Monday

නිදහස් අධ්‍යාපනය එපා... එපා... එපා...


ඊනියා ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට ගෙනාපු නිදහස් අධ්‍යාපන ක්‍රමය අහෝසිකළ යුතුයි. මෙක නිසා අපේ රටට ජාතියට මහ විනාසයක් සිද්දවෙලා. අද අපි ඒක නිවැරදි කරගන්න ඕන.  සුද්දගේ රාජ්‍ය මණ්ත්‍රණ සභාව නියෝජනය කරපු කලු සුද්දෙක් තමයි අපේ ජාතියට මේ කෙහෙල්මල හදුන්වලා දුන්නේ. කාලයක් අපිත් උන්නැහේගේ ගුණ වර්ණනාකළා නොදන්න කමට. රටේත් ජාතියේත්  වාසනාවට අපි දැන් හොද දේශප්‍රේමීයෝ නිසා අපි දැන් ඒක වෙනස් කරනවා.

නිකන් උගන්වන්න ගිහිල්ලා ගම් වල හිටපු කොල්ලො කෙල්ලො O/Lවල්  A/Lවල් පාස්වෙනවා,රස්සා ඉල්ලනවා.  සමහර උන් කැම්පස් යනවා. සමහර උන් විප්ලව කොරන්නත් යනවා, අයිතිවාසිකම් ඉල්ලනවා. අපේ කුළ ක්‍රමය බිද වැටිලා. රටට මොකද වෙලා තියෙන්නේ. කුඹුරක් කොටන්න, පොල් ගෙඩියක් කඩාගන්න, ඉඩමක් සුද්දකරගන්න කොල්ලෙක් හොයාගන්න නෑ. දෙයියනේ ‍අපේ සංස්කෘතිය.. ඒ මදිවට දැන් ඉස්කෝලෙ යන උන්ට ඇමෙරිකන් කාරයන්ගේ කොම්පියුටරුත් ඕන වෙලා. මෙහෙම ගියොත් අධිරාජ්‍යවාදීන් අපේ රට වැඩි දවසක් යන්න කලින්ම අල්ලනවා. ඊනියා ‍නිදහස් අධ්‍යාපනය අපේ රට විනාස කරනවා.

ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ලණුකන අපේ සමහර එවුන් පිස්සුවෙන් වගේ අත්සන් එකතු කරනවා. උද්ඝෝෂණ වර්ජන කරනවා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගන්න කියලා. ඇත්තම කථාව උන් ඩොලර් වලට වහ වැටිලා. ඒ මදිවට උන් අපේ අධයාපන ඇමතිගොල්ලන්ටත් මඩ ගහනවා. ඒව කැත වැඩ. උන්නාන්සෙලාට වරදිනවා නෙමෙයි රට ගැන හිතල වරද්දනවා කියල අපි දන්නවා.  මේව කරන්නේ රටේ හොදට.

ඔය එක එකා පාරවල් ගානේ කියන කතා වලට අපි අහුවෙන්නෑ. අපි අපේ උදාර සංස්කෘතිය ආරක්ෂාකරගන්න ඕන.

ඒක නිසා මහ ජනතාව වෙච්චි අපි ආණ්ඩුවේ නිදහස් අධ්‍යාපනය විනාශකිරීමේ වැඩපිළිවෙලට‍ උපරිම සහයොගය දිය යුතුයි. ඒක අපේ යුතුකමක්.

සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර මැතිවරණ වලින් ආණ්ඩුව දිනවලා අපි අපේ උපරිම සහයෝගය ආණ්ඩුවට දෙනවා. ඒතකොට ඔය බොරැවට කෑ ගහන ඒවුන්ට තේරෙවි තාම රටට ජාතියට ආදරය කරන අපි වගේ සිංහලයෝ මේ රටේ ඉන්නවයි කියල.

4 comments:

Anonymous said...

එකගයි.... පේනවනේ වැසිකිලි සුද්ද කරන්න ඕනි එකෙක් කොම්පුටර් ඉගෙනගෙන වෙලා තියෙන දේ ...

Manoj colambage said...

අන්න ඒකනේ බන් උඔට විතරයි මේක තේරුම් ගන්න මොලයක් තිබුනේ. උඔ වගේ උන් ඉන්න ඕන අධ්‍යාපන අමාත්‍යංශයේ. අපිට කොම්පුටර් උගන්නලා වෙච්චි විනාසයක්. වෙබ් අඩවි කාරයෝ කෙළින පිස්සු දැක්කම... හත් දෙයියනේ... පරිගණක භාවිතය තහනම් කරන්න ඕන කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරමුද??

Deshapremiyek said...

@1 comment...
yako thota molayak kiyala deyak nedda ???thopi wage bath kana harak inna kan me ratata wagathuwak ne ?
gona unata kamak ne ummmbeee kiyanna epa...

Anonymous said...

aththamai, ubanan ran gojek