Thursday

සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව

සිංහලයාගේ වෛද්‍ය විද්‍යාව

අද වනවිට ඒ කියන්නේ විසිඑක්වෙනි සියවසේදී සිංහලයා තමනුත් , තමන්ගේ ආගම,ජාතිය පිළිබදවත් සිතන්නේත් , කටයුතු කරන්නේත් මහත්වූ හීන මානයකිනි. ඒත් ඔව්න් දන්නේ නැහැ ලොකයේ අනෙකුත්මහා ශිෂ්ඨාචාර වලට වගේම අපටත් ඒ මහා ශිෂ්ඨාචාර වලට නොදෙවෙනි වූ අනන්‍යතාවයක් තිබෙන බව. අපි ඒ ගැන ටිකක් කථා කලොත් හොදයි කියලා මට හිතුනා, සිංහලයාට අද ඉංග්‍රීසි බේත් නැතුවම බැරිය . කෑම බීම වලටත් වඩා බෙහෙත් පෙති වලට ඇබ්බැහි වෙච්ච ඒත් හැමදාම ලෙඩින් ඉන්න ලංකාවේ මිනිස්සු සිංහල වෙදකම අමතක කර දැමිමේ විපාක විදිමින් සිටිති.ලෝකය තුල මහා ශිෂ්ඨාචාර ගොඩනැගූ සැම ජාතියකටම තමන්ට අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් තිබිණ.

උ.ඉන්දියානු ශිෂ්ඨාචාරය - ආයුර්වේද වෛද්‍ය ක්‍රමය

ද.ඉන්දියානු ශිෂ්ඨාචාරය - සිද්ධායුර්වේද වෛද්‍ය ක්‍රමය

මැදපෙරදිග මුස්ලිම් ශිෂ්ඨාචාරය - යුනානි වෛද්‍ය ක්‍රමය

චීන ශිෂ්ඨාචාරය - චීන කටු චිකිත්සාව

යුරෝපා ශිෂ්ඨාචාරය - ඇලොපති වෛද්‍ය ක්‍රමය

හොමියෝපති වෛද්‍ය ක්‍රමය

හෙලදිව ශිෂ්ඨාචාරය - සිංහල වෙදකම

“සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි . ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ ,

“සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ලග පාතකනැහැ.හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000 දහසකට පමණ පෙරය.ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ . මොකද ඔය කාලයේ තමයි සුර - අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය

ඒ රාවණ රාජ සමය තුලදීය . රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ.මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත.

“සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.

ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

1.ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්‍රය”

2.නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුන “නාඩි ප්‍රකාශයත්

ඔහු අතින් ලියවුන බව සදහන් වේ .

3. එසේම අර්ක ප්‍රකාශයේ” පරිච්චේද අවසන් වන්නේ පහත වැකියෙනි.

“ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”

4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්තය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “ උද්දීය තන්ත්‍රය” වෙයි.

“ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත.........”

හිතාගන්නත් අමාරුයි නේද , මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා , අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ඨාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම.

මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි.

“රාවණ අති ප්‍රාඥ විශිෂ්ඨ වෛද්‍ය වරයකු , මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”.

අදින් අවුරුදු 2000 කටත් පෙර ලංකාවේ දරු ප්‍රසූතිකාගාර තිබුනායැයි නූතන අපට සිතන්නට පුළුවන්ද , මහාවංශයේ පැහැදිළිවම සටහන්වෙනවා උන්මාදචිත්‍රාව දරු ප්‍රසූතිය සදහා ප්‍රසූතිකාගාරයට ඇතුළු වූ බව.

“කාලය පැමිණි කල්හි චිත්‍රා කුමරි ප්‍රසවය සදහා වැදුම් ගෙටද ඇතුළු වූවාය”

මින් පෙනෙන්නේ ශිෂ්ඨාචාරයක උපරිම සභ්‍යත්වයකට සිංහලයා මීට වසරදහස් ගණනකට පෙර ලගාවි ඇතිබව නොවේද?

මේ අයුරින් පරම්පරාවෙන් පරම්පරාවට පෝෂණය වූ සිංහල වෙදකම මහින්දාගමනයෙන් පසුව ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍ර සමග සම් මිශ්‍රණය වී ඇත. මේ නිසා පුරාණ සිංහලවෛද්‍යවරුන් සාම්ප්‍රදායික වෙදකමත් ,

ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍රයන් සහ බුදු දහමේ ආභාසයද එකට මුසු කර සිංහල වෙදකම පිළිබදව “මහා සම්ප්‍රදායක්” ගොඩනගන්නට ඇත. මෙම මහා සමුප්‍රදාය තුල සෞක්‍ය සංරක්ෂණ ක්‍රමයන් සදහා මූලිකත්වය දෙන්නට ඇත. ඒ වගේම වෙදකම එක් පංතියකට හෝ කුලයකට සිමාවීමක් හෙල ශිෂ්ඨාචාරය තුල දැකගත නොහැක. එය පාලකයාගේ සිට පහල සමාජය දක්වා ගමන් ගමන්නේ නිරායාසයෙන්මය .ඒ බව සද්ධර්මාලංකාරයේ සදහන් පහත පුවතින් දැකගත හැක.

“කාවන්තිස්ස රජු විහාරමහා දේවිය සමග තිස්සමහා වෙහෙරට ගොස් ගිලනුන් වහන්සේට බෙහෙත් පිළියෙල කරමින් ..........”

සිංහල වෙදකම පිළිබද වැදගත් මූලාශ්‍ර රැසක් හමුවන්නේ ක්‍රි‍‍:ව 341-370 අතර කාලයේදී ලංකාවේ රජ කල බුද්ධදාස රජුගේ කාලයේදීය. මෙතුමාගේ වෛද්‍ය දැනුම සහ සුවකරණ ලද ලෙඩරෝග පිළිබදව සදහන් කරන්නට ගියහෝත් මෙම ලිපිය ලියානිමකිරීමට මා හට දින දෙකතුනක්වත් ගතවෙනු නියතය. මෙනිසා කෙටියෙන් සදහන් කරතොත් වාත රෝග, ලාදුරු ආදී සුවකිරිමට අපහසු රෝගයන්ටද , මානසික රෝගීන්ටද ඉතා සාර්ථකව වෙදකම් කල මෙතුමා විසින් කරන ලද සැත්කම් වල ස්වභාවය නිසා විශේෂඥ ශල්‍ය‍‍වෛද්‍ය වරයෙක් ලෙසද හැදින්විය හැකිය.මින්සුන්ට පමණක් නොව සතුන්ටද වෙදකම් කරතිබීමෙන් පෙනීයන්නේ හෙල වෙදකම කෙතරම් දුරට සංවිධානය වී තිබුනාද යන්නයි.

මෙතුමා විසින් රචනාකර ඇති “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථය තුලින් අදට වසර 2000 කට පෙර තිබූ සිංහලයාගේ වෛද්‍ය දැනුමේ තරම සිතාගත හැකිය.

බුද්ධදාස රජු සාමාන්‍ය ජනතාවගේත් අවට පරිසරයේ ජිවත් වන සතුන්ගේ සෞකය ආරක්ෂාව සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යොදවා ඇති අතර එම වෛද්‍යවරුන්ට වැටුප් සදහා ගම් 10 ක ආදායම යොදවාඇති බවත් වංශකථාවල සදහන් වේ.

මින් පෙනෙන්නේ සිංහලයාගේ සැගවුනු ශිෂ්ඨාචාරයේ සභ්‍යත්‍වයයි. මෙතුමා ඖෂධ සහ ශෛල්‍ය උපකරණ ගෙන මහ මග සැරිසරමින් රෝගීන්ට වෙදකම් කළ රජෙක් ලෙස ජනප්‍රවාදයේ සදහන් වේ .

සෞක්‍ය සංරක්ෂණ ක්‍රම ගොඩනැගීම පාලකයන්ගේ අනිවාර්ය රාජකාරියක් ලෙස දැකිය හැක.

මෙ නිසා නගර වල ගම් වල වෙදහල් පිහිටුවීම පිළිබද සාක්ෂි ඉතිහාසය තුල අනන්තවත් හමුවේ .

උපතිස්ස රජු ගැබිණි මව්වරුන්ට , අන්ධයින්ට බෙහෙත් ශාලාද, දන්ත ශාලාවක්ද ඉදිකරවූ බවත් චූල වංසයේ සදහන් වේ.

2 වන සේන රජු , 5 කාශ්‍යප මේ ආදී වසයෙන් සැම පාලකයකුම මෙ සදහා විශේෂ උනන්දුවක් දක්වා ඇති බව පැහැදිලිය.

සිංහල වෙදකම ගැන කථාකරනවිට පරාක්‍රමබාහු රජසමයද ඉතා වැදගත් වේ.

මෙතුමාගේ චරපුරුෂ සේවයේ යෙදවූ අය අතර ගම් නියම් ගම් සැරිසරමින් විවිධ රෝග වලට පිළියම් කළ වෛද්‍යවරුද වී ඇත.

රජතුමා සියගනන් රෝගීන්ගේ වයසට සුදුසු වූ මහා වෛද්‍යශාලාවක් නගරයේ තනවා එහි සියළු උපභෝග පරිභෝග වස්තු තැබවූ බව සදහන් වේ .එසේම සියළු රෝගීන්ට දිවා රෑ දෙකෙහි අවශ්‍ය බෙහෙත් වර්ග ආහාර පාන සපයා ඒවා පිළිබද කටයුතු කිරීමට දැසි දස්සන් යෙදවූ බව සදහන් වේ.

පෝය හතරටම පෙහෙවස් සමාදන් වූ පරාක්‍රමබාහු රජු අමාත්‍යවරුන් සමග රෝහල් වලට ගොස් රෝග විනිශ්චයේ සහ ප්‍රතිකාර ක්‍රමයේ යෙදුනු බව මහාවංශයේ 73 පරිච්ඡේදයේ සදහන් වේ .

වෙද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා “මහ වෙදනා” නමින් හදුන්වාඇත.රෝහල්වල සිටින සෑම රෝගියෙකුටම සේවිකාවක් බැගින් වූ බව සදහන් වේ .

මේ අපි කථාකරන්නේ ඇමෙරිකාවේවත් , එංගලන්තයේවත් , ඉන්දියාවේවත්, සිදුවෙච්ච දෙයක් ගැන නෙමෙයි. මේ කථාකරන්නේ හදිසියකට තුවාලයකටවත් දාන්න බෙහෙත් නැතිවෙන , ඒත් ඇදවල් යටත් නිදාගන්න පොරකන තරම් ලෙඩ්ඩු ඉන්න , තමන් ලගට බේත්ගන්න එන ස්ත්‍රිය දූශනය කරලා බැල්කනියෙන් පහලට තල්ලුකරනත් , තම පංතියේ එවුන් කරන හොද නරක දෙකම සාධාරනීය කිරීමට ඕනෑම මොහොතක ලෙඩ්ඩු බිල්ලට දීලා වැඩවර්ජනය කරන්නට සැදීපැහැදී සිටින වෛද්‍යවරු ඉන්න මේ ශ්‍රී ලංකාවේම අතීතයේ සිදුවු වෛද්‍ය සංරක්ෂණය පිළිබදවයි.

මහා පැරකුම්බා රාජ සමය දේශිය වෛද්‍ය ක්‍රමය සෑම අංශයකින්ම දියුණුව පෙන්වන යුගයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අදහසයි. මෙයට හේතු වන්නේ මහා පැරකුම්බා රජු විසින් කරන ලද විදේශ ආක්‍රමණ වලදී යොදාගන්නා ලද වෛද්‍ය ශිල්ප ක්‍රම නිසාවෙනි. ලංකාවෙන් රාමඤ්ඤ දේශයට යැවූ යුද්ධ සේනාව සමග තියුණු බුද්ධිය ඇති වෙදුන්ද , හෙදියන්ද , සාත්තු කිරීම සදහා දැසි දස්සන්ද ගිය බවත් ඉතා දරුණු විශ පෙවූ ඊතල වලින් ඇතිවන තියුණු වන සුව කිරිමට අවශය බෙහෙත් රැගෙන ගිය බවද සදහන් වීමෙන් පෙනි යන්නේ එකල දේශිය වෙදකම මනාව සංවිධානය වූවක් බවය . මෙසේ හෙල ශිෂ්ඨාචාරය පුරාවට ගොඩනැගුණු සිංහල වෙදකම සෑම විටකම පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් , නිරෝගී භාවය වෙනුවෙන් කටයුතු කරන්නට විය.

මේ බව ‍ඓතිහාසික සාධක තුලින් පැහැදිලි වෙනවා. පණ්ඩුකාභය රජුගේ නගර සංවර්ධන සැලැසුම තුල කැලි කසල ඉවත් කිරීමට සැඩොල් කුලයේ අය 200 කුද ,මෟත ශරීර ඉවත්කිරිමට සහ සොහොන් බිම් මුර කිරිම සදහා තවත් 250 ක්ද යෙදවූ බව සදහන්වේ.

මීට සමකාලිනව භාරතයේද මීට සමාන සෞක්‍ය සංරක්ෂණ ක්‍රම භාවිතා වී ඇති බව පැහැදිලිය.

යමෙක් වීදියට කුණු කසල දමයිද ඔහු කාසි අටෙන් එකක දඩයකට යටත් වේ .එසේම වීදියකට කසල හෝ ජලය රැස්වන්නට හැරියහොත් ඔහු කාසි ¼ ක දඩයකට යටත් වේ යැයිද ...” ආදී වසයෙන් පනවන ලද මේ නිති ජනතාවගේ සෞක්‍ය සංරක්ෂණය උදෙසා යොදාගන්නට ඇත.

සිංහල වෙදකම පිළිබදව කථා කරන විට එහි වර්ධනයට බුදු දහමින් ලද දායකත්වයද ඉතා වැදගත් වේ . බුදු දහම තුල සෞක්‍යට ඉතා වැදගත් තැනක් ලබා දෙන අතරම සෞක්‍ය සංරක්ෂණ කටයුතු වලදී මනා පිළිවෙලක්ද අපේක්ෂා කරන ලදී . විනය පිටකයේ ඖෂධ කණ්ඩකයේ මේ පිළිබදව සදහන් වේ .

බුදු දහම තුල ‍ලෙඩුන්ට උවැටැන් කරන්නන් සතුවිය යුතු මූලික ගුනාංගයන් කිහිපයක් අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ දක්වා ඇත.

01. බෙහෙත් නියම කිරීමට හැකිවීම

02.ලෙඩාට ඒ ඒ අවස්ථාවේ දිය යුත්තේ කුමක්ද නොදිය යුත්තේ කුමක්ද නිශ්චිතලෙස දැනගැනීමට හැකිවීම.

03.තණ්හාව නොව හුදු දයාව , කරුණාව පෙරටු කොට ගෙන සේවය කිරීම .

04.රෝගියාගේ මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේදි පිළිකුලි සහගත නොවීම.

05.වරින් වර රෝගියාට අවශ්‍ය ආගමික අවවාද අනුසාසනා කිරීම .

සිංහල වෙදකමේ හැටියට නිරෝගිබව නැති වීමට බලපාන කරුණු විවිධාකාරය’ පිටතින් පැමිණෙන යක්ෂ,භූත ආදීහු ශරීරයට පිවිසීම’ වා,පිත්,සෙම් යන තුන්දොස් කිපීම’තමන්ට බලපාන ග්‍රහයන්ගේ අනිෂ්ඨ විපාක’ යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් සිදුවන ප්‍රතිඵල’පෙර කර්මයෙන් සිදුවන දේආදී වසයෙන් බොහෝ කරුණු මෙයට අදාල වේ.මේ නිසා වෛද්‍ය වරයා , නක්ශ්‍රත්‍ර කරුවා යන තිදෙනාගේම කාර්යන් සිංහලයාට වැදගත් විය.

ඒ වගේම ප්‍රතිකාර සදහා ඒඒ රෝග වලට විශේෂඥයන්ද ගම්වල ජීවත්ව ඇත.සර්වාංග වෙදකම,කැඩුම් බිදුම් වෙදකම , වන, ගෙඩි , පිළිකා වෙදකම,විදුම් පිළිස්සීම් උපයෝගී කොටගෙන කෙරෙන වෙදකම,අලි වෙදකම, හරක් වෙදකම ආදී වසයෙන් සාම්ප්‍රදායික වෛද්‍ය ශ්‍රාස්ත්‍රය සෑම ගමකම ස්ථාපනය වී තිබින.

මෙය ඔව්න් ලබන පුහුණුව අනුවද වර්ගීකරනයකට ලක්කිරීම පහසුය.

ගමේ වෙද මහත්තයා

වට්ටෝරු වෛද්‍ය වරයා

භූත වෛද්‍ය වරයා

පාරම් පරික වෛද්‍ය වරයා මෙ ආදී වසයෙන් සිංහල ජන සමාජය වෛද්‍ය වරයාගේ විශේෂඥ භාවයට වැඩි තැනක් ලබා දී ඇති බව පෙනේ .

සිංහල වෛද්‍ය ක්‍රමයට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම රැසක් අදත් ශේෂව පවති .ඒ අතර

සර්ප විෂ වෙදකම , අලර්ක (ජල භිතීකා) විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම,කැඩුම් බිදුම් වෙදකම, කෞමාරභෘත්‍යය(ළදරු රෝග) වෙද කම ආදිය ඉන් ස්වල්පයකි.

සිංහල වෙදකමේදී යොදාගන්නා ඖෂධ සංයෝග නුතනයේත් නොමැති තරම්ය. ගුලි,කල්ක,චූර්ණ,ලේහ,ආලේප,කායන්,කසාය,අරිෂ්ඨ, ආසව,තෛල,ආදී ලෙස රැසකි.නාධි ශ්‍රාස්ත්‍රය තුලින් ‍රෝග විනිශ්චය කිරීමද දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම නිල අල්ලා රෝග සුව කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවට අදද සොයාගත නොහැකි වී ඇත.මෙහිදී ශිරෝ රෝග, වාත රෝග, චක්ඛු (ඇස්)රෝග ආදියට සිරුරේ නිල තෙරපීම මගින් ප්‍රතිකාර කරනු ලබයි.මෙ ආදී වසයෙන් සිංහලයා හෙල ශිෂ්ඨාචාරය ගොඩනැගීමේදී නීරෝගී භාවය උදෙසා තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් ගෙඩනගාගත් අතර ඔව්න් එහි ප්‍රතිපත්තින් තම ජීවිතයත් සමග මුසුකරගෙන නිරෝගී ජිවිතයක් ගතකරන්නට ඇත.

නමුත් අද එම සියල්ල අමතක කරදමා නූතන තාක්ෂණයේ පිහිට සොයන්නට ගොස්,නූතන තාක්ෂණය විසින් සියල්ල කරදෙන තෙක් බලාසිටීම නිසා ඔබත් මමත් සියල්ලෝම සදාකාලික රෝගීන් වී ඇත. මේ අයුරින් අතිත සිංහල ජාතිය වෛද්‍ය සංරක්ෂන ක්‍රම භාවිත කරමින් ඉතා නිරෝගි ජිවිතයක් ගතකර ඇතිමුත් අද සිංහලයා දන්න කියන සියළුම බෙහෙත් වර්ග බීලත් හැමදාම ලෙඩින් ,

සිංහලයන් කෙතරම් නිරෝගි ජාතියක්ද කිවහොත් සමකාලීන යුරෝපීය ශිෂ්ඨාචාරයන් පුදුමයට පත්කර ඇති බවට සාක්ෂි අනන්තවත් දක්නට ඇත.

මිට අවුරුදු දෙදහසකට(2000) පෙර ලතින් බසින් ලියැවුනු “ ඩී මොරිබස් බ්රැක් මැනෝරම්” නැමැති පොතේ සිංහලයාගේ නිරෝගිකම පිළිබදව සදහන්වන්නේ මෙසේය.

“ලංකාවේ වැසියන් “මැක්‍රෝබයි’ යන නමින් හදුන්වනු ලැබූහයි ‘ස්කොලැවිස්කාස්’ නම්වූ තීබ්ස්හි පඩිවරයකුගෙන් තමාට අසන්නට ලැබිණු බවත් එම නම ඔව්න්ට ලැබි ඇත්තේ , එරට දේශගුණයේ සුබදායක බව නිසා එහි වැසියන්ගේ ආයු කාලය අවුරුදු 150 ක් පමණ වන බැවිනි.”

“අම්බ්‍රෝස්’ නැමැති ලේඛකයෙකු විසින් ලියා ඇති ඉහත වාර්ථාව තුලින් පෙනේන්නේ එදා ලංකාවේ මින්සුන් කොතරම් නිරෝගීව ජීවත් වන්නට ඇද්දැයි කියා නොවේද?

ක්‍රි:පුර්‍ව 1 සියවසේ සිසිලියානු ජාතික “දියෝදරස් සිකියුලස්” නම් ඉතිහාසඥයා සිංහලයා පිළිබදව වාර්ථාකර ඇත්තේ මෙසේය,

“මෙරට වැසියෝ දීර්ඝායු වලදිති.ඔව්න්ට ලෙඩදුක් අඩුය...........”

ලෝක ඉතිහාසය තුල සිංහලයා පිළිබදව සදහන් වන්නේ එලෙසිනි.

අද සිංහලයෝ සිතන්නේ ලොව තිබෙන හොදම ක්‍රමය තියෙන්නේ යුරෝපය ඇතුළු බටහිර රටවල කියාය . එසේ සිතා සිංහලයා තමා පාරම්පරිකව ගෙනා සිංහල වෙදකම සම්පූර්නයෙන්ම අමතකකර දමා ඇත.බටහිර වෛද්‍යක්‍රමය නරකනැත .නූතන සමාජය තුල ඇති චින්තන රටාවට හා තාවකාලික ජීවිතවලට අනුව එය හොදය , නමුත් අප කළයුත්තේ සිංහල බෙහෙත් වට්ටෝරු කුණු කූඩයට දැමීම නොව , එම බෙහෙත් වට්ටෝරු නුතන තාක්ෂනය සමග මුසුකළයුතුයි,එවිට බටහිර ඇලොපති , හෝමියෝපති ක්‍රම වලට වඩා උසස් වෛද්‍ය ක්‍රමයක් පෙරදිගින් සොයාගත හැකිවෙවි.

11 comments:

සරත් ගුණතුංග said...

ඔබ දක්වා ඇති කරුනු සත්‍ය බවට මම පිලිගනිමි. මම බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරුවත් සත්‍යය ඒ විදියට පිලි ගත යුතුය. බොහෝ බටහිර ක්‍රමයට පුහුනු වී ඇති වෛද්‍ය වරු තම රැකියාව හුදෙක්ම ජීවනෝපායක් ලෙස සලකනු ලබත්. කරුණා, දයා මෛත්‍රී ඔවුන් අතින් ගිලිහී ගොස්ය. පෞද්ගලික රෝහල් වලට යන රෝගීන්ට, නොයෙක් අනවශ්‍ය පරීක්ෂන නිර්දේශ කර මුදල් ගසා ගන්නා තත්වයකට ඔවුන් පැමින ඇත. සමාජයීය අතින් බලන කල, වෛද්‍ය වරු ඉතා බලසම්පන්නය. ඔවුන්ට කෙනෙක් මිය ගොස් ඇති බවට සහතික කල හැක. කෙනෙක් උන්මත්තක බවට සහතික කල හැක. කාන්තාවගේ ශරීර ස්පර්ශ කල හැක. සමාජය විසින්ම ඔවුන්ට ඒ වගකීම පවරා ඇත; බලයද ලබා දී ඇත. මේ සියල්ලටම හේතුව වෛද්‍ය විද්‍යාව 20 වැනි ශත වර්ශය අග භාගයේදී ලද දියුනුවයි. x-කිරන, එන්නත් කොට රෝග වැලැක්වීම, අලුත් බෙහෙත් වර්ග සොයා ගැනීම වශයෙන් මහා පරිමානයේ දියුනුවක් වෛද්‍ය ශාස්ත්‍රය ලබා ගත්තා. එමගින්, ඔවුන්ට රෝග පිලිබඳව අනාවැකි පල කිරීමට හැකි වුනා.ඔවුන්ගේ බලය තව තවත් වැඩි වුනා. යටත් විජිත වාදීන්ව සිටි ලාංකිකයන්ට උරුමයෙන් ලත් ශාස්ත්‍ර, විද්ය්‍යාවන් සමාජයීය හේතුන් මත නැතිව ගියා. අතින් ගිලිහී ගිය දේවල් නැවත නගා සිටුවිය යුතුයි.මේ අතර සමහර අවස්ථාවාදීන් බලය අයුතු ලෙස පාවිච්චි කරන්නත් පටන් ගත්තා. දොස්තර වරු ස්ත්‍රී දූෂණ වල පවා දැන් යෙදෙනවා. මොවුන් වෛද්‍ය සමාජය විසින්ම ගල් ගසා මරා දමිය යුතුය.

HKS said...

ඔබගෙ අදහස් ඉතාම නිවැරදියි. මම විශ්වාස කරන විදිහට මෙක තමයි අපගෙ "වෙද උරුමය". දිගටම ලියන්න. අපව දැනුවත් කරන්න.ඔබට දිගාසිරි..!

Anonymous said...

කරුණකරලා මේ ලිපිය සිංහල විකීපීඩියාවට දානවද

Manoj colambage said...

ආයුබෝවන් සරත්
මම ටිකක් ප්‍රමාදවීම ගැන කනගාටුවෙනවා.
ඔබ ඉතා වටිනා අදහස් කිපයක් දක්වලා තියෙනවා.
ඒ ව‍ගේම ඔබසත්‍ය පිළිගැනීම ගැන සතුටුයි.ඔබ
වගේ සිතන අවංක වෛද්‍යවරු තමයි අද ලංකාවට
අවශ්‍යකරලා තියෙන්නේ.එහෙම උනොත් අපේ රට නිරෝගි මිනිසුන් ජීවත්වන,ලස්සන රටක් වේවි.
ආයුබෝවන් hks
ඔබ ගේ දිරිමත් කිරීම මට ලොකු ශක්තියක්
සිංහලයාගේ උරුමයන් ගැන ඉදිරියේදි ලියනවා;
ඔබට ස්තූතියි H K S.
නිපුන්,
ඔබේ අදහස ඉතා වටිනවා
මම එය ඉදිරියේදී කරන්නම්;
ඒ පිලිබදව දැනුවත් කළාට ඔබට ස්තූතියි.

Sagara said...

මෙවන් ලිපි තරුණ සමාජය තුළට යා යුතුයි. දිගටම ලියන්න.

Anonymous said...

I feel like every thing come to me as in a film.. how they systematically change our self fulfilled culture into a burdened culture. I know today our society is totally into western things not only medicine but every thing. SO I believe in you. please do add more information so we can learn more and can give it to our own children at least.... that is my last hope wish you the best please...

Bharata said...

Dear Manoj,
A fine write-up. I like to print this article in my printed journal WAIDYAWARAYA
Pl.contact me.
Regards,
Bharata
bharata.gunathilaka@gmail.com

පියුමාල් said...

මා සොයාගත් කරුණු කාරණා අනුව කටවහරට අපි සිංහල වෙදකම කිව්වට මම හිතන්නේ සහෝදරයා හෙළ වෙදකම හඳුන්වන නියම නම "දේහධම්මය" කියලයි.
මා වැරදිනම් කරුණාකර මා නිවැරදි කරන්න

Sudasinghe said...

අද සින්හලයා ඉන්ග්‍රීසි බෙහෙත් පසු පස දුවන්නේ ඇයි?
මීට ප්‍රධානම හේතුව වනුයේ සින්හල බෙහෙත් පිලිබඳව ඇති විස්වාසය අඩුවීමයි.
එසේ වීමට හේතුවූයේ අද වන විට සින්හල වෙදකම නිවරදිවදත් වෙදමහතුන් ඉතාමත් දුලභ වීමයි. පරම් පරාවෙන් මෙම ශාස්ත්‍රය ගලායාමෙදි දැනුම අඩුවීම (ගුරු මුෂ්ටිය වැනි කාරනා නිසා ) මෙයට ප්‍රධාන ලෙසම බලපෑ සාධකය වේ. තම පරපුරේ අයට පමනක් මෙම සාස්ත්‍රය බොහෝවිට ලබා දුන් අතර එවිට පරපුරත් සමගම ශාස්ත්‍රය අභාවයට යාමද සිදුවිය. අද වන විට ඉතුරුවී ඇති වෙදදුරන් එක්කර මෙය සන් රක්ෂනය නොකලොත් ඉක්මනින්ම සින්හල වෙදකම කිය දෙයක් නැතිවී යාවි.

ප්‍රභාෂන් මාතර said...

අද ජිවත් වෙන සිංහලය හෙළ සිංහල ගණයට අයත් නොවේ . අද සිටින්නේ ඉංග්‍රීසි , ලන්දේසි , පෘතුගීසි සම්බවයක් ඇති පුද්ගලයන්ය මොවුන් හැදින්වීමට ඇති පොදු නාමය කළු සුද්දන් වේ . ඔවුනට අපේ පැරණි සිංහල වෙදකම ගැන විශ් වාස නැත . ඒ මක් නිසාද ඔවුන් කළු සුද්දන් නිසාය . මෙවැනි දේවල් අගය කිරීම සහ වාර්තා එකතු කිරීම ඉතා අගය කලයුතු කරුණක් වන අතර ශ්‍රී ලංකාවේ සිටින සබැ සිංහලුන් වෙනුවෙන් මම ඔබතුමියට ස්තුති කරනවා . ඔබට තෙරුවන් සරණයි

ප්‍රභාෂන් මාතර said...

අද ජිවත් වෙන සිංහලය හෙළ සිංහල ගණයට අයත් නොවේ . අද සිටින්නේ ඉංග්‍රීසි , ලන්දේසි , පෘතුගීසි සම්බවයක් ඇති පුද්ගලයන්ය මොවුන් හැදින්වීමට ඇති පොදු නාමය කළු සුද්දන් වේ . ඔවුනට අපේ පැරණි සිංහල වෙදකම ගැන විශ් වාස නැත . ඒ මක් නිසාද ඔවුන් කළු සුද්දන් නිසාය . මෙවැනි දේවල් අගය කිරීම සහ වාර්තා එකතු කිරීම ඉතා අගය කලයුතු කරුණක් වන අතර ශ්‍රී ලංකාවේ සිටින සබැ සිංහලුන් වෙනුවෙන් මම ඔබතුමියට ස්තුති කරනවා . ඔබට තෙරුවන් සරණයි