Saturday

තවමත් ශ්රීව ලංකාව සිංහල බෞද්ධ රටයි.



-->
තවමත් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටයි.
ශ්‍රී ලංකාව බහු ජාතික,ආගමික,සංස්කෘතික රටක්ද මැයෙන් ලිපියක් පසුගියදා බ්ලෝග් අවකාශයේ පළවී තිබෙනු දුටු නමුත්( http://kandyroad.blogspot.com/2010/02/blog-post_8658.html )ඒ සදහා අදහස් පළකිරීමට ඉඩ කඩක් නොලැබුනු නමුත් ඒම මතය පිළිබදව යම් අදහසක් දක්වන්නට අවශ්‍ය බැවින් බොහෝ කාළයකට පසු උරුමය මෙසේ දක්වා සිටිමි.
ලංකාව බහු ජාතික රටක් බව සමාජගත කිරීමට පසුගිය කාළයේ විවිධ රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලයින් ආදී විශාල පිරිසක් නොයෙකුත් මාධ්‍යයන් හරහා නොයෙකුත් අසාර්ථක උත්සාහ ගන්නා ලද අතරම අදටත් එය නොනැවතී ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් එය කිසිදිනෙක සත්‍යක් බවට පත්කළ නොහැකි කරුණ වන්නේ ශ්‍රී ලංකාව සිංහල ජාතියේ ලේ වලින් ප්‍රභවය වූත් , සිංහල ජාතියේ මාතෘ භූමිය ලංකාද්වීපය බවට හෙළ දෙරණ සාක්ෂි දරණ නිසාවෙන්ය. ලංකාව නම් වූ මාතෘ භූමියේ උරුමකරුවන් සිංහල ජාතිය වුවත් සිංහලයන් ලංකාවේ අන්‍යජාතින්ගේ ජීවක්වීමේ අයිතිය හෝ අනිකුත් මූලික අයිතින් බලහත් කාරයෙන් පැහැරගැනීමට හෝ සීමා කිරීමට කෙදිනකවත් උත්සාහ නොගත් අතර ඒ නිසාම ලංකාව තුල විවිධ උප සංස්කෘතීන් බිහි විමට අවස්ථාව ලැබී ඇත.
වතිකානුව ක්‍රිස්තියානීන්ගේ රාජ්‍යය වන්නාසේම,අරාබිය මුස්ලිම්වරුන්ගේ රාජ්‍යය වන්නාසේම, ඉන්දියාව හින්දූන්ගේ රාජ්‍යය වන්නාසේම ලංකාව ද බෞද්ධයන්ගේ රාජ්‍යය විය යුතුය. ක්‍රිස්තියානින්ට,මුසල්මානුවන්ට ලෝකය තුල ඇති අයිතිය බෞද්ධයන්ටද හිමිවිය යුතුය. එසේ නැතිනම් එය අසාධාරණ ආත්මාර්ථකාමී අවස්ථාවාදී චින්තනයකි.
මා මීට පෙරද ලංකාවේ බහු කථාව ගැන ලියූ ලිපියක් ද ඇත.
නමුත් අද වන විට දක්නට ඇති කණගාටු දායක කරුණ වන්නේ සිංහල බෞද්ධ ජාතික මතවාදය හුදෙක් දේශපාලන අවස්ථාවාදින්ගේ අතකොළුවක් පමණක්ම බවට පත්වීමයි. තමන්ට ජයග්‍රහනය සදහා සිංහල බෞද්ධ ඡන්ද බහුතරය ලබා ගැනිමට දේශපාලන වේදිකා අලංකාරය පිණිස සිංහල ජාතිය, බුද්ධ සාසනය, මාතෘ භූමිය,දේශ ප්‍රේමය ආදී වචන යොදාගෙන සිංහල බෞද්ධයන්ගේ ජාතිකත්වය අවුස්සා තමන්ගේ අවස්ථාවාදී දේශපාලනය ස්ථාවර කරගැනිමට පමණක්ම සිංහල ජාතියත් බුදු සසුනත් දැන දැනම භාවිතා කිරිම අද වනවිට සිංහලයා තමන්ගේ අනාගත පැවැත්ම තුල මුහුණදී ඇති භයානකම තත්වය වේ.

34 comments:

නුවර පාර said...

ඔබගේ ලිපි දෙකෙහි බැදි නුවර පාරට එක්කරන ලදි.

sajee said...

"වතිකානුව කරිස්තියානින්ගේ රාජ්ය වන්නාසේම,අරාබිය මුලිම්වරුන්ගේ රාජ්ය වන්නාසේම,ඉන්දියාව හින්දුන්ගේ රාජ්ය වන්නාසේම ලංකාවද බෞද්ධයන්ට හිමිවිය යුතුයි"

ඒ කියමනට මා හිස නමා ආචාර කරන්න කැමතියි.

Kasun said...

>වතිකානුව ක්‍රිස්තියානීන්ගේ රාජ්‍යය වන්නාසේම,අරාබිය මුස්ලිම්වරුන්ගේ රාජ්‍යය වන්නාසේම, ඉන්දියාව හින්දූන්ගේ රාජ්‍යය වන්නාසේම ලංකාව ද බෞද්ධයන්ගේ රාජ්‍යය විය යුතුය. ක්‍රිස්තියානින්ට,මුසල්මානුවන්ට ලෝකය තුල ඇති අයිතිය බෞද්ධයන්ටද හිමිවිය යුතුය.<

තර්කයේ පදනමේම වැරැද්දක් ඇත.
'වතිකානුව' යනු ලොව ඇති ඒ වර්ගයේ එකම රාජ්‍යයි. එය අනෙකුත් රටවල් රාජ්‍යයන් හා සමාන ගනයේ ලා සංසන්දනය කල ‍නොහැක.
ඉන්දියාව හුදෙක් හින්දූන්ගේ රාජ්‍යයක් නම් එහි පළමු පුරවැසියා ලෙස මුස්ලිම් ජාතිකයෙකුටත්, අගමැති ලෙස සික් ජාති‍කයෙකුට පත්වීමටත් හැකියාවක් තිබිය නොහැක. සත්‍ය නම් ඉන්දියාව යනු ව්‍යවස්ථාපිතවම අනාගාමික රාජ්‍යයක් බවය.
අරාබිය තුල රාජ්‍ය සහ ආගම අතර ඇති සම්බන්ධය අරාබි කලාපය පුරා ඇති සෑම රටකම එක ලෙස නැත. එමෙන්ම අරාබිය යනු මුස්ලිම් වරුන්ගේ රාජ්‍යය ‍නොව එම කලාපයේ සියලු රටවල් වල පුරවැසියන් සියල්ලගේම භූමියයි. අනෙක් අතට,
ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමිකයන් හට මෙන්ම බෞද්ධාගමිකයන්ටද එ‍කසේ ලෝක පිලිගැනීමක් ලැබිය යුතුය යන කරුණ ගැන නම් විවාදයක් නැත. බෞද්ධාගමට පමණක් නොව ඉතිරිව ඇති ඕනෑම ආගමික ප්‍රජාවක් සඳහා එම අයිතිය එසේමය. එහෙත් ඒ හුදෙක් ආගමික ප්‍රජාව පිළිබඳ කාරණයක් මිස රාජ්‍යය පිළිබඳ කාරණයක් නොවේ.

ආගම හා රාජ්‍යය යනු දෙකකි. ආගම පෞද්ගලික වූවාක් වන අතර රාජ්‍යය එසේ නැත. රාජ්‍යය ආගම අතර සම්බන්ධය පැහැදිලි ලෙසම ආගම රාජ්‍යයේ පැවැත්ම කෙරෙහි වන දෘෂ්ටිවාදාත්මක මෙවලමක් ලෙස මිස වෙන හේතුවක් නිසා ඇති වූවාක් නොවේ.
එසේම ආගම යනු පෞද්ගලික වූවාක්මය, යමෙකු අදහන ආගම හො නොඅදහන ආගම යන කාරණා තවකෙකුට අභිමත පරිදි නොවිය යුතුවා සේම, එය තවකෙකු පිට පැටවිය ද නොහැක. ආගම යනු සැමවිටම දෘෂ්ටියක් මිස පරම සත්‍ය නොවේ. (ආගම යනු ආගමික දර්ශනය ද ‍නොවේ.)

යම් රටක් එක් ජන වර්ගයකට හෝ එක ආගමික ප්‍රජාවකට පමණක් අයත් රටක් ලෙස වර්ග කරන්නන් දැනුවත්ව හෝ නොදැනුවත්වම අන්ත ජාතිවාදී ආගම්වාදී ව්‍යාපෘතිවල නැඟීම සඳහා ඉඩ හසර ලබා දෙයි. එය සැමවිටම කෙලවර විය හැක්කේ ලේ වැගිරීම් වලින් හා විනාශකාරී ප්‍රතිඵල හරහා පමණි.

දැන් ලංකාව ගැන සලකා බැලුවහොත්, ලංකාව යනු ආගමික ඇදහිලි ගණනාවකින් සමන්විත ජනවර්ග කිහිපයක් ජනතාවක් වෙසෙන දිවයිනකි. භූමිය පිළිබඳ අයිතියක් ඇත්නම්, එම අයිතිය එකසේ මේ හැමකෙකුටම ඇත. එය හුදෙක් එක් ජනවර්ගයක පමණක් බූදලයක් නොවේ.

>සිංහල ජාතිය, බුද්ධ සාසනය, මාතෘ භූමිය,දේශ ප්‍රේමය< යන වචන අවස්ථාවාදී දේශපාලනයේ අතකොළු බව ඇත්තකි. එමෙන්ම ඒවා එසේ අතකොළු බවට පත්වීමට නිසි පරිසරය සකස් වී ඇත්තේද මේ ආගම-ජනවර්ග සහ රාජ්‍යය අතර පැවතිය යුතු අන්තර් සබඳකම් පිළිබඳව වපුරා සහ වපුරමින් පවත්නා දුර් මතයනුත්, හැඟීම් වලින් පමණක් සිතා ගොඩනඟන ප්‍රලාපයන් හේතුවෙනුත්ය.

ශ්‍රී ලංකාව යනු මෙහි වෙසෙන පුරවැසියන් වන අපි සියල්ලන්ගේම රටයි. එය සමහරුන්ට අනුව 'බුදුන්ගේ දේශය' හෝ 'සිංහල බෞද්ධ රාජ්‍යය' හෝ නොවේ.

Kasun said...
This comment has been removed by the author.
Kasun said...

#read:
http://pulasthigetheeruwa.blogspot.com/2010/02/blog-post.html

Nalin Dayasiri said...

"වතිකානුව ක්‍රිස්තියානීන්ගේ රාජ්‍යය වන්නාසේම,අරාබිය මුස්ලිම්වරුන්ගේ රාජ්‍යය වන්නාසේම, ඉන්දියාව හින්දූන්ගේ රාජ්‍යය වන්නාසේම ලංකාව ද බෞද්ධයන්ගේ රාජ්‍යය විය යුතුය."

බොහෝ දෙනෙකුට නොවැටහෙන සත්‍ය මෙයයි.

ක‍තෝලික නායකයා රාජ්‍ය නායකයා වෙන වතිකානුව අන්තවාදී ආගමික රාජ්‍යක් දැයි විමසූ විට මොවුන් පරල වේ. එය විශේෂ දෙයකැයි කියති. එහි ඇති වීශේෂය නම් එය ක‍තෝලික "අන්තවාදී" රාජ්‍යයක් වීමයි!

රාජ්‍ය ආගමක් සහිත මෙන්ම රහිත රටවල් ද බොහෝ ගනනක් වෙති. ආගම පුද්ගලික දෙයක් යැයි බහුබූත දොඩන මොවුන් කිතු දහම රාජ්‍ය ආගම වූ බටහිර රටවල් මතක් කළ විට ඇඹරෙන්නේ බූමිතෙල් ගෑවුනු ගැරඬි මෙනි. බෞද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීම සහ සිංහල රාජ්‍ය භාශාව කිරීමෙන් සුළු වාර්ගියකනට අසාධාරණයක් වූ බව නිතර දේවෙලේ තොල් මතුරන මොවුන්ට, කිතු දහම රාජ්‍යාගම වූ, කිතු දහමට ප්‍රමුඛස්තානයක් දෙන, ඉංග්‍රීසි (හෝ වෙනත් එක් බසක්) රාජ්‍ය භාශාව වූ බටහිර රටවල් වල සුළු වාර්ගිකයන්ටද එම අසාධාරණයම සිදු වන්නේදැයි විමසූ විට, "අපි කතා කරන්නේ ලංකාව ගැන, පිට රටවල් ගැන නෙවෙයි" වැනි බහුබූතයක් කියවා මාරු වෙති. ඒ රටවල් වල සුළු වාර්ගිකයන් ශතවර්ශ ගනනාවක් එහි නොවිසූ බවත්, ඒ නිසා උන් මිනිස්-භාග බවත්, ඒ නිසා උන්ට මානව හිමි කම් නැති බවත්, ඒ නිසා උන් කිතුණු සුද්දන් කියන විදියට සිටිය යුතු බවක් කියති. සැමට එක සමාන මානව අයිතිවාසකම් තිබිය යුතු යැයි පම්පෝරි ගසන මොවුන්ම, "හපෝ බටහිර රටවල ඉන්න සුළු ජාතින් අවුරුදු සීයක් දෙසීයකට වඩා ඉඳල නැහැ නෙ. (යුදෙව්වො වසර දසකට වඩා යුරෝපා රට වල ජීවත් වී ඇති නමුත්, හීබෲ බසට හෝ යුදෙව් ආගමට එම රටවල් වල සම තැන හිමි නොවේ) ඉතින් උන්ට මොන සම අයිතිවාසකම් ද? හැමෝටම එක සමාන අයිති වාසිකම් නැහැ, පස්සෙ ආපු සුළු ජාතිකයන්ට ඉස්සර හිටං හිටපු සුද්දො ගානට අයිතිවාසිකම් දෙන්න පුළුවන් ද? ඒවා සුද්දන්ගෙ රටවල් නෙ" යැයි පිළිතුරු දෙති.

රජ්‍යාගමක් හෝ රජ්‍ය අනුග්‍රහය ලබන ආගමක් ඇති රටවල් වල ලයිස්තුවක් පහත දැක්වේ. මානවහිමි කම් උපරමියෙන් රකිනු ලබනවායි කියන, සුළුවාර්ගිකයන්ටද සම අයිතිවාසිකම් හිමිවෙනවායි කියන දියුණු බටහිර ක්‍රිස්තියානි රටවල් එම ලයිස්තුවේ ගනන් කිරීම, ලංකව "බහු-" කිරීමට දත කන මෝඩ පණ්ඩිතයන්ගේ නුවණ පැදීමට ඉවහල් වෙන අභ්‍යාසයකි.

http://en.wikipedia.org/wiki/State_religion#Present_state_religions

Kasun said...

@Nalin Dayasiri

>"වතිකානුව ක්‍රිස්තියානීන්ගේ රාජ්‍යය වන්නාසේම,අරාබිය මුස්ලිම්වරුන්ගේ රාජ්‍යය වන්නාසේම, ඉන්දියාව හින්දූන්ගේ රාජ්‍යය වන්නාසේම ලංකාව ද බෞද්ධයන්ගේ රාජ්‍යය විය යුතුය."
බොහෝ දෙනෙකුට නොවැටහෙන සත්‍ය මෙයයි.
<

'සත්‍ය' නම් බොහෝ දෙනෙකු ඇත්ත යැයි සිතා ඉන්නා 'අසත්‍ය' යනු මෙය බවයි.
--

මතුකර ඇති කරුණු මඟහැර බහුබූත දොඩවන්නන් ට පිළිතුරු දීම නිශ්ඵලය. නලීන් දයාසිරි මෙතැන කිසිවෙකු විසින් කියා නැති 'මොවුන්' යැයි ඔහුම හඳුන්වන කවුරුන් හෝ ගැන දිගු හෑල්ලක් ලියා ඇත. අවාසනාවට ඔහු මේ කතා කරන 'මොවුන්' ගෙන් කිසිවෙකු මෙතැන නැත.

ලෝකයේ රාජ්‍ය ආගමක් සහිත රාජ්‍යයන් පවතී. ලංකාවේ ද රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම ව්‍යස්ථාපිත කර ඇත. එහෙත් එය එසේ වන බැවින් රාජ්‍ය සහ ආගම අතර ඇති සම්බන්ධතාවයේ සැබෑ ස්වරූපය වෙනස් වන්නේද නැත.

Nalin Dayasiri said...

@kasun,
"ලංකාවේ ද රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම ව්‍යස්ථාපිත කර ඇත. "

ඔබ වැරදිය.
ලංකාවේ රාජ්‍යාගමක් ව්‍යස්ථාපිත කර නැත.

බුද්ධාගමට ප්‍රමුඛස්තානය ලැබෙන බවද, බුදු සසුන ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත් ව්‍යස්ථාපිතව ඇත.

ඒ කෙසේ වුවද, ඔබ කළබලයට පත්ව කරුණු කිසිවක් නැති හිස් පිළිතුරක් දී ඇති බව පෙනේ. ආගම පුද්ගලික දෙයක් යැයි ද, එම නිසා ලංකාවේ බුද්දාගමට ප්‍රමුඛස්තානයක් දීම වැරදි දෙයක් යැයිද බහුබූත දොඩවන ඔබට ආගම පුද්ගලික දෙයක් නොව රාජ්‍ය සමඟ බැඳුන දෙයක් වී ඇති බටහිර දියුණු ක්‍රිස්තියානි රාජ්‍ය ලයිස්තුවක් පෙන්වූ විට, ගැරඬියාට බූමිතෙල් ගෑවුනු ලෙසින් කළබලයට පත් වීම මා බලාපොරුත්තු වූවකි. ලංකාවේ ඇදහිලි ගනනාවක් අදහන ජනයා වෙසෙන හෙයින්, එය බහු ආගමික රටක් විය යුතු බවට බොලඳ ප්‍රකාශයක් කළ ඔබ, විවිධ ආගම් අදහන, සුළු ජාතිකයන්ටද සම තැන දෙනවායි කියන, එහෙත් කිතුණු ආගම රාජ්‍යාගම වූ බටහිර රටවල් පෙන්වූ විට කියන්නට ඉතුරව ඇත්තේ, "ඔවා ඔහොම වුනාට, මං කියපු එක වෙනස් වෙන්නෙ නැහැ. ඒ නිසා එංගලන්තෙයි, නොර්වෙයි, ඩෙන්මාර්කෙයි, ස්වීඩනයෙයි රාජ්‍ය ආගම් තියන එක හරි - ලංකාවෙ තියන එක වැරදියි" වැනි අසංගත, බොලඳ ප්‍රකාශයකි.

කොහෝ හෝ පොතක "ආගම පෞද්ගලික වූවාක් වන අතර රාජ්‍යය එසේ නැත" යන්න සඳහන් වූ පමණින්, විමසුකට ලක් කිරීමෙන් තොරව, අන්ධභක්තියෙන් එවැනි මතවාද කර පින්නා ගැනීම අනුවණ කමකි. වෙනත් අය මත එය බලෙන් පටවන්නට යාම, සිය අනුවණ කම ප්‍රදර්ශනය කිරීමකි. මේවැනි අන්ධානුකාරකයන්ගෙන් නම් ලංකාවට අඩුවක් නැත.

Kasun said...

@Nalin Dayasiri

>බුද්ධාගමට ප්‍රමුඛස්තානය ලැබෙන බවද, බුදු සසුන ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත් ව්‍යස්ථාපිතව ඇත.<

දැන් ඔබට අවශ්‍යය මේ ව්‍යස්ථාපිත බවට එපිටට ගොස් 'බුද්ධාගම රාජ්‍ය ආගම විය යුතුය' යන්නෙන් තවත් වගන්තියක් ඇතුලත් කිරීමටද?
එසේ නොවීමෙන් බුද්ධාගමට නොලැබී ඇති තැන කුමක්දැයි ඔබට කිව හැකිද?

"ආගම පෞද්ගලික වූවාක් වන අතර රාජ්‍යය එසේ නැත" යන්න අමුතුවෙන් පොත් වලින් සොයා දැන ගත යුත්තක් නොවන බව ඔබට නොවැටහීම ගැන මට කල හැකි දෙයක් නැත. තමා දරන මතයට පටහැනි මතයන් අන්ධානුකාරකයන්ගේ වචන නමින් ලේබල් කර තමන්ගේ ප්‍රතිගාමී සේළුව වසා ගන්නන් නම්කොතෙකුත් දැක ඇත. හුදු අනුකාරකයන් ගැන කෝපය පළ කිරීමත්, දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවන් ගැන කෑ මොර ගැසීමත් වර්තමාන ලංකාවේ අධිපති විලාසිතාව වෙයි. ලංකාව බෞද්ධයන්ගේ රාජ්‍යය වියයුතු යැයි කෑ මොර දෙන්නන් ගෙන් මෙවැනි දෑ කියැවීම එබැවින් පුදුමයට කරුණක් නොවේ.

නැවතත් කීමට ඇත්තේ මෙපමණකි.
ආගම හා රාජ්‍ය අතර සම්බන්ධය පැහැදිලි ලෙසම, ආගම පාලක පැලැන්තියේ දෘෂ්ඨිවාදී මෙවලමක් ලෙස පමණි. එහෙත් පළමු ලෝකයේ විවිධ රටවල එය සැඟවී ද ලංකාව වැනි පසුගාමී සමාජ ක්‍රමයන් ඇති රටවල සහ පැරණි වැඩවසම් සමාජ ක්‍රමයන් හී එය සෘජුවමත් සිදුවෙයි.

>"ඔවා ඔහොම වුනාට, මං කියපු එක වෙනස් වෙන්නෙ නැහැ. ඒ නිසා එංගලන්තෙයි, නොර්වෙයි, ඩෙන්මාර්කෙයි, ස්වීඩනයෙයි රාජ්‍ය ආගම් තියන එක හරි - ලංකාවෙ තියන එක වැරදියි"<

සහ
ඔබ කියූ තවත් බහූබුත මම කියා නැති සහ මගේ අදහස් නොවන බැවින් ඒවාට පිළිතුරු බැඳීමේ අවශ්‍යතාවයක් මට නැත.
මගේ තර්කය 'එහේ එහෙම නිසා. මෙහේ ත් එහෙම විය යුතුය' හෝ 'එහේ ‍එහෙම වුනත්, මෙහේ මෙහෙම විය යුතුය' වර්ගයේ එකක් නොවේ.

ආගම හා රාජ්‍යය වෙන් කල යුතුයැයි ඇසුණු වහාම 'ගැරඬියාට බූමිතෙල් ගෑවුනු ලෙසින්' දගලා 'බහුබූත කියැවීම' වෙනුවට, ප්‍රතිචාර දැක්වීම ට පෙර යමක් සිහි කල්පනාවෙන් කියවීම වඩා යහපත්ය.

Nalin Dayasiri said...

kasun,

භූමිතෙල් ගැවුනු ගැරඬියා දඟලන්නේ ඉන් සහනයක් ලැබෙතැයි සිතා වුවද ඉන් වන්නෙ උගේ වේදනාව තව තවත් වැඩි වීමකි. භූමිතෙල් වලට ගැරඬියාට පිළිතුරක් නැත. කිතුණු දහමට ප්‍රමුඛස්තානයක් දෑ ඇති බටහිර රටවල ලයිස්තුවක් උපුටා දැක්වීම නිසා ඔබටද ගැලවීමක් නැත. එබැවනි මේසේ ග‍රැඬි අඟර-දඟර දමන්නේ.

අවම වෂයෙන් ඔබ ඔබටම අවංක විය යුතුය. "ලංකාවේ ද රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම ව්‍යස්ථාපිත කර ඇත. " යනුවෙන් අසත්‍යක් පැවසූ ඔබ, එය අසත්‍ය බව පෙන්වා දුන් විට එය, ඔබට වරදක් සිදු වූ බවට් පිළිගැනීමට තරම් වත් පිට කොන්දක් නොමැති බව පෙන්වයි.

"තමා දරන මතයට පටහැනි මතයන් අන්ධානුකාරකයන්ගේ වචන නමින් ලේබල් කර තමන්ගේ ප්‍රතිගාමී සේළුව වසා ගන්නන් නම්කොතෙකුත් දැක ඇත. "

කන්නාඩියක් ඉදිරිපිටදී ඔබව මෙවැනි අන්ධානුකාරකයෙක් දැක ගත හැක. ඔබ කෙතරම් දීන ලෙස අන්ධානුකරණය කරන්නේද යන්න මැනවින් පෙනෙන්නේ "වතිකානුව කරාට කමක් නැහැ, එයාල විශේෂයි" යන්න කීමෙන් හා, "එංගලන්තෙයි, නොර්වෙයි, ඩෙන්මාර්කෙයි, ස්වීඩනයෙයි රාජ්‍ය ආගම් තියන එක හරි - ලංකාවෙ තියන එක වැරදියි" යන්න නොකියා කීමෙන්ය.

දැන් ඔබට හෙළුව වසා ගැනීමට කීමට ඇතෙතේ මෙපමනකි - "ඔවු, ඔය යුරෝපෙයි, වතිකානුවයි, ලංකාවයි ඔක්කොම වැ‍රැදියි, එහෙම එක ආගමට විශේෂ තැනක් දෙන එක වැ‍රැදියි". ඔබේ අවසානවකට, එසේ කීමට තරම් වත් කොන්දක් ඔබට නොමැත. වතිකානුවට හෝ යුරෝපයට එරෙහිව වචනයකින් වුවද සංගත විවේචනයක් කිරීමට නොහැකියාව ඔබේ දීන අන්ධානුකරණය පිළිඹිඹු කරවයි.

Nalin Dayasiri said...

kasun,

"හුදු අනුකාරකයන් ගැන කෝපය පළ කිරීමත්, දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවන් ගැන කෑ මොර ගැසීමත් වර්තමාන ලංකාවේ අධිපති විලාසිතාව වෙයි."

ඔබ අනුකාරකයකි පමණි. මා ඔබට කිසි විටකත් "දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවෙක්" කියා නැත. "දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවෙක්" වීමට නම් ඔබට මේ කපේදී බැරි බව සක් සුදක් සේ පැහැදිලිය. ඊට යම් තරම බුද්ධියකුත්, සංගතව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවකුත් තිබිය යුතුය.

ඔබ අන්ධානුකාරකයෙකු පමණි. එයට බුදිධියක් අවශ්‍ය නැත. කොහෙන් හෝ අල්ලාගත් විලම්බීතයක් නැවත නැවැත් දෙසා බෑමට වඩා යමක් ඔබ නොකර්යි. ඔබගේ තර්කයේ ඇති අසංගත තා පෙන්වූ විට ඊට පිළිතුරු දිය නොහැක්කේ එබැවිනි. "වතිකානුව විශේෂයි, යුරෝපෙත් එහෙමයි, ලංකාව කරොත් තමයි වැරදි" වැනි විලම්බීත පසුබිමකට ඔබ පත් වී ඇත්තේ එබැවිනි.

"මගේ තර්කය 'එහේ එහෙම නිසා. මෙහේ ත් එහෙම විය යුතුය' හෝ 'එහේ ‍එහෙම වුනත්, මෙහේ මෙහෙම විය යුතුය' වර්ගයේ එකක් නොවේ."

නැත නැත, ඔබේ තර්කය මෙසේය. "එහෙ, වතිකානුවෙ එහෙමයි. ඒ වුනාට ඒක වැ‍රැද්දක් නෙවෙයි. යුරෝපෙත් එහෙමයි. ඒකත් වැ‍රැදදක් නෙවෙයි. එයාල කරාම වැ‍රැද්දක් නෙවෙයි. හැබැයි ඒකම කරන ලංකාව වැ‍රැදියි. "

Manoj colambage said...

@ කසුන්,නලීන්
මෙම සංවාදය සමග සජීවීව සම්බන්ධ වීමට නොහැකි වීම පිළිබදව කණගාටු වෙමි.

ඔබේ තර්කය තහවුරු කිරීම සදහා ඔබ පුලස්තිගේ ලියමනක් උපුටා දක්වා ඇත. නමුත් එහි ඇති ප්‍රධාන තර්කය වන්නේ යුරෝපය තුල ආසියානුවන්ගේ පරම්පරාවේ කෙටි බවත් එ නිසා ආසියාවත් යුරෝපයත් අතර මෙය ගැලපිය නොහැකි බවත්ය.පුලස්තිගේ දැනුම කෙසේ වෙතත් ඔබ මෙම කථාව අනුමත කිරීමක් සිදුකර ඇති බව පැහැදිලිය. නමුත් ඔබලා පවසන පරමාදර්ශී බටහිර රාජ්‍යයන් තුල බලවත්ව ඇත්තේ එම රාජ්‍යයන්ගේ මුල් පදිංචි කරුවන් හෝ එම ශිෂ්ඨාචාර ගොඩනැගුවන් නොවේ. එය යුරෝපයට මෙන්ම උතුරු ඇමෙරිකාව,දකුණු ඇමෙරිකාව,ඕස්ට්‍රේ ලියාව, අප්රිකාව යන මහද්වීපයන්ගේ පවතින යුරෝපීය සම්භවයක් සහිත ක්රිස්තියානි රාජ්‍යයන් සදහාද වලංගු වේ.

"සුද්දාට උන්ගේ බයිනෙත්තුවේ බලයට, කඩුවේ බලයට , උන්ගේ ම්ලේච්ඡ වනචාරී ගතිවලින් උන්ට ආසියාවේ ක්‍රිස්තියානි රාජ්ය ය ගොඩනගන්න අවුරුදු 450 ක් යුද්ධ කරලත් බැරිවුනා. ඒ දේ උන් අපිටම කියල මේ බහු කථා වලින් ලේසියෙන්ම කරනවා‍.

Nalin Dayasiri said...

"ඔබේ තර්කය තහවුරු කිරීම සදහා ඔබ පුලස්තිගේ ලියමනක් උපුටා දක්වා ඇත. නමුත් එහි ඇති ප්‍රධාන තර්කය වන්නේ යුරෝපය තුල ආසියානුවන්ගේ පරම්පරාවේ කෙටි බවත් එ නිසා ආසියාවත් යුරෝපයත් අතර මෙය ගැලපිය නොහැකි බවත්ය. පුලස්තිගේ දැනුම කෙසේ වෙතත් ඔබ මෙම කථාව අනුමත කිරීමක් සිදුකර ඇති බව පැහැදිලිය."

මෙය කලේ "කසුන්" මහතායි.

පුලස්තිගේ උපුටා දැක්වීම කර ඔහු උත්සාහ කලේ සිංහලයන් බටහිරට මෑතකදී පදිංචියට ගිය නිසා බෞද්ධාගමට හෝ සිංහල බසට එහි සමතැන හිමි නොවීමේ ගැටළුවක් නොමැති බවය.

සිංහල බෞද්ධයන්ට පමණක් නොව වෙනත් සුළු වාර්ගිකයන්ටද, වසර 1000කට වඩා යුරෝප්යේ විසූ යුදෙව්වන්ටද, තම ආගමට හෝ බසට සම පිළිගැනීම් නැති බව පේන්වූ විට කසුන්ට පිළිතුරු නැතිවිය. එහෙයින්, ඔහු, තමන්ම ඉදිරිපත් කර පුලස්තිගේ තර්කය ඇතහැර "මං නං එහෙම එකක් කිව්වේ නෑ...වෙන එක්කෙනෙක් වෙන්නැති" වැනි කතාවක් කියා මාරු වීමට උත්සාහ කරයි.

Kasun said...

sorry about late reply.

@මනෝජ්,

මුලින්ම කිව යුත්තේ, පුලස්තිගේ ඉහත සටහනෙහි සැබැඳුම දක්වා ඇත්තේ මගේ තර්කය තහවුරු කිරීමේ අදහසින් නොවන බවයි. එය හුදෙක් මෙහි කතා කෙරෙන මාතෘකාවට අදාල වෙනත් යොමුවක් පෙන්නා දීමේ අරමුණින් පමණි.
නමුත් එහි පුලස්ති දක්වා ඇති කරුණු වැඩිමනක් සමඟ මම ද එකඟ වන බැව් පැවසීමට ද මම පසුබට නොවෙමි.

මෙහි, ඔබට විරුද්ධව මගේ තර්කයේ පදනම, ඔබ විසින් කියා ඇති
>වතිකානුව ක්‍රිස්තියානීන්ගේ රාජ්‍යය වන්නාසේම,අරාබිය මුස්ලිම්වරුන්ගේ රාජ්‍යය වන්නාසේම, ඉන්දියාව හින්දූන්ගේ රාජ්‍යය වන්නාසේම ලංකාව ද බෞද්ධයන්ගේ රාජ්‍යය විය යුතුය.<
යන්නෙහි ඇති විකාර රූපි බව සහ ව්‍යාජ බව පිළිබඳව වෙයි.

read comment#3 ^

මෙහි දී පරමාදර්ශී රාජ්‍යයන් ගැන කතාවක් නැත. ඇමරිකාව හෝ තවත් බටහිර සහ නැගෙනහිර රටවල අද බලවත්ව ඇත්තේ එම භූමියේ මුල් පුරවැසියන් නොවනවා සේම, එය ඒ පරිද්දෙන්ම ලංකාවට ද අදාල වෙයි. මෙතැන ඇත්තේ අයිතිය හිමි විය යුත්තේ මුල් පදිංචිකරුවන්ටද? ශිෂ්ඨාචාරය ගොඩ නැගූවන්ටද? යන ආකාරයේ (මට අනුව) සිල්ලර ප්‍රශ්නයක් නොවේ.
මට අනුව කිසිඳු රාජ්‍යයක් එහි වෙසෙන එක ජනවර්ගයකට පමණක් අයිති යැයි පැවසිය හැකි බූදලයක් නොවේ.

එසේම, යම් රටක ජන වර්ග කිහිපයක ජනතාවක් වෙසෙන්නේ නම්, ඔවුන් අතර විවිධ ආගමික ඇදහිලි කිහිපයක් පවතියි නම් එම රට බහු-වාර්ගික, බහු-ආගමික රාජ්‍යයක් බව වටහා ගැනීමට කෙස් පැලෙන තර්ක අවැසි නැත.

Kasun said...

නලීන් මහතාට,

ඔය වැනි ලැයිස්තු තව කොතෙකුත් උපුටා දැක්වුවද ඒ කිසිවක් මා මතුකල කාරණයට අදාල නැත. ඒ නිසා අමුතුවෙන් ගැලවීමට නොහැකි වර්ගයේ ප්‍රශ්නයක් මට නැත. මේ සම්බන්ධ මගේ අදහස මීට කලින් දක්වා ඇත.

'රාජ්‍ය ආගම බුද්ධාගම විය යුතුය' නමින් වගන්තියක් ලෙස ව්‍යවස්ථාපිත නැති නුමුත්, බුද්ධාගමට 'ප්‍රමුඛස්ථානය හිමි විය යුතුය' යන්න ව්‍යවස්ථාපිතය. මේ දෙක අතර වචනාර්ථයෙන් ඇති වෙනස මිස අන් වෙනසක් නැත. අවශ්‍ය නම් 'බුද්ධාගම රාජ්‍යාගම' කිරීම තුලින් අන් ඇදහීම් බැහැර කිරීමේ තැනකට යා හැකිය. එසේ නොමැතිව 'බුද්ධාගම රාජ්‍යාගම' නොකර ඇති බැවින් බුද්ධාගමට සිදුව ඇති අසාධාරණය කුමක්දැයි ඔබට කිවහැකිද?

යමක් සිහි බුද්ධියෙන් කියැවිය නොහැකි කම ගැන අන් අයට කල හැකි දෙයක් නැත. කොහෙන් හෝ අහුලාගත් වචන කිහිපයක් හතර අතේ වනමින්, 'අනුකාරකයන්ය', 'සංගත නැත' යනාදී වශයෙන් මොරගෑම තුලින් කල හැක්කේ තමන්ගේ හිස් කම ප්‍රදර්ශනය කිරීමක් පමණි.

ම‍ට සංගතව කරුණු දැක්වීමට ඇති නොහැකියාව ගැන වද වීමට පළමුව, ඔබතුමා 'සංගත' යන්නෙහි අර්ථය වටහා ගෙන ඇති අයුරුත්, තමන් මෙතැන කියවා ඇති වල්පල් 'සංගතව' කියා ඇත්දැයි යන්නත් ‍හොයා බැලීම වඩා හොඳය. #9#10

මේ අයුරින්, දක්වා ඇති ප්‍රතිචාරයන් කිසිවක් සිහි බුද්ධියෙන් නොකියවා, කඩිමුඩියේ ඔලුවේ ඇති මනස්ගාත වගයකට පිළිතුරු දීම සමහර විට 'නලින්-දයාසිරි' මහතාගේම භූමිතෙල්-ගැරඩි උදාහරණයට අනුවම ගලපා ගෙන වටහා ගත හැකිය.

අවසන් වශයෙන් කීමට ඇත්තේ, වරින්වර වතිකානුවත්, යුරෝපයත් ගැන නන් දොඩවමින් ඔබ දක්වන කරුණු එකම දේ යලි යලින් කියැවීමක් පමණක් ‍වන බවත්, මට අමුතුවෙන් යලිත් ඒවාට පිළිතුරු දීමේ උවමනාවක් නැති බවත්ය.

Nalin Dayasiri said...

@kasun,

වීරයකු වෙන් පුලස්තිගේ තර්කය ඉදිරිපත් කර, නහය බිම වදින්නනට ඇන්න වූ විට, හදිසියේම tune එක වෙනස් වී, "මං ඒක නිකම්ට වගේ පෙන්නුවේ"යි කියා දුවන්නට ඔබට සිදු වූයේ, යමක අන්තර්ගතය වටහා ගැනීමට තරම් හැකියාවක් ඔබට නැති නිසාවෙනි.

සංගත (consistent) යන්නේ තේරුම වත් ඔබ නොදන්නා බව අරුමයක් නොවේ. එහෙන් මෙහෙන් එකක් දෙකක් අහුලා බොරු පන්ඩිත කම් පෙන්වන්නට වෙර දරන්න ඔබ වැන්නනෝ බොහෝය. එහෙයින්ම, "වතිකානුව විශේෂයි, යුරෝපෙත් එහෙමයි, ලංකාව කරොත් තමයි වැරදි" වැනි විලම්බීත පසුබිමකට ඔබ පත් වී ඇත්තේ එබැවිනි.

"එහෙ, වතිකානුවෙ එහෙමයි. ඒ වුනාට ඒක වැ‍රැද්දක් නෙවෙයි. යුරෝපෙත් එහෙමයි. ඒකත් වැ‍රැදදක් නෙවෙයි. එයාල කරාම වැ‍රැද්දක් නෙවෙයි. හැබැයි ඒකම කරන ලංකාව වැ‍රැදියි. " වැනි මෝඩ අසංගත තර්කයක හිස් බට ඔබට නොවැටහෙන්නෙ, "සංගත" බව ගැන කිසිම අදහසක් ඔබ තුළ නොමැති නිසාය.

අන්ධානුකාරකයන්ට මොන සංගත බවක් ද? කොහෙන් හරි අහුල ගත්ත දෙයක් ඔහෙ කියවීම ඔවුන්ගේ ජීවන රටාවයි.

Nalin Dayasiri said...

@kasun

"එසේ නොමැතිව 'බුද්ධාගම රාජ්‍යාගම' නොකර ඇති බැවින් බුද්ධාගමට සිදුව ඇති අසාධාරණය කුමක්දැයි ඔබට කිවහැකිද?"

උන්නැහේ, භූමිතෙල් ගෑවුනු ගැරඬියා වගේ දඟලන එක දැන් වත් නවත්තන්න. ඔයාට තව බේර ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ආයි පාරක් කියවල බලන්න, මං කොහෙවත් කියල තියනවද කියලා, බුද්ධාගම රාජ්‍ය ආගම නොකිරීමෙන් බෞද්ධයන්ට අසධාරනයක් වෙලා තියනව කියල? :-) දැන් තේරෙනවා නේද ඔහේ, ඔහේගෙ වල්ගේ පාග ගනෙ, හිතිං මවා ගත්ත අනං මනං බහු බූත ලියනවා කියලා? (පුලස්තිගේ ගොං තර්කෙත් වැ‍රැද්ද නොතේරිච්ච ඔයාට, මෙහෙම වෙන එක ආයිත් අහන්න දෙයක් ද?)

ලංකාව "බහු-රටක්" නෙවෙයි, "බෞද්ධ රටක්" කියන එක තමයි අපි කියන්නෙ. බුදුදහමට විශේෂ තැනැක් ව්‍යස්වථාවෙන් දීල තියන නිවරදියි කියලා අපි කියන්නෙත් ඒකයි.

"බෞද්ධ රටක්" කියන්නෙ, අපේ අන්‍යතාවය "බෞද්ධ රටක්" කියන එක මිසක්, රටේ ඉන්න හැම එකාම බෞද්ධ විය යුතු බවක් වත්, බෞද්ධ නොවුනොත් මොකුත් කරන්න බැහැ කියන එකවත් නෙවෙයි. වතිකානුව ක‍තෝලික රටක්. එන්ගලන්තෙ ඇන්ග්ලිකන් රටක්. නොර්වේ ලුතරන් ක්‍රිතියානි රටක්. ග්‍රීසිය, ග්‍රීක-ක්‍රිස්තියානි රටක්. තවත් හැට හුටාමාරක් යුරෝපීය රටවලත් එහෙමයි. ඒ වගේ දෙයක් මයි ලංකාවේ තියෙන්නෙත්. වතිකානුව, එංගලන්තෙ, නොර්වේ, ග්‍රීසිය, ඩෙන්මාර්කේ "ඒක ආගමික" වෙන එකේ වැ‍රැද්දක් නැති ආකාරයටමයි ලංකාවත් ඒක-ආගමික වෙන්නෙ. ලංකාව "බහු-ආගමික" නොවුනයි කියලා, වෙන ආගම් අදහන කට්ටියට අමුතු අසාධාරණ කමක් වෙලා නැහැ.

Kasun said...

නලීන් මහත්තයෝ, පුලස්තිගේ තර්කය හරහා මගේ අදහස තහවුරු කිරීමේ උත්සහයක් මෙතැන සිද්ද වෙලා නැති බව ඔබ තුමාට තේරුම්ගන්න බැරි එක ගැන මට කරන්න දෙයක් නැහැ. ඒක ඔබතුමාගේ යමක් වටහාගැනීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයක්.

පුලස්ති වෙනත් එළැඹුමකින් මේ කාරණය ගැන කතා කරල තියෙනවා. එතැන කියැවෙන දේට මගේ ඇති එකඟතාවය ගැන ගැටළුවක් නැහැ. ඒත් මෙතැනදී මගේ තර්කය පදනම් උනේ මූලිකවම,
>"වතිකානුව ක්‍රිස්තියානීන්ගේ රාජ්‍යය වන්නාසේම,අරාබිය මුස්ලිම්වරුන්ගේ රාජ්‍යය වන්නාසේම, ඉන්දියාව හින්දූන්ගේ රාජ්‍යය වන්නාසේම ලංකාව ද බෞද්ධයන්ගේ රාජ්‍යය විය යුතුය."<
යන අදහස සහ එයට සහයෝගී ලෙස පලකර තිබූ ප්‍රතිචාර වලට එරෙහිව.
එමෙන්ම ආගම් සහ රාජ්‍ය අතර අනිවාර්්‍ය ලෙස පවතින්නේ දෘෂ්ඨිවාදාත්මක තලයේ සම්බන්ධයක් බවත්, පැහැදිලි ලෙසම ආගම හා රාජ්‍යය එ‍කිනෙකින් වෙන් කල යුතු දෙයක්ය යන තැන සිට.

අන්තර්ගතය තබා යමකට ලැබෙන ප්‍රතිචාර වත් තමන්ගේ ඔලුවේ ඇති මනස්ගාතවලින් තොරව, සිහිබුද්ධියෙන් කියවීමේ හැකියාවක් නැති ඔබට තවමත් මා කියා ඇති දේ සහ නොකියා ඇති දේ කුමක්ද කියල වටහා ගැනීමේ හැකියාවක් නැති බව දැන් ආපසු මෙතැන යොදාඇති ප්‍රතිචාර වලින් පැහැදිලිව පෙනෙනවා.

එහෙන් මෙහෙන් හෝ කොහෙන් හෝ අහුලාගෙන පණ්ඩිතකම් පෙන්නීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි තමන්ගේ අනුකාරක බව වහගන්න අනෙකාට අනුකාරක ලේබල ඇලවීමේ අවශ්‍යතාවයක් ද මට නැහැ. මෙතැන ඇති අනුකාරක සහ අනුකාරක නොවන අදහස් කුමක්දැයි 'පරස්පර විරෝධි' නෙවන අයුරින් පැහැදිලි කිරීමට ‍ඔබට නොහැකි බව පැහැදිලියි. අයෙකු අනුකාරක මානසිකත්වයකින් කටයුතු කරන්නේද නැත්ද යන්න තීරණය වෙන්නේ ඒ අදහස් අනුකාරක යැයි කෑ ගැසීමට සමානුපාතිකව නොවන බව වටහා ගැනීමට ඔබට නොහැකි වීම ගැන කණගාටුයි.

+

Kasun said...

>"වතිකානුව විශේෂයි, යුරෝපෙත් එහෙමයි, ලංකාව කරොත් තමයි වැරදි" වැනි විලම්බීත පසුබිමකට ඔබ පත් වී ඇත්තේ එබැවිනි.<

>"එහෙ, වතිකානුවෙ එහෙමයි. ඒ වුනාට ඒක වැ‍රැද්දක් නෙවෙයි. යුරෝපෙත් එහෙමයි. ඒකත් වැ‍රැදදක් නෙවෙයි. එයාල කරාම වැ‍රැද්දක් නෙවෙයි. හැබැයි ඒකම කරන ලංකාව වැ‍රැදියි. " වැනි මෝඩ අසංගත තර්කයක හිස් බට ඔබට නොවැටහෙන්නෙ, "සංගත" බව ගැන කිසිම අදහසක් ඔබ තුළ නොමැති නිසාය.<

මෙසෑම වාක්‍යකින්ම නලීන් දයාසිරි හැමවිටම අනෙකාගේ අදහස වැරදි ලෙස කියවා ගන්නා අයෙකු බවට පැහැදිලි නිදසුන් පෙන්වයි. ඊටත් 'සංගත' යන වචනය යෙදීමට ඔහු දක්වන විකාර සහගත ආසාව තුලින් ඔහු 'සංගත' බව යන්න අරුත්ගන්වාගෙන ඇති පටු බව ද පෙන්වයි.

සමහර විට නලීන් ට නලීන් ද සිල්වා මහතාගේ වචන වලින් තේරී ඇත්තේ මේ 'අනුකාරක' සහ 'සංගත' යන වචන දෙක පමණක් වෙන්න පුලුවන්.

වතිකානුවේ නොව, යුරෝපයේ නොව වෙනත් ඕනෑම තූත්තුකුඩියකදඑමෙන්ම ලංකාවේ දී ද මගේ තර්කය එකසේ වලංගුය. ආගම සහ රාජ්‍ය අතර ඇති සම්බන්ධය සමාජ ක්‍රමයෙහි ස්භාවය අනුව විවිධ වේශයන්ගෙන් පැවතුනද හරයාත්මක ලෙස එකමය. එමෙන්ම අනාගාමික රාජ්‍යයක අවශ්‍යතාවය ඉන් නිශේධනය වන්නේ ද නැත.

ආගම යනු සදාචාර පද්ධතියක් ලෙස ගනු වෙනුවට, එය පෞද්ගලික සහ ආධ්‍යාත්මික යමක් වෙනුවට, ආගම කරේ තබාගෙන යන්නට යත්න දරන අයෙකු ඊට එරෙහිව මතුකෙරෙන අදහස් අන්ධානුකරනයෙන් පවසන දේ යැයි කීම ම සෝපහාසයකි. එහෙත් ආගමික විකාරකාරයන් තුල මෙවැනි හාස්‍යජනක හැසිරීම් එතරම් දුලබ නැති බැවින් එය එතරම් අවධානය යොමුකල යුතු දෙයක් නොවේ.

+

Kasun said...

ඇත්තය. ඔබතුමා කිසි තැනක බුද්ධාගම රාජ්‍ය ආගම නොකිරීමෙන් බෞද්ධයන්ට අසධාරනයක් වී ඇතැයිසෘජුව කියා නැත. නමුත් ඔබ 'ලංකාව ‍බෞද්ධයන්ගේ රජ්‍යය විය යුතුය' යන්න ගැන අත්දෙකම ඔසවා කැමැත්ත පල කරයි. දැන් මට ඇති ගැටළුව ලංකාව බෞද්ධ රාජ්‍යයක් හෝ බෞද්ධ ආගම හිසින් ගත් රාජ්‍යයක් බවට පත්වනු දැකීමෙන් ඔබතුමා බලාපොරොත්තුවන දේ මොකද්ද කියන එක?.
(විශේෂයෙන් දැනට පවා ප්‍රායොගික ලෙසින් ඉහලින්ම සහ ව්‍යවස්ථාපිත ලෙස පවා බුද්ධාගම ට ප්‍රමුඛ තැන ලබා දී ඇති විට.)

ආගම, ආගමට වලට හිමි තැන තැබීම වෙනුවට එක ආගමක් හෝ රාජ්‍යයේ හා බැඳුනු දෙයක් බවට පත්කිරීමෙන් බලාපොරොත්තු වන දේ කුමක්ද?. එයට පිළිතුර විදියට වතිකානුව ගැන හෝ වෙනත් රටවල් ගොඩක් ගැන ලිස්ට් එකක් ඇද ගැනීම හෝ අනවශයයි. මොකද මේක 'එහේ එහෙමයි. ඒ හින්දා මෙහේ එහෙම නොවුනාම මොකො?' වැනි පිළිතුරක් අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයක් නොවන නිසා.

පුලස්තිගේ ලිපිය ගැන මම මෙතැනදී කතා කරන්න යන්නේ නැහැ. ඒක අවශ්‍ය නම් එතැන දී කරන්න පුලුවන්. ඔයාට අවශ්‍ය නම් මේ ගැන සංවාදයක් පටන් ගන්න. එවිට අපි එහිදී හමුවෙමු.

ලංකාවට තියෙන බෞද්ධාගමික අනන්‍යතාව සහ සිංහල ජනවර්ගයේ සම්භවය ගැන තියෙන සම්බන්ධය යලි යලිත් අමුතුවෙන් පෙන්නා දෙන්න අවශ්‍ය නැති පැහැදිලි කාරණයක්. ඒකට මේ රට සිංහල-බෞද්ධයන්ට අයිතිය (/සිංහල-බෞද්ධයන්ට පමණක් අයිතිය) කියල කෑ මොර දෙන්න හෝ අයිතිවාසිකම් පිළිබඳ කාරණයක් නෙවෙයි. මේ බිම මෙහි වෙසන හැම පුරවැසියාගේම අයිතිය. ආගම්වාද සහ ජාතිවාද හරහා මිනිසුන් බේද කිරීම තුලින් කිසි දිනෙක රටක සමාජයක ආගමික හෝ සමාජීය සංහිඳියාවක් ඇති වෙන්නේ නැහැ. ජාතිය-ආගම වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ ලේ හලාගත් රටක නැවතත් ඒ ඉතිහාසයම වෙනත් අයුරකින් සිදුවෙන්න දිය යුතු නැහැ.

+

Kasun said...

වතිකානුව නැමැති ආගමික රාජ්‍යය ඒක-ආගමික බව පැහැදිලිය. නමුත් නූතන ලෝකයේ රටවල් බහුතරයක් කිසිසේත් ඒක-ආගමික නැහැ. එය හුදෙක් විවිධ ආගම් අදහන පිරිස් සිටිතිය යන අර්ථයෙන්ම නොව, ඒ ඒ රටවල් වලට විවිධ ආගමික ඇදහිලිවලට මුල්බැසගත් යම් තරමකින් කෙටි හෝ අගමික ඉතිහාසයක් ඇති බැවින්. ලංකාව තුල ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු ආගමට ඇති තත්වය මීට සමාන කරන්න පුලුවන්. නමුත් හැමරටකම එය එකම ආකාරයේ නැහැ. අවසන් වශයෙන් කීමට ඇත්තේ රාජ්‍ය හා ආගම යනු දෙකක් බවත්, නුමුත් ඉතිහාසයේ සෑම යුගයකම (ලංකාවේ ද ඇතුළුව) ආගම, රාජ්‍යයේ පාලක පංතියේ ආරක්ෂාව වෙනුවෙන් වූ දෘෂ්ඨිවාදී මෙවලමක් ලෙස භාවිතා වූ බව පමණයි. එය සිදුවුනු අයුරු එක එක සමාජ ක්‍රමය තුල විවිධ ආක වෙන්න පුලුවන්. එහෙත් හරය එකයි. අදත් ලංකාව තුල ආගමික අන්තවාදයන්ගෙන් ඈත්ව විමසා බැලූ විට මේ දේම සිදුවෙන බව පැහැදිලි සත්‍යයක්. එය වටහා ගැනීමට අමුතුවෙන් පොතින් පතින් හෝ වෙනත් න්‍යායන්‍ගෙන් කරුණු ණයට ගැනීමට අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ අධානග්‍රාහීත්වයෙන් තොරව යථාර්තය වටහාගැනීමේ උත්සහාය පමණයි. එහෙත් වාස්තවික යතාර්ථයක් නැතිය වර්ගයේ දාර්ශනික මංමුලාවක ඉන්නා අයෙකුට නම් මේ යථාර්ථය වටහා ගැනීම පහසු නොවිය හැකියි. එහෙත් ඒ නිසා යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ.

+

Kasun said...

එකම දේ පුනරුච්චාරණය වේ නම්, මෙවැනි විකාර සංවාදයකට කාලය නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් තව දුරටත් මට නැහැ. එහෙත් යම් හැදෑරීකට ඉඩ ඇත්නම්, මනස්ගාත නොකියවෙන සංවාදයක් ඇති වේ නම් ඒ ගැන වැය කිරීමට කාලය සොයා ගැනීම ගැනැත් ගැටළුවක් නැහැ.
end.

Nalin Dayasiri said...

@kasun,

වැඩේ අන්ජබජල් වී, රෙදි ගැලවෙන විට මෙසේ පැන දිවීමද අන්ධානුකාරයන් ගේ ලකුණකි. සංගතව, පරස්පර විරෝධී නොවන අයුරින් මතයක් දැක්මක් ඉදිරිපත් කිරීමට හැකියාවක් කොහිද අන්ධානුකාරයන් ට.

"එකම සත්‍ය නම් ආගම පෞද්ගලික වූවාක් වන අතර රාජ්‍යය එසේ නැත" වැනි විලම්බීත කතා දොඩවන ඔබ, ලංකාව "ඒක ආගමික" වීම ගැන කරන විවෙචනයි. එහෙත් වතිකානුව මතක් කළ විට, භූමිතෙල් ගෑවුනු ගැරඬියා මෙන් දඟලන්නේ එම විවේචනයම සංගත ලෙස වතිකානුවට එරෙහිවද එල්ල කිරීමට ඔබේ කොන්ද පන නැති නිසාය. එන්ගලන්තෙ ඇන්ග්ලිකන් රටක්. නොර්වේ ලුතරන් ක්‍රිතියානි රටක්. ග්‍රීසිය, ග්‍රීක-ක්‍රිස්තියානි රටක්. තවත් හැට හුටාමාරක් යුරෝපීය රටවලත් එහෙමයි. ඒම රටවල් ගැන එම විවේචනයක කිරීමට කොන්ද පන නැති ඔබ, පුලස්තිගේ ලිපියක් පෙන්වා ගොඩ යාමට උත්සාහ කලේ, අන්ධානුකාරකයන් ගෙ හැසිරීම කියවන්නාට පෙන්වමිනි. පුලස්තිගේ ගොං තර්කය බි‍ඳෙනෙ විට, "අනේ මං පුලස්තිගෙ ලිපිය නිකං ඉදිරිපත් කරේ, ඒක තියෙන්නෙ ගොන් තර්කයක් බව මං දැනන් හිටියෙ, ඒ නිසා අනේ ඒකෙ තියන ඒවාට මාව අන්නන්න එපා..." යැයි බැගෑපත් වෙන්නේ එබැවිනි.

බෞද්ධාගමට ප්‍රමුඛස්තානයක් දීම නිසා ලංකාවේ වෙනත් ආගමිකයන්ට සිදු වන, එහෙත් වතිකානුවෙදීත්, එංගලන්තේදීත්, නොර්වේදීත්, ඩෙන්මාර්කයේදීත්, පින්ලන්තයේදීත්, ස්වීඩනයේදීත්, ග්‍රීසියේදීත්, ඉතාලියේදීත්, ස්පාඥඥයේදීත්, වෙනත් ආගමිකයනට සිදු නොවන අමුතු අසාධාරණයක් පෙන්වීමට ඔබ මෙතෙක් වෙලා අසමත් වුනි. එහෙත් ඔබට වතිකානුව "විශේෂ" රාජ්‍යකි. :-) ඒක ආගමික යුරෝපීය රටවල් "විශේෂ" දෙයකි. කොන්ද පන නැති අන්න්ධානුකරණය මෙයයි. සංගතව, පරස්පර විරෝදී නොවන ලෙස මතයක් ඉදිරිපත් කිරීමට නොහැකියාවයි මේ.

ලොව වෙන කොහේවත් සුළු වාර්ගිකයනට නොවන අමුතු අසාධාරණයක්, බෞද්ධාගමට ප්‍රමුඛස්තානය දෙන ලංකාවේ සිදු නොවේ. "වතිකානුව විශේෂයි, යුරෝපෙත් විශේෂයි" කියන ඔබ ගොං තර්ක කරමින් ඔබ පැන දුවන්නේ මීට ඔබට පිළිතුරක් නොමැති නිසාය.

එවැනි අමුතු අසාධාරණයක් පෙන්වීමට තාම ඔබ අසමත් වී ඇත.

එකම දේ පුනරුච්චාරණය කරන ඔබ, මේ තාක් කල් මේ ගැටළුවට පිළිතුරක් දීමට අසමත් වීමේ හෙළුව වසා ගන්නේ, මීට කිසි සේත් අදාලතාවයක් නොමැති නලින් ද සිල්වාත්, වාස්තවික යථාර්තයත් ඇද ගනිමිනි.

කෙතරම් හාස්‍යජනකද?

Kasun said...

නලීන්,
පිස්සෙකු හා තර්ක කිරීමට යාම කෙතරම් විහිළුවක් පෙන්නා දුන්නාට බොහොම ස්තූතියි. ඔබ සමඟ කෙතරම් කතා කලත් පලක් නැති බව පැහැදිලියි.

යමක් කෙතරම් පැහැදිලිව කීවද එය වටහා නොගත හැකි වීම මුග්ධ මානසිකත්වයක ලක්ෂණ. අනෙකා නොකියූ දේවල් කියු දේවල් යැයි මහ හඬින් කෑ ගැසීම ට ඔබ දක්වන රුචිකත්වයත්, එකතැන කාල් ගෑවෙන විකාර දෙඩවිලිවලට ඔබට කාලය වැය කිරීමේ හැකියාව තිබුනත් මට ඒ සඳහා උදව් වීමට හැකියාවක් නැහැ. ඵලක් ඇති සංවාදයක් වෙනුවෙන් ඕනෑම මොහොතක සුදානම් බව මගේ පෙර comment එකෙහි දීත් පැහැදිලිවම කියූ දෙයක්. ඒත් ඔබ වැන්නෙකු සමඟ තව දුරටත් මේ ආකාරයේ විකාරරූපී සංවාද කිරීමෙන් මම ඉවත් වෙනවා.

අවසන් වශයෙන් කියා සිටිය යුතු කරුණු කිහිපයක් තියෙනවා.
පුලස්තිගේ ලිපිය සම්බන්ධයෙන්:
සිහිබුද්ධිය නැති කම නිසා නොදැක්කත්, මම පුලස්තිගේ ලිපිය සම්බන්ධයෙන් කියා ඇත්තේ ඔහු ඉදිරිපත්කරන කරුණු දැක්වීම සමඟ මම බොහෝ දුරට එකඟ බව.
පුලස්ති ගොන් තර්ක ඉදිරිපත් කරන බව මෙතැන සිට හඟවන ඔබට එයින් මතුකෙරෙන කාරණා ගැන සංවාදයක් වෙත යෑමට බියක් තියෙන බව පැහැදිලියි. එසේ නොවුනා නම් මෙතැන මතවාදී පඹගාලක පැටලැවීමට උත්සහ නොකර පුලස්තිගේ ලිපිය වෙත ඔබේ විවේචනය එල්ල කිරීමේ හැකියාවක් ඔබතුමාට තිබුනා. ඒත් ඒ පැත්ත පලාතේ නොයා මෙතැන සිටි විකාර කියවමින් ඉඳිම ඔබතුමාගේ මනෝලෝකයේ ස්ථාවර බව වෙනුවෙන් ආරාක්ෂාකාරී පියවරක් තමයි.

ඔබ මේ කියා ඇත්තේත් මීට ඉස්සර කියා ඇති දේ ටිකක් අළුත් කර කියා සිටීම පමණයි. ඒවාට මගේ පිලිතුරු ඉහත ප්‍රතිචාර වල දක්වා තියෙනවා.
අනික මම කිසිවිටෙක දක්වා නැති කරුණු මම කියූ දේවල් ලෙස අඟවමින් සිහින තර්ක වල එල්ල විකා රකියවන ඔබට තවමත් යම් දෙයක් සිහිබුද්ධියෙන් කියවා වටහා ගැනීමේ නොහැකියාවෙන්ම පෙලෙන බව ඔප්පු කරනවා. නලීන් ද සිල්වා මෙතැනට ඇඳිම සිද්ද උනේ කොහොමද කියල තේර්ම් ගන්න නොහැකි වුනා නම්, ඒක වෙන්නේ කොහොමද කියල ඔයාට තේරුම් කරමින් ඉන්න ම‍ට අවශ්‍යතාවයක් නැහැ. ඒකට කරන්න තියෙන්නේ ඔයා මෙතැන දාපු ප්‍රතිචාර ටික ආයි ආයිත් කියවන එක. හැබැයි ලැජ්ජ හිතෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒ ලැජ්ජාව වහ ගන්න ආයේ මෙතැන එකම දේ කියමින් කෑ ගහන්න තියා ගන්න එපා.

ඔබ සමඟ කරපු මේ දෙඩවිල්ල අවසානයි. සංවාදයකට මිස එකතැන කාල්ගෑවෙන විකාර දෙඩවිල්ලකට තවදුරටත් අපි නැහැ. එය පැන දිවීමක් ලෙස ඔබට කිවිමට අවශ්‍ය නම් මට කියන්න තියෙන්නේ පිස්සු හරකෙකු සමඟ පොර ඇල්ලීමේ ආශාවක් මට නැති බව. ඊට වඩා උගෙන් ඈතට දිව යාමට මම කැමතියි.

Nalin Dayasiri said...

kasun,

ඔයා "මං යනවා, ආයි එන්නෙ නැහැ, ඉවරම ඉවරයි" කිය කියා, ආපහු ආපහු එන්නෙම මේක දැක්කම ඔයා අන්ධානුකාරකයෙක් බව කියවන අයට පේන නිසා ඇතිවෙන ලැජ්ජාවට නේද?

වෙලාවකට කියනවා පුලස්තිගෙ ලිපිය පෙන්නුවෙ නිකං, "වෙනත් යොමුවක්" පෙන්නා දීමටයි කියල. ඔය කියන වෙනත් යොමුව අමුම අමු මැටි මෝල් ගොන් තර්කයක් බව පෙන්නුවම කියනවා "හපෝ කවුද එහෙම කිව්වෙ, මේ කසුන් නං නෙවෙයි, ඔයා කාටද ඔය මොවුන් කියන්නෙ, මං නං එහෙම කියලා නැහැ" කියලා. ඊට පස්සෙ ආයෙමත් කියනවා පුලස්තිගේ මැටි මෝල් තර්කෙත් එක්ක එකඟයි කියලා!

ඔයා ඉදිරිපත් කරන අදහස ඔයාටවත් නොතේරෙන නිසා තමයි ඔය වගේ පඹ ගාල් වල පැටලෙන්නෙ. ඔහෙ කරන්නං වාලේ නොතේරෙන දේවල් අන්ධානුකරණය කරන්න ගියාම ඔහොම දේවල් නොවුනොත් පුදුමයි.

දැන් මේ පාරත් ඔයාට උත්තරයක් හොයා ගන්න බැරි වුනානෙ වතිකානුවෙයි, යුරෝපෙයි ඒක ආගමික රටවල ඉන්න සුළුවාර්ගිකයන්ට සිදු නොවෙන, ලංකාවෙ ඉන්න සුළුවාර්ගිකයන්ට සිද්ධ වෙන අමුතු අසාධාරනේ මොකක් ද කියලා? :-) :-) උත්තර නැහැ නේද? :-)

බෞද්ධාගමට ප්‍රමුඛස්තානයක් දීම නිසා ලංකාවේ වෙනත් ආගමිකයන්ට සිදු වන, එහෙත් වතිකානුවෙදීත්, එංගලන්තේදීත්, නොර්වේදීත්, ඩෙන්මාර්කයේදීත්, පින්ලන්තයේදීත්, ස්වීඩනයේදීත්, ග්‍රීසියේදීත්, ඉතාලියේදීත්, ස්පාඥඥයේදීත්, වෙනත් ආගමිකයනට සිදු නොවන අමුතු අසාධාරණයක් පෙන්වීමට ඔබ මෙතෙක් වෙලා අසමත් වුනි. එහෙත් ඔබට වතිකානුව "විශේෂ" රාජ්‍යකි. :-) ඒක ආගමික යුරෝපීය රටවල් "විශේෂ" දෙයකි. කොන්ද පන නැති අන්න්ධානුකරණය තමයි ඕක.

ලොව වෙන කොහේවත් සුළු වාර්ගිකයනට නොවන අමුතු අසාධාරණයක්, බෞද්ධාගමට ප්‍රමුඛස්තානය දෙන ලංකාවේ සිදු නොවේ. "වතිකානුව විශේෂයි, යුරෝපෙත් විශේෂයි" කියන ඔබ ගොං තර්ක කරමින් ඔබ පැන දුවන්නේ මීට ඔබට පිළිතුරක් නොමැති නිසාය.

එවැනි අමුතු අසාධාරණයක් පෙන්වීමට තාම ඔබ අසමත් වී ඇත.

ඒකට උත්තර නැති වුනාම, වෙන කොහෙවත් ඉන්න නලින් ද සිල්වා කෙනෙකුයි, වාස්තවික යාථාර්තයකුයි, "ඇයි ඔයා මාව මෙතනම අන්නන්නෙ, ඇයි ඔයා පුලස්තිගේ බ්ලොග් එකට ඇවිල්ල මාව අන්නන්නෙ නැත්තෙ...හූ...හූ...බයද....." වගේ ගොන් පාර්ට් ප්‍රදර්ශනය කරලයි ගොඩ යන්න පුළුවන් කියලද ඔයා හිතං ඉන්නෙ? අල්ලෙන් හෙලුව වහ ගන්නමයි නෙ හදන්නෙ ඔයා!

Kasun said...

නලීන් මහත්තයෝ තමන්ට නොතේරෙන හැම එහෙකටම ඕක අන්ධානුකරණයෙන් කියන දෙයක් යැයි කියන වර්ගයේ මෝංගල් මිනිස්සු දැක්කහම ලැජ්ජාවක් නෙමෙයි ඇතිවෙන්නේ කේන්තියක්. එතකොට ආ‍යෙත් කතාබහක් නෑ කියල හිතාගෙන හිටියත්, ආයෙත් ඇවිත් හොඳවැයින් දෙකක් කියල යන්න හිතෙනවා.
අනිත් එක මහත්තයෝ නැට්ට පාග ගන්නෙ නැතුව කියවල බලනවා මම කියල තියෙන්නේ මොකක්ද කියල.

ආ, අමතක උනා වෙන ඒවට 'සංගත නැහැ සංගත නැහැ' කියල කෑ ගගහ හිටියට ඔබතුමාට තාම කිසිම දෙයක් කියවල හරියට තේරුම්ගන්න බහැ නෙව. ඒ හින්දා ඉතිං ඒක කරන්නෙ කොහොමද නේද?

තමුන්නාන්සේ පුලස්ති ගෙ ලිපියෙ ගොන් තර්කයක් ගැන තියා ඒකේ කියැවෙන දේ ගැනවත් හරියට කතා කරල තියෙනවද, ගොන් තර්ක පෙන්නුවා කිව්වට.
මම කියු දේවල් කිව්වාද නැත්ද කියල මම ලියපු දේවල් කියවල තෙරුම්ගන්න පුලුවන් ඕනම කෙනෙකුට, ඔබතුමා වගේ නොදරුවෙකුට හැරෙන්න.

ඔයාව අන්නන්න පුලස්තිගෙ සටහනට එක්ක යන්න ඕන නෑ. ඔයා දැනුත් ඇනිල තමයි ඉන්නෙ. ඒකයි ඔයා ඔය තරමක කෑ ගහන්නේ. මම අල්ලෙන් හරි හෙළුවැල්ල වහගෙන ඉන්න උත්සහ කරනවා, මොකද ප්‍රසිද්ධියෙ හෙළුවැල්ලෙන් ඉන්න එක හරි නැති නිසා. ඒත් ඔබතුමා අමු හෙළුවෙන් ඉන්න ගමන් අනිත් අයගෙ හෙළුවැල්ල හොය හොය කෑ ගහනවා.

Kasun said...

මහත්තයෝ සුළු වාර්ගිකයන්ට වෙන අසාධාරණ ගැන නෙමෙයි මේ මෙතැන කතා උනේ. කමක් නෑ ඒක දැන ගන්නම ඕන නම් ටිකක් කියන්නම්. ඊට ඉස්සෙල්ලා කියන්න ඕන අසාධාරණයක් වෙනව නම් ඒක ලොකුද පොඩිද කියල කතා කර කර ඉන්නෙ අවස්ථාවාදීයො විතරක් විත්තිය.

1.
ලංකාවේ සමාජය තුල පොදුවේ සෑම ජන වර්ගයකට අදාල සමාජ අසාධාරණයන් හැරුණු කොට ‍දෙමළ භාෂාව කතා කරන ජනවර්ගයන්ට පැහැදිලි ලෙසම භාෂාව සහ ජාතිය කියන සාධක නිසා අමතර පීඩනයක් සිද්ධ වෙනවා. සිද්ධ උනා. විවිධ අයුරින්.
ජාතිවාදයේ අවිඥානික සමාජ හැසිරීම් මොහොතකට පසෙකින් තැබුවත්.
භාෂාව කියන කාරණය හරහා පැහැදිලි සමාජ අසාධාරණයක් සිදු වෙනවා. ඊටත් අමතරව වතුකරයේ දෙමළ ජනයාගේ ජීවන තත්වය අතිශ්‍ය ඛේදවාචකයක්. එසේම පහල සමාජ පන්තියේ දෙමළ ජනතාව, එම පන්තියේම සිංහල ජනයාට සාපේක්ෂ ලෙස අධ්‍යාපනික අවස්ථා සම්බන්ධව දැඩි අසාධාරණයන්ට ලක්වෙනවා. ශිෂ්‍යත්වය හෝ එවැනි කඩයිම් විභාගයන් සමත් වීම කෙසේ වෙතත් පෙනී සිටිමට පවා ලැබෙන්නේ නැහැ.

මේ පුංචි කතාවක් විතරයි.

වතිකානුව අනෙක් රාජ්‍යයන්ගෙන් වෙනස්, බෞද්ධ පූජකයන් විසින් පාලනය කෙරුණු රාජ්‍යයක් වූ පැරණි ටිබෙටයෙන් පවා වෙන්ස් රාජ්‍ය ලක්ෂණ වලින් යුත් රාජ්‍යක් බව ඔබට තේරුම් ගන්න බැරි කමට මට කරන්න දෙයක් නැහැ. 'වි‍ශේෂ' කියන්නේ '‍හොඳ' යැයි සිතා ඉන්නා අදහසක් හරියකට කියවා ගැනීමට බැරිකම පුදුමයක් නෙමෙයි.
වතිකානුව පිළිබඳව මට ඇති විවේචනය මෙතැන කරමින් පාළුගෙයි වලං බිඳීමේ උවමනාවක් මට නැහැ. ඒකට ඔබතුමා වැනි අයටම කරන්න පුලුවන්.
පැහැදිලිවම කිව යුත්තේ,
මගේ තර්කයේ පදනම වූවේ රාජ්‍යයක් අනිවාර්්‍ය ලෙසම අනාගාමික විය යුතු බව. ඔබේ අමුතුම අසාධාරණය ගැන කතාව ඒ නිසාම මට අදාල නොවන අතර අසාධාරණයේ අමුතු කම් සෙවීමකටද මට උවමනාවක් නැහැ.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ, තමන්ට හිතන්න පුලුවන් සීමාවෙ තියෙන පටු කම නිසා එකම දේ නැවත නැවතත් වමාරමින් ගොන්පාට් දාන එක හෝ වෙන වෙන විකාර දොඩවමින් තමන් උත්තර දෙන්න අමාරු ප්‍රශ්න ඇහැව්වා. කියල හිතමින් මතවාදී විදියට ස්වයං වින්දනයේ යෙදෙන එක සහ ඇත්තටම යමක් තේරුම් ගෙන යමක් ඇසීමයි දෙකක් විත්තිය. හැබැයි මේ ටිකවත් කිව්ව දේ හරියකට ඔබතුමාට තේරුම්ගන්න බැරි වෙන විත්තියත් සැක නැහැ.

Nalin Dayasiri said...

kasun,

ඔයා "මං යනවා, ආයි එන්නෙ නැහැ, ඉවරම ඉවරයි, කවදාවත් එන්නෙ නැහැ, ඔයා කුලු හරකෙක් නෙ" කිය කියා, ආපහු ආපහු එන්නෙම මේක දැක්කම ඔයා අන්ධානුකාරකයෙක් බව කියවන අයට පේන නිසා ඇතිවෙන ලැජ්ජාවට නේද? ඉතින් එහෙම ආයි පාරක් එන එකෙන් ඔයාගෙ ලැජ්ජාව මකා ගන්න නං මාතෘකාවට අදාලව කතා කරන්න ඕන බව ඔයාට තේරෙනවනෙ? එහෙම එකේ මොකද මේ ආයි පාරක් අනං මනං බහුබූත කතා කිය කියා බූමිතෙල් ගෑවිච්ච ගැරඬියා වගේ දඟලන්නෙ?

ලංකාවෙ "බෞද්ධාගමට ප්‍රමුඛ්ස්තානය" දෙන එකට ඔයා විරුද්ධයි නෙ. එකෙන් සුළු වාර්ගිකයටන්ට අසාධාරණයක් වෙනවා, ලංකාව එක ජන වර්ගයක බූදයක් නෙවෙයි, කියලනෙ ඔයා කියන්නෙ. දැන් ඔය ගොං තර්කෙ මම පළවෙනි පිළිතුරෙන්ම නිෂ්ප්‍රභා කරලා පෙන්නුවනේ. හැම ජනවර්ගයකම මානව හිමිකම් රකිනවයි කියන, බටහිර "ඒක ආගමික" දියුණු රටවල් ගණනාවක ලයිස්තුවක් පෙන්නුවනෙ. ඔයාට මතකද? :-)

1. "ඒක ආගමික" වීම නිසා ලංකාවේ සුළු වාර්ගිකයන්ට අසධාරණයක් වෙනවා නං, ඔය මං ඉදිරිපත් කරපු, සුළු වාර්ගිකයන්ගෙ මානව හිමිකම් උපරිමයෙන්ම රකිනවයි කියන "ඒක ආගමික", වතිකානුවෙදීත්, එංගලන්තේදීත්, නොර්වේදීත්, ඩෙන්මාර්කයේදීත්, පින්ලන්තයේදීත්, ස්වීඩනයේදීත්, ග්‍රීසියේදීත්, ඉතාලියේදීත්, ස්පාඥඥයේදීත් සුළු වාර්ගිකයන්ටත් ඒ කියන අසධාරණයම වෙන්න ඕන. කොහෙද ඉතිං ඔයාට "සංගත බව" කියන එක තේරෙන්නෙ නැහැනෙ. ඔයාගේ තර්කෙ තමයි, "ලංකාවෙ එක ආගමක්ට ප්‍රමුඛ්ස්ථානෙ දෙන එක වැරදියි, හැබැයි වතිකානුවයි, එංගලන්තෙයි, නොර්වේයි, ඩෙන්මාර්කයයි, පින්ලන්තයයි, ස්වීඩනයයි, ග්‍රීසියයි, ඉතාලියයි එහෙම කරන එක හරි. ඇයි ඒ රටවල් එක ජනවර්ගයක බූදලයක් ද?

2. පුලස්ති මේකට උත්තර දෙන්න හදන්නෙ ගොං තර්කයක් ගෙනල්ලා, "එහෙ ඉන්න සිංහල කට්ටිය ලඟදී නෙ ගියෙ, එයාලට එච්චර ඉතිහාසයක් නැහැනෙ එහේ, ඉතින් එයාලට සම ආගමික අයිතිවාසිකම් නැති වෙන එක හරි" කියලා. ඔයා උපුටා දැක්වුවේ මෙන්න මේ ගොං තර්කේ. මේ තර්කයේ "ගොං" බවත් මගේ පලමු පිළිතුරෙන්ම පෙන්නුවා. ඔයාලගෙ ඔය "එක ජනවර්ගයක බූදලයක් නෙවෙයි" කියන ගොං තර්කෙ හරි නං, සිංහලයො නෙවෙයි, එහේ කාලාන්තරයක් තිස්සෙ ඉන්න වෙන සුළු වාර්ගිකයන්ට වත් සම ආගමික අයිතිවාසි කම් හිමි වෙන්න එපායැ. යුදෙව්වොන්ට යුරෝපයේ අවුරුදු 1000කටත් වඩා ඉතිහාසයක් තියනවා, ඒ වුනාට හීබෘ බසාවට වත් යුදෙව ආගමටවත් සම අයිතිවාසිකමක් නැහැ නෙ එහේ.

අනිත් එක, ඔයාලගේ ගොං තර්කෙ අනුව (පුලස්ති ඉදිරිපත් කරපු, ඔයා උපුටා දක්වපු) පස්සෙ ආපු අයට සම ආගමික අයිතිවාසිකම් හිමි නොවෙන එකේ වැ‍රැදක් නැහැනෙ, යුරෝපෙ වගේ? එතකොට ක‍තෝලිකයන්ට, ඉස්ලාම් භක්තියකයන්ට ලංකාවෙ සම ආගමික අයිතිය ලැබෙන්නෙ නැති එක වැ‍රැද්දක් නැහැයි කියලද ඔයලගෙ ඔය ගොං තර්කෙන් කියන්න හදන්නෙ? :-) පේනවා නේද, හිතන්නෙ බලන්නෙ නැතුව, අන්ධානුකාරකයෙක් වගේ වෙන අයගෙං ගොං තර්ක කර පින්න ගත්තම වෙන ඇබැද්දි? :-)

ලංකාවේ වෙනත් වාර්ගිකයන්ට තියන තැනට සමාන තැනක් තමයි මානව හිමි කම් රකිනවයි කියන, දියුණු බටහිර "ඒක ආගමික" රට වලත් තියෙන්නෙ.

"කිතුණු ආගමට ප්‍රමුඛස්තානය දීම" නිසා එහෙ වෙනත් වාර්ගිකයන්ට වෙන්නෙ නැති අමුතු අසාධාරණකම්, "බුද්ධාගමට ප්‍රමුඛස්තානය දීම" නිසා මෙහෙ වෙන්නෙ නැහැ.

මෙච්චර සරලව කිව්වම වත් ඔයාට තේරෙන්නෙ නැද්ද?

"ලංකාවේ සමාජය තුල පොදුවේ සෑම ජන වර්ගයකට අදාල සමාජ අසාධාරණයන් හැරුණු කොට ‍දෙමළ භාෂාව කතා කරන ජනවර්ගයන්ට පැහැදිලි ලෙසම භාෂාව සහ ජාතිය කියන සාධක නිසා අමතර පීඩනයක් සිද්ධ වෙනවා. සිද්ධ උනා. විවිධ අයුරින්."

ඒ පාර ඔයා නන් දොඩවන්න පටං ගත්තද? පිස්සෙක් වගේ ඇක්ට් කරලා අනුකම්පාව ගන්නද හදන්නෙ? බුද්ධාගමට ප්‍රමුඛස්තානය දීපු නිසාද ඕවා වුනානං වුනේ? ඔයා අහපු ප්‍රෂ්නේට උත්තර නැති නිසා මේ වගේ අදාල නොවෙන වෙන කතා ඇදලා ගන්නෙ? :-) දැන් ඔයාට නලින් ද සිල්වයි, වාස්තවික යථාර්තයයිත් මතක් වේවි මේකට පටල ගන්න.

"ඊටත් අමතරව වතුකරයේ දෙමළ ජනයාගේ ජීවන තත්වය අතිශ්‍ය ඛේදවාචකයක්"
ඔයාම පුලසතිගෙන් උපුටපු තර්කය අනුව වතු දෙමළ ජනයාට ලංකාවේ එතරම් ඉතිහාසයක් නැත. ඒ නිසා එයාලට තියෙන්නෙ යුරෝපෙ ඉන්න සිංහල, දෙමල අය ඉංග්‍රීසි, ප්‍රංස, ජර්මන්, ඉතාලි ඉගන ගන්නව වගේ, මෙහෙ බාසාව වෙන සිංහල ඉගන ගන්න. ඔයාම උපුටලා දක්වපු පුලස්තිගේ ගොං තර්කෙ අනුව, වතු දෙමළුන්ට ලංකාවේ එච්චර ඉතිහාසයක් නැති නිසා, සමාන අගමික, බාසා අයිතිවාසි කං ලැබෙන්නෙ නැති එක වැ‍රැද්දක් නෙවෙයි නෙ. :-) ඔන්න පේනවා නේද අනුංගෙ ගොං තර්ක කර ගහගත්තම ඔයාට වෙන දේවල්? :-)

Nalin Dayasiri said...

දැන් ඔයාට ප්‍රශ්නේ මතක නැහැ වගේ නෙ, මේ අනං මනං බොරු උත්තර දෙන්නෙ? දැන් කී පරක් ඔය ගැලවිජ්ජාව දාල බේරෙන්නෙ හැදුවද? මෙන්න ප්‍රශනෙ ආයි පාරක්. මේ පාර වත්, ෆුල් ඩම් දාලා, තටමලා, ප්‍රශ්නෙට උත්තර හොයා ගෙනෙ එන්නකො. :-)

බෞද්ධාගමට ප්‍රමුඛස්තානයක් දීම නිසා ලංකාවේ වෙනත් ආගමිකයන්ට සිදු වන, එහෙත් වතිකානුවෙදීත්, එංගලන්තේදීත්, නොර්වේදීත්, ඩෙන්මාර්කයේදීත්, පින්ලන්තයේදීත්, ස්වීඩනයේදීත්, ග්‍රීසියේදීත්, ඉතාලියේදීත්, ස්පාඥඥයේදීත්, වෙනත් ආගමිකයනට සිදු නොවන අමුතු අසාධාරණයක් පෙන්වීමට ඔබ මෙතෙක් වෙලා අසමත් වුනි. දැන් වත් තේරෙනවද? ලොව වෙන කොහේවත් සුළු වාර්ගිකයනට නොවන අමුතු අසාධාරණයක්, බෞද්ධාගමට ප්‍රමුඛස්තානය දෙන ලංකාවේ සිදු නොවේ. "වතිකානුව විශේෂයි, යුරෝපෙත් විශේෂයි" කියන ඔබ ගොං තර්ක කරමින් ඔබ පැන දුවන්නේ මීට ඔබට පිළිතුරක් නොමැති නිසාය.

Nalin Dayasiri said...

"මගේ තර්කයේ පදනම වූවේ රාජ්‍යයක් අනිවාර්්‍ය ලෙසම අනාගාමික විය යුතු බව. ඔබේ අමුතුම අසාධාරණය ගැන කතාව ඒ නිසාම මට අදාල නොවන අතර අසාධාරණයේ අමුතු කම් සෙවීමකටද මට උවමනාවක් නැහැ."

ඔන්න උත්තර නැති නිසා පැනලා යන්න හදනවා. කාටවත් අමුතු අසාධාරණයක් වෙන්නෙ නැත්තං, ලංකාවෙ රාජ්‍ය අනුග්‍රහය බුද්ධාගමට දෙන එක වැ‍රැද්දක් නැහැ නෙ. දියුණු, සුළු වාර්ගිකයන්ගේ හිමි කම් රකින බටහිර රටවල ඉන්න කිතුණුවන්ට, කිතුණු ආගමට ප්‍රමුඛත්වය දෙන්න තියන අයිතියම ලංකාවෙ බෞද්ධයන්ට තියනවනේ. කාටවත් එකෙන් අමුතු අසධාරණයක් වෙන්නෙ නැහැ නෙ. ඉතින් මොන එහෙකටද ඔයා හිතං ඉන්න බහු බූත අනාගාමී රජ්‍යක් වෙන්නෙ? ඔයාගෙ පුද්ගලික අසාවන් ඉශ්ඨ කරන්නද? :-)

වතිකානුවයි, එංගලන්තෙයි, නොර්වේයි, ඩෙන්මාර්කයයි, පින්ලන්තයයි, ස්වීඩනයයි, ග්‍රීසියයි, ඉතාලියයි ඔයා ඔය කියන බහුබූත "අනාගාමි රාජ්‍ය" ප්‍රතික්ශේප කරලා එක ආගමකට විශේෂ රාජ්‍ය අනුග්‍රහය දීල තියෙන්නෙ! එයාල දියුණු රටවල් නෙ. හොඳට සුළු වාර්ගිකයන්ගෙ අයිතිවාසි කම් රකිනවනෙ. ඉතින් අහවල් කෙං ගෙඩියකටද ඔයා මේ ප්‍රතික්ෂේප වෙච්ච බහුබූතයක් ලංකාවට ගේන්න හදන්නෙ? කාටවත් අමුතු අසාධාරණයක වෙලා නැත්තං, ඔයාගේ හීන ලෝක පැතුම් ඉෂ්ඨ කර ගන්නද අපි ඔය ප්‍රතික්ෂේප වෙච්ච "අනාගාමී රාජ්‍ය" බාර ගන්න ඕන?

දැන් ඔයාට ජාමේ බේර ගන්න නං කරන්න තියෙන්නෙ "ඒක ආගමික බටහිර සිදු නොවන, ඒක ආගමික ලංකාවේ සිදුවන අමුතු අසාධාරනේ" හොයා ගන්න එක.
ඒ වුනාට ඔයා කරන්නෙ නං මතවාද කියල හිතං ඉන්න මනස්ගාත වලින් ස්වයං වින්දය වෙවී ඉන්න එක.

මෙන්න ඔයාට චැලෙන්ජ් එකක්. ඔයා මේකට දාන "උත්තරේ" කියල පෙන්නන හදන කමෙන්ට් එකේත්, දැන් දිගින් දිගටම අහපු ප්‍රශ්නෙට උත්තරේ නැහැ. ඔයාට ඔය කියන "එහෙ නොවෙන, මෙහෙ වෙන අමුතු අසාධාරණයක්" පෙන්නන්න බැහැ. :-) එහෙම එකක් තිබිලා එපායැ පෙන්නන්න! ඉතින් ඔයා තව බහුබූත තොගයක් ගහලා ප්‍රශ්නෙනෙ ලිස්සලා යන එක තමයි කරන්නේ. මොනවද ඔට්‍ටු?

Kasun said...


දැන් නම් මම ලැජ්ජාවට පත්ව ඇත. ඒ නලීන් මහතා මා වෙත 'අන්ධානුකාරකයා' නමින් වරින් වර මා වෙත දමා ගසන, ඔහුටද තවමත් හරිහැටි වටහාගත නොහැකිව ඇති ලේබලය නිසා නොවේ. මනඃකල්පිත ප්‍රලාපයන් අනෙකා කී යැයි කියමින් කෑ ගසන හිස් මිනිසෙකු සමඟ තර්ක කරන්නට යෑමත්, දිගින් දිගටම ඔහුට ප්‍රතිචාර දැක්වීමත් ගැන මම ලැජ්ජාවට පත්වෙමි. නලීන් ගේ පළමු ප්‍රතිචාරයේම ඔහුගේ රෝග ලක්ෂණය මැනැවින් පෙන්නා ඇතැත් එය ඒ මොහොතේම වටහා නොගැනීම ගැනැත් මම ලැජ්ජාවට පත්වෙමි.

ලැජ්ජාව කෙසේ වෙතත්, අමන තර්කයන් ඉවසා වාදාරා සිටීමේ නොහැකියාව නිසාත් මේ ‍දෙඩවිල්ලට තවත් එක් සටහනක් පමණක්වත් ලියා මේ මඟුල අවසන් කිරීමට සිතේ. එතැනින් එහාට යලි යලිත් නලීන්ගේ ස්වයං වින්දනයට නිමිති සාදා දීමට මගේ අදහසක් නැත.


මේ දෙඩවිල්ලට මුල් වූ තැනින් ආරම්භ කලහොත්;

උරුමය විසින් මෙම බ්ලොග් පොස්ටය තුලදී ගෙනඑන ලද ප්‍රධාන තර්කය වූයේ, ලංකාව බහු-ජාතික* (/බහු-ආගමික) රටක් නොවන බව හා >වතිකානුව ක්‍රිස්තියානීන්ගේ රාජ්‍යය වන්නාසේම,අරාබිය මුස්ලිම්වරුන්ගේ රාජ්‍යය වන්නාසේම, ඉන්දියාව හින්දූන්ගේ රාජ්‍යය වන්නාසේම ලංකාව ද බෞද්ධයන්ගේ රාජ්‍යය විය යුතුය.[1]< යන්නයි. එමෙන්ම >සිංහල ජාතිය, බුද්ධ සාසනය, මාතෘ භූමිය,දේශ ප්‍රේමය< යන වචන අවස්ථාවාදීව දේශපාලන වේදිකා අලංකාරය පිණිස යොදාගත් බවයි.

--
* ලංකාව බහුජාතික රාජ්‍යයක් නොවේ.එය බහු-වාර්ගික හා බහු-ආගමික ජන ප්‍රජාවක් වෙසෙන රාජ්‍යයකි. ජාතිය සහ ජනවර්ගය යන සංකල්පයන් අතර පැහැදිලි වෙනසක් ඇත. ලාංකීය 'ජාතිය' තුලට මෙරට වෙසෙන සියලු 'ජනවර්ග' අයත්ය.
--

පැහැදිලි ලෙසම ඉහත පළමු[1] තර්කය ව්‍යාජ පදනමක් මත පිහිටා කරනු ලැබූවකි.
>තර්කයේ පදනමේම වැරැද්දක් ඇත.
'වතිකානුව' යනු ලොව ඇති ඒ වර්ගයේ එකම රාජ්‍යයි. එය අනෙකුත් රටවල් රාජ්‍යයන් හා සමාන ගනයේ ලා සංසන්දනය කල ‍නොහැක.
ඉන්දියාව හුදෙක් හින්දූන්ගේ රාජ්‍යයක් නම් එහි පළමු පුරවැසියා ලෙස මුස්ලිම් ජාතිකයෙකුටත්, අගමැති ලෙස සික් ජාති‍කයෙකුට පත්වීමටත් හැකියාවක් තිබිය නොහැක. සත්‍ය නම් ඉන්දියාව යනු ව්‍යවස්ථාපිතවම අනාගාමික රාජ්‍යයක් බවය.
අරාබිය තුල රාජ්‍ය සහ ආගම අතර ඇති සම්බන්ධය අරාබි කලාපය පුරා ඇති සෑම රටකම එක ලෙස නැත. එමෙන්ම අරාබිය යනු මුස්ලිම් වරුන්ගේ රාජ්‍යය ‍නොව එම කලාපයේ සියලු රටවල් වල පුරවැසියන් සියල්ලගේම භූමියයි. අනෙක් අතට,
ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමිකයන් හට මෙන්ම බෞද්ධාගමිකයන්ටද එ‍කසේ ලෝක පිලිගැනීමක් ලැබිය යුතුය යන කරුණ ගැන නම් විවාදයක් නැත. බෞද්ධාගමට පමණක් නොව ඉතිරිව ඇති ඕනෑම ආගමික ප්‍රජාවක් සඳහා එම අයිතිය එසේමය. එහෙත් ඒ හුදෙක් ආගමික ප්‍රජාව පිළිබඳ කාරණයක් මිස රාජ්‍යය පිළිබඳ කාරණයක් නොවේ.(February 5, 2010 9:09 PM)<

මේ සම්බන්ධයෙන් නලීන්ගේ පළමු ‍ප්‍රතිචාරයේම ඔහු 'මොවුන්' යනුවෙන් හඳුන්වාගත් කා ගැනද දිගු හෑල්ලක් ලියා තිබුනි. ඒ 'මොවුන්' වතිකානුව විශේෂ රාජ්‍යයක් බව නලීන් ට කියා තිබී ඇත. තවද සිංහල රාජ්‍ය භාෂාව කිරීම ගැනද එයින් සුළු-වාර්ගිකයන්ට වෙන අසාධාරණ ගැනද ඒවාට නලීන් ගේ පිළිතුරු වලට මේ 'මොවුන්' දී ඇති පිලිතුරු ගැනද, ඉන් නොනැවතී බටහිර රටවල සුළු ජාතීන් ගැන විමසූ විට මේ 'මොවුන්' දී ඇති විකාර සහගත පිළිතුරක් ගැනද ඔහුම කියා ඔහුම ඊට හොදහැටි නෙලා පිළිතුරු දී ඇත. ඒ මදිවට රජ්‍ය අනුග්‍රහය ලබන ආගමක් ඇති රටවල් වල ලයිස්තුවක් ද නලීන් විසින් කාටදෝ බලාගන්නට කියා comment කර තිබුනි.

අනෙකාගේ ප්‍රතිචාරවල සංගතභාවය උඩ පැනපැන විමසන නලීන්ට තමන්ගේ පළමු ප්‍රතිචාරයේම වූ (February 7, 2010 6:46 AM) ඇති අසංගත බව වැටහී තිබුනේ නැත. දැනට ද ඔහුට එය වටහාගත නොහැකි බවට සැකයක් නැත.

නලීන් ගේ මේ විකාර සහගත නන්දෙඩවිලි අතරම උරුමය විසින් ඉදිරිපත් කල ඉහත උපුටා දැක්වූ පළමු තර්කය[1] බොහෝ‍ දෙනෙකුට නොවැටහෙන (නලීන් වැන්නෙකුට ම පමණක් වැටහෙන) දෙයක් ලෙසත්, ආගම පුද්ගලිකය යන අදහස බහුබූතයක් බවත් පවසා තිබුනි.

+

Kasun said...

|=
යමෙකුගේ ආගම ඔහුට පෞද්ගලික වූවාක් බව නලීන් වැනි පණ්ඩිතයන්ට වටහා ගත නොහැකි වුවද, සිහිකල්පනාවෙන් විමසා බලන්නෙකුට එය වටහාගැනීමේ මහලොකු දුෂ්කර බවක් නැත. යමෙකුගේ අධ්‍යාත්මික ඇදහීමක් ඔහුගේ පුද්ගලික දෙයක් මිස සාමාජීය දෙයක් වන්නේ නැත. සෑම ආගමක්ම ආධ්‍යාත්මික විමුක්තියක් ගැන දේශනා කරන අතර, ඒවා කිසිවක් පොදුවේ සාමාජීය විමුක්තිය ලැබීමක් ගැන උගන්වන්නේ නැත.

ආගම හා රාජ්‍ය අතර බැඳීම ඇතිවන්නේම පොදු ජනයාගේ සාමාජීය උවමනා එපාකම් මතු නොව හුදෙක්ම පාලක පැලැන්තියේ දේශපාලනික උපාය මාර්ග තුල පමණි.
මෙහිදි අනිවාර්්‍ය ලෙසම ආගම පාලක පැලැන්තියේ මතවාදය ආරක්ෂා කිරීම සදහා දෘෂ්ඨිවාදී ආවරණයක් සැපයයි. එක් පසෙක එය මොක්ෂය, ස්වර්ගය හා දෙවියන්ගේ කැමැත්ත ලෙසින්ද තවත් පසෙක පින්-පව්, කර්මය හා පෙර හා පසු ආත්මභාවයන් පිළිබදව වූ සංකල්ප බාවිතා කෙරිණි. එසේම මිනිසා ගුඩබවට දක්වන සහජ ආශයත්, වරදකාරී හෘදය සාක්ෂිය වසා පාරිශුද්ධබව පෙන්වීමේ උවමනාව නැමැති මිනිස් දුර්වලතාවයත් මතින් ආගමික විශ්වාස-ඇදහිලි වෙත අන්ධානුභක්තිය හෝ බලවත් ලැදියාව ඇති වීමත් ඒ තුල සරල සමාජ යථාර්තය පෙනී යාම වැලැක්වීමත් පෙර-අපර දෙදිග ලෝකයේ රාජ්‍ය හා එක්ව බැදුන සියලු සංස්ථාපිත ආගම් විසින් අඩු වැඩි වශයෙන් සිදු කෙරිණි.
එය ලංකාව තුල ද බෞද්ධාගම නමින් සංස්ථාපිත ආගම විසින් අතිශ්‍ය නාට්‍යරූපීව වඩා තියුණු ලෙස අදද සිදුකරනු ලබයි.
[දැන් තවත් කෙනෙකුට නැට්ට පාගා ගැනීමට ඉඩ නොතියා කිව යුත්තේ, මෙහි වරද ආගම මතම නොව ආගමේ මේ ආකාරයේ ව්‍යවහාරිකත්වය ගැන වගකිව යුතු අවිචාර ආගම් භක්තිකයන්ගේ සහ ආගමික පූජකයන් අත බවය.]
=|

මේ කිසිවක් ගැන සංවාදශීලී නොවන නලීන් වරින් වර (තමා ගැනම මතක්වීමෙන් දෝ) ගැරඬියෙකු හා භූමිතෙල් ගැන කියමින් මෙතැන කිසිවෙකුත් නොපැවසූ මතිමතාන්තර වගයක් මා පැවසූ දේ බවට කියමින් ඒවාට පිළිතුරු බලාපොරොත්තුවෙන් කෑ ගසයි. ඉන් නොනැවතී කොහෙන්දො අහුලාගෙන අන්ධානුකාරයන් ගැනැත් නන් දොඩවයි. තමන්ගේ සෑම ප්‍රතිචාරයකම ඇති පරස්පර විරෝධී දේ ගැන නොදැක අනෙකාගේ අදහස් වල සංගත බව විමසයි.
මේ ආකාරයට නලීන් ගේම අදහසක් පරිදිම යම් මතවාදයක් සමග තාර්කික ලෙස අභිමුඛ වීම පසෙක ලා ප්‍රලාප, අවලාද හා ලෙබල් හරහා තර්ක කරන එහෙයි අනුකාරක පැටවුන්ගෙන් නම් ලංකාවට අඩුවක් නැති බව මම ද පිලිගනිමි. නලීන්-දයාසිරි යනු එහිලා හොඳ උදාහරණයකි.

@නලීන්:
භාරගැනීමට හෝ ප්‍රතික්ශේප කිරීම‍ට හෝ ඔතැන ඇති අභියෝගයක් නැත. ඔබේ එකතැන කැරකැවෙන ප්‍රශ්න වලට පිළිතුරු අවශ්‍ය නම් ඉහත දමා ඇති සෑම ප්‍රතිචාරයක්ම සිහි බුද්ධියෙන් කියැවුවහොත් වටහා ගැනීමට බැරි නැත. එයත් කිරීමට අපහසු නම්,
'ඕවා ගොං තර්කය. කෝ ඔහේ උත්තර දුන්නේ නෑනේ ?. උත්තර නොදී පැනල ගියා ය. ලිස්සල ගියා ය.' ආදි නොඑකුත් බහුබූත කියවමින් හෝ හිත සනසා ගැනීමට උත්සහදැරීම ගැන මගේ විරෝධයක් නැත.
done.

Nalin Dayasiri said...

kasun,

මම චැලෙන්ජ් කරපු විදියටම මේ පාරත් ඔයාට ඔය කියනාකාරයේ "විශේෂ වතිකානුවත් ඇතුලු ඒක ආගමික බටහිර සිදු නොවන, ඒක ආගමික ලංකාවේ සිදුවන අමුතු අසාධාරනේ" පෙන්නන්න බැරි වුනා නේද? දැන්වත් ඔයා පිලිගන්නවද, ඔයා හරියට තෙරුම් ගන්නෙවත් නැතුව එහෙන් මෙහෙන් අහුලං, ඒ කියන්නෙ අන්ධානුකරාකයෙක් වගේ, "...යම් රටක් එක් ජන වර්ගයකට හෝ එක ආගමික ප්‍රජාවකට පමණක් අයත් රටක් ලෙස වර්ග කරන්නන් දැනුවත්ව හෝ නොදැනුවත්වම අන්ත ජාතිවාදී ආගම්වාදී ව්‍යාපෘතිවල නැඟීම සඳහා ඉඩ හසර ලබා දෙයි...එය හුදෙක් එක් ජනවර්ගයක පමණක් බූදලයක් නොවේ..." වගේ කියපුව බහුබූත කියලා?

ඔයා පණ්ඩිතය වගේ ලංකාව ගැන ඔහොම නන් දොඩවන කොට, මනොජ්නුත්, මමත් රටවල් ලයිස්තුවක් ම පෙන්නුවා ලංකාව වගේ එක ආගමකට ප්‍රමුඛස්තානය දීපු. ඒවා සුළු වාර්ගියකයන්ගෙ මානව හිමි කම් උපරිමයෙන්ම රකිනවයි කියල පිලිගැනෙන බටහිර දියුණු රටවල්. එක ආගමකට ප්‍රමුඛ්ස්ථානය දෙන එකෙන් සුළු වාර්ගිකයන්ගේ මානව හිමි කම් කැඩෙනවා නං හරි, සුළු වාර්ගිකයන්ට අසාධාරණයක් වෙනව නං හරි, ඔය බටහිර දියුණු, මානව හිමි කං රකින, සුළු වාර්ගිකයන්ට අසාධාරණයක් නොකරන, රටවල් ඔහොම ක්‍රිස්තියානි ආගමට ප්‍රමුඛස්ථානෙ කරන්නෙ නැහැනෙ, නැද්ද?. කිතුණු ආගමට ප්‍රමුඛස්තානය දීමෙන් ඒ රටවල සුළු වාර්ගියකන්ට නොවෙන අමුතු අසාධාරණයක්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමෙන් ලංකාවෙ සුළු වාර්ගියකන්ට වෙන්නෙත් නැහැ. ඔන්න ඕක තමයි සරල ඇත්ත කතාව. ඔයා "තේරෙන්නෙ නෑ" වගේ හැසිරෙන්නෙත් මේක පිලිගත්ත ගමං ඔයාට වැලේ වැල් නැතුව යන නිසා.

දැන් මේකෙන් ගොඩ එන්න නං, ඔයා ලංකාව ගැන කරපු විවේචනයම, ඒ දේම කරන බටහිර දියුණු රටවල් ගැනත් කරන්න ඕන. ඔයාගේ විවේචනය සංගත වෙන්නෙ අන්න එතකොට. ඔයාට එහෙම කරන්න තරං කොන්ද්දක් නැහැ. ඔයාට ඕන "සුද්දො හරි, ලංකාව වැරදියි" කියලා කියන්න නෙ. ලංකාව වගේම බටහිර දියුණු, සුළු වාර්ගියකයන්ගේ හිමිකං රකින, ඔවුන්ට අසාධාරණයක් නොකරනවායි පිලිගැනෙන රට වලත්, ක්‍රිස්තියානි ආගමට ප්‍රමුඛස්ථානය දීල තියන බව පෙන්නුවම, භූමිතෙල් ගැවිච්ච ගැරඬියා වගේ ඔයා දඟල්ලනේ ඒ නිසා.

ඔයා හිතන්නෙ බලන්නෙ නැතුව "පුලස්තිගේ ලිපිය" ලිපිය පෙන්නලා කර ගත්තෙ විහිං නෑමක්, ඉල්ලං කෑමක්. පුලස්තිගෙ (ගොං) තර්කෙ වුනේ, බටහිර රටවල ඉන්න සිංහල කට්ටිය ලඟදී නෙ එහෙට ගියෙ, එයාලට එච්චර ඉතිහාසයක් නැහැනෙ එහේ, ඉතින් එයාලට සම ආගමික අයිතිවාසිකම් නැති වෙන එක හරි" කියන එක. ඔය ගොං තර්කෙ අනුව පස්සෙ ආපු අයට සම ආගමික අයිතිවාසිකම් හිමි නොවෙන එකේ වැ‍රැදක් නැහැනෙ, යුරෝපෙ වගේ? එතකොට ක‍තෝලිකයන්ට, ඉස්ලාම් භක්තියකයන්ට, උඩරට දෙමල හින්දුන්ට ලංකාවෙ සම ආගමික අයිතිය ලැබෙන්නෙ නැති එක වැ‍රැද්දක් නැහැයි කියලද ඔයලගෙ ඔය ගොං තර්කෙන් කියන්න හදන්නෙ? :-) පේනවා නේද, හිතන්නෙ බලන්නෙ නැතුව, අන්ධානුකාරකයෙක් වගේ වෙන අයගෙං ගොං තර්ක කර පින්න ගත්තම වෙන ඇබැද්දි? :-)

ඔයා ඔය ගිරවෙක් වගේ කියවන "....යමෙකුගේ ආගම ඔහුට පෞද්ගලික වූවාකි..යමෙකුගේ අධ්‍යාත්මික ඇදහීමක් ඔහුගේ පුද්ගලික දෙයක් මිස සාමාජීය දෙයක් වන්නේ නැත...." කතාවත්, ඔයා එහෙන් මෙහෙන් අහුලාගෙන, සංදර්භය වත් තේරුම වත් වටහා ගන්නෙ නැතුව කරන අන්ධානුකරණයක්. සංකෘතියක ප්‍රධාන සංරචකයක් තමයි ආගම. සංස්කෘතියක් සාමාජීයයි. ආගමකට ප්‍රමුඛස්ථානය දෙන්නෙ, හැමෝටම කියලා ඒ ආගම බලෙන් අදහවගන්න නෙවෙයි. ඒක සංස්කෘතිකාංගයක් නිසා. අන්‍යතාවය නිසා. එහෙම සංකෘතියක් තියන සමාජයක ජීවත් වෙන්න තියන උවමනාව නිසා.

දැන් අපිට විසඳ ගන්න තියන ගැටළුව, එහෙම එක ආගමකට ප්‍රමුඛස්ථානය දෙන්න යම් ජනවර්ගයකට සාධාරණ අයිතියක් තියනවද, ඒකෙන් වෙන වාර්ගිකයන්ට අසාධාරණයක් වෙනවද කියන එක. තේරෙනවද?

ක්‍රිස්තියානු ආගමට ප්‍රමුඛස්ථානය දීල තියන, ඒ වුනාට සුළු වාර්ගිකයන්ට අසාධාරණයක් කරන්නෙ නැහැයි කියලා පිලිගැනෙන, දියුණු බටහිර රටවල් එක්ක ලංකාව සංසන්දන කරලා, "මෙහෙ වෙන්නෙත් එහෙ වෙන දේමයි, ඒ නිසා මෙහෙ අමුතු අසධාරණයක් නැහැ" කියලා මුලින්ම පෙන්නුවේ ඒකයි. ඔයා බූමිතෙල් ගැවිච්ච ගැරඬියා වගේ දඟලන්න පටන් ගත්තේ ඔන්න ඕක නිසා.

ලංකාවේ වෙනත් වාර්ගිකයන්ට තියන තැනට සමාන තැනක් තමයි, මානව හිමි කම් රකිනවයි කියන, දියුණු බටහිර "ඒක ආගමික" රට වලත් තියෙන්නෙ.

"කිතුණු ආගමට ප්‍රමුඛස්තානය දීම" නිසා එහෙ වෙනත් වාර්ගිකයන්ට වෙන්නෙ නැති අමුතු අසාධාරණකම්, "බුද්ධාගමට ප්‍රමුඛස්තානය දීම" නිසා මෙහෙ වෙන්නෙ නැහැ.

දියුණු, සුළු වාර්ගිකයන්ගේ හිමි කම් රකින බටහිර රටවල ඉන්න කිතුණුවන්ට, ක්‍රිස්තියානි ආගමට ප්‍රමුඛත්වය දෙන, ක්‍රිස්තියානි සංස්කෘතියක් තියන සමාජයක ජීවත් වෙන්න තියන අයිතියම ලංකාවෙ බෞද්ධයන්ට තියනවනේ. කාටවත් එකෙන් අමුතු අසධාරණයක් වෙන්නෙ නැහැ නෙ. ඉතින් මොන එහෙකටද ඔයා හිතං ඉන්න බහු බූත අනාගාමී රජ්‍යක් වෙන්නෙ ලංකාව? ඔයාගෙ පුද්ගලික අසාවන් ඉශ්ඨ කරන්නද? ඔයාගෙ මනස්ගාත හීන සැබෑ කරන්නද?

Anonymous said...

රජය අනාගමික විය යුතුය.
කිසිම ජන වර්ගයකට එකිනෙකා අභිබවා යෑමට මෙරට ව්‍යවස්ථාවෙන ඉඩක් නැත.
සිංහලයත්,දමිලයාත්,යෝනකවරුන්ද,ආදිවාසිකයන්ටද,සංචාරික ගෝත්‍රිකයන්ටද,මැලේවරුන හා අනිකුත් සියළුම මෙරට වැසියන්ටද මෙරට ඇත්තේ සමාන ඓතියකි.
ආගම් ගැනත් එසේමය.
කිසිම ආගමක් අනික් ආගම ට වඩා වෙනස් ලෙස සැලකීමට මෙරට ව්‍යවස්ථාවෙන් කිසිම ඉඩක් නැත.
පසුගිය කාලයේ පල්ලි 200 කට පමන ප්‍රහාර එල්ල කළ පාදඩ අපරාදිකාරි කල්ලි කරුවන්ගේ යටි පරමාර්ථය වූයේද ලංකාව සිංහල බෞද්ධ රටක් යන්නය.
සිංහලයා යනු මුනිදාස කුමාරතුංගට අනුව " කඳ බඩ ඇරුනම " 100% කම මිශ්‍ර ජාතියකි!!
සිංහල බෞද්ධ කියා ජාතියක් නැති බව ඔලුවට ගත්තොත් මැනවි.නැති උපකල්පනයක් ගැන අනියමාර්ථයෙන් වුවද සඳහන් කිරීම අමුම අමු ගොන් කමකි.
අර රටේ මෙහෙමය ආදි වශයෙන් උඩ පැන්නාට මෙහෙ ඒව කරන්න බැරිය.!!
ඇයි හලෝ ආණ්ඩුවක් තියෙන්නේ පන්සල් යන්න නෙමේ!!!
සිය බල ප්‍රදේශයේ වසන ජනතාවගේ ආර්ථික හා වෙනත් භෞතිකමය කරුණු පාලනය කිරීමටය!!!!
තමුසෙල තමුසෙලගෙ ආගම් පෞද්ගලීකව තියා ගන්නව!!!!
නිකම් නැති ලෙඩ දමා හිරි වාතය අපේ අහිංසක ජනතාවට ඇති කර වන්න එපා.
තමුසෙලට ආගම ගැන ඔච්චර කැක්කුමක් තියෙනව නම් එදා වේල කන්න නැතිව ඉන්න අපේ දුප්පත් ජනතාවට ඔය පොට්ටනි ගසා ගෙන තියෙන සල්ලි දන් දෙනව!!!!!!
අන්න ඒක්යි හලෝ නියම ආගමික කම.