Saturday

හෙළ උරුමයේ වාසනාව, ජාතියේ අවාසනාව සහ අපේ කරුමය



ධනයට, බලයට ලොබ බැද  මිත්‍යාදෘශ්ටිකයන්ගේ දේව කන්නලව් අතර මංමුලාව සිටි සිංහල ජාතිය අවධිකරවූයේ පරමපූජනීය ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේය. ජාතික උන්නතිය උදෙසා තම ප්‍රාණය පූජාකළ උන් වහන්සේ ගේ ශ්‍රී දේහය විකුණා රජ වූ ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිලලා, චම්පිකලා ඉතා වාසනාවන්තයෝය..  සරලවම කියතොත් මරක්කලයින් සමග අල්ලාහුඅක්බර් යැයි කියන්නට තරම් ඔව්න් වාසනාවන්ත විය. උදය ගම්මන්පිල මහතා පසුගිය දිනෙක එය යථාර්ථයක්ම පැහැදිළිවම පෙන්වා දුන්හ.





 ඇත්තටම එතුමන් කොතරම් වාසනාවන්තද? ලංකාව සර්වාගමික රාජයයක්බවට පත්කරන්නට දායක වීමේ එතුමා ලද භාග්‍ය කෙතරම් විශිෂ්ටද? 

සෝම හාමුදුරුවන්ගේ දේහය කරමත තබාගෙන සිංහල දීපයේ  ධර්මරාජ්‍යයක් ගොඩනගන්නට පාර්ලීමේන්තුවට,පලාත්සභාවලට වැඩිය සිංහල බෞද්ධයාගේ ගැලවුම්කරුවන් යැයි ඔව්න්ම පවසාගත් ජාතික හෙළඋරුමය දැන් සර්වාගමික රාජ්‍යයක් වෙනුවෙන් හම්බයන් සමග ගෙරිමස් අනුබව කරන්නේ ජාතික මතවාදය බයිට් එකට ගනිමින්ය. 

ජාතියේ අවාසනාවට අපි ඔව්න් විස්වාස කළා. උදය ගම්මන්පිල මහතා රුපවාහිණී සංවාද වල කැනහිල් න්‍යාය හරහා තම්බින්ට පට්ට පතුරු යනතෙක් බනින විට , අතුරලියේ රතන, ඕමල්පේ සොභිත ආදී හිමිවරු කතෝලික පල්ලියේ ආක්‍රමණය ගැන කියුපු විදියට අපට මැවුනේ අමුතුම ලෝකයකි. චම්පික අයියා වේදිකාවල අල්ලා දෙවියන්ගේ පටන් අශ්රෝෆ්, රවුෆ් හකීම්ලාගේ අරමුණු පැහැදිළි කොට අප බලා සිටියේ දෑස් විදහාගෙනය. ජාතිය ගොඩගන්න ආපු දියසෙන් කුමාරවරු රජ කරන්න අපි හැමෝම සිහින මැව්වා. අපි ඒක කළා . සෙට් එකක්ම පාර්ලීමේනතුවට යැව්වා. උන් දැන් තම්බි එක්ක නෝම්බි අල්ලනවා. ඇත්තටම මේකට උන්ට බැනල වැඩක් නෑ, උන් අපිව ගොනාට අන්දවල දේශපාලන බලය ගොඩනගාගත්තා,  දැන් දුමින්ද සිල්වට වගේ හෙළ උරුමයටත් අමතකයි,  සිංහල බෞද්ධ ජාතික මතවාදය වෙනුවෙන් අවංකව කැපවෙච්ච දහස්ගණනක්  මිනිස්සු නන්නත්තාර කරල එයාල මේ තැනට ආපු වග.  තවදුරටත් මෙයාල පිළිබදව බලාපොරොත්තු තියාගෙන ඉන්නවානම් ඒක අපි අපිටම කරගන්න නිවැරදි කළ නොහැකි වරදකි.