-->
ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තියා කැපීමේ රාජ්‍ය න්‍යාය.
සිංහල ජාතිය අතීතයේදී සිංහයන්ට සමාන කළද නූතනයේ බෙහෙවින් සමාන වනුයේ කකුළුවන්ටය. ජන වහරේ කියනුයේ හැළියේ වතුර නටනකම් කකුළුවා තමා මියයන බව නොදන්නා බවයි. ඒ ගති ගුණ අද සිහලයන්ට ආවේණික වී ඇත්තේ කකුළු මස් අනුභව කිරීම නිසාද නැතිනම් බඩු මිලේ ආශ්චර්ය නිසාද නොදනිමි. කෙසේ වෙතත් සිංහලයන්ට තමන්ගේ ජාතිය විනාශ වෙනතෙක් ඒ ගැන සිතන්නටවත් අවස්ථාවක් ලැබෙතැයි සිතිය නොහැක. කුසට අහරක් නැතත් දින පතා සංගීත සංදර්ශන,විනෝද සැනකෙළි නරඹමින්, ක්‍රිකට් ගැන සිතමින් පැය විසිහතර කාළකන්ණි කර ගැනීමට නොමදව රාජ්‍ය අනුග්‍රහය ලැබෙති.රාජ්‍ය මාධ්‍ය විසින් රෑ කෑම මේසයේ වියදම අමතක කරන්නට සුභ අනාගතය බොද මීදුමක් වගේ යැයි හිතපන් කියා රූපවාහිනිය ඉදිරියේ වාඩිකරවන අපේ උන් අමන්දාගේ ජාතකය ගැන පර තෙරට තර්ක කරමින් නින්දට ගියද බෙනා මාමා සිහිනෙන් පෙනෙන නිසා දවල්ට රටේ ප්‍රශ්න ගැන බෙනා ටොක්ස් දෙන්නට පුරුදු වී ඇත. කරුණු කාරනා කොහොම උනත් ආගම , ජාතිය කරේ තබාගෙන යන අපේ දේශපාලකයන් අපේ ජාතික උරුමයන් අගු පිලට දමා ලංකාව, ඉතිහාසයක් නැති නිකම්ම නිකම් පරගැති රටක් බවට පත්කිරීමේ ක්‍රියාවළියේ එක් පියවරකි මේ.





-->
මහ බැංකුවේ අජිත් නිවාඩ් කබ්රාල් අධිපති තුමාත් රාජපක්ෂ මුදල් ඇමති තුමාත් අළුතින් මුද්‍රණය කරපු සල්ලි කොල ටික හොයාගෙන බලන්න මොකක්ද වෙනස කියලා.
5 comments:
අපේ ජාතික උරුමයන් අගු පිලට දැමූ බව සුද්දා හඳුන්වා දුන්නු
අළුත් සල්ලි බලන්න මෙතනට යන්න http://www.cbsl.gov.lk/htm/english/06_cm/newCurrencySeries.html
ITN,Rupawahini eke yana tele dramas vitharada umbata penne. ai Sirasa umbalage petthata tune wenne nadda ?? hikhik
kiyanna dewal natuwata ban salli holayak allan ke gahanne. umbalage harak urumaya rakinna dangalapu hati ratama dannawa....
ඉතින් අළුතෙන් ගහපු නෝට්ටු වල තියෙන්නේ වෙන රටවල උරුමයන්ද? අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියන්නේ නිකම් නෙමෙයිනේ. අළුතෙන් මොකක් හරි කරපු ගමන් බයේ කෑ ගහනවා.
හම් ඒක වෙන්න ඇති සිංහයා වෙනුවට බකමූනා දාල තියෙන්නේ සමහර විට..
Post a Comment