Sunday

දෙමළ මිනිසාගේ නිජබිම .

දෙමළ මිනිසාගේ නිජබිම

මේ පිළිබද සොයන්නට අදහස පහල වූයේ අමල් මහතා ගේ (http://amalishantha.blogspot.com/)බ්ලොග් එකේ යොමුවූ “දෙමළ ජනතාවගේ ප්‍රශ්නය හා යුද්ධය” නැමැති සංවාදයට නිලන්ත පියසිරි විසින් කරන ලද යොමු කරණ ලද ‍වැදගත් ප්‍රශ්නයක් නිසාවෙනි.

දෙමල ජනයා දකුණු ඉන්දියාව තම නිවහන කරගෙන සිටින අතරම ලෝකය පුරා බොහෝ

රටවල ආගන්තුකයන් ලෙස ජීවත්වෙති . ලොව පුරා විශාල ජනගහණයක් සිටියද ඔව්න්ට තමන්ටම කියා රටක් නැත . මෙනිසා ඔව්න් අද ලොකය තුල අනාතවූ ජාතියක් බවට පත්වී ඇති අතර තවදුරටත් ඔවින්ට එසේ සිටිය නොහැක . මෙනිසා ඔව්න් තමන්ගේ නිජබිම සොයා කරලියට පැමිණි නමුත් ඔව්න්ට තම මුල් නිජබිම වෙත දැන් යා නොහැකිය . එය අද ඉතා ප්‍රභල ජාතියක් විසින් පාලනය කරනු ලබයි. ඒ සිංහලයන් නොව හින්දූන්ය . දෙමල මිනිසාගේ මුල් බිම උතුරු ඉන්දියාවයි. ඉන්දියානු ශිෂ්ඨාචාරය ගොඩනගනු ලබන්නේ දෙමළුන් විසිනි.දෙමල මිනිසා අවුරුදු දහස්ගණනක උත්සාහයෙන් ගොඩනගනු ලබන ශිෂ්ඨාචාරය ලෝක ඉතිහාසයේ යම් දිනකදී හින්දූ ජාතිකයන්ට හිමිවේ .එතැන් පටන් දෙමල මිනිසා යනු හින්දුන්ගේ යටහත් පහත් සෙවකයායි. අදද එය එසේමය .මෙසේ හින්දුන්ගේ සවාමීත්වයට ගරුකරන දෙමල මිනිසා අදද තමන්ගේ උපන්බිම ගැන කථාකරන්නට අදිමදිකරයි.මේ දීන කම නිසාම දෝ ඔව්න් තමන්ගේ පෞඩ වූ ඉතිහාසය විකෘති කරදමා දෙමල ජාතියේ උපතට , සභ්‍යත්වයට , පැවත්මට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති ලංකාවේ දෙමල නිජබිමක් පිළිබදව කථාකරති.

ලංකාවේ ඊලමක් පිළබදව LTTE ය දක්වන මතවාදයන් හුදු මවාපෑමක් මිස කිසිදු පිළිගත හැකි එකදු සාක්ෂියක්වත් සාධකයක්වත් ඔව්න් සතුව නැත . සාක්ෂි තිබෙන්නටනම් ඉතිහාසයේ කෙදිනක හෝ එය සිදුවිය යුතුය . දෙමල ජාතිය හා ලංකාව අතර තිබී ඇත්තේ එකම එක බැදීමක් පමණි ඒ වරින්වර ලංකාව ආක්‍රමණය කිරීම පමනි .එය අතීතයට මෙන්ම අදටත් වලංගුය. ලංකාවේ දෙමල නිජබිම වැනි හිතළුවක් පිළිබදව කථාකරන්නට කාළය වැයකිරීම අපරාධයකි.

ඒ වගේම LTTE ය ලංකාව දෙමල ජාතියේ නිජබිම කරන්නට යාමේන් දෙමළ ජාතියට ද සිදුවන්නේ තමන්ගේ අවුරුදු දහස් ගණනක් පැරණි පුරා විද්‍යාත්මක සාක්ෂි සහිත පෞඩ ඉතිහාසයද ඔව්න්ට නැතිවීම පමණය .

ලංකාවේ ජීවත්වන දෙමල මිනිසුන් ඔව්න්ගේ නිජබිම පිළිබද‍ව හෝ ඉතිහාසය පිළිබදව නිවැරදිව දන්නවායැයි සිතන්නටනම් අපහසුය . මොකද ලංකාවේ දෙමල ජනයා කළයුතුදේ-නොකළ යුතුදේ , ඉගෙන ගතයුතුදේ -නොගත යුතු‍දේ තීරණය කරනුයේ ලංකාවේ දෙමල දේශපාලඥයන්ට සහ LTTE යට කාලීනව මතුවන අවශ්‍යතා විසින්ය.

දෙමළුන් නොදත් දෙමළුන්ගේ ඉතිහාස කථාව සිදුවන්නේ මෙසේය.

පරම්පරා සිය දහස්ගණනක මතකයෙන් වැලලීගිය මෙම දෙමල ශිෂ්ඨාචාරය නැවතත් ඉන්දු නිම්නයෙන් 1922 දී සොයාගනු ලබන්නේ ඉන්දියානු ඉතිහාසයේ හිස්තැන් මෙන්ම ලෝක ඉතිහාසයේ හිඩැස් වලටද පිළිතුරු සපයමින්ය. මෙම ශිෂ්ඨාචාරය ලෝකයේ අනෙකුත් මහා ශිෂ්ඨාචාර වලටද නො‍දෙවෙනි ලෙස නිර්මාණය වී ඇති අතර ඒවාට සමකාලීන වේ .මෙහි විශාලත්වය කෙතරම්ද කියතොත් වර්ග සැතපුම් 1200 *700 පමණ ප්‍රදේශයකම පැතිරීගෙස් ඇති අතර මෙය අප කවුරුත් දන්නා මොහෝන්දෝජාරෝ - හරප්පා ශිෂ්ඨාචාරයන්ය.

කැණීම් වලදි මෙහිදී ප්‍රධාන වසයෙන් හදුනාගත් ප්‍රදේශ ලෙස

ඉන්දු නදී ඉවුරේ - මෝහොන්දොජාරෝ

රාවි නදී ඉව්රේ - හරප්පා

කතියවාර් වෙරලේ - ලෝතාල් හදුනාගෙන ඇත

නමුත් මෙම මොහෝන්ජෝදාරෝ - හරප්පා ශිෂ්ඨාචාර 1922 සොයාගන්නාතෙක් දෙමළ ජාතිකයන් දැන සිටියේ නැහැ(බොහෝ දෙමල මිනිසුන් අදද නොදනී ) ඔව්න්ට මෙතරම් පැරණි ඉතිහාසයක් තිබෙනබව.ඔව්න් පමනක් නොව ඉන්දියානුවන් ද දැනසිටියේ නැහැ ඉන්දියානු ඉතිහාසයේ තරම

මෙම මොහෝන්ජෝදාරෝ - හරප්පා ශිෂ්ඨාචාර සොයා ගැනීමෙන් අනතුරුව ‍ලෝක පුරාවිද්‍යාඥයන්ගේ උත්සාහය වූයේ මෙම දැවැන්ත ශිෂ්ඨාචාරයේ නිජබිම් කරුවන් ; උරුමක්කරුවන් කවුරුන්දැයි සොයායන්නටය . මෙම රහස සොයාගැනීම සදහා ලෝක විද්වතුන් අවුරුදු ගණනාවක් නොයෙකුත් පර්යේෂණ කරණලදී.

මේ පිළිබදව බී . වී රාවෝ මහතා World history කෘතියේ දක්වාසිටින්නේ මෙ අයුරිනි,

“ අපගේ අධ්‍යනයේදී නිරතුරුවම ඉදිරිපත්වන ඉතාම වැදගත් ගැටළුව වන්නේ මෙම ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරු කවරහුද යන්න නිගමනය කිරීමය . ඔව්න් විදේශිකයන් කොටසක් වූයේද නැතහොත් ආර්යයන් හෝ දෙමළුන් වුයේද යන අවිනිශ්චිත තත්වය උද්ගත විය. .........‍විද්වතුන්ගේ අදහස වූයේ ඉන්දුනිම්න ශිෂ්ඨාචරයේ මිනිසුන් ප්‍රොටො ඔස්ට්‍රොලොයිඩ් , මධ්‍යධරණී , ඇල්පයින් , මොන්ගොලොයිඩ් ආදී වසයෙන් වන මනුශය වර්ගවල සම් මිශනයක් වූ බවයි . වර්තමාන දකුණුඉන්දියානු ජනතාවගේන් සමහර කොටස් සාමානයෙන් ඉහත සදහන්කොට ඇති වර්ගවලින් මුලින් සදහන් කොට ඇති වර්ගදෙකට අයත් වේ”

“ හරප්පාවේ ආගමික ඇදහිලි සහ ඇතැම් දකුණු ඉන්දියානු ආගමික විස්වාසඅතර ද සමානකම් තිබෙන බව සො‍යාගෙන තිබේ.”

“ මේ සාධක අනුව හරප්පා ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරුන් වූයේ දෙමළුන් බව විස්වාස කිරීමට ඇතැම් විද්වත්හු පෙළෙඹී සිටිති . තවද හරප්පා සංස්කෘතියේ සවභාවය අනුව එය නියත වසයෙන්ම සවදේශික එකක් වූ බවට සාධක ඇත .”

මෙ අයුරින් හින්දූන්ට සහ පසුව ඉන්ශ්‍රීසීන්ට බැලමෙහෙවර කරමින් ජීවත්වූ දෙමල ජනයා කෙදිනකවත් අපේක්ෂානොකළ පරිදි 1922 න් පසුව ඔව්න්ගේ නිජබිම මීට වසර 5000 කට පෙර පටන් ඉන්දියාවේ පැවති විශාල සංස්කෘතියක ශිෂ්ඨාචාරයක් බවට අනාවැකි පහල වන්නට විය එය ක්‍රමයෙන් තහවුරු විය .

මේ පිළිබදව A.L.Basham මහතා the wonder that was india කෘතියේ මෙසේ දක්වා සිටී,

“ මේ මහා ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරයෝ කවරහුද ? ඇතැම් ඉන්දියානු ඉතිහාසඥයෝ ඔවුන් ඍග් වේදය රචනාකළ ආර්යයන් බව ඔප්පු කිරීමට තැත් කළහ.එහෙත් මෙය කිසිසේත් විය හැක්කක් නොවේ ..........‍මොවූහු වර්ථමාන ඉන්දිය ජන සංඛ්‍යාවේ වැදගත් මූලයකට අයත්වේ.”

“සාමාන්‍යයෙන් වර්ථමාන දකුණු ඉන්දියානු ජාතිකයා හරප්පා සංස්කෘතියේ ප්‍රධාන මානව සාධකයන් දෙකවූ මධ්‍යධරණී හා ආදී ඔස්ට්රොලොයිඩ් වර්ගයන්ගේ සම්මිශ්‍රනයකි.තවද හරප්පා ආගම දෙමල රටෙහි විශේෂයෙන්ම ජනප්‍රියව පවත්නා හින්දු සාමයික මූලයන් හා බොහෝ සමානකම් දක්වයි..........බලුකිස්ථානයේ කදුවල වෙසෙන බ්‍රාහුඊවරු දැනට මානව ලක්ෂණ අතින් අයිරේනියානු ලක්ෂණ මතුකෙට පෙන්වතත් දෙමල බාශාවකින් කථාකරති.මේ කරුණු නිසා හරප්පා වැසියන් දෙමලයැයි අදහස් කොට ඇත.ඔව්න්ගේ හෝඩිය කියවීමට තැත් ගත් විශේෂඥයන් අතුරෙන් කෙනෙකු වූ එච් . හේරස් පියතුමා ඔව්න්ගේ බස දෙමල බසේ ඉතා ආදීම ආකෘතියක් බව පවසා ඇත.”

දෙමල ශිෂ්ඨාචාරයේ උපත , ප්‍රභවය පිලිබදව දෙමල ජනයාට සහ ලෝකයාට වසංකර ඇති කරුණු අප්‍රමාණය . නමුත් මේ ගැන සදහන් කළා ඇති . මොකද දෙමල ජාතියේ ඉතිහාසයක් පිළිබදව සොයායාමට අපි මෙතරම්වත් අවධානයක් යොමුකළත් දෙමළ ජාතිකයන් කරන්නේ කවුරුන් හෝ කියන ඊලම වැනි මිත්‍යාවන් පිළිගැනීම මිසක් සත්‍ය ඉතිහාසයක මුල බීජයන් සොයායන්නට හෝ ස්වාධිනව සිතන්නට මැලිවූ ජාතියක ඉතිහාසය අපි හරා අවූස්සා එයට කාළය වැය කිරීම අපරාධයක්දැයි සිතෙන බැවිණි.

විශේෂයෙන්ම හින්දු ජාතිකයින් අදද දෙමළ මිනිසා මතවාදීව , දේශපාලනිකව , ආගමිකව , සංස්කෘතිකව යටත් කරගෙන ජීවත්වෙති. ඒ සදහා ඔව්න්ගේ ඉතිහාසයද සැගවීමට යත්න දරා ඇත.මේබව බෂාම් මහතා විසින් විශේෂයෙන් සදහන් කර ඇති ඉහත පුවත නැවතත් උපුටා දැක්වීම වැදගත්ය .

“ මේ මහා ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරයෝ කවරහුද ? ඇතැම් ඉන්දියානු ඉතිහාසඥයෝ ඔවුන් ඍග් වේදය රචනාකළ ආර්යයන් බව ඔප්පු කිරීමට තැත් කළහ.එහෙත් මෙය කිසිසේත් විය හැක්කක් නොවේ ..........‍මොවූහු වර්ථමාන ඉන්දිය ජන සංඛ්‍යාවේ වැදගත් මූලයකට අයත්වේ.”

මේ ආදී වසයෙන් පෙනී යන්නේ අද ලෝකය තුල රටක් නොමැතිව නන්නත්තාර වී සිටින දෙමළ ජනයාට ලෝකය තුල රටක් සංස්කෘතියක් පැවති බවය . නමුත් ඔව්න් තමන්ගේ නිජබිම ලංකාව බව පෙන්වීම සදහා නොතිබූ ඉතිහාසයක් මවා පාන්නට ගොස් කරගන්නා විනාශය තුල ඔව්න් ‍ඓතිහාසික වශයෙන් තව තවත් අනාථ වන බැවින් ඔව්න් මෙය ඉක්මනින් තේරුම්ගත යුතුය . මොකද උතුරු ඉන්දියානුවන් නිරන්තරයෙන් තමන්ගේ ඓතිහාසික සභ්‍යත්වය ආරක්ෂාකිරීම කෙරෙහි අවධානයකින් පසුවීමය.

මෙනිසා ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව ඔව්න්ට වෙනම ජාතියක් වසයෙන් ස්වාධීනව ජීවත් වීමට අවශ්‍ය වන්නේනම් කලයුතු වන්නේ ලංකාවේ නොතිබූ දෙමල අධිරාජ්‍යක් වෙනුවෙන් හඩගෑම හෝ පුරසාරම් දෙඩවීම නොව ඉන්දියාව තුල එනම් තමන්ගේ මව් බිම තුල මව් බිමේ අයිතිය වෙනුවෙන් අඩුම තරමින් මුළු ඉන්දියාව පිළිබදව නොව දකුණු ඉන්දියාව තුලවත් ස්වාධීනව ජීවත් විය හැකි දෙමල රටක් ගොඩ නගාගැනීම වෙනුවෙන් සටන්කිරීමය.

ඒ වෙනුවෙන් සටන් කිරීමේ අයිතිය

සිංහලයාට ලංකාව තුල මෙන්ම ,

රතු ඉන්දියන් වරුන්ට - ‍ඇමෙරිකාව වෙනුවෙන්ද ,

ඇබෝන්ජීයන් වරුන්ට ඕස්ට්‍රේලියාව තුල මෙන්ම

පලස්තීනය තුල මුස්ලිම් වරුන්ට මෙන්ම,

අයර්ලන්තය වෙනුවෙන් අයිරිෂ් ජාතිකයන්ටද,

අප්‍රිකාව තුල කළු ජාතිකයින්ටද තම උපන් බිම වෙනුවෙන් සටන් කිරීමට ඇති අයිතිය මෙන්ම

ඉන්දියාව තුල දෙමළුන්ටද තම මව් බිම වෙනුවෙන් හිමිවිය යුතුය.

4 comments:

Anonymous said...

+ මේවත් බලන්න
දෙමළ ජනයාගේ ප්‍රශ්නය හා යුද්ධය

යට ගිය දවස - කිරිබත් සහ හැඳි ගෑරුප්පු

Anonymous said...

සංවිධානය විකෘති කර ලාංකික දෙමළ ජනතාවට උගන්වා තිබෙන උගන්වන ඔවුන්ගේ ඉතිහාසය නිසාවෙනි.ඕනෑම පට්ටපල් බොරුවක් දිගින් දිගටම ප්‍රචාරය කිරීමේදී ජනතාව එය පිළිගන්නා තත්ව‍යට පැමිණේ යන ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් LTTE සංවිධානය පසුගිය වසර 20 වඩා වැඩි කාලයක් මුලුල්ලේම සිදු කලේ මෙම විකෘති ඉතිහාසය ඔවුන්ගේ පාලන ප්‍රදේශ වල ඉගැන්වීමයි.එම ඉතිහාසයට අනුව ඉංග්‍රීසින් මුලුමනින්ම ලංකාව යටත් කර ගන්නා තෙක් යාපනය පාලකය කර ඇත්තේ ස්වාධීන රජවරුන් වන අතර කෙදිනකවත් මෙම රජවරුන් දකුණේ සිංහල රජුට යටත් වි නොවුන ස්වාධීන හා වෙනම රාජ්‍යක් බව‍යි ඔවුන්ගෙ මතය.ඔවුන්ට අනුව ඉංග්‍රීසින් අතිවිශාල ඉන්දියාව‍ට නිදහස ලබා දී නික්මෙන මොහොතේදී ලංකාවට නිදහස නොමිලේ ලබා දුන්නා විනා ලාංකිකයන් ලේ දහඩිය හෙලා ලබ ගත් එකක් නොවෙයි.මෙයයි දෙමළ නිජබිම සංකල්පය අදහන LTTE සංවිධානයේ පිරිස් දන්නා ඉතිහාසය.

Manoj colambage said...

මට සමාවෙන්න
මෙහි මෙම ප්‍රශ්නය මතුකලේ සරත් ගුණතුංග මහතා විසිනි .
එය නිලන්ත පියසිරි වසයෙන් සදහන්ව ඇත්තේ වැරදීමකිනි.

Unknown said...

I think its better if someone can translate this blog to English and Tamil and publisg it. The message should go to all the people in world.....