Saturday

තාරූණ්යනයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය.



තාරූණ්‍යයේ වියෝවෙන් වැළපෙන ලාංකීය සමාජය.
සමාජය විවිධාකාර ගති සිරිත් අරක් ගත් මිනිසුන්ගෙන් යුතු වූවකි. එය අද මෙන්ම හෙටද නොවෙනස් වෙනු ඇත. මිනිස්වෙසින් ජීවත්වෙනුයේ මනුශ්‍යයන් පමණක්ම නොවෙති. ඒ අතර දෙවිවරු, බොධිසත්වවරු මෙන්ම යක්ෂයන්, බහිරවයන්,කුම්භාන්ඩයන් ද නොඅඩුව වෙසෙන බව සැබෑවකි. සමාජ පාලන කටයුතු සදහා සුදුසු වන්නේ මනුශ්‍යයන් උවද බොහොවිට සුදුසුකම් ලබනුයේ පිසාචකුළයට අයත් වූවන්ය. ලොක ස්වභාවය එයයි. භාග වෙලාවට එය දෙවියන් වහන්සේගේ කැමත්ත විය හැකිය. කෙසේ වෙතත් පිසාච කුළයේ පාලකයන්ගේ සිරිත ජනතාව තලා පෙලා මිරිකා උන්ගේ ලේ සාරය උරා බීමයි. මොවුන්ට පක්ෂව ආගම, සංස්කෘතිය, නීතිය ආදී සියල්ල නිර්මාණය වූ සමාජයේ ඔවුන්ට අභියෝග කරන්නට එක් බලවේගයක් පමණක් ඉතිරිව තිබිණි.
වරෙක දුක් විදින පීඩා විදින ජනතාවගේ ගැලවුම් කරුවා විය. අයුක්තියට අසාධාරණයට එරෙහි හඩෙහි දෝංකාරය විය. තවත් විටෙක ලංකා පොළොවේ ප්‍රාණය බදු වූහ. ඒ තාරුණ්‍යයයි. තාරුණ්‍යයේ ශක්තියයි. නමුදු සමස්ථ ජන සමාජයේම අවාසනාවකට අද තාරුණ්‍ය සොයා ගැනීමට නොහැකිව ඇත.
1815 අපේ දේශපාලන නායකයෝ සුද්දොන්ට ලංකාවේ අයිතිය සින්නක්කරේට ලියල දෙනකොට 1818 ඊට එරෙහිව නැගී සිටියේ සිංහල තරුණයාගේ අසිපතයි. දේශපාලන හයිය හක්තිය තිබිච්ච නායකයින් සුද්දන්ගේන් නම්බුනාම ගන්න රට විනාස කරන කොට උන්ට විරුද්ධව නැගුණු තරුණ හඩ තමයි 1842 කැරැල්ල කියලා අපේ ඉතිහාස පොත් වල ලියැවිලා තියෙන්නේ.1915 අරාබියට ලංකාවේ පාලනය බාරදීල ඉන්දියන් සාගරේ වෙළද බලය ලබාගන්න සුද්දො ගහපු ගැට වලින් ලංකාව බේරගත්තේ හෙන්රි පේදිරිස්ලාගේ තරුණ ජවයයි. ඉන්දියානු සංස්කෘතියේ කුළ වාදය ලංකාව තුළ ස්ථාපනය කරමින් වලව් වාදය හරහා මිනිසුන් පීඩාවට පත්කිරීමට දේශපාලකයන් යොමු වූ යුගයක (1971) රෝහණ විජේවීරලාගේ තාරුණ්‍යයේ ජවය ඉදිරිපත් විය. ඔව්න් එදා කල කැප කිරීම් නොවන්නට අදත් ඇත්තේ වැඩවසම් යුගයකි. මේවැනි සිදුවීම් සිය දහස් ගණනක් ලංකා ඉතිහාසය තුළ සදහන්ව ඇතත් අනාගතයේ එවැන්නක් සිදුවීමට තරම් සංවේදී තාරුණ්‍යක් නොමැත. නූතන තාරුණ්‍ය
ජංගම දුරකථනයටත්
face book එකටත්
සල්ලි වලටත්
අරක්කු සිගරට් ගංජා ගහන්නටත් උවමනාවටත් වැඩියෙන් සංවේදී වී ඇත. රටට මොනවා උනත් වැඩක් නැත. සිංහරාජය හරහා පාරක් නෙමෙයි මුළු සිංහරාජයම ඩොසර් කරත් දැනෙන්නේ නැත. සෝමාවතිය රක්ෂිතයේ විතරක් නොව අනුරාධපුරයේ රුවන්වැලි සෑ මළුවේත් කෙසෙල් හිටෙව්වත් , මුළු රටම සුද්දොන්ට වික්කත් අදාල නැත. දේශපාලන පිසාචයන් කුමක් කළත් ඇග බේරාගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තාරුණ්‍යයේ සිරිත වූ වානම් මිනිසා තවමත් ගල් යුගයේමය. නමුත් ජාතියේ අවාසනාවට අද ලංකාවේ ඉරණම තීන්දු කිරීමට ඉතිරිව ඇත්තේ දේශපාලන පිසාචයන් හා උන්ට කඹුරන ‍පෙරේතයන් පමනක් වීම ශොචනීය අනාගතයක ආරම්භයකි.

2 comments:

Anonymous said...

100%ක් ඇත්ත ඔය දේවල් ගොඩක් අය තනි තනි ව හිතනවා
හැබයි කවුරුවත් එකට එකතු වෙන්න කැමති නෑ
ඒතනයි ගැටළුව

Manoj colambage said...

ඔව් ඒහෙම හිතන පිරිසකුත් ඉන්නවා තමයි.
ඒත් දිගින් දිගටම දේශපාලන නායකත්වයන් විසින් තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉටුකරගන්න තරුණයන්ගේ අවංකබව යුක්තිගරුක බව පාවිච්චි කළා. ඒ නිසා කිසිවෙක් පිළිබදව විස්වාසයක් නැති එක සාධාරණයි.