවලු. පිස්සු වැඩක්. අධ්‍යාපනයට මොන අයිතිවාසිකම්ද? අයිතිවාසිකම් කියන්නේ සුද්දොන්ගෙ නිශ්පාදනයක්නේ.

එයාලට පිස්සු උනාට අපිට ඔය පිස්සුව නෑ.  මිනිස්සු යස අගේට ඔය අත්සන් ලේඛනය දැකලත් නොදැක්ක වගේ යන්නේ ඇයි.  මිනිස්සුන්ට මේ සමාජය හදුනා ගන්න අවබෝධයක් තියෙනවා. අධ්‍යාපනයට මුදල් යොදවනවට වඩා කරන්න වැඩ කොතෙතුත් තියෙනව කියල  මිනිස්සු දන්නවා. මහ රජු ප්‍රමුඛ පාර්ලීමේනතුවේ, පලාත්සභා , ප්‍රාදේශීය සභා වල ඉන්න මැති ඇමතිවරු සහ ඔව්න්ගේ හත් මුතු පරම්පරාවක්ම ජීවත් වෙන්න ඕන මහජන මුදල් වලින් කියල  මිනිස්සුන්ට පැහැදිලි දැනුමක් තියෙනවා. උන්නාන්සේලාට වියදම් නොකර කාට කරන්නද? එතුමන්ලා නැත්තං ITN එකේ නිව්ස් වලින් අපේ බඩ පුරවගන්නේ කොහොමද? මේවගේ සංවේදී ප්‍රශ්න විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට දැනෙන්නෑ. වැඩකටනැති අධ්‍යාපනයක් ගැන කෑගහල නිකන් පිස්සු කෙළිනවා.

අනික එයාල විශ්වවිද්‍යාල ආචාර්යවරුනම් එයාලගේ ළමයින්ට උගන්නගන්න එයාලට බැරි ඇයි. එහෙමත් බැරිනම් නිකම් බොරුවට කෑ ගහන්නැතුව එයාලගේ ළමයිටික සල්ලි ගෙවන ඉස්කෝලෙකට දා ගත්තනම් ඉවරයිනේ, නැද්ද ...  අපේ උන්ට ඔය අධ්‍යාපන අයිතිවාසිකම් වැඩක්නෑ. අපට තියෙනවා අවුරුදු දෙදාස්පන්සීයක දැවැන්ත සංස්කෟතියක්. අපට ඒ හොදටම ඇති...

3 comments:

Anonymous said...

උරුමේ තියාගෙන ඒක උඩ ඉදගනින් බූරුව ගොන් කතා නොකිය.

Manoj colambage said...

බූරුවට බෑ ගොන් කතා
බූරුවා - බූරු කතා
ගොනා - ගොන් කතා

කොහොම උනත් උඹ කියන්න හදපු දේ නම් ඇත්තක් නැත්තෙත් නෑ. ආශ්චර්ය දිහා බලාගෙන, කට වහගෙන ඉන්න හැදුවට ඉන්නම බෑ බං..ශිරාවටම මේ වගේ උන්ට කියන්නේ බූරුවෝ කියලත් වෙන්න ඇති... තියෙන දෙයක් කාළා කට වහගෙන ඉන්නෙ නැති උන්.

Anonymous said...

ඇමෙරිකන් ගුරුවරු යුනියන් විසින් ඇමෙරිකාවේ ව්‍යවස්ථාවෙන් දී තිබුණු සත්‍ය නිදහස් අධ්‍යාපනය අද සෑහෙන අර්බූදයකට ගෙනැවිත් අතහැරලා. අද රස්සාවල් වලට අවශ්‍ය පුහුණුව කැම්පස් වලින් දෙන්නෙ නැහැ. කැම්පස් වලින් දෙන බුද්ධියෙන් රස්සාවක් ලැබෙන්නෙ නැහැ.

ලැජ්ජාව ඒක නෙමෙයි, මෙහෙ ව්‍යවස්ථාදායක අයිතිය අයින් කරන්න බැරි වුනා ගුරුවර යුනියන් වලට. තව විදියකින් කිව්වොත් ඇමෙරිකාවේ හොටු තිබ්බට හොඳ පිරිසිදු රත්තරන් වලටත් ඉඩ තියෙනවා. ඒත් ලංකාවේ ආචාර්යවරු හැම දෙයකට ම ඇමෙරිකාවට බනින්න ඉඩකඩ තියාගෙන ඒත් ඇමෙරිකාවේ හොටු විතරක් තමන්ගෙ වාසියට පාවිච්චි කරනවා මෙන්න මෙන්න අපි කරන්නෙත් ඇමෙරිකාව කරන එකමයි කියන්නට!!!!!

හරියට අලුගෝසුවන් ගෙනෙන එක වගේ ම තමයි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් හැමෝම අලුගෝසුවාට. ඇමෙරිකාවේ නීතිය ක්‍රියාත්මක වෙද්දීත් අලුගෝසුවන්ට ඉඩ නැති ප්‍රාන්ත තියෙනවා වගේ "නිදහස" යන්න කුමක් දැයි නොදන්නා අය විමසා නොබලන හැදියාවෙන් බාරගන්න අයහපත.