Saturday

මල් කැඩීමේ හා මල් ගැසීමේ මළ සංස්කෘතිය.



මල් කැඩීමේ හා මල් ගැසීමේ මළ සංස්කෘතිය.
පොඩි එකී තාම මල් කඩලා ඉවර නැද්ද? ඕක ඉවරයක් කරපන්; උඹලගේ අයියට කෝල් එකක් අරගෙන කියාපන් යාළුවෙක් ඇවිල්ල කියලා. කලකින් හමු නොවූ පාසල් මිතුරෙකු සොයා ඔහුගේ නිවසට ගොඩවූ මොහොතේ ඇසුනු වදන් කිහිපයකි. අවු 75ක් 80ක් වයසක ආච්චි අම්මා කෙනෙක් නූතන පරපුර සමග මුසුවී ඇති අයුරු ප්‍රතිබිම්බනය කරයි. තාරුණ්‍යය විසින් සිදුකර ඇති සංස්කෘතික ආක්‍රමණයේ වේගය පුදුම සහගතය. සංස්කෘතික වෙනස්වීම කෙරෙහි ඉහලම ප්‍රතිවිරෝධයක් දක්වන වැඩිහිටියන් පවා මල් සංස්කෘතියට නිරායාසයෙන්ම අනුගතව හමාරය. මල් සංස්කෘතික ව්‍යාප්තියේ යථාර්තය සමාජ යහ පැවැත්මද නැතිනම් ආ පස්සට ගමන් කිරීමක්ද යන්න තීරණය කරන්නට තවම කාලය පැමිණ නැතත් මල් සංස්කෘතියට උවමනාවටත් වැඩියෙන් සංවේදීවූ තරුණ පරපුර තමන්ගේ සමාජයම වගකීම් මගහරිමින් සිටින බවනම් පැහැදිළිය.
අවදි වූ මොහොතේ පටන් නින්දට යන තුරු දුරකථනයෙන් මල් කඩන්නට පුරුදුව ඇති අපේ පාසල් යන නංගිලාගේ පටන් විවේකයක් ලැබූ සැනින් කවුරුන් සමග හෝ මල් කඩන රැකියාවන්හි නියුතු අක්කලාත් එසේම; මලක් ගහන්නැතුව පාඩම් කරන්න බැරීව ලතැවෙන මල්ලිලාත් අරක්කු බොන්න සල්ලි නැති නිසා මලක් ගහල මනෝ පාරක් දාගෙන පාඩුවේ ඉන්න අයියලාත් තමන්ගේන් සමාජයට කළ යුතු මෙහෙවර ගැන යලිත් සිතිය යුතුය. මල් කඩන්නට හෝ මල් ගහන්නට අසීමිතව සංවේදී වීම හරහා දවසේ පැය 24ම සීග්‍රයෙන් ගෙවීයන අතර තුර රටේ ලෝකයේ වෙන්නේ මෙනවාද යන්නත් සොයා බලනවානම් තමාගෙන් රටට ජාතියට සිදු විය යුත්තේ කුමක්ද යන්න අවබෝධ කරගත හැකිය. ඔබ පාලකයන් විසින් පීඩාවට පත් කරන ලද ඔබගේ මනුෂ්‍ය වර්ගයා පිළිබදව මදක් සිතන්න. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන්න. නැතිනම් ඉතිරිවන්නේ මළ සංස්කෘතියක් පමණකි.

2 comments:

faryniaquinto said...

Yukon Gold Casino - Review, Ratings, Games, Bonuses
Review, including 빡촌 후기 ratings, games, features, complaints, bonus codes 바카라 커뮤니티 and promotions. 포커 족보 Yukon 마라톤 벳 Gold Casino: 125 sss 포커 Free Spins for Android & iOS.

abadvaccarella said...

NJ's top casinos include no deposit bonus and bonus
1. 제천 출장마사지 Mohegan Sun Pocono, PA 18702 - Use this form to make a 포항 출장샵 deposit and make 아산 출장마사지 a minimum deposit of 서울특별 출장샵 $10 at Mohegan Sun Pocono. 2. 제주도 출장마사지 Virgin Hotels,