Thursday

ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ.

ලංකාව බහු ජාතික හෝ බහු ආගමික රටක් නොවේ.

උපතින් ඇගපතින් ලංකාවේ ජීවත් උනත් සිතින් යුරෝපයේ ජීවත්වන මගේ යාළුවෙක් ඉන්නවා ,ඒත් කවදාවත් මිනිහා යුරෝපයට තියා මාලදිවයිනටවත් ගිහිල්ලා නැති වුනත් නිතරම කථාකරන්නේ බහු වචන වලින්;මිනිහාට විතරක් නෙමෙයි N.G.O කාරයන්ගේ ලනුකාපු අපේ රටේ ඇතැම් සිංහලයන්ට මේ රට බහු ජාතික බහු ආගමික රටක් කියල කියන කොට මොකක් හරි වාසියක් ලැ‍බෙනවද දනනෑ ; ඒත් මේ ටික ඔව්න් තේරුම් ගත්තොත් හොදයි

කොටි සංවිධානය පරාජයෙන් බේරා ගැනීම සදහා ඉන්දියානු දේශපාලනය දරණ උත්සාහය තුලින් ඔව්න් අකැමැත්තෙන් වුවත් පිළිගතයුතු කරුණක් ඇත. ඒ කොටි සංවිධානය ත්‍රස්ත්‍රවාදීන් උනත්, මීනීමරුවන් වුනත්,තිරිසන්නු වුනත් උන් ‍වෙනුවෙන් කතාකරන්නට ,උන්ව බේරා‍ගන්නට තවත් පිරිසක් මේ ලොකයේ සිටින බවයි. ඒ හින්දූන් හෝ මුස්ලිම් එහෙමත් නැත්නම් යුරෝපීය ජාතියක් නොව දෙමළ ජනයායි. ඔව්න් ‍ලංකාවේ , ඉන්දියාවේ , කැනඩාවේ හෝ ලොව කොතැනක සිටියත් ඊලම වෙනුවෙන් පෙනී සිටියි.

ඒ ඇයි ? සිංහලයන් බහු ජාතියක් ගැන කථාකරන විට ඔව්න් ඊලම වෙනුවෙන් පෙනීසිටින්නේ ඇයි .

ලංකාව බහු ජාතික නම් ඒ බහු ගණයට වැටෙන සෑම ජන වර්ගයක්ම ඒ රටට ආදරය කල යුතුයි .

දෙමල ජාතිකයන් ආදරය කරන්නේ ලංකාවටද ? නැත ඔව්න් ආදරය කරන්නේ ඊලාමයටයි , ඒ කියන්නේ දේශසීමා මායිම් වලින් බෙදීගිය වෙනමම රටකටයි. ඒ නිසයි ඔව්න් ප්‍රභාකරන් කියන මිනීමරු ත්‍රස්ත්‍රවාදියා ආරක්ෂාකරන්නේ ඔහුට සුදු හුණු ගාන්නේ.

ලංකාවට ආදරයක් තියෙන ජාතියක් නම් මේ රට විනාසකරපු ප්‍රභාකරන්ට එරෙහිව කරන යුද්ධයට කවදාකවත් එරෙහි වන්නේ නැත. නමුත් ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින දෙමළ ඇමතිවරයා (චන්ද්‍රසේකරන්)පවා ඉන්දියානු මැදිහත් වීම සාධාරණීකරනය කරන්නේ ඇයි.

මෙහි තේරුම මෙයයි.

ලංකාව ගැනවත් එහි ජීවත් වන මිනිස්සු ගැනවත් ඔව්න්ට ආදරයක් නැත.

ඔව්න්ට අවශ්‍යව ඇත්තේ රට හදන්නට නොව රට කඩන්නටය .

ඔව්න්ට අවශ්‍යව ඇත්තේ ‍ලංකාව තුල වෙනම රටක් ගොඩනගන්නටය.

ඒ තුල වෙනමම වූ දෙමල ජාතික රාජ්‍යක් ගොඩනගන්නටය.

එනම් ලංකාව බහු ජාතික රටක්ද කියන එක ඔව්න්ට වැදගත් නොවේ. ලංකාව බහු රටක් කියමින් ඇවිදින සිංහලයන් මේ ගැන ටිකක් කල්පනාකාරී වන්නේනම් හොදයි.

ඔව්න් ලංකාවට යම් තරමින් හෝ ආදරයක් දක්වන්නේ නම් එය පෙන්වීමට ඹව්න්ට අවස්ථාව පැමිණ ඇත.

රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකට බලපෑම් කරන ඉන්දියාවට එයින් ඉවත්වන ලෙස බලකරමින් ලංකාවෙ ජීවත්වන දෙමළ ජනයා එයට තමන්ගේ විරෝධය පෙන්විය යුතුයි.ඔව්න් ලංකාවට යම් තරමින් හෝ ආදරයක් තිබේනම් එය කල යුතුයි.

මොන ප්‍රශ්න තිබුනත් අද වෙනතෙක්ම ඉන්දියානු බලපෑමට එරෙහිව වචනයක් හෝ කථා කලේ ජනතා විමුක්ති පෙරමුණ , හෙල උරුමය , ජාතික නිදහස් පෙරමුණ ආදී දේශපාලන පක්ෂත් බොදු බල සේනා ‍සංවිධානය හා දේශ හිතෛශි ජාතික සංවිධානය යන සිංහල සංවිධානත් පමණි. ඔව්න්ටද තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න පුළුවන් , ඒත් ඔව්න්ට එහෙම අහක බලාගෙන ඉන්න බෑ මොකද මේ රට ගැන ඔව්න්ගේ හිත් වල ආදරයක් තියෙනවා.ඒ නිසයි තමන්ගේ රටට ප්‍රශ්නයක් වෙනකොට රට බේරගන්න ඕන කියලා පාරට බහින්නේ.ඒ ඇයි ? ලංකාව ගැන කැක්කුමක් තියෙන්නේ සිංහලයන්ට විතරක් නිසයි. සිංහලයන්ට විතරයි ලංකාවේ වටින කම හදවතට දැනෙන්නේ. එසේ නොවී ලංකාව ගැන අනිකුත් ජාතීනුත් බහු හැගීමෙන් කටයුතු කරනවානම් නම් දෙමළ ජනයා සහා මුස්ලිම් ජනයා ලංකාවට ඉන්දියාව විසින් කරනු ලබන අනිසි බලපෑමට එරේහි විය යුතුය.

ලංකාව බහු රටක් කියන අපේ ඇත්තෝ “හකීම්” මහත්තයයි , “පේරියල් අශ්රොෆ්” මැතිනියයි හමුවෙලා ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතෙනවා . මොකද ඔව්න් ඉන්දියානු බලපෑම ගැන නොදන්නවා වෙන්නත් පුළුවන් ; ඇයි ඔව්න් නිහඩ ; ඇයි ඔව්න් මේ ගැන තමන්ගේ විරෝධය ඉන්දියා‍වට ප්‍රකාශනොකර සිටින්නේ; ඒ ලංකාව ගැන හෝ ඔය කියන බහු ජාතියෙන් ඔව්න්ට වැඩක් නැති හින්දයි.ඔව්න්ටත් ඕන ලංකාව හූරගෙන කන්න විතරයි. ලංකාව දෙකට නෙමෙයි තුනකට හතරකට කැඩිල ගියත් ඔව්න්ට ප්‍රශ්නයක් නැතිව නින්ද යන්නේ ඒ නිසයි

8 comments:

නිලන්ත පියසිරි said...

අපේ මවිබිමට, රටට ආදරේ නම් ජවිපෙ,ජනිපෙ,හෙළ උරුමේ, දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය, දේශ හිතෛෂි ජාතික මධ්‍යස්ථානය ආදී මෙකි නොකී නම් වලින් මේ පෙරමුණු බෙදිලා ඉන්නේ ඇයි? උදේ යනකොට ජනිපෙ න් දැන්වීමක් ගහලා තියෙනවා ඉන්දියානු මැදිහත් වීමට විරුද්ධ වෙමු වගේ තේරුමක් තියෙන දැන්වීමක්. හැන්දෑවේ යනකොට ඒක වහලා ජවිපෙ දැන්වීමක් ගහලා ඉන්දියාව මැදිහත් නොවෙනු කියලා. එකම දේ නොවෙද කියන්නේ. අපරාදෙ නොවෙද කොල. අපේ බලය බෙදිලා ගිහිල්ලා. එකිනෙකා කුලල් කා ගන්නවා. "අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේ...."

Manoj colambage said...

ඔව් නිලන්ත ,
ඔබ කියන කතාව ඇත්ත,
ඒත් මම අදහස් කලේ පුද්ගලයන් වසයෙන් රටට ආදරය කරන්නේ සිංහලයන් බව ‍කීමටයි.
මේ සිද්ධියේදි විතරක් නෙමෙයි ,සුද්දෝ අපට දීලා ගියපු මෙ දේශපාලන රටාව තුල සාදාකාලිකවම සිංහලයා බෙදුනු ජාතියක් වෙලා,
උන්ට අවුරුදු 500 ක් තිස්සේ තුවක්කුවේ
බලයෙන් විනාශ කරන්න බැරිවුන සිංහල ජාතිය නැතිකරන්න යොදපු උපක්ර ම වලින් එකක් තමයි පක්ෂ දේශපාලනය.
එයට අපේ නායකයෝ අහුවුනා,1952 බන්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය දවසෙයි සිංහලයා බෙදුනේ ,
සිංහලයා පක්ෂ දේශපාලනයට පොරකන තාක්කල් සිංහලයාට නැගිටින්න බැහැ කියලා මට විස්වාසයි.ඒත් අපි උත්සාහ ගන්න ඕන මේ ක්රමය වෙනස්කරන්න,
එහෙම නැතිවුනෝතින් ඉන්දියාවට නෙමෙයි
මාල දිවයිනටත් ඕන විදියට ලංකාවට අනාගතයේදී නටන්න සිද්ධවේවි.

Kasun said...

ඔය කාරණය ඔය තරම් සරලද? සරලව කතා කල හැකිද?

>""..ලංකාව බහු ජාතික නම් ඒ බහු ගණයට වැටෙන සෑම ජන වර්ගයක්ම ඒ රටට ආදරය කල යුතුයි.."

කථාව ඇත්ත. ඒත් එසේ නොවන හේතුව හා ඊට පසුබිම් වූ කාරණාවලින් තොරව දෙමල ජනයාට අවශ්‍ය ඊළමම පමණක් යැයි පැවසීම නිවැරදිද? වර්තමානය ලංකාව දෙකඩ කිරීමේ උවමනාවන් හී මූලයන් මෙන්ම ලාංකීය ජනමනස තුලට ජාතිවාදයේ විෂබීජයන්ගේ රෝගී කිරීම ආදී වු මේ බොහෝ අර්බුධයන්ගේ මූලය පටු දේශපාලන දැක්මකින් වූ සුළු පිරිසකගේ (සිංහල-දෙමල) උවමනා එපාකම් මත සිදුවූවක්. එය එක් ජාතියකට පමණක් වරද පැටවිය හැකි තරමේ සරල නොවෙයි.

Manoj colambage said...

ආයුබෝවන් කසුන්,
ඔව් කසුන් මට සතුටුයි ඔබ
ලංකාව බහු ජාතික නම් ඒ යට අයත් වන සෑම ජන වර්ගයක්ම රටට ආදරේ කළයුතු බව පිළිගැනීම ගැන
ඒ පිළිබදව මම ඔබට ස්තූතිවන්ත වෙනවා.
මම ඉන්දියානු මැදිහත්වීම යොදාගත්තේ එක්උදාහරණයක් ලෙස පමණයි.
ඔබ කියන ආකාරයට දෙමළ ජනතාවට ඊලම හැර වෙනත් අවශයතා තියෙනවානම් මම කැමතියි ඒ මොනවාද කියලා දැනගන්න. මේ රටේ ප්ර ශ්න නැත්තේ කාටද ? ලංකාවේ ජිවත්වෙන හැම මිනිහෙකුටම ප්රශ්න තියෙනවා
ඒත් රටට වෛර කරලා රට විනාසකරන්න උදව් කරහම ඒ ප්රටශ්නවලට පිළිතුරු ලැබෙනවද? නෑ
(මම කියන්නේ දේශපාලඥයන්ගේ පදේට නටන්න ඕන කියලා නෙමෙයි)
ඒක නෙමෙයි විසදුම,
දේශපාලනය සදහා ආගම , ජාතිය යොදාගැනීම , ඒවා වාසියට ගැනීම ඔබ කියන ආකාරයටම
සරල නොවන ප්රාශ්නයක් ,
ඒ නිසයි මම ඉන්දියානු මැදිහත්වීමේ වගකීම ආණ්ඩුව බාරගතයුතුයි කියලා කියන්නේත්,(http://manojcola.blogspot.com/2008/10/blog-post_20.html)
මොකද ආණ්ඩුව යුද්ධය දේශපාලන වාසි සදහා යොදාගත්තා,
සිංහල දෙමල ,මුස්ලිම් දේශපාලඥයන් යුද්ධය , ජාතිය , ආගම ආදිය පටු දෙශපාලන වාසි වලට යොදාගැනීම තමයි මේ ප්රදශ්න වලට මුල , ඒක මම පිළිගන්නවා ,
නමුත් මේ නිසා රටට වෛර කරලා වැඩක් නැහැ නේද,
එසේ කිරීම තුලින් ඔව්න් පෙන්වන්නේ ඔව්න් ලංකාවට වඩා තමිල්නාඩුවට හෝ පකිස්ථානයට ආදරය කරන බවක් නෝවේද?

anonymous blogger said...

"දෙමල ජාතිකයන් ආදරය කරන්නේ ලංකාවටද ? නැත "
ටිකක් අන්තවාදි අදහසක් නේද? අපිට දෙමළ ජනයාව විශ්වාස කරන්න අමාරු වාතාවරණයක් ඇති වී තිබුණත් හැම දෙමළ ජාතිකයෙකුම එසේ යැයි කියන්න බැහැ.

Manoj colambage said...

ආයුබෝවන් ape logic
ඔබගේ අදහස් පළ කිරීම ගැන මම සතුටු වෙනවා.
මම කතාකලේ සමස්ථයක් ලෙසයි.පුද්ගලිකව බලනවිට මටත් දෙමළ මිගුරන් ගොඩක් ඉන්නවා.අපේ ගමට පිටිපස්සෙන් ලොකු දෙමළ ගමක් කියෙනවා.අපියි ඔවින් අතරයි ලොකු සුහදත්වයක් තියෙනවා , සිංහලයන්ට මේ ලොකයේ කිට්ටුම විස්වාස වන්තයා දෙමළ මිනිසා බවටයි මම විස්වාස කරන්නේ.ඒ පිළිබදව තර්කයන් නැහැ
(කදිරගාමර් වගේ මිනිස්සුත් හිටියනේ)
ඒත් සමස්ථයක් ලෙස දෙමල හා මුස්ලිම් හා සිංහල ජාතින් පිළිබදවයි මම කතාකරන්නේ

Unknown said...

www.bodubalasena.org site ekatath enna.

Manoj colambage said...

ආයුබෝවන් අමිල ,
මම ඔබේ ආරාධනාව පිළිගන්නවා,