Monday

අංගම් පොර සටන් කළාව නැවතත් කරළියට

අංගම් පොර සටන් කළාව නැවතත් කරළියට

සිංහලයා සියවස් දහස් ගණනනක් තිස්සේ තමන් සමාජයෙන් ලද අද්දැකීම් තම බුද්ධියත් සමග මුසු කරමින් ගොඩ නගාගන්නා අංගම්පොර නම් වූ මෙම ආද්‍යාත්මික සටන් කළාව අදිරාජ්‍යසවාදින්ගේ බයිනෙත්තුවේ බලය නිසාවෙන් කාලයේ මතකයෙන් ඈත්වි තිබුනද අප බොහො දෙනා උපකල්පන ගොඩනැගුවේ එය අප අතරට යළි කෙදිනකවත් නොඑන,සිංහලයාට යළි නොලැබෙන සටන් කළාවක් ලෙසයි.නමුත් සිංහලයා යනු අප සිතන තරම්ම අවාසනාවන්ත ජාතියක් නොවේ.වසර දහස් ගනනක් පැරණි අංගම් පොර ක්‍රීඩාවට විවිධ බාධක මැද පාරම්පරිකව රැකගෙන විත් සිංහල ජාතියට ඒ දැවැන්ත සටන් කළාවේ සුවය යළිත් ලබාදීමට කරුණාපාල ගුරුන්නාන්සේ හෙළ අංගම් සටන් කළායතනය තුළින් ඉදිරිපත්ව ඇත.

ඒ සමගම මෙතෙක් කල් කරාටේ ,ජූඩෝ ,කුංෆූ , ටයිකොන්ඩෝ ආදී විදේශිය සටන් කළා හැදෑරූ තරුණයන් පමණක් නොව එවා ඉගැන්වූ මාස්ටර්ලාද විශාල වසයෙන් තමන්ට උරුම දේශීය සටන් කළාව ඉගෙන ගැනීම සදහා විශේෂ උනන්දුවක් දක්වයි. එහි ඇති විශේෂත්වය වන්නේ අංගම් සටන් හරඹය දැනට ලංකාවේ උගන්වන සි‍යළු සටන්කළාවන් අභිබවා බොහෝ දියුනු තත්වයක පවතින්නක් වන නිසාම වෙති.

මේ ගැන තවත් විස්තර


http://manojcola.blogspot.com/2008/11/blog-post_23.html

http://angampora.blogspot.com/

10 comments:

rane said...

ඔහු විත‍රක් නෙමේ.තව ගොඩක් අය මේ කලාව පවත්වාගෙන යන්න උත්සාහ ද‍රනවා.මම දන්නා කෙනෙක් තමා වාඝීෂ බණ්ඩාර සර් මමත් ඔහුගේ ශිෂයයෙක්

සක්වලයා said...

අපිටත් කරුණාපාල ගුරුන්නාන්සේගෙන් මෙම ශාස්ත්‍රය ඉගෙනගන්න එතුමාගේ ලිපිනය හෝ දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද?

Manoj colambage said...

@ රන්දීර

කවුද වාගිෂ බන්ඩාර සර් කියන්නේ.ඔහු ගැන ටිකක් විස්තර කියන්න.

prasanna said...

man danna gurunnase kenek innawa weyangoda, panthiyak karanawa weliweriye

Manoj colambage said...

@ ප්‍රසන්න

ඒ සර් කවුද? ඔයා එයාගේ පන්ති යනවද

Piumal said...

Wagisha Bandara also guru Karunapala's student. He learn from guru i think more than one year. When Bandara came to learn from guru i also there.

Weyangoda master also came to see guru Karunapala.

Guru Karunapala's Address.



No-06, Kanaththa Road, Mirihana, Nugegoda,

T.P - 011 505 1770

අංගම්පොඩි said...

අංගම්පොර නැමැති උත්තරීතර සටන් ශිල්පය ඉතිහාසයේ කවරකමදාකවත් ක්‍රීඩාවක් නොවීය. එය රට, ජාතිය හා ආගම සමඟ ප්‍රතිබද්ධවූ ‍‍ගරු ගාම්භිර වූ පූජිත සම්ප්‍රදායකි. මෙය අද්‍යතනය වන තෙක්ම ඉතාමත් රහසිගතව පරදේශක්කාර‍යින්ගේ අනේකවිධ කෙනෙහිලිකම්වලට භාජනය වෙමින් පාරම්පරිකව ආරක්ෂා කර ගෙන පැමිණි අතර ඉතාමත් රහසිගත මට්ටමේ පැවතුනකි. මෑත කාලීන දඬුබස්නාමානය (අංගම්පොර සටන් ශිල්පය ගැන කියවෙන්නක් වුවද අංගම්පොර සටන් ශිල්පය භාවිතා නොවෙන ටෙලි නාට්‍යයකි) වැනි ටෙලි නිර්මාණ නිසා මේ රටේ අංගම්පොර ශිල්පය පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩ නැගෙන්නට පටන් ගත්තේ ය. නමුත් එයින් සැබෑ අංගම්පොර ශිල්පයට හෝ ශිල්පීන්ට වූ සුගතියක් නැත. එයින් සැබෑවටම සිදුවන්නේ මුදල් වෙනුවෙන් තම මාපියන් වුවද විකුණන, දකුණු ඉන්දියානු දෙමළ සටන් ශිල්ප හදාරන ලද්දවුන් කිහිපදෙනෙක් ඔවුන් අංගම්පොර ශිල්පීන් ලෙස ඉදිරිපත්වී, රූපවාහිණී හා වෙනත් මාධ්‍ය දඩයමක් සිදුකරමින් තම බඩවියත රැක ගැනීමට පටන් ගැනීම පමණි.

වැඩි විස්තර සඳහා අංගම්හොරු බ්ලොග් සමූහය බලන්න

http://fakeangampora.blogspot.com/
http://angamhoru.blogspot.com/

Anonymous said...

All those people are doing a fake business. do not waste ur time and money. i say that because i have learned 5 years from one of them. but no use. fake is fake.

Anonymous said...

රන්දීර වීරකෝන් - where do u live. how u have been studied under bandara. anyway i tell u one thing don't waste time and money like me. all do just cheenadi, u'll lrearn only hundreds of ' sellam' that wont make you a fighter. i have seen your senior students.

Anonymous said...

අංගම්පොර නැමැති උත්තරීතර සටන් ශිල්පය ලංකාවේ කිසිදු පුද්ගලයෙක් උගන්වන්නේ නැත. මේ සියලු බොරු කාරයින් , වුෂු, චිනඩි,කලරි වැනි විදේශිය සටන් ක්‍රම
හය හතර නොදන්නා දයේ දරුවන්ට අංගම්පොර ලෙස
උගන්වා බඩ වියත රැකගනි. මෙම මහා පාවාදීම මගින් විනාස වන්නේ අපේම උරුමයයි. ඉතා රහසි ගතව අංගම්පොර උරුමය රැකගත් පරපුරු අදටත් වෙසෙන නමුත් කිසිවෙකු එය උගන්වන්නේ නැත. එනිසා කරුණාකර ඔබට සටන්කලාවක් හැදෑරීමට අවශ්‍යනම් පහසු වෙනත් විදේශිය සටන්කලාවක් හදාරන්න, අංගම්පොර නමින් සිදුකෙරෙන මහා ජාතියේ පාවාදීමට හවුල් නොවන්න