Saturday

පීඩිත ජනතාව ,එක්සත් ජාතික පක්ෂය හා සජිත්

( යු එන් පී කාරයන්ට විශේෂයි)
රාජපක්ෂකරණයට නතු වූ ශ්‍රී ලංකා රාජ්‍යයේ පීඩිත ජනතාව මහත් ඛේදනීය තත්වයකට මුහුණ පා ඇත. පවතින ආණ්ඩුව වෙතින් තමන්ගේ උවමනා එපාකම් ඉටුනොවන අසරණ මිනිසුන්ට තමන්ගේ දුක කියන්නටවත් කිසිවෙක් නැත. ජේ ආර් විවෘත ආර්ථිකේ නොගෙනාවනම් දෙවියන්ට, වෙනත් මිත්‍යාවකට හෝ කරුමයට බාර දී හිත හදාගන්නට තිබිණ. දැන් ඇත්තේ විකල්ප දෙකකි. එක්කෝ හිත හදාගෙන පැත්තකට වීමය. නැත්නම් සටන් කිරීමයි. දිගින් දිගටම සිදුවන දූශණය, භීෂණය, වංචාව, රැවටීම හමුවේ බොහෝ කාළයක් හිත හදාගෙන පැත්තකට වී නිදාගත් සිංහලයන් දැන් දැන් අවධි වෙමින් සිටිති. අවශ්‍යය වන්නේ නායකත්වයකි. ඝෘජු, අවංක නායකත්වයකි. එය තව දුරටත් ආගම දහම දඩ මීමා කරගෙන බලයේ රැදී සිටින රාජපක්ෂලාට ආදේශකයක් නොවිය යුතුය. කටින් බතල කොළ සිටුවන ජාතියේ දියසෙන් කුමාරවරු තව දුරටත් ලංකාවට අනවශ්‍යය බව ජනතාව තේරුම් ගෙන ඇත.
ගහෙන් වැටිච්චි මිනිහට ගොනා ඇන්නා වගේ රාජපක්ෂලාගෙන් බැට කන පීඩිත ජනතාවගේ හඩ විපක්ෂය විසින් පාගා මර්ධනය කැර ඇත. ජනාධිපති චන්ද්‍රිකා සමග සංවාසයේ යෙදෙන්නට පෙර ජනතා විමුක්ති පෙරමුණ වෙතින් පොදු ජනතාවගේ හඩ යම් තරමකට නියෝජනය කෙරින. පක්ෂ සාමාජිකයන් අතලොස්සක් සහ ජාතිවාදය, මාක්ස්වාදය, අවස්ථාවාදය ආදී මතවාද රාශියක පැටළී සිටින ජවිපෙට අද පොදු ජනතාව වෙනුවෙන් අවංකව කතා කරන්නට තරම් හයියක් නැත ළදරු අවධියේදීම දියත් වෙන මර්ධනයත්, තම මතවාදය සමාජගත කරන්නට කාළය අවැසි බවිනුත් පෙරටුගාමී සමාජවාදී පෙරමුණ වෙත එතරම් බලාපොරොත්තු තබාගත නොහැකිය. ඉතිරිව ඇත්තේ දෙමළ ජාතිවාදී T.N.A එකත් බහු ජන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයත් පමණි. සමස්ථ ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් රාජපක්ෂවාදය පරාජය කරමින් මැතිවරණක් හරහා ජයග්‍රහණය කර ආණ්ඩු පිහිටුවීමට අවස්ථාව ඇතොත් ඒ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව පිළිගත යුතු කරුණකි. පීඩිත පොදු ජනතාව වෙනුවෙන් නායකත්වය ගැනීමට ඇති පක්ෂය වෙනත් විගඩම් නටන විට තැලෙන්නේ පොදු ජනතාවමය. අද සිදුවී තිබෙන්නේද එයමය. එජාපයට මිනිසුන් වෙනුවෙන් සටන් කරන්නට අවස්ථාවක් නැත. පක්ෂයේ දෙවන පෙළ නිළධාරී තන්ත්‍රය වසර ගනනාවක් තිස්සේ ප්‍රසිද්ධියේ කුළල් කා ගනිමින් සිටී.
දෙවන පෙළ නායකත්වයකින් සිදුවිය යුත්තේ කොන්දෙසි විරහිතව පවතින ආණ්ඩුව විවේචනය කිරීමයි. පවතින ආණ්ඩුව කෙසේ හෝ බිද දමා තම පක්ෂය බලයට රැගෙන ඒමයි. පොදු ජන අවශ්‍යතාවයන් වෙනුවෙන් නොනවත්වා සටන් කිරීමය.
නමුත් එජාපයේ දෙවන පෙළ නායකත්වයට එවැනි අවශ්‍යතාවයක් ඇති බවක් වත් පෙනෙන්නට නැත. ඔවුහු නොනවත්වාම තම පක්ෂ නායකයාට පහර ‍දෙමින් එජාප විරෝධයක් ජනතාව අතර මතුකරමින් සිටිති. බළල්ලු ලවා කොස්ඇට බෑවීමේ උපන් හපන් කම් පෙන්වන සජිත් ප්‍රේමදාස තමන්ගේ ඇගත් බේරාගෙන වැඩේ කරගන්නට රුසියෙකි. මැයි පළමුවෙනිදාට යෙදෙන පොදු විපක්ෂයේ මැයි පෙළපාළිය වර්ජනය කරන්නට සජිත් ගෙනයන මඩ ව්‍යාපාරය දුටු විට ඇතිවන්නේ කණගාටුවකි. පිළිකුළකි. ඔහුට අවශ්‍යව ඇත්තේ තමාගේ කොළඹ රැස්වීමට වැඩියෙන් සෙනග පැමිණි බව පවසමින් පුරසාරම් දෙඩීමට විය හැකිය. නමුත් ඉන් සිදුවන්නේ පක්ෂයේ ශක්තිය දුර්වල කිරීමකි. ආණ්ඩු පක්ෂය ශක්තිමත් කරන්නට, රාජ්‍ය මාධ්‍ය වලට තළු මරණ පුවත් සැපයීමකි. මුළු මහත් රටේම ජනතාව පොදු විපක්ෂයේ නැගිටීමක් අපේක්ෂාවෙන් සිටින මොහොතක
සජිත් එය පාවා දෙන්නේ ඇයි. ඔහුගේ බල තන්හාව නිසා මුළු මහත් රටේම මිනිසුන් තුළ ඉච්ඡා භංගත්වයක් ඇති වෙමින් පවතී. ආණ්ඩුව පොදු ජනතාවට දියත් කර ඇති පීඩනයට එරෙහිව කථා කරන්නට එජාපයට වෙලාවක් නැත. ජනතාව වෙනුවෙන් සටන් කරන්නට පක්ෂය මෙහෙය වනවා වෙනුවට අවස්ථාවාදී බල ලෝභීත්වයෙන් මෝහනය වූ සජිත් ප්‍රේමදාසගේ යටී කූට්ටු උප්පරවැට්ටි වළින් පක්ෂය බේරාගන්නට නායකත්වයට සිදුවීම රටේම අවාසනාවකි.
රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කරමින් ජනප්‍රිය වීම ඔහුගේ අරමුණයි. තමන්ගේ ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවට උපරිම වාසි අත්වන බව සජිත් ප්‍රේමදාසට වැටහීමක් නැතැයි සිතන්නට තරම් ජනතාව නූගතුන් නොව. සජිත් එසේ සිතනවානම් එය සංශෝධනය කර ගත යුතුව ඇත. තව දුරටත් සජිත් නැමැති පිළිළය එජාපය තුළ පැවතුනහොත් සිදුවන්නේ මහත් අපරාධයකි. රටත් ජනතාවත් රාජපක්ෂලාගේ වහලුන් බවට පත්වීම නොවැලැක්විය හැකිය.

4 comments:

Somalal said...

මේ ත්‍රෙඩ් එක කියවද්දී මට දැනුනේ ඔබ රනිල්ට කඩේ යන්නෙකු බවයි.ජනතාවට රනිල් දෙකට නමා ඇරපු නිසා නේද ජනතාව චන්ද්‍රිකාව පසුව මහින්දවත් පත්කර ගත්තෙ.කබලෙන් ලිපට වැටුන අපිට ආයෙත් කබලට වැටෙන්නද කියන්නෙ?දැන් මේ රටට අවශ්‍ය ඔය රනිල්වත් සජිත්වත් ජෙනරාල්වත් ජේ.වී.පී වත් නොවෙයි රටට අවංකවම ආදරය කරන අවංක නායකයෙක්.

Manoj colambage said...

මහින්දට කඩේ ගිහිල්ලා දිනෙව්වා වගේම පරාජය කරන්නනටත් ජනතාව සූදානම්. ඒ සදහා රනිල්ට කඩේ යන එක නිකම්මු වගේ බලාගෙන ඉන්න එකට වඩා හොදයි කියල මම හිතනවා.

Anonymous said...

කොල්ලෙන් හෝ වල්ලෙන් බලය ගැනීම සජිත්ගේ තැත විය හැක.කොහොම වුනත් පක්ෂයට ආදරය කරන මුළු ජීවිත කාලයේම එය තුල රැඳී සිටි නායකයන් ඕනෑතරම් UNP ඇත.
නායකත්වයට වෙට්ටු දමන පක්ෂය ආපස්සට ඇදීමට තැත් කරන අයට UNP තුල තැනක් නැත.

Sagara said...

sajithge yati koottu vedawalin unp eka mehema hari berila inne ranil hinda. wena kenek ethana hitiya nam miniha ratinuth gihilla, sajith karana sakkili weda iwasa ganna beruwa. Ranil thadin idala sajith pilibada theeranayak ganna ona. nethnam ranil wipakshaye hitiya kiyala wedak neha. Rate diyunuwata hari yana prayogika adahas thiyenne ranilta. mahindage wage boru endili neha. sajith ge team eka ranilta erehiwa karana adahaswalin munta pissuda kiyalath hithenewa