Sunday

බුදු දහම පටැලැවීම

බුදු දහම පටැලැවීම

සිංහල බ්ලොග් අවකාශය ඇතැම් පුද්ගලයින් බුද දහම අපකීර්තියට පත්කිරීමේ පාරාදීසයක් බවට පත්කරගෙන ඇත. මුන්ට දේශගුණික විපර්යාස පවා පේන්නේ බෞද්ධයා නිසා සිදුවූවක් ලෙසය.එකෙකුට අනුව ලංකාවේ සිදුවන්නාවූ සියළුම පාහර වැඩ සිදුකරනුයේ සිල් ගන්නා බෞද්ධයන් විසින්ය.හොරකම්, මංකොල්ල කෑම්,ස්ත්‍රී දූශන,වංචා ආදී මෙකී නොකී ලංකාවේ සිදුවන්නාවූ සියළු අපරාධ සිදුවන්නේ සිල් ගන්නා උවැසි උවැසියන් අතිනි. පාර්ලීමේන්තුගොස් බලු වැඩ කරන්නෝද, මිනිසුන් සමුහ ඝාතනයට ලක්කරමින් උතුරේ හමුදාව සමග යුද්ධ කරන්නෝද සියල්ලෝම බෞද්ධයෝ වෙති.කොටින්ම කියතොත් අද ලංකාවට මේ තත්වය උදාවී ඇත්තේ සිල් ගන්නා බෞද්ධයන් ගේ නොමනා හැසිරීම නිසාවෙනි.

ඔහුගේම වචන වලින්ම කියතොත් “ මේ පිටතින් සුදු අඳිනා හොරුන්ගේ රටයි. හක්කේ බුදුරැස් ද බොක්කේ දඩමස් ද ඇති උපාසක දිවයිනයි.”

ලංකාවේ ජීවත්වන මුස්ලිම්, ක්‍රිස්තියානි, කතොලික, මේ දෙකටම අයත් නොවනවා කියන මුඩුක්කු ක්‍රිස්තියානි ආදී ආගම් අදහන්නන් ආදී වෙනත් සියළුම ආගම් අදහන සියල්ලෝම කුරා කුහුඹියෙකුටවත් හිංසාවක් නොකරන අන්ත අවිහිංසා වාදියෝ වෙති. එසේම ඔව්න් සියල්ලෝම ලංකාවට තම පණටත් වඩා ආදරය කරන්නාවූ අතර සත පහක තරම්වත් සොරකමක් වංචාවක් නොකරන්නාවූ තම තමන්ගේ ධර්මයන් අකුරටම තිතටම පිළිපදින්නාවූ අති පාරිශුද්ධ මිනිසුන් කොට්ඨාසයකි.

සිතා මතාම බුදු දහමට පහර ගසන මෙවැනි එවුන්ගේ කටවල් වැසීමට හෝ එළව එළවා පහර දීමට අපහට අවශ්‍ය නොවේ . සත්‍ය කුමක්දැයි මිනිසුන් කෙදිනක හෝ තේරුම් ගනු ඇත.

නමුත් ඔව්න් මෙය හෝ පිළිගන්නවානම් ඉතා යහපති. මෙසේ එළව එළවා බුදු දහමට පහර දීමට ඔබලා වැනි අයහට අවස්ථාව ලැබී ඇත්තේද බෞද්ධ සමාජ පසුබිම නිසාවෙනි. අරාබියේ මුස්ලිම් ආගම හෝ නොර්වේහි ක්‍රිස්තියානිය මෙන් ලංකාවේ බෞද්ධයා ද ක්‍රියාකරන්නේනම් ඔබලා වැන්නන් හට සිදුවිය යුතුදේ සිදුවී දැනට බොහෝකල්ය.

6 comments:

Anonymous said...

ඔයා ඔය කතා කරන beyondframe බ්ලොග් පොස්ට් එකේ කොතැනක හරි තියෙනවද ලංකාවේ තියෙන ඔක්කොම පාහර වැඩ වෙන්නේ සිල් ගන්නා බෞද්ධයින් නිසාය කියලා, (අනිත් ආගම් හරි හොඳයිය කියලා) නැතිනම් ඒ වගේ අදහසක් එන එක වාක්‍යයක් හරි. නෑනේ, බොරුවට නැට්ට පාගගෙන කතා කරන්න එපා. ආගම පෙන්නලා ඔක්කොම කුපාඩි කම් කරන රටක ඒක ගැන විවේචනය කරන එක වරදක්ද?
ඕනම කෙනෙකුට පේනවා, ඔය පොස්ට් එකේ බුදුදහම ගැන නොකියවෙන බව. ඔයා ඔය කතා කරන්නේත් ඒක නොදැනම නෙවෙයිනේ. (ඔයා බබා නෙමෙයිනේ)
ඔය බොරු කුමන්ත්‍රණ ගැන හීන අතඇරලා ආපහු අඑ පොස්ට් එක කියවලා බලන්න.

“ මේ පිටතින් සුදු අඳිනා හොරුන්ගේ රටයි. හක්කේ බුදුරැස් ද බොක්කේ දඩමස් ද ඇති උපාසක දිවයිනයි.”

Manoj colambage said...

@ අමිල

ආගම පෙන්නලා ඔක්කොම කුපාඩි කම් කරන රටක ඒක ගැන විවේචනය කරන එක වරදක්ද?

ආගමේ නාමයෙන්
එහෙම දෙයක් වෙනවානම් beyond frame හෝ වෙනත් කවුරු වුවත් කළ යුත්තේ එය සමස්ථ බෞද්ධ සමාජයට ආරෝපණය නොකොට ඒ ඒ දේවල් සිදුකරන පුද්ගල හෝ සමූහයන් පිළිබදව කථාකිරීමයි.එයට මාද එකහෙළා එකගය.මමද එසේ කථා කරමි.
ඇයි ඔබේ මිතුරාට බැරි ඔහු කියන ඔය සුදු රෙදි හොරු පිළිබදව එළිපිට කතාකරන්න.

Anonymous said...

මනෝජ්,

අපි ටිකක් කතා කරමු නේද ඔය කියන පෝස්ට් එකේ තියෙන දේවල් ඔයා ඔය කියන තරමට බෞද්ධයන්ට අගෞරව කරනවද කියලා.

"ලෝකයට පෙනෙන්නට බෞද්ධාගම අදහන අයගෙන් ලංකාවට අඩුවක් නැත." ---BF

"මේ පිටතින් සුදු අඳිනා හොරුන්ගේ රටයි. හක්කේ බුදුරැස් ද බොක්කේ දඩමස් ද ඇති උපාසක දිවයිනයි." ---BF

ටිකක් හරි ආසන්න වාක්‍ය දෙකක් තියෙන්නේ ඔය දෙක විතරයි. ඉතිං දැන් බලන්නකෝ ඔය දෙකෙන් බුද්ධාගමට හරි බුද්ධ ධර්මයට හරි කොච්චර අගෞරවයක් වෙනවද කියල. ඔය දෙකම බොරුද? ලංකාවේ ලෝකේට පෙන්න බෞද්ධාගම අදහන, හැබැයි ඇත්ත ජීවිතේදී ඕනෑ තරම් කුපාඩි කම් කරන අය කොච්චරද?
(හැබැයි ඔන්න ඕකේ වරද ආගමේ වත් ධර්මයේ වත් නෙවෙයි. වැරැද්ද උන්ගෙයි, ඕවා දැක දැකත් කටක් හොල්ලන්නේ නැති ආගමේ උරුමක්කාරයොයි, පොල්ම:කාරයොයි කියල හිතා ඉන්න උන්ගෙයි)

දැන් බලන්න, ඔයා ඔය පරල වෙලා වගේ බ්ලොග් එකේ ලිව්වට ඔයා කියපු කිසි දෙයක් beyondframe's පෝස්ට් එකේ නැහැ නේද? තියෙන්නේ ඔයා කියපු දේට පරස්පරය නේද?.

ඉතිං මනෝජ්, ආගම කියන්නේ කරේ තියන් අදහන්න ඕන එකක් නෙවෙයි. ආගමක්, නැත්නම් ආගම සම්බන්ධ ඇදහිලිත් විවේචනය කරන්න, ඒවායේ වරදක් තියේනම් පෙන්නන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. හැබැයි අපහාස කරන්නේ, මඩ ගහන්නේ නැතුව.
ඒකට කාගෙන්වත් ලයිසන් ගන්න ඕනකමක් නැහැ.

(මම බියොන්ඩ්ෆ්රේම් ගේ මිතුරෙක් නෙමෙයි. එයාත් මාත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. මම ඒ බ්ලොග් එක කියවන එක මිසක්. ඒ හින්දා බියෝන්ඩ් ෆ්රේම්ව සුද්ද කරන්නි, එයා වෙනුවෙන් පෙනීසිටින්න මට ඕන නැහැ. මම කතාකරන්නේ මට ඕන දේ මිසක් ඔය එක එකාට ඒන විදියට නෙවෙයි.)

තෙරුවන් සරණයි!

Manoj colambage said...

@ අමිල

පිටු,ඡේද,වාක්‍ය,වචන,අකුරු වලින් යම් ලිපියක හෝ පුද්ගලයෙකුගේ සමස්ථ අර්ථය හෝ අවශ්‍ය තාවයන් මනින්න හෝ තක්සේරු කරන්න බැහැ.ඔබට එවැනි හැකියාවක් තිබේදැයි මානොදනී නමුත් මා නම් විචාරය කරනුයේ යම් ලිපියක සම්පූර්ණ අර්ථය සහ එයට සම්බන්ධ පැරණි ලිපි ආදිය සහ පුද්ගල මතවාදයන් ආදී සියල්ලම පිළිබදව විමසාය.

නමුත් ඔබට අවශ්‍ය පරිදි

'''හක්කේ බුදුරැස් ද බොක්කේ දඩමස් ද ඇති උපාසක දිවයිනයි.'''

මොහු මේ තුලින් දක්වා ඇත්තේ ලංකාවේ ජීවත් වන්නාවූ සියළුම බෞද්ධයෝ නාමික බෞද්ධයන් බව නොවේද?
ඉන් වක්‍රාකාරයෙන් කියැවෙන්නේ තේරවාදී බුදුදහමේ මූලස්ථානය යැයි කියන ලංකාව නැමැති දිවයින තුල බුදු දහම නැමැති දර්ශනය මිනිසුන් විසින් ප්‍රතික්ෂේප තර ඇති බව නොවේද

මෙනිසා ලංකාවේ බුදු දහම රුසියාවේ චීනයේ මාක්ස් වාදය සේ යල් පැනගිය දර්ශනයක් බවත් එය උපාසකයන් නැමැති හොරුන්ගේ ආරක්ෂක ආවරණයක් පමණක් බවත් පෙන්වීමට උත්සාහ ගෙන ඇත.

විවේචනය හොදය. එය කළයුතුය මමද ඒය කරමි.

http://manojcola.blogspot.com/2008/11/blog-post_6027.html

http://manojcola.blogspot.com/2008/12/blog-post.html
මේවා කියවා බලන්න

අප දෙයක් විවේචනය කරන්නේ ඒ තුලින් වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමට මග පෙන්වීම උදෙසාය.

නමුත් මොවුන් (මාගේ ඉහත ලිපියට අදාල beyondframe පමණක් නොව ඔහුගේ අදහස් උදාහරණ සදහා යොදා ගත්තා පමනි.ඔහුගේ නමවත් එම ලිපියට යොමු නොකලේ එ නිසයි.නැවත කියවා බලන්න.) කරනු ලබන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා මෙන් මිනිසුන්ගේ වැරදි ආගම පිට පටවමින් බුදු දහම අපකීර්තියට පත් කරමින් එය විනාශයට පත් කිරීමට උත්සාහ දැරීමකි.

Anonymous said...

"පිටු,ඡේද,වාක්‍ය,වචන,අකුරු වලින් යම් ලිපියක හෝ පුද්ගලයෙකුගේ සමස්ථ අර්ථය හෝ අවශ්‍ය තාවයන් මනින්න හෝ තක්සේරු කරන්න බැහැ." ---උරුමය

ඕව් මනෝජ්, මාත් එකඟයි ඔය කතාවට. ඒක ගැන නම් argument එකක් මෙතන නැහැ.

අපි නිතරම වගේ අහල තියෙනවා නේද? ගොඩක් රටවල් වල මිනිස්සු අතර ප්‍රසිද්ධයි කියල 'සිංහලයා කියන්නේ ගොඩක් ප්‍රියමනාප, මිත්‍රශීලී ජාතියක් කියල' මේ කතාව මෙහෙම වෙලා තියෙන්නේ හැම සිංහල ජාතිකයම ඒ වගේ හින්දද? නැහැ නේද, එක්තරා බහුතරයක් එහෙම හින්දා එක්තරා කාලෙක එහෙම අදහසක් ප්‍රචලිත උනා.
"මේ පිටතින් සුදු අඳිනා හොරුන්ගේ රටයි. හක්කේ බුදුරැස් ද බොක්කේ දඩමස් ද ඇති උපාසක දිවයිනයි."
මෙන්න මේ කතාව බලන්න වෙන්නෙත් ඉතිං ඔය විදියටම තමයි. ඔයා ඉතිං පිළිගත්තේ නැතැත් අපේ බහුතරය ඔය වගේ තමයි (ආයේත් ඉතිං ගමේ නගරේ කියල මහලොකු වෙනසක් නම් නෑ) ---හැබැයි ඉතිං ඔන්න ඕකෙන් කියවෙන්නේත් නැහැ. හැම ඒකාම ඔය විදියයි කියලත්. දැන් ඉතිං ඔය කතාව ඇති

මිනිස්සු තමන්ගේ වැරදි වහගන්න ආගම පාවිච්චි කරන කොට ඒ වැරදි විවේචනය ‍කරන විට ආගම ඈ‍ඳෙන එක නවත්වන්න පුලුවන්ද? එතකොට එකේ වැරැද්ද විවේචනය කරන අයගේද? වැරදි කරන උන්ගෙද?

ඔන්න මම මේකට ගෑවිච්ච අනිත් බ්ලොග් පෝස්ට් එකේ ලිංක් එකත් දැම්මා. ඇයි ඉතිං ඔයා ඒක දාලා තිබුනේ නැහැනේ.
http://beyondframe.wordpress.com/2009/02/09/%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%bb%e0%b7%99%e0%b6%af%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94/

අන්තිමට ඕන්න, මටත් කියන්න තියෙන්නේ මේ කතාවම තමයි.
"අප දෙයක් විවේචනය කරන්නේ ඒ තුලින් වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමට මග පෙන්වීම උදෙසාය." ---උරුමය

සරත් ගුණතුංග said...

බුද්ධාගම නිර්මල ධර්මයක්. ඒ නිර්මල බුද්ධාගමේ කිසිම වැරැද්දක් නැහැ. යම්කිසි කෙනෙක් බුද්ධාගමේ නාමයෙන් පෙනී සිට වැරදි කරනව නම් ඒකට ඒ තැනැත්තාටම දඬුවම් ලැබෙයි. ඒ තැනැත්තාට ඇඟිලි දිගු කිරීමෙන් ඇති ප්‍රයෝජනයක් නොමැත.

බුදුන් දවස බුදුන් වහන්සේට පවා නින්දා අපහාස අහන්න ලැබුන. උන්වහන්සේගේ ශ්‍රාවකයින් පිඬු සිඟා වඩින කොට ඊර්ශ්‍යාකාරයො බුදුන්වහන්සේට නින්දා කරා. බුදුන්වහන්සේ ඒ මිනිස්සුන්ට බනින්න ගියේ නැහැ. ඒ උත්තමයානන් වහන්සේගේ ජීවිතයෙන් අපි ආදර්ශයක් ගන්න ඕන. අපි කිසි කෙනෙක් රහත් වෙලා නැහැ. අපි ලඟ ඕන තරම් වැරදි තියෙනව. එහෙම වැරදි තියෙන බව අපි පිලිගන්න ඕන. බුදුන්වහන්සේ බුද්ධාගම ගැන යම්කිසි ප්‍රකාශ කරල තියෙනව. ඒ ප්‍රකාශ කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ.

ඒ නිසා අපි නිවි හැනහිල්ලෙන් කටයුතු කලොත් හොඳයි නේද? මේකට මැදිහත් වෙන්න අදහසක් තිබුනෙ නැහැ, නමුත් මගේ අදහස ඉදිරිපත් කිරීමෙන් වැරැද්දක් නැහැ කියලයි හිතන්නෙ.