Saturday

මේ දේශප්රේවමීන්ගේ කාළයයි.


-->
මේ දේශප්‍රේමීන්ගේ කාළයයි.
අදින් වසර කීපයකට පමණ පෙර සිට සිංහල ජාතියේ සවර්ණමය යුගය උදාවූයේ වසර දහස් ගනනක් බලා සිටි දියසෙන් කුමාරයාගේ පහළවීමත් සමග බව අපට දැනුනේ ගරුතර මහා සංඝරත්නය, මහ රජානන් වහන්සේගේ දෙපා නැමැද රාජාභිෂේක කිරීමත් සමගය. එතැන් පටන් මහරජුගේ මහානුභාවයෙන් රටේ ගම් නියම් ගම් සිසාරා සිටි කසිප්පු කාරයන් දේශපේමීන් වූහ. පගා කාරයන් දේශප්‍රේමීන් වූහ, හොරු මංකොල්ල කාරයන් පමණක් නොව ත්‍රස්ත්‍රවාදීන් පවා දේශප්‍රේමීන් වූයේ දේශපාලන බලයෙන් හා මහා භාන්ධාගරයේ ඇති මහජන මුදල් වලට ඇති කෑදර කමකට නොව හුදෙක් රටට ජාතියට ඇති දයාව ලැදියාව නිසාම බව පසක් වූයේ වසර 30 බිහිසුනු යුද්ධය දිවි පරදුවට තබා අවසන්කළ රණවිරුවා සහ බල්ලා සමාන ‍කිරීමට, ඇමතිකම් වලට, සල්ලි වලට කිසිදු ඇල්මක් නැති විමල් වීරවංශලා, චම්පික රණවකලා, මර්වින් සිල්වලාට මහ රජු අශිර්වාදය ලබාදුන් පසුය. දැන් ඇත්තේ ඔවුන්ගේ කාලයයි . එනම් දේශප්‍රේමින්ගේ කාළයයි. තමන් දේශප්‍රේමීන් යැයි පවසමින් උඩු බිරූ වුන්ට, වන්දිභට්ට කම්කළ වුන්ට තමන් සුනඛයන් නොවන බව පෙන්වන්නට කාලයයි. දේශප්‍රේමීන් විසින් කිරියෙන් පැනියෙන් උතුරන ශ්‍රී ලංකාවක් බිහිකරන කාලයයි.

No comments: