Tuesday

දුටුගැමුණු රජ කරවා පරාක්‍රමබාහු බලුකරන බල්ලට ගිය රාජ්‍ය මාධ්‍ය

දුටුගැමුණු රජ කරවා පරාක්‍රමබාහු බලුකරන බල්ලට ගිය රාජ්‍ය මාධ්‍ය

මෙම සටහන ලියන්නට සිතුනේ අහබ්බයෙන් වගේ සදුදා 19 ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහන නැරඹීම නිසාවෙනි.ධනය සහ බලය වෙනුවෙන් අම්ම තාත්තා වුවද පාවාදෙන රටකට මෙය එතරම් වැදගත් දෙයක් නොවුවද මේ ගැනත් වචනයකින් හෝ ලියා තැබිය යුතුය.

ඡන්ද දිනන්නට බුද්ධාගම, සිංහල ජාතිය,යුද්ධය ආදී සියල්ල යොදාගෙනත් සැහීමකට පත්නොවුනු මහින්ද රාජපක්ෂ දැන් ඉතිහාසයද කණපිට ගසන්නට පටන්ගෙන ඇති බව දැනගත්තේ ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව නැටු නාඩගම නිසාය .එයට අනුව දුටුගැමුණු යනු මහා වීරයෙකි,ඒ ගැන තර්කයක් නැත.මහින්ද රාජපක්ෂ යනු දුටුගැමුණු හා සමාන වීරයෙකි. මෙවැනි කථා අප අනන්තවත් අසා ඇති අතර සිංහ හම පොරවාගත් කොටළුවාගේ කථාව පෙර පාසලේදීම අසා ඇති බැවින් ඒ පිළිබදව කථාකර කාළය නාස්තිකිරීම අපරාධයකි.

සිදුවීම කෙටියෙන් මෙසේය,

දුටුගැමුණු රජු සිංහලේ මහා වීරයෙකි = මහින්ද රාජපක්ෂ

දුටුගැමුණු තරම් පරාක්‍රමබාහු වීරයෙක් නොවේය.

පරාක්‍රමබාහුට වඩා දේවානම්පියතිස්ස විශිෂ්ඨය.

දේවානම්පියතිස්ස තරම්ම නැතිවුනත් වලගම්බා රජුද විශාල සේවයක් කර ඇත.

වලගම්බා රජු වගේම විජයබාහු රජු ද වැදගත් රජ කෙනෙකි.

බුද්ධදාසරජු මෙන්ම විමලධර්මසූරිය රජුද ශේෂ්ඨ පාලකයෙකි.

නොකියා කිවූ කොටස

පරාක්‍රමබාහු = රනිල් වික්‍රමසිංහ

එමනිසා අද රනිල් වගේම ඉතිහාසයේ පැරකුම්ද වැඩකට නැත.

දොරමඩලාව රූපවාහිනී වැඩසටහන තුලින් ජනතාවට ඉගැන්වූ පාඩම එයයි. ජනතාව එය පිළිගත යුතුය. ඒ ජනතාවට වඩා ඉගෙනගත්ත දැන උගත් බුද්ධිමතුන් පිරිසක් රාජ්‍ය මාධ්‍ය තුලින් ජනතාවට ඉතිහාසය කියාදෙන බැවිනි.ඉතිහාසය නොදන්නා අපේ එව්න්ට වැඩසටහන අවසානයේදී දුටු ගැමුණු වීරයෙක් වී පරක්‍රමබාහු වැඩකට නැති රජෙක් විය.

පරාක්‍රමබාහු රජු එතරම් වැදගත් පාලකයෙක් නොවේ නේදැයි වැඩසටහන මෙහෙයවන්නා අසන විටම ඔව් කියන්නට මහින්ද රාජපක්ෂගේ බුද්ධිමත් ඇම්බැට්ටයන් සැදි පැහැදි සිටියහ. කුළියට කියවන සූරියප්පෙරුමට මෙය සාමාන්‍ය දෙයකි.කණගාටුදායක කරුණනම් එල්ලාවල මේධානන්ද හිමි තමන් ඉතා දිගු කාලයක් පුරා ගොඩනගාගත් පුරාවිද්‍යා දැනුම මහින්දරාජපක්ෂගේ කුණු සොදන්නට ගොස් හෑල්ලුවට පත් කරගැනීමයි.මේධානන්ද හිමිට පරාක්‍රමබාහු රජු රටේ ගෞරවය උදෙසා බුරුමය ආක්‍රමණය කළ බවත්; ප්‍රභල දකුණු ඉන්දියාව ආක්‍රමණය කල බවත්, පරාක්‍රම සමුද්‍රය ගැන හෝ දෙමල මහා සෑයේ වැඩනිමවූවානම් එය ලොව විශාලතම ස්ථුපය බවට පත්වන බවවත් අප කියාදිය යුතු නැත.

දේශපාලන ගේම් එකක් නිසා දුටුගැමුණු වීරයෙක් කර පරාක්‍රමබාහුගේ ඉරණම රජු එතරම් වැදගත් පාලකයෙක් නොවන බවට තීන්දුකිරීමේ දැවැන්ත අපරාධයක් සිදුවූ බව මාහට වැටහුනේද ඉන් පසුවය. මහින්ද රාජපක්ෂ මහතාගේ ලොකු අසාවක් ඇත.ඒ දුටු ගැමුණු චරිතයට අදින්නටය.තමාට වන්දිබට්ටකම් කරන උදවිය යොදාගෙන ඔහු එය තමාටම කියාගනිති.ඒ තුළින් ඔහු තමාගේ පෞරුෂය ගොඩනගා ගන්නට උත්සාහ කරණ අතර පරාක්‍රමබාහු චරිතය තුලින් රනිල් වික්‍රමසිංහගේ පෞරුෂය බිද දැමීමටත් ඔහු තම වන්දිබට්ටයින් ලවා රාජ්‍ය මාධ්‍ය හරහා ඉතිහාසය වෙනස්කරවති.රනිල් විකුමසිංහ සහ මහින්ද යනු දේශපාලන ප්‍රතිවාදීන් දෙදෙනෙකි.ඔව්න් විවිධ උපකුම අනෙකා පරදවා ඉහලඒම සදහා යොදාගනිති. ඒ දේශපාලනයේ හැටිය. නමුත් මහින්ද රාජ්‍යමාධ්‍ය යොදාගෙන කරනුලබන මෙම පහත් නින්දිත ක්‍රියාවන් නිසා ඔහුගේ පෞරුෂය තව තවත් බිදවැටෙනවා මිසක් ගොඩනැගීමක්නම් සිදුවිය නොහැක.

5 comments:

Anonymous said...

ඇත්ත. දුටු ගැමුණු යනු හිටියාද නැත්ද කියාවත් අප සියයට සියයක් හරියටම නොදන්නා පාලකයෙකි. මේ යුගයට අදාළව මහාවංශය ඉතිහාසයට වඩා ප්‍රබන්ධයට සමීපය. දුටු ගැමුණු හැදුවා යැයි කියා අද අප දකින හැම ගොඩනැඟිල්ලක්ම (ලෝවාමහාපාය ඇතුළුව ) ඊට බොහෝ කාලයකට පසු වෙන රජවරුන් හැදූ/නවීකරණය කළ ඒවාය. රුවන් වැලි සෑය නම් අද අප දකින විදියට හැදුවේ පර සුද්දාගේ කාලයේදීය. පරාක්‍රමබාහු එසේ නොව අදත් අප හොඳින්ම දන්න ආකාරයේ විශිෂ්ට නිර්මාණ රාශියක් කළ නරවරයෙකි.

මීට වඩා ලිවිය හැකි වුවද නොලියන්නේ මෙහි හේතු නොදක්වා මගේ කමෙන්ට් ඉවත් කිරීම ගැන මට අප්‍රසන්න අත්දැකීම් ඇති නිසාය.(ඕනේ නම් මේකත් අයින් කරන්න.)

Anonymous said...

Thats fine.We have new thing to argue and forget all our day to day problems .He he

Manoj colambage said...

@ සාගර
දුටු ගැමුණු රජු හිටියාද නැද්ද කියන එකවත් එතුමා විසින් කරනලද සේවාව පිළිබදවවත් නෙමෙයි මෙහි ගැටළුව.අනික මහාවංශය හැරෙන්නට තව ඕනෑතරම් සාධක සාක්ෂි දුටුගැමුණු රජු පිළිබදව තියෙනවා.

ඔබගේ භාෂා විලාසය පිළිබදවත් මටත් අප්‍රසන්න අද්දැකීමක් තිබෙනවා.නමුත් එය මාඅමතක කර බොහෝ කල්.ඔබ එය යළි යළිත් මතක්කරමින් අහිංසක සතුටක් ලබනවා.
ඔබගේ අදහස් දිගටම ලියන්න.

Anonymous said...

ශිෂ්ටාචාරයක් හැටියට ආදි ලංකාවේ දියුණුතම යුගය පොළොන්නරු යුගයයි. මේ පොළොන්නරු යුගයේ විශිෂ්ටතම නරපතියා පරාක්‍රමබාහුය. රනිල් වික්‍රමසිංහ නම් ජෝකරයාගේ ගේ ගොන් පාට් නිසා ඒ ශ්‍රේෂ්ටත්වයට හානියක් සිදුවන්නේ නැත. පරාක්‍රමබාහු කවුද රනිල් කවුද කියා දන්නෝ දනිති. එතන පටලැවිල්ලක් නැත.

පරාක්‍රමබාහු පරිපූර්ණ නරපතියකු වන්නේ ඔහු සොළීන් පැරදවූ නිසාම නොවේ. රටේ ආර්ථිකයෙහි ඒසා විශාල විප්ලවයක් කළ කිසිදු පාලකයකු මෙතෙක් බිහිවී නැත. විදේශ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමෙහිලා පරාක්‍රමබාහුගේ උපාය ඥානය අද පාලකයින්ටත් ආදර්ශයකි. අනුරාධපුර යුගයේ කිසිදු රජ කෙනකු විදේශ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමෙහිලා එතරම් දස්කම් පෙන්වා නැත.

(දුටු ගැමුණු ගැන නොලියන්නේ මගේ කමෙන්ට් ඉවත් කර ගැනීමට ආසාවක් නැති නිසාය.)

මේ බ්ලොග් ලියන්නා මනෝජ් සේම එල්ලාවල මේධානන්දද දන්න ඉතිහාසයක් නැත. ඔහුගෙන් ඇසිය යුත්තේ බෙන්ස් කාර් ගැන මිස ඉතිහාසය ගැන නොවේ.

Anonymous said...
This comment has been removed by a blog administrator.