Saturday

සම්බුද්ධත්ව ජයන්තියේ සිංහලයා සතු අභියොගය...


සම්බුද්ධත්ව ජයන්තියේ සිංහලයා සතු අභියොගය...
පෙර දිග චින්තනයේ උපරිමය වූ බුද්ධ ධර්මය මෙලොවට ජනිත වී අදට වසර 2600 කි. බුදුරජානන් වහන්සේ මනුශ්‍යවර්ගයා වෙත දායාද කරන ලද්දාවූ මේ ශේෂ්ඨ ධර්මය ආසියාතිකයින් විසින් මෙතෙක් කල් නිර්මලව රැකගෙන ආහ. ඒ අන්‍ය ආගම් මුහුණ නොපෑ අන්දමේ විශාල අභියොග රැසකට මහුණ දෙමින්ය.
ධර්ම විනය පිළිපෑදීමේ විශාලතම අභියොගයට වසර 2600ක් පුරා සාර්ථකව මුහුණ දුන්හ, එසේම අන්‍ය ආගම් වෙතින් එල්ල වූ ම්ලේච්ඡ ආක්‍රමණ හමුවේ අවිහිංසාවාදීව බුදු දහම ආරක්ෂා කර අනාගත ලෝකයට දායාද කිරීමේ අභියෝගය ඔවුන් ධාර්මිකව ජයග්‍රහණය කර ඇත.ඒ වෙනුවෙන් ලොව වසන බෞද්ධ-අබෞද්ධ සියළු දෙනා අතීත බෞද්ධයන්ට පිං දිය යුතුමය.
වර්තමානයේ බුදු දහම විශාල අභියොගයකට මුහුන පා ඇත. ඒ ක්‍රිස්තියානි සහ මුස්ලිම් අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් බෞද්ධයන් ආක්‍රමණය කිරීමයි. එය ලංකාව තුළ මෙන්ම ඉන්දියාව, චීනය, බංගලාදේශය , බුරුමය, තායිලන්තය, ජපානය, නේපාලය, ඉන්දුනිසියාව, කොරියාව, ටිබේටය, භූතානය, මොන්ගෝලීයාව, සිංගප්පූරුව ආදී සෑම ආසියාතික රටකම සිදුවන්නකි. මෙය වැලක්වීම උදෙසා තාවකාළික උපක්‍රමයන් සෑම රටකම බෞද්ධයන් විසින් අත්හදා බලමින් සිටී, එමෙන්ම අවාසනාවකටදෝ ඒ සෑම රටකම බෞද්ධයන් ලංකාවේ සිංහලයන් පිළිබදව විශේෂ බලාපොරොත්තුවක් තබා තිබේ. ඒ නිර්මල බුදු දහම අනාගත ලෝකයට දායාද කිරීම උදේසා ආරක්ෂා කරගනීවි යන සුවිසල් අපේක්ෂාවයි.
සිංහලයා බුදු දහම ආරක්ෂා කිරීමත්, පිළිපැදීමත් තමන්ගේ වගකීමක් හෝ යුතුකමක් සේ සලකනවා යයි කියනවානම් එය හොදම විහිළුවකි. අද සිංහලයා බුදු දහම යොදාගන්නේ හුදෙක් තමන්ගේ සමාජ තත්වය පිළිබිඹු කිරීම සදහාම පමණකි. එය මට මෙන්ම ගිහි පැවිදි භේදයකින් තොරව ජනාධිපති මහින්ද රාජපක්ෂටත්, මහා නායකලා මෙන්ම රූපවාහිනියේ බණ කියන සුපර් ස්ටාර්ස් චීවරධාරීන්ටත් , බුදු දහම අනාගත ලොකයේ ජාත්‍යයන්තර ආගමයැයි උදම් අනන අපිටත්, ගමේ හතර පොයට සිල් ගන්න උපාසකම්මාටත් එකසේම පොදුය. අපි සියල්ල කරනුයේ බුදු දහම වර්ණනා කිරීම මිසක වෙන කුමක්ද. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් රජය විසින් විශාල මුදලක් වෙන් කර ඇත. ඒසා විශාල මුදලක් වියදම් කර ඔව්න් කරන්නේ කුමක්ද? කිසිවක් නැත. ඉන් අඩකටත් වැඩියෙන් ඔව්න්ගේ පෞද්ගලික ගිණුම් වලට දාගන්නට ඇත. ඉතිරි මුදලින් පුවත් පත් දැන්වීම්, රූපවාහිණී, ගුවන් විදුලි දැන්වීම් දමා තවත් ඉතිරි වූයෙනම් චීවරධාරීන්ට ගල් බෝතල් ටිකක් යවන්නට ඇත. අවසානයේ සිදුවූ දෙයක් නැත. හැම ගමකම පන්සලකම මෙයිට වඩා වෙනසක් නැත. බොරුවට සමාජයට පේන්න පන්සලට යයි. මිනිස්සු හාමුදුරුවන්ට බනිනවා. හාමුදුරුවෝ මිනිස්සුන්ට බනිනවා. එච්චරයි
බුදු දහම ආරක්ෂා කරගන්න කියලා මහා නායක හාමුදුරුවරු පත් කර ගත්තට උන්නාන්සෙලා මැරෙනකොට ගෙනියන්න පිරිකර එකතුකරන්න පටන් ගත්ත නිසා දැන් බුද්ධාගම එපාවෙලා. නැත්තන් මහා නායකලා (මඩිහේ මහා නායක හාමුදුරුවන්ට පසුව මහා නායක හාමුදුරුවෝ නමක් ලංකාවේ නැත) කියාගන්නා එකෙකුට හරි කියන්න තිබුනා 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් බුද්ධ සාසන කොමිශන් සභා වාර්ථාව ක්‍රියාත්මක කරන ලෙස හෝ අඩුම තරමේ අන්‍යාගමිකකරණ පනතවත් සම්මත කරන්න කියා. ඒවා අවශ්‍ය නැත. වැදි බණ ටිකක් කියා පිරිත් නූලක් ගැට ගැසුවාම සියල්ල සුවපත්ය. ප්‍රශ්න, විවාද, ගැටළු නැත. T.V එකේ බණ කියන චීවරධාරීන්ගෙයි සුනිල් පෙරේරාගේ සින්දු වලයි වෙනසක් ඇත්නම් ඒ ස්වරයේ පමනි. ‍බුදු දහම අපහාසහට, උපහාසයට, සමච්චලයට ලක් කිරීම තුළින් ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීම දෙගොල්ලන්ගේම උත්සාහයයි. තමා ජනප්‍රිය වීම මිසක බුදු දහම පිළිබ‍‍දව හැගීමක් නැත.
ලංකාව තුළ බුදු දහමේ ආරක්ෂකයා වූ සිංහලයා තම වගකීම පැහැරහරිමින් ඇත්තේ ඉතා කලාත්මකවය. ඒ සදහා නිර්මාණශ්‍රීලි ප්‍රශ්න සහ ලස්සන පිළිතුරු ඔව්න් විසින්ම ගොඩනගා ඇත. එහි ඉදිරියෙන්ම සෝම හිමිගේ චිතකය විකුණාගෙන කාපු ජාතික මතවාදීන් කියාගන්නා පිරිස ඇත. මෙවැනි අවස්ථාවාදීන් ගැන අප දුක් විය යුතු නැත. නමුත් දැන සිටිය යුතුය. දැන් ලංකාවේ බෞද්ධ ජනගහනය 67%-68%ට දක්වා පහළ බැස ඇත.ඒ අන්‍යාගමීකරණය හරහා සිදුවන ප්‍රභල ආගමික මූළධර්මවාදය නිසාය. මෙය 50% විමට තව බොහෝ කළක් ගත නොවන බව නම් පැහැදිළිය. එවිට බෙල්ලන්විල විමලරතනලා‍ගේ ලංකා‍ව සර්වාගමික රාජ්‍යයක් කිරීමේ කොන්ත්‍රාත්තුව අවසන් වනු ඇත. නමුත් එය එසේ සිදුවීමට බලා සිටීමට ඉඩ දිය හැකිද?
වසර 2600ක් සුරක්ෂිතව රැකගෙන ආ නිර්මල බුදු දහම දේවදත්ත පරපුරේ විභීෂණලාට විනාශ කරන්නට ඉඩ දිය හැකිද? එසේ සිදුවන තෙක් අප බලා සිටිය යුතුද? නැත දැන් සිංහලයා තමාගේ පරම යුතුකම ඉටුකරන්නට සූදානම් විය යුතු කාළය එළැඹ ඇත. එය කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේ ඔබය. බුදු දහම ආරක්ෂා කිරීමේ සටනේ නායකයා ඔබයි. මහින්ද රාජපක්ෂගෙන්වත්, මහා නායකලාගෙන්වත්, සුදු ඇදගත් දේශපාලකයන්ගෙන්වත් ඔබ නායකත්ව බලාපොරෝත්තු තබන්නට එපා. උන් එකෙකුටවත් තමන් සිංහලයෙක් කියලා ප්‍රසිද්ධියේ කියන්නට කොන්ද පණ නෑ.... කට ඇරලා තමන් සිංහ‍ලයෙක් බෞද්ධයෙක් කියලා කියන්න හයියක් නැති උන් කොහොමද ජාතියක් ආගමක් රකින්න නායකත්වයක් දෙන‍්නේ. ඔබට පුළුවන්නම් ඔබ සිංහලයෙක් කියලා බය නැතිව කියන්න ඔබයි මේ සටනට සුදුසුම නායකයා. ගත වගේම හිත හයිය සිංහලයෝ ලක්ෂගානක් ලංකාවෙත් පිටතත් ජීවත් වෙනවා. උන්ට ශක්තිමත් නායකත්වයත් දෙන්න ඔබ ඉදිරිපත් විය යුතුමයි. මේ අවසන් අවස්ථාව විය හැකිය. එබැවින් ඔබට හැකි උපරිමයෙන් නායකත්වය ගෙන කටයුතු කරන්න...

No comments: