Saturday

රණවිරුවන්ගේ මළ කද මතින් ඉන්දියන් වන්දනාවේ යමුද?




වසර දහස් ගණනක අභීත සිංහල ජාතියේ මාතෘ භූමිය වූ ලංකාව වෙත සෑම කලෙකම වරින්වර ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ අසිපත් එසැවිණ. අදින් වසර හය දහසකට පෙර “සුර -අසුර” යුද්ධයේ පටන් “ස්කන්ධ” “රාම” “විජය” එළාර , ‍කාළිංඝ මාඝ යුග පසුකරමින් ප්‍රභාකරන් දක්වා විවිධ ආකාරයේ ඉන්දීය ආක්‍රමණිකයන් පැමිණියහ. නමුත් අද 2012 ජනවාරි මස 22 වැනිදා දක්වාමත් සිංහලයන්ගේ ලංකාව ඒක් සේසත්ය. ඒ එදා මෙදා තුර මව් බිම රැකගන්නට යුධ වැදුනු වීරෝධාර රණ විරුවන්ට පිංසිදු වෙන්නටය.
දැන් ආක්‍රමණ නැත. ත්‍රස්ත්‍රවාදීන් ද නැත. දැන් උදාවන්නේ 1815 සුද්දාට රට පාවා දුන් ආකාරයේ පාවා දීමකටය. ඊටත් වඩා ලොකු පාවාදීමකටය. 13 හෝ 13+ යනු මහා පාවා දීමකි. වසර 30ක් යුධ වැදී ලද ජයග්‍රහණය අමු අමුවේම පාවා දීමකි. 13 යනු ප්‍රභාකරන්ගේ ඊලාම් සිහිනය සෑබෑ කිරීමකි.
උතුරු නැගෙනහිර වශයෙන් ප්‍රාන්ත දෙකක් කියන වදන යථාර්තයක් කරන්නට දැන් මහරජ සහ විමල්, චම්පික පුරෝහිත දෙපල සූදානම් වෙයිද?
නොබෙල් තෑග්ගෙන් තමන්‍ට ලැබෙන ඩොලර්වලට ගිජු වී ලංකාවේ ඉන්දියන් ප්‍රාන්තයකට අවසර දෙයිද? නැතිනම් රට දෙකඩ වීම වලකා සිංහල ජාතියේත් රටේත් ඒකීය භාවය ආරක්ෂාකරගනීද? තීරණ දෙකම ඔව්න් සතුය. ඒ රට වෙනුවෙන් හඩ නගන්නට දැන් කිසිවෙක් ඉදිරිපත් නොවන නිසාය

2 comments:

උදාර said...

13 වත් හරියට ක්‍රියාත්මක නොකරන ආණ්ඩුව 13+ (13 ට වඩා වැඩි දෙයක්) දෙනව කියන්නෙ මහ විහිළුවක්නේ.... ඕව කෙරෙන වැඩ නෙවෙයි.

අංකල් මයා | Mr. Uncle said...

ඇත්තෙන්ම 13+ යනු නුවුවමනා දෙයකි. නමුත් ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් විශාල පීඩනයක් එල්ල කරමින් පවතී.

13+ ලබාදුන්නොත් එය ආණ්ඩුවේ අවසානය වියහැකි. ආණ්ඩුව දැන් පත්වී ඇත්තේ "මග හිටියොත් තෝ නසී.ගෙදර ගියොත් අබු නසී" වැනි තත්ත්වයකටය.